..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, October 8, 2010

෴ සෙනෙහසක උරුමය ෴



අතර මඟ දි හමු වී මඳහස දුන්න
හදවත කිති කවන සුවඳින් පිරි මැද්ද
තොරතුරු නොදැන මා නුඹ වෙත පෙම් බැන්ඳ
මට අවසරයි නුඹෙ ගමනට ඉඩ මෙන්න

පුංචි පැටවු දූ දරුවන් සමඟින්න
සෙනෙහස පුදන බිරිඳක් නුඹ ළඟ ඉන්න
ඒ සැම පිරිවරන් නුඹ එහි රජ වෙන්න
ඒ දෙස බලන් මා ඉන්නම් නොපෙනෙන්න

නුඹ හ‍ට දිනක ප්‍රාණය වුවමනා නම්
මා අමතන්න ළඟ ඉමි නැත පමාවක්
නුඹ හට මගේ රුව දකිනට වුවමනා නම්
පෝදා අහස මම ඉමි පා සිනාවන්

තබන තබන පය මල් පාවඩ වේවා
සිතන සිතන දේ එපරිදි ඉටු වේවා
නුඹෙ හදවතේ මා හට ඉඩ නැති වේවා
නුඹ දෙස බලන්  කාලය මගෙ ගත වේවා


ඔන්න ඉතින් එහෙම කිවුවයි කියල මගෙ පණ ඉල්ලන්න එපා හරිද ? එහෙම පණ දුන්න එකම එක්කෙනෙක් ගැන මම කියවල තියෙනව ... ම් ම් ම් ඒ කොහෙද දන්නව ද
" දෙනුවර අන්දරය" ( charles dickens the tale of two cities ) කියවල තියෙද?  මතකද ඒ කතාවේ දිවි පුදන පිරිමියා. ඔහු ආදරේ කරන ගැහැණියගෙ ස්වාමි පුරුෂයා මරණයෙන් බේරා ගන්න ඔහු තම ජීවිතය පුජා කරනව...
හරි පුදුමයි  ---- පොත් වල විතරයි .

ඒකට කියන්නේ අගාපේ ආදරය ( Agape Love )


Agape Love : selfless love of one person for another without sexual implications
(especially love that is spiritual in nature)

සමහර විට මගෙ ජීවිතයත් එහෙම ආදරයක් වෙනුවෙන් දෙන්න පුලුවන් නම්
ජීවිතයට වටිනාකමක් ඒවි . මම කියන්නේ සිය දිවි නසා ගන්න එක නෙමෙයි.ලේ නම් දන් දීලා තියෙනව. ඇස් , වකුගඩු වගේ දේවල් දෙන එක ගැන.
හදවත ම්ම් ... ඒක දන් දුන්නොත් නම් ඉතින් කෝ මට හදවතක් .
මොළය ... අපොයි දන් දෙන්න මට මොළයක් තියෙද මන් ද?
බලන් ගියහම අපි කවුරුත් කාටත් වඩා ආදරේ තමාටම නේද කියල හිතෙනව.

වෙන කාටවත් නෙමෙයි මට ගොඩාක් ආදරේ කරන
මම
෴ වත් ෴

11 comments:

  1. නියමයි වත් අක්කේ...............

    ReplyDelete
  2. ලස්සන වදන් පෙලක්
    ඇත්තටම මම "මට" තරම් වෙන කාටවත් ආදරේ නැතුව ඇති

    ReplyDelete
  3. කවිය නම් හැමදාමත් වගේ ලස්සනයි අක්කියෝ......
    අදහස ගැන මගේ අදහස නම් අනේ මංදා.....

    ReplyDelete
  4. හැමොම මැරෙනවා, එත් හැමොම ජිවත් වෙන්නෙ නැහැ. අක්කා ජිවත්වෙලා ඉන්නවා වගෙ මට දැනෙනවා. හැමොටම වැරදෙනවා, නමුත් වැරැද්ද පිළිගන්න නිහතමානිකමක් හැමොතුලම නැහැ. අක්කාගෙ එ දෙ තියනවා. සුභපැතුම්. කෙලවරක් ඇති-නැති සංසාරෙ ගමන් මගට මෙන්න ආසිරි..

    ReplyDelete
  5. වත් ඔයාගේ මේ කවියත් එය ලියවී ඇති අපූරුවත් එක පාරටම හිත හිරිවැට්ටුවා. . .විස්වාස කරන්න . . . ඇත්තමයි.

    ඒ වගේම ඒ වෙනුවෙන් තබා ඇති අවංක සටහන . .

    ඇත්තමයි හරිම සංවේදීයි . . නියමයි. .. අපූරුයි . . . සිංහලෙන් කියනවනම් මැක්සා

    ReplyDelete
  6. @ර ත් ග ම යා
    රත්ගමයා ... ගම්පල පැත්තේද? ස්තූතියි කමෙන්ටුවට.. හරි හෘදයාංගමයි... වත් අක්කා.. වත් අක්කා වත් අක්කා කියල මට අන්තිමට වට්ටක්කා කියල කියයි ද දන්නෙ නැහැ...

    @ Shadow/හේමලයා
    සිතුවිලි කෙටියෙන් කියන කෙනෙක් .. මේ මොකද ගොලු වෙලා.. හ්ම් හම් විතරයි..කමක් නැහැ ෂැඩෝ ... ස්තූතියි හ්ම් ...

    @ මම සෙනරත්
    ආහ් ඔයා සෙනරත් ද? මම වත්... මේ මම අහන්නම් හිටියේ... අර අමුතු නමේ තේරුම මොකක්ද .." ඩුමාංජරිය "

    @ හා පැටික්කි (MS)
    කවියක් කියවල ඒ ගැන වරුවක් හිතන්න එපා හාවියේ... කවිය කියවන කොටම හිතට එන හැඟීම තමයි වැදගත්....

    @ රවා
    අනේ හැබෑට මලයා... කාලෙකින් අක්කව මතක් වෙලා තියෙන්නේ..මේ මක්කයි මේ කියන්නේ... මම වරදක් කරේ කාටද දැන්.. මල්ලි තමයි වරද කරේ.. අක්කව බලන්න එන්නෙ නැතිව... ඉස්සර නම් හැමදාම එනව.. හරි හරි මල්ලි ළමයටත් වැඩ ඇති නේ ... හිහ්.. කොහොමද මල්ලි එක්සෑම් ඉවරද? හෙට අනිද්ද ඉංජිනේරු මහත්තයෙක් නේ.‍

    ReplyDelete
  7. @ දුකා
    දුකා අයිය දැකපු කල්... මම ලියන ඒවා නම් මොනාද අයිය. අයිය තමයි මිනිස්සුන්ගේ සිත් සන්තානේ හැංගුන සිතුවිලි ගැන හොයා ගන්නේ.. මම දැක්ක බ්ලොග් පොස්ට් අයියගේ... අන්න මැක්සා... හැබෑට මැස්ස නම් සිංහල .එතකොට කවුද මේ මැක්සා...
    ෴ ස්තූතියි දුකා අයියා ෴

    ReplyDelete
  8. වත්,

    ඉතාම සංවේදී එසේම හැඟුම්බර ලිපියක්,
    ඇත්තටම, කිසිවක් නැවත ලැබේයයි බලාපොරොත්තු නොවීම,
    මම කියන්නෙ අපි පුදන ආදරය පමනක් හෝ ආපසු ලැබේයයි අපේක්ෂා නොකරම,
    අපිට කාට හෝ නිරාමිසව ආදරය කල හැකිනම්..........,
    මෙහෙම පුලුවන්ද කියන එකනම් මටත් ගැටලුවක් ඇත්තම කිව්වොත්.............

    ආදරය උදෙසාම පමණක් ආදරය....,
    Love for the sake of love exclusively.........

    ඔව්, ඔබ හරි,
    මේ කියන විදිහේ ආදරයක් තියෙන්න පුලුවන් වුනත් නැතත්,
    ඔබ කිවු පරිදි දෙනුවර කතාවෙ තියෙන්නෙ අන්න එහෙම ආදරයක්,
    මම දෙනුවර කතාව කියෙව්වෙ වසර ගනනකට ඉහත,
    මට මතක විදිහට, ටී.බී. ඉලංගරත්න මහත්මයාගෙ පරිවර්තනයක්,

    මේ ඔබ කියන චරිතය සිඩ්නි කාටර්,
    ඔහු තම පෙම වෙනුවෙන් අවසානයේ ජීවිතය පරිත්‍යාග කරනවා,

    ස්තූතියි,
    නැවතත්,
    වත්,

    ReplyDelete
  9. @Ravi
    ඔබගේ අනගි කමෙන්ටු මාගේ දුප්පත් ලිවීම එපවත් කරන වටිනා කමෙන්ටු බව සැලකුව මනාය...ඔබද කවියෙකු බව මම අසා ඇත. බ්ලොග් පිටුවක් නොලියන්නෙක් බවද දනිමි.

    එහෙත් සොඳුරු සිතට නුඹගේ පැමිණිම ඉතාම අගේ කර සලකන අතර කිසිදු විටක වරදවා වටහා ගැනීමක් නොකරන බවද දන්වා සිටිමි.

    සිඩ්නි කාටර් ... ඔහුට පුලුවන් උපරිම කැපවීම ආදරය වෙනුවෙන් කළා. ඒත් ඒ කෙනෙක් ලීව කතන්දරයක විතරයි. සමහර විට අපි අපේ කවි වල කතා වල ලියන්නේ අපි කරන්න කැමති ඒත් අපිට කරන්න බැරි වුන දේ ගැන කියල මට හිතෙනවා.

    තවත් ලස්සන කවි පිටුවක් තියෙනව. ඉඩ ලද විටක එයටත් ගොඩ වී යන ලෙස ආරාධනා කරනවා.

    http://www.wihagageethaya.blogspot.com/

    ෴ ස්තූතියි රවී ෴

    ReplyDelete
  10. වත්,

    කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔබේ අදහස් වලට ස්තූතියි අවංකවම,

    ලිවීම ගැන ඔබ කියා ඇතිදේ සම්පූර්ණ ඇත්ත,
    අපිට මෙලොව යථාර්තයක් නොවන හෝ යථාර්තයක් කර ගත නොහුනු දේ තමා බොහෝ විට අපි ලියන දෙයින් මතුවන්නෙ,

    තවත් විදියකින් අපි ලියන්නෙ emotional catharsis එකක් විදිහට,මේ වචනයට ආසන්නම සිංහල වචනය මම හිතන්නෙ හැඟුම් විරේකය කියල කිව්වහැකි,

    විරේකයෙන් පස්සෙ ලැබෙන සහනය ඒ තත්වයට මුහුන දුන් කෙනෙකුට ඇර විස්තර කරන්න අමාරුයි,

    හරි, අවසාන වශයෙන් කිව යුත්තේ මා නිසා ඔබ පත්වූ අපහසුව පිලිබඳව බලවත් සේ කණගාටුවන අතර...............

    එච්චර තමයි ඉතිං, වෙන මොනවද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...