..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 9, 2010

෴ ගන්නත් බැරි දෙන්නත් බැරි ෴

නුඹෙ හදවත කඳළු බිඳක්
මගෙ නෙත් වල අගට ඇවිත්
හිමින් හිමින් මගෙ කම්මුල් සෙමින් සිඹිනවා
කඳුළක උණුසුමත් අරන්
මගෙ හදවත සිසිල් කරන්
නුඹ සතුටින් ඉන්නා සැටි බලන් ඉන්නවා
ගන්නත් බැරි දෙන්නත් බැරි
ආදරයක් තුරුල් කරන්
සංසාරේ කෙළවර තෙක් ගමන් ගන්නවා
මතු දිනයක හමු වූවොත්
සිහින් සිනා පොදක් ඔබෙන්
ඒ ඇති මට කප්පරයක් ජීවත් වෙනවා
     “Tears are words the heart can't express”
 ගන්නත් බැරි දෙන්නත් බැරි
ආදරයක් තුරුල් කරන් ඉන්න මම ෴ වත් ෴  ------------------------------------------------------------------------------------------
යාළුවනේ ! .. බොහොම වැදගත් අදහසක් විමසන්න ඕනි....  දවසට එක ගානේ වෙන්න පෝස්ට් දාන්න එපා නේද ?    සමහර අයට කියවන්න බැරි වෙනවලු .. කිහිපදෙනෙක් ම කිව මට... ඒ නිසා යාළුවනේ සතියට පෝස්ට් දෙක දක්වා අඩු කරන්න තීරණය කරා.... ( සඳුදා , බදදා සහ සිකුරාදා ) අදහස හොඳයි ද නැද්ද ... ඔබේ අදහස් මට සවියකි.....

11 comments:

  1. මන්දා මම නම් දවසට දෙක තුනක් දැම්මත් කියවන්න එනවා...

    බහුතර මතයට ඉඩ දෙන එක තමා හොඳ.. වැඩි දෙනාට කියවන්න ලැබෙන එකනෙ වැදගත්..... :))

    ReplyDelete
  2. හරි හරි මේ දුක් වෙන්න එපා‍‍‍...මම මේ එක්සෑම් එක ඉවර වුනා විතරයි.ඉතිං දැන් තමා වැඩ වැඩි.ඉතිං මේ පැත්තේ එන්න තියා හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ...
    පරණ ලිපි ටිකට හෙට අද හවස පුළුහන් වුනොත් කමෙන්ට් කරන්නම්කෝ....බැරිවුනොත් හෙට. ;-)

    ම්ම්ම්ම් මට නම් ඒකේ වරදක් පේන්නේ නෑ...කියවන්න ආසා කෙනා කොහොම හරි කියවනවා තමන් ආසා දේ.(මේ මං වගේ නමුත් වෙලාවක් ලැබුණාම)
    අක්කිගේ වැඩත් එක්ක ලියලා පබිලිෂ් කොරන වැඩෙත් කරගන්ට ඇහැක් නම් ඉතිං ෂේප්නේ.

    තරහ වෙන්ට එපා මේ පැත්තේ එන්ට බැරිවුනාට...පරණ ලිපි සියල්ලම තියෙනවා.ඉදිරි දිනටිකේ කෝමහරි කියවනවා.

    දිගටම ලියන්න.....
    ලියන්න සිතන නුඹටත්
    ලියවන නු‍‍බේ දෑතටත්
    ලියාගන්න ලැපටත්
    බුදු සරණයි...!!! දෙවි පිහිටයි...!!!

    ReplyDelete
  3. හිනා දහසකට වඩා බලවත් එක බිඳු කඳුල......

    ReplyDelete
  4. වත්... මටත් ආවා පොඩි ප්‍රශ්නයක්.... සදුදායි, බදාදායි සිකුරාදායි දාපුහම සතියට පෝස්ට් දෙකද වැටෙන්නෙ.... ඔයා ලියන කවි ගැන ඉතින් අපිට කියන්න දෙයක් නෑනෙ...

    ReplyDelete
  5. 'කඳුළක උණුසුමත් අරන්
    මගෙ හදවත සිසිල් කරන්
    නුඹ සතුටින් ඉන්නා සැටි බලන් ඉන්නවා'


    මේක තමා හොදම ටික වත් අක්කෝ.....අර සතියට පොස්ට් 2ක් කිව්වට 3ක් දානවා වගේ..ඒක හොදා...රත්ගමයට නම් වැඩක් නෑ..කියව කියව ඉන්න එක තමා කොරන්නෙ..ඒත් අනිත් සගයොන්ට වැඩ නේ...ඒක නිසා එහෙම කොරන එක හොදා...එතකොට තමා අගේ.....තව බඩ්ඩක්...වත් අක්කා ආඩම්බරයි කියල හිතුවට ආඩම්බර නෑ නෙව..ඕන් ඒකත් කිව්වා හොදේ............

    ReplyDelete
  6. මගේ නෙත් වල කදුලු බිදුවෙන්
    නුඹෙ මුව සිඹ ගලා යනවා
    කදුලු බිදුවක් පහස නොමැතිව
    හදවතේ කටු වේදනා දෙනවා

    ලොවට පෙනුනට මගේ සිනහව
    සිත්තමක් බව නුඹ නොදන්නේ
    හඩන සිතකට නැගෙන විරහව
    කෙලෙස නුඹහට කියා දෙන්නේ

    ලගින් නොමැතිව නුඹ දුකින් වග
    මගේ සිත පමණමිද දන්නේ
    මේ බවේ නොලැබුනිද මා හට
    මතු බව් නුඹ මගෙම වන්නේ...

    ReplyDelete
  7. වත්,

    මගේ හිත නම් මිදුණු එකක්. ඒ හින්දා ඔය ආදර කතා ඔක්කොම තමන් රවට්ට ගන්න කරන විහිලු වගේ මට පෙන්නේ. මට ඔයාගෙන් මෙන්න මේ දේ අහන්න ඕනි. ඔයා එක වෙලාවක ආදරෙන් පැරදුන කෙනෙක්. වෙලාවකට ඒකට හිනාවෙන කෙනෙක්. වෙලාවකට හරිම ආත්මාර්ථ්කාමී කෙනෙක්. ඇත්ත ඔයා කවුද? ජීවිතේටම ආදරේ කරපු නැති කෙනෙක් නේද?

    ReplyDelete
  8. අක්කේ ලසනට ලියල තියන්වා ..

    අක්කිට පුලුවන් වෙලාවක පොස්ට් කරන්න කො අපි බලන්නම්...
    හේ ..

    අක්කි හෑම දාම් දෑම්මොත් හෑම දාම ..කිය වනවා..

    ReplyDelete
  9. Ice
    ඉස්සෙල්ලම ඔයාට කියන්න ඕනි.. ඔයාගේ හදවත මිදිල නම් ඔයා ජීවත් වන කෙනෙක් නෙමෙයි... ඊළඟට කියන්න තියෙන්නේ... ඔයාට ඕනි මගේ හිත හෝ මා ගැන දැන ගන්නද.. මම ලියන කවි හෝ නිර්මාණ ගැන දැන ගන්න ද?

    මෙහෙමයි... මා ලියන දේවල් ඇතුලේ මම සැගවිලා ඉන්න බව ඇත්තයි. ඒත් ඒ සම්පූර්ණයෙන්ම නෙමෙයි.සත්‍යත් ප්‍රබන්ධයත් මිශ්‍ර වෙලා තමයි නිර්මාණයක් බිහි වෙන්නේ...

    මම මිනිමැරුමක් ගැන ලීවොත් මාව ගිහින් පොලිස් කූඩෙුවෙ දානවද මම මිනීමරල කියල...

    ඔබතුමා හෝ තුමිය මා ගැන පූර්වනිගමනයකට එළබිලා නේද?ජීවිතේටම ආදරේ කරපු නැති කෙනෙක් නේද?

    මට මිදුන හදවතක් නැහැ... මගේ මිදුන හදවත ආදරයේ උණුසුමින් උණු වෙලා....

    අයිස් ස්තූතියි ගොඩක් කොමෙන්ටුවට... ඔබ ගැන ප්‍රොපයිල් එකේ නැහැ... හයිඩ් වෙලා... ම්ම්ම් බ්ලොග් එකක් ලියන‍කෙනෙක්ද කියවල දැන ගන්න කැමති....

    නැවතත් ස්තූතියි.. මේ දෙස පැමිණිමට, මා ලියවූ දේ කියවීමට සහ ඔබගේ අවංක අදහස් සටහන් කිරීමට... නැවතත් පැමිණිම අගේ කරනවා... ස්තූතියි..

    අවසාන තීරණය ඔබ සතුයි..

    මාවත් මා නොදන්නා මේ ජීවිතය
    කාහට නැතත් තේරුම් ගනු හැකි ලෙසට...

    ReplyDelete
  10. @ magelokaya

    මම ඔයාගේ ලෝකය පැත්තේ ඇවිත් නැද්ද ? දැන් තමයි ගිහින් බැලුවේ. ලස්සන ලෝකයක් මට වහන් වෙලා තිබිල...

    ස්තූතියි....

    @෴ හසියා ෴
    මොකද හැබෑටම වුනේ... අසනීපයක් ද? විභාගයක් ද ? කරදරයක් එහෙම නැහැ නේද?

    Shadow/හේමලයා
    ෂැඩෝ.. ඒත් හිනා වෙලා ඉන්න. අඩන්න එපා...

    ප්‍රාර්ථනා
    ස්තූතියි...

    අභීත
    හප්පා... හැබෑමයි... මම මේ එමෙහ කරේ ඇයි දන්නවද? මට වැරදිලා නෙමෙයි අනේ.. ඔයාල හරියට සිහි බුද්ධියෙන් කියවන වද බලන්න... හේ හේ

    ර ත් ග ම යා

    හ්ම්... දැන් හරි... මම ආඩම්බර නැහැමයි කියන්නත් බැහැ... ඩිංගිත්තක් ආඩම්බර වුනාම තමයි ලු ගැහැණු ළමයි ලස්සන.. ස්තූතියි රත්ගමයෝ...


    Pasan
    පසන් මල්ලි.. කවිකාරයෙක් වෙලා.. මොකක් ද හොරේ.... ආදරේකවත් පැටලිලා ද?

    ඉලංදාරියා
    මම දන්නව ඉලන්දාරියෝ... ඒක මට සවියක්...ස්තූතියි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...