..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, October 10, 2010

෴ මනමාලි ෴

පුර පෝය ගතවි වැඩි දිනක් ගොස් නැති බව විදුලි එළිය නිවා දැමූ පසුත් කාමරය ආලෝකවත් කරන සුමුදු සහන් එළිය මට මතක් කර දුන්නේය.... සයනයෙන් හිමින් සීරුවේ නැගිටගත් ඇය කාමරයේ වීදුරු ජනේලයේ ජනෙල් රෙද්ද එහා මෙහා කර අහස දෙස බලා සිටින්නට විය.... ඇය බලන්නේ සඳ දෙස විය යුතුය...ඇය කවිකාරියක් බව මගේ මතකට පැමිණියේ සිහින් සිනාවක් ද සමඟිනි. ජීවිතයට වැරදිලා හෝ පත්තරයකවත් පලවන කවියක එක පදයක් වත් නොකියවන මම අද කවිකාරියක් බිරිඳ කොට ගෙන ඇත්තෙමි. අද උදෑසන ඇගේ අත ගත් මනාලයා වුයේ මමයි... 

සෙමින් ඇය වෙත ගිය මම ඇය බලන ඉසවුව දෙස නෙත් යැවුවෙමි... ඇය බලන්නේ සඳ දෙසයි. නැවතත් ඇගේ මුහුණ බැලුවෙමි. මා ආ වග නිනවුවක් නැතිව ඇය ඔහේ බලා ගෙන සිටින්නීය... සඳ එළිය අතරින් ඇගේ දෑස් දිලිසෙයි.. ඇය හඩනවා වත් ද? දෑසින් එළියට පීනු කඳුළු බින්ඳුවක් සීරුවට කම්මුල් දිගේ ගලා යන්නට විය.

ඇගේ නම මා නොදනී. ඇසුවාට කීවේ ද නැත.

" ඇයි මේ...ගෙදර මතක් වෙලා ද.. අඩන්න එපා තව ටික දවසකින් ඔයා ගෙදර යන්න කීවත් යන එකක් නැහැ. "

තිගැස්සුන ඇය මා දෙස බලා සිටියේ ජීවිතයට පළමු වරට දුටු ආගන්තුකයෙක් දෙස බලන ලෙසිනි.

මා ඇයගේ අතින් අලලන් ගෙනවිත් නිදන ඇදේ වාඩි කෙරෙවුවෙමි.

ඇය සිහින් ඉකියක් ද පිට කරමින් සෙමින් හඩන්නට වූවාය.

-----------------------------------------------------------

කපුවන් ද සමඟින් ගැහුණු ළමුන් බැලීමට පටන් ගත් ගමනේ තවමත් නිමාවක් නොමැති හැටි. කපුවාත් මාත් පමණක් අද මේ ගමන යෑමට ප්‍රධාන හේතුව වන්නේ ,මා කැමති වන ගැහැණු ළමුන්ගේ අඩුලුහුඩු කම්ම දකින , රැගෙන යන්නන් ගෙන් සිදු වන‍්නේ අහිතක් නිසාමය.

වැඩි හැඩ වැඩ නැත. වැඩි කතා බහක් නැත. සිනාවද යන්තමිනි. වැඩි සුදුත් නැත වැඩි කළුත් නැත. ‍පෙනුමද චාම්ය. දේහයද පිරිපුන්ය. නැගණිය පැමිණියානම් මැයට වඩා හැඩ කෙල්ලක් මට සොයා ගත හැකි බව කියන බව සහතිකය. එය සැබෑවකි. 

මමත් ඇයවත් තනිකර සියල්ලන්ම වෙනම සංවාද වල යෙදේ....

" නම මොකක් ද?'"

" නමින් ඇති වැඩේ මොකක් ද ?"

" මා ගැන දැන ගන්න ඕන නැති ද ? "

" දවසින් දැන ගන්න පුලුවන් ද ?"

" ඔයා.... මට කැමති ද? "

" එන්න කලින්ම "

" විනෝදාංශ"

එවර මා මුහුණ දෙස කෙළින් බැලූ ඇය " කවි ලියනව "

" ඔයා ලස්සනයි "

සිහින් මද සිනහවක් ඇගේ දෙතොලට නැගුණි.වම් කම්මුල මදක් වල ගැසේ... දෑස්ද සිනා සෙන්නේ යන්තමිනි....

" ලස්සන කන්න ද ? "

" මට ආදරේ ද? "

" නැහැ "

" බදින්න කැමතිද මාව "

" ඔවු "

" සිංහල වචන වැඩිය දන්නේ නැහැ වගේ නේද ?"

" දන්න ටික ඇති "

මාද නොදන්නා යම් හේතුවක් නිසා, මම ඇයට කැමති වූයෙමි. ඉතා හැඩකාර ගැහැණු ළමුන් කිහිපදෙනෙකු සමඟම හාද වී ඇති මම විවාහය දක්වා ඔවුන්ගෙන් එකෙක් වත් රැගෙන යාමට අකමැති වූයේ ඔවුන්, මා ළඟ රදවා ගැනීමේ කිසිදු විශේෂත්වයක් නොදුටු නිසාය.. විවාහ වීමට වූයේ යෝජනාවකිනි.

දෙපාර්ශවයේම උදවිය කැමති වූ පසු මම ඇය බැලීමට සති දෙක තුනකට වරක් වත් යැම පුරුද්දක් කර ගත්තෙමි. කතාබහ නම් හදන්නටම බැරි විය. ඇය දන්නා එකම දෙය නම් මා දොඩවන දෙස පුදුමයෙන් මෙන් බලා සිටීමයි.

වතාවක් දෙවතාවක් මගේ බලවත් ඉල්ලීම ඉවත හෙලීමට නොහැකි වූ අවස්ථා වල පමණක් මා සමඟ නිවසින් පිටතට යන්න ඇය කැමති විය. අවන්හලකට හා චිත්‍රපටිශාලාවකට මා ඇය රැගෙන ගියෙමි....

චිත්‍රපටිශාලාවේදි ඇගේ බද වටා අතක් යවමින් ඇයව තුරුලට ගෙන සිප ගත් අවස්ථාවේ ඇය සිටි ආකාරය පුදුම උපදවයි. කිසිම හැඟීමකින් තොරව ගලින් නෙළු පිලිමයක් මෙන් වූ ඇයගේ මුළු ගතම හිම මෙන් සීතල වී තිබුනි.

මේ සෑම දේම නිසා ඇය මට පුදුමාකාර වස්තුවක් වූ අතර ඇයව අතර දැමීමේ කිසිදු චේතනාවක් මා වෙත නොවීය.

--------------------------------------------------------

ඇය තවමත් හඬයි...මා ඇය දෙස බලා සිටියෙමි. ඇය හරි හැඩයි. හිටිවනම හැඩීම නතර කර මා දෙස බැලූ ඇය.
" මට සමාවෙන්න.මට බැහැ ඔයාට ආදරේ කරන්න "

" බය වෙන්න එපා... මම ඔයාට උදවු කරන්නම් "
" මොකටද ? "

" ආදරේ කරන්න "

" නැහැ .. මට ඕනි  කරපු ආදරේ අමතක කරන්න උදවුවක් "

" ඔයා විතරක් නෙමෙයි. මාත් ආදරේ කරපු කෙනෙක් "

" එහෙනම් ඇයි ඔයා එයාව බැන්දෙ නැත්තේ ?" 

" ආදරේ කරපු අයවම බදින්න හැමෝටම බැහැ "

" ආදරේ නැති අය  බැන්දට කමක් නැද්ද ? "

" පොඩි ළමයෙක් වෙන්නේ ඇයි ? "

මා දෙස නෙතු නොසලා බලා වුන්නත් ඇගේ සිත බොහෝ දුර ඈතක පියඹන බව මට සිතා ගත හැකි විය.මා ආදරේ කළ ගැහැණුන් කිසිවකුත් මට සිතට නොනැගේ. ඇය , ඇය දමා ගිය කෙනෙක් හෝ අහිමි කෙනෙක් ගැන සිතමින් කුමට දුක් වන්නේ ද?

දීර්ඝ සුසුමක් අවසානයේ ඇය මෙසේ පැවසුවාය.

" හොඳයි. මම ඔයාගේ බිරිඳ තමයි. ඒත් මට පොරොන්දු වෙන්න බැහැ ඔයාට ආදරේ කරනව කියල."

" කමක් නැහැ... දැන් අපි නිදා ගමු...ඔයාට මහන්සිත් ඇති. ආදරේ කියන්නේ මොකක් ද කියල ඔයාටම දවසක තේරේවි. එදාට ඔයා මට ආදරේ කරාවි."

එකම සයනයේ දෙපසට හැරුණ අපි දෙදෙනා එක වහලක් යට දෙදෙනෙකු ලෙස තම තමන්ගේ සිහින දැකීම සඳහා නින්දට ගියෙමු.

Love is an ideal thing, marriage a real thing; a confusion of the real with the ideal never goes unpunished”



එකම සිහිනයක සැතපෙන්න කල් බලන 
මම
෴ මනමාලයා ෴

 ඔනන් ඉතින් දැන් අහන්න එපා. වත් අක්කේ මේකේ ඉන්න මනමාලි ඔයා ද කියල ....

33 ප්‍රතිචාර:

AmilaArt said...

නියමම කතාව.
සමාජයේ වැඩිපුරම ඇත්තෙ ඔහොම ජෝඩු.

අපි ආදරේ කරන අයට අපි ආදරය කරනවද
අපි ආදරේ කරන අය අපිට ආදරේ කරනවද

මාරයාගේ හෝරාව said...

අනේ වත් අක්කේ මෙකේ ඉන්න මනමාලි ඔයාද..?

ර ත් ග ම යා said...

වත් අක්කේ..මනමාලී නම් දන්නවා..මනමාලයා කව්ද?????(ආඩම්බර මනමාලි ඉක්මනට හොයාගන්න පුලුවන් නෙව)

ර ත් ග ම යා said...
This comment has been removed by the author.
වැම්පයර් said...

වත් අක්කේ මේකේ ඉන්න මනමාලි ඔයා ද?

Ice said...

Ideal is the idea of something that is perfect, something that one hopes to attain
&
Real is actual rather than imaginary

So you are saying marriage is Real and Love is an Ideal thing? not an IDEA right?

Don't bite my head off. I don't want to know you.

෴ හසියා ෴ said...

හ්ම්..............................................................................................................................................................................................................................................................................................................................................

ස්වප්නා said...

ම්ම්ම් .. හොඳට ලියල තියනවා.. කම්මැලි නැතිව කියෙව්වා

ඉලංදාරියා said...

පට්ට ම පට්ට මරු කතාව් ආකියො දිගටම ලියමු..

Anonymous said...

To whom it may concern,
I am leaving tomorrow and going to leave my heart behind. You don’t have to be scared since it’s full of love, but please handle it carefully and don’t hurt it anymore.
If I need it urgently, I’ll let you know. You can either fax or email it to me.
Thanks.

wath said...

@Anonymouce
Malaysia Petaling Jaya, Kuala Lumpur, Malaysia

ලස්සන කොමෙන්ටු ලියන. මැලේසියාව ඉදල මගේ සොදුරු සිතේ ලියන දේවල් බලන්න එන Anonymouce හෙවත් නම නැත්තා වෙත දන්වන වග නම්...

නාදුනන්න්ගේ /නොහදුනන්න්ගේ හදවත් බාර ගැනීම මා තරයේ ප්‍රතික්ෂේස කරන බැවින්.. අඩුම තරමින් නම හෝ සදහන් කරන්න..

කොහොම වුනත් ලස්සන කොමෙන්ටුව. කතාවටම ගැලපෙනව... අන්න එහෙම තමයි කමෙන්ටු කරන්න ඕනි.. හැබැයි නම කියනව නම් කෝචච්චර හොදද..

ස්තූතියි Anonymouce

wath said...

AmilaArt
අපි ආදරේ කරන අයට අපි ආදරය කරනවද
අපි ආදරේ කරන අය අපිට ආදරේ කරනවද
උත්තරේ - කරනව
ඒත් අයිති කර ගන්න ගියොත් තමයි ප්‍රශ්ණ මතු වෙන්නේ... ඒකයි ගැටළුව..

෴ ස්තූතියි AmilaArt ෴

wath said...

මාරයාගේ හෝරාව
වැම්පයර්

අහන්න එපා කියන දේම අහන්නේ මොකද හැබෑට....

wath said...

ර ත් ග ම යා
ආඩම්බර අක්ක කියල කියන්න එපා... ‍ආඩම්බර අක්ක නෙමෙයි නේ මම...

රත්ගමය ළමය ලියන්නේ අසාධාරණයක් වෙලා කාටත් අමතක වෙච්චි අය ගැන නේද? දවසක ඔයාට පුලුවන් වෙයි එහෙනම් මා ගැනත් මම දන්න තව ගැහැණු කෙනෙක් ගැනත් ලියන්න...
෴ස්තූතියි - ර ත් ග ම යා෴

wath said...

Ice
OOpps I'm so sorry.
අහපු දෙයටයි මම උත්තර දුන්නේ. සණ්ඩු කරන්න හිතුවෙ නැහැ මම...සමාවෙන්න.
෴ස්තූතියි අයිස් Ice ෴

wath said...

෴ හසියා ෴
කවද ඉදලද බකමූණෙක් වුනේ... හ්ම් හම් හ්ම් ..

wath said...

ස්වප්නා
ස්තූතියි ස්වප්නා නංගෝ...

wath said...

ඉලංදාරියා
හා දිගටම ලියමු... ස්තූතියි මල්ලියෝ....

Anonymous said...

"සමුගන්නෙමි ඔබෙන්" කියලා ආදර කවියක් ලියවා ගන්න රවි ලඟ පාතක නැතුව ඇති නේද?

wath said...

Anonymous
ඉංග්‍රීසියෙන් ලියන Anonymous ඔයාද අර Malaysia Petaling Jaya, Kuala Lumpur, Malaysia ඉදල ලොග් වෙන... පොඩ් කුඑාරිහාමි ඇයි අනේ මාත් එක්ක තරහ...

Anonymous said...

ඔය වත්ද, රවිද, වෙන කෙනෙක්ද? වත්ට මම කැමතිය්. රවිට ආදරෙයි. එයාට කියන්න එපා. ඔයා වෙන කෙනෙක් නම්...ම්ම්...ම්ම්...

wath said...

Anonymous
අප්පොච්චියේ.... මගේ බ්ලොග් එකේ කමෙන්ටු අතර දෙන්නෙක්ගේ ආදර කතාවක් ගලන් යනව වගේ නේද? මම නම් ෴ වත් ෴ තමයි.

මේ වචන වලට ස්තූතියි...

අනේ ඉතින් නම කියන්න Anonymous... රවීට ඔයා ආදරේ නම් ඒක රවීට කියන්න...පමාව දුතටහේතුවක් වෙයි නැත්තම්... ඔයා කවුද හැබෑට ආහ්....රවීට ආදරේ කරන ඔයා කවුද ?

priyantha.ඒබී said...

මදැයි මොකක්ද මෙකේ වෙන්නේ. මටනම් හිතා ගන්න බෑ....

Anonymous said...

අනේ මේ මම ඒක විහිලුවට කීවේ. ආදරේ කීව හැටිය කට්ටිය කලබවෙනවනේ. ප්‍රියන්ත ඔයාට ගර්ල් කෙනෙක් එහෙම ඉන්නවද?

Ravi said...

ගහන ගහන හෙණ ලංකාතිලෙකට කිව්වලු,

හෆොයි අසරණ මම්,
මේක නම් පූරුවේ කල කම්,

මාරයාගේ හෝරාව said...

හිහ් හිහ්...
මම අහලා තියෙන්නේ නම් විපක්ෂෙ උදවිය 'එපා' කිව්වොත් ඒක 'හා' කියලා තේරුම් ගන්න කියලයි...

කාංචන දිනූක said...

ඔන්න අක්කේ අක්කගේ post ඔක්කොම බැලුවා.. හැම එකම වගේ කියෙව්වා.. අදයි කියවලා ඉවර කරේ.. මේ comment අතරේ තව කතාවක් සැරිසරනවද?

@ප්‍රියන්ත
ඔන්න අයියේ වැඩක් හරියන්න වගේ යන්නේ....

Ravi said...

විවාහයෙන් ඉක්බිති කවිකාරි කවි නොකියවන්නාට ලියූ ප්‍රථම කව:

පළමු පෙම හද පිරි,
මියෙනතෙක් බලා ඉමි,
ඉදින් අතගත් සකි,
එතෙක් ඉසිඹු දුන මැනවි,

පෙම මියයාද නොදනිමි,
මසිත අත නොහැරම,
කොණහමින් නිති දිවා රැය,
මියෙන තුරු වද දේ ද නොදනිමි,

ඒ එසේ නොවූවද,

මහද එකලු කල,
එකම මළ මුකුලිත වූ සඳ,
කැකුලක් යලිත් විකසිත වේද,
කියනු සමතෙකු මෙදියතේ වෙද?

Flowers bloom taking their own time,
No one can make it happen at will,

නිශ් said...

ඈත්ත ඈත්ත මාර මලේ

ඈත්තටම මෙ කතාවෙ ඉන්න මනමාලි ඔයාද වත් නංගි?

ඔන්න මන් අර කියපු විදිහට ඈහුවෙම නෑ හරිය! :) :)

priyantha.ඒබී said...

@ Anonymous
මගේ මතකයට ඇවිත් බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ කියල.

dusika said...

ලස්සනයි කතාව

Anonymous said...

කතාවනම් LakSanAයි

යන්තර බණ්ඩා said...

ගොඩක් අයට මෙහෙම වෙනවද ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...