..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, October 12, 2010

෴ ගාලු කොටුව ඉකි බිඳියි ෴

ගාලු කොටුව පෙම්වතුන්ට තහනම්  - පුවතක්


බැන්ඳත් කළු ගලින් උස මහ ගල් බිත්ති
දැනුනේ ලුණු රසයි සුළඟට මුසු වෙච්චී
එනමුදු ආදරේ පැහැ සුව ලංවෙච්චී
පෙම් බස් රස කතා අද කොයි ගොළු වෙච්චී

පාසල් පන්ති නොගිහින් මා ළඟ ගැන්නී
ආදර බර කතා හාදුත් පුද දුන්නී
වරදක් නැහැ කරේ ආලය රස දුන්නී
අද නැහැ ඔවුන් කොයිබක දෝ සැඟ වෙච්චී

පාට පාට කුඩ යට ලොව සැරසෙච්චී
අවුවට නොවේ ලෝකයටයි බය වෙච්චී
ආදර හමුව ටික ටික උණුසුම් වෙච්චී
ඇතැමුන් මදක් ඔබ්බ‍ට ගිය අය වෙච්චී

ආදර ලොවට සිකුයුරිටි වැට ඉදිවෙච්චී
සිරි ලංකාව සංවර දැන් නොම වෙච්චී
සීතල ගණන් කාමර වල ගුලි වෙච්චී
තහනම් මොටද රාගය එහි තැවරිච්චී

ගාලු කොටුව ආදරෙන් නැහැ වෙච්ච
අද හඩනවා පාලුව එහි ගුලි වෙච්ච
ආදර සෙනෙහසත් අර ගෙන ගොඩ වෙච්ච
සිත් හඩනවා ආදර තැන් නැති වෙච්ච

“I believe there is something out there watching us. Unfortunately, it's the government.” 

දුකින් ඉන්න
මම
ගාලු කොටුවෙ ගල් බිත්තියක්


ඇසුන දුක ලීව
මම
෴ වත් ෴

11 comments:

  1. ගාලු කොටුව තනි වූවද කම් නැතුවා..
    ඇතුමුන් හටත් කිසි වගකුත් නැතුවා..
    ආදරයටත් අද මේ බිම නිදහස නැතුවා...
    ඒගැන සිතූ ආදරේ ඉති බිඳ හැඬුවා...

    ReplyDelete
  2. "මේ තනි කම හොදයි කියලත් හිතෙනවා...
    ඔබ ආදරෙන් මත් වෙලා ඉන්නකොට මට ඉරිසියත් හිතෙනවා.."

    ReplyDelete
  3. ගාලු කොටුවේ තබා ගහක් ගලක් යටවත් පෙම් කෙලින්නට අවස්තාවක් මේ වන තුරුම නොලද්දද, මේ පුවතෙ යම් ස්ංවේදී කමක් දැනුනා.
    සල්ලිකාර පෙම්වතුන් හොටෙල් කාමර වල සුර සැප සොයද්දි කාමරයකට කුලිය ගෙවා ගන්න බැරි පෙම්වතුන් මේ වගේ පොදු සිතාන වල රැස් වෙනවා. සමහර විට නොහබිනා වැඩ සිදු වුවත් අන්තිමේදි මේ තීරන්යෙනුත් තට්ටු වෙලා තියෙන්නෙ දුප්පතාටමයි.

    ReplyDelete
  4. මේක කරපු අය විනසයක පෙර ගමන්කරුවො වෙන්න යන්නේ ..

    ReplyDelete
  5. පොලිස් මාමලා අහිoසක කිරිසප්පයින් ය....මෙතන වැරදි කරු වන්නෙ ගාලු කොටුවය..කොටුව වෙන තැනකට ගෙනිච්චානම් වැඩේ හරිය..එතකොට කොට්ට අධි ආරක්ශිත කලාපයක් නොවනු ඇත..මාමලාගෙත් කසනු නැත

    ReplyDelete
  6. ඔයා කියන කතාව සපුරාම ඇත්ත...ඉස්සර කුඩ වලට මුවාවෙලා අදරය කල එක දැන් තහනම්.. එකෙන් වෙලා තියෙන්නෙ "හිස රුදාවට කොට්ටෙ මාරු කලා" වගේ වැඩකුත් නෙවෙ,ඊට අන්තයි.
    නිදහස ගන්න හෝටල් කාමර වලට හොරෙන් රිංගන්න වෙලා..........එකෙන් වෙන නස්පැත්තිය සක්‍ර දෙවියන්ටවත් පෙන්නෑ වගේ..!

    ReplyDelete
  7. තාරුණ්‍යයට භය ප්‍රේමයටත් රුදුරු
    බලධාරියෙක් වෙයි මේ හැම දෙය නුහුරු
    සරසවි බිම පවා පෙම්වතුනට ඇහිරූ
    යුඝයක ගාලු කො‍ටු ගැන කියනුද කවුරූ

    ReplyDelete
  8. AmilaArt සමඟ 100% එකඟ වෙමි!

    ReplyDelete
  9. අපේ උන් ඉතින් නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න යනවනේ.තැනක් නොතැනක් නොබලා.ඒක අනිත් කෙනා කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියන එකයි මෙතන වැදගත්ම දේ.අම්මයි තාත්තයි එක්ක යන පොඩි පැටියෙක් අර කිව්ව ‍වගේ මදක් ඔබ්බට ගිය දෙපලක් දැක්කොත් ඒ අම්මටයි තාත්තටයි මොකද හිතෙන්නේ?
    හැබැයි ඒ වගේමයි අර හොටල් කාමර හොයාගෙන තමන්ගේ නිදහස සොයන්යන ගණන වැඩිවෙයි.
    හැබැයි ඒත් අහිංසක ලෙස පෙම්රස වින්ද පෙම්වතුන්ටත් හොටල් කාමරයකට යන්න තරම් වත්කමක් නැති පෙම්වතුන්ටත් මොකද වෙන්නේ?
    හැබැයි පෙම්වතුන්ට වෙනම ස්තානයක් වෙන් කලානම් ඔය දේ බොහෝදුරට අඩු වෙයි නේද?
    ඉතිං පොදු ස්තානයක සංවරව හැසිරෙන එක පෙම්යුවලේ වගකීමක් වගේම...ඒ අයගේ හැගීම් විදගන්න වෙනම තැනක් වෙන්කිරීම අදාල අයගේ යුතුකමක් නොවේද?

    ReplyDelete
  10. ගාලුකොටුවට(මුලුරටටම) ඔය උන දේට "සොඳුරු සිත" ඔබද වගවයුතුය ඍජුවම (කුම්බලා මාළු කෑවානම් විදවාපන් බල්ලෝ කිව්වලු )

    ReplyDelete
  11. සියල්ලෙන්ම සිද්ද උයේ හොටෙල් හිමියන්ගේ හා ඩොකාලගේ සාක්කු පිරවිම....

    දැන් නම් කොටුව දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන්නැ... ශික්...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...