..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, October 7, 2010

෴ දේවේන්ද්‍රගේ ලෝකය ෴


  හඳට ආදරේ කරාට කාටද පුලුවන් හඳ අයිති  කර ගන්න.එහෙමයි කියල අපි හඳ එක්ක තරහ වෙනව ද? හඳ අහසින් ගලවල අයින් කරනව ද? හඳ එළිය පොළවට වැටෙන එක නතර කරනව ද?  ..හඳ අජීවි වස්තුවක් හඳේ ආවාට තියෙනව කියල දැන දැනත් හඳ ගැන කවි ලියන එක නතර කනරවද ? අපිට නම් තාමත් හඳ තරම් ලස්සන දෙයක් තියෙද ? සමහර වෙලාවට ආදරෙත් ඒ වගේ නේද ?


" දේවේන්ද්‍ර " ..... දන්නව ද ඒ කවුද කියල... " දෙවොන්දරා සං  " දැන් අදුරනව ඇති නේද ?

මා කියවූ දුක්බරම පොත වගේම  මම වැඩියම තරහ පිරිමි චරිතෙ තමයි " දේවේන්ද්‍ර "......

ඒත් මේ මෑතකදි මට පුලුවන් වුනා " දේවේන්ද්‍ර " හරියට තේරුම් ගන්න....


" මළ ගිය ඇත්තෝ" සහ "මළවුන්ගේ අවුරුදු දා " දැන් නම් මළවුන්ගේ අවුරුදු දා ‍පොත මා ළඟ නැහැ......ඒක නොරිකොගෙ ලග තිබිල දේවේන්ද්‍ර ළඟට ගිහින්... 


ඔයාලා දන්නව ද මේ පොත් දෙකම ලීවේ කවුද කියල... මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්... මනමේ නාට්‍යයේ නිර්මාතෘ..                                                                  

ඒ චරිතයත්  ඒ වගේම හරිම වෙනස් චරිතයක්......... 

ඕන නම් බලන්න කෝ ‍මෙතනට ගිහින්............ සරච්චන්යද්‍රන් පෙම් කළ ‘නොරිකෝ’  

නොරිකොට කොච්චර ආදරේ කරත් කවමදාකවත් ළඟට ගත්තෙත් නැහැ. හැබැයි දුරස් කර ගන්න කැමති වුනෙත් නැහැ... අන්තිමට ළඟට ආවත් වැඩි කළක් රැදුනෙත් නැහැ....

ප්ලෙටෝනියානු ප්‍රේමයක් (PLATONIC LOVE)  .... හැබෑටම මොකක් ද ඒ...කායික බැඳීමකින් තොර ආධ්‍යාත්මික ප්‍රේමයකි. එහෙම දේවල් තියෙද? මම හිතන්නේ තියෙනව...
සරත්චන්ද්‍ර මහත්තයට විවාහ දෙකයි... ඒත් නොරිකෝ නිකම්ම චරිතයක් වෙන්න පුලුවන් ද? නොරිකො කියන්නේ හිතලුවක් ද ? නොරිකොට ආදරෙයි නම් ඇයි එයාට එහෙම කරේ.....

කවදාවත් කාටවත් විසදන්න බැහැ. ඒත් ඒ තමයි ආදරය... ලෝකයා පිළිගන්න අකමැති නමුත් ඒ ලෝකයාම පොත් වලින් රසවිදින්න කඳුළක් හෙලන්න කැමති ආදරය .. හරි පුදුමයි නේද? ඒ වගේ කතා පොත් වලම තිබුනාවේ... මොකද මිනිස්සු ඒ වගේ කතා වලට කැමති පොත් වල තියෙන කොට විතරයි නිසා.

මම නම් දන්නව ඇයි නොරිකොට දුකක් දීල දෙවොන්දරා සං එහෙම දෙයක් කරේ කියල.... ඇත්තටම සරත්චන්ද්‍ර මහත්තයටත් හිතා ගන්න බැරි වෙන්න ඇති දැන් මොකද මම කරන්නේ කියල.... ඉතින් එයා අන්තිමට එයා මවපු චරිතය ( මම හිතන විදිහට වෙන නමක් දාලා එයාම ලීව එයාගේ චරිතය ) ඝාතනය කරා.... ඉතින් අපි එහෙම චරිතයකට වෛර කරන එක වැරදි...

අන්තිමට මම හිතනව මම දෙවොන්දරා සං තේරුම් ගත්ත ,ඔහුගේ ආදරය තේරුම් ගත්ත... ආදරය වරදක් නෙමෙයි. නමුත් අයිති කර ගන්න , ළං කර ගන්න ගියොත් ආදරේ තැලෙනව , පොඩි වෙනව... හිත් බිදෙනව... එහෙම නැත්තම් ඇත්තටම දෙවොන්දරා සං ගේ ආදරේ හරිම සුන්දරයි.......

ඒ පොතේ මම කැමතිම මෙන්නම මේ ටිකට

“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.”

“පේ‍්‍රමය, ශෝකයෙන් විනා අන් කවර අයුරකින් කෙළවර විය හැකි ද?” 

“Don't cry because it's over. Smile because it happened.”

" දෙවොන්දරා සං" ට පෙම් කළ 
මම
෴ නොරිකො ෴

22 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

අපරාදේ...
අර බොඳ මීදුම් එකේ අරවින්දව හොයාගත්තනම්...වැඩෙ ගොඩ...
දේවෙන්ද්‍ර වගේද අරවින්ද...

Hasitha ජයසූරිය said...

හෙහේ

sithuwilimandiya said...

දිවුල්ගනේගෙ ඔය ගැන සින්දුව අහලා තියනවාද...

නොරිකොසන්
මම ඔබේම දෙවොන්ද‍රාසන්
ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදු දා
නොවැරදීම නුඹ බලන්න මම එනවාමයි...

Jeew said...

මම හිතන් හිටිෙය් අද ෙපා්සිට් ඒක වත් ෙගන් කියලා. පස්ෙසෙන් දැක්ෙක් ෙනාරිෙකා් ලියලා තිෙයන්ෙන් කියලා....

Anonymous said...

whatever you say or do i know now you have never loved me. not for a minute (don't feel guilty about that, you are forgiven)and you don't love me now. whatever you write is not true and you know it. you will never love me, not in this life or the next. It seems to me that you won't stop this foolishness either. So I am going to do it from my side. you can go ahead. Enjoy. I won't be there with you. Good luck or should i say Sayonaaraa!

ප්‍රාර්ථනා said...

ඔයා හරි..
ලඟට ගත්තම ආදරේ තැලිල පොඩිවෙන බව මමත් අහලා තියනවා..අත්දැකීම් නෑ..ඒවා වෙන අයගෙ අත්දැකීම්..!
මම ප්ලේටෝනියානු ආදරය ගැන කතා කරන්න කැමති...අද එහෙම දෙයක් ඉතිරිවෙලා තියනවා ද?
ඔයා ලියන දේවල් කියවනකොට මට ඒ පොත් හොයා ගන්න ආසයි...කොහොමහරි කියවන්න ඕනේ........

wath said...

@ ප්‍රාර්ථනා
හොයා ගෙන කියවන්න. අපරාදයක් වෙන්නෙ නැහැ ඒ පොත කියවන කාලය. හැබැයි කාටවත් ඒ පොත තෑගි කරන්න නම් හිතන්නවත් එපා . මොකද දන්නවද ? අහල ඇති නේද ලේන්සු තෑගි කරාම යාළුවො තරහ වෙනව කියල.ඒක අත්දැකීමෙන්ම සත්‍යක් කියල මම දන්නව.... ඒ වගේම මේ පොත තමන් ආදරේ කරන කෙනෙක්ට දුන්නෝත් පොත එයා ළඟ තියේවි. ඒත් එයාව නැති වේවි.

wath said...

Anonymous
why did you delete your comments. I really do not know why? I think you should be Ravi or Podi Kumarihami.

Please do not delete your comment.

What I write I write it bottum of my heart.

last night ano girl sent me a letter & I allready know she/he wants chk me.

hmmm....you can comment and also can delete them Its up to you...

wath said...

@ මාරයාගේ හෝරාව
සමයන් ද? බොඳ මීදුම් එකේ කොහෙද අරවින්දල. ඒකේ ඉන්නේ ධනුක කෙනෙක් සහ යන්තම් ඇඟ වැහෙන්න ඇඳුම් අඳින ගැහැණු ළමයෙක්...


Hasitha ජයසූරිය
මොකද මේ හිනා වෙන්නේ...

sithuwilimandiya
ඔවු මම අහල තියෙනව. ඒ ගැනත් ලියන්න හිතුනත් පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ලීවේ වැහැ...

Jeew
ඔවු ජීව් මට හිතුන එතනට හොදටම ගැලපෙන්නේ නොරිකො මිසක් වත් නෙමෙයි කියල

Anonymous
OMG.... Who are you Ano... Anyway nice comment. I know you ... You are from Petaling Jaya, Kuala Lumpur, Malaysia,
Am I correct?
and I think you are mmm.. Podi Kumarihami Or Ravi....

ඉලංදාරියා said...

ආදරේ හරි පුදුමාකාරයි මම දන්නේ එචරයි..!

Ravi said...

Never try to understand love,
You would only get confused,

When you walk in the moonlight,
Do you ask why does the moon gives light?

When you listen to a bird singing,
Do you try to comprehend what makes the bird sing?

If the answers to above are "not at all "
the same applies to Love too,

Don't try to understand it,
Just feel & appreciate it while you can,

Wath,
I never commented as anonymous & neither deleted any comments

ප්‍රාර්ථනා said...

හරි හරි wath අක්කේ....මම ඒක කාටවත් දෙන්නෑ...............(අවවාදෙට ස්තූතියි..!)

ර ත් ග ම යා said...

හෙට ඔබ නැති උනාට මම සිටිමි.....ඉතින් කවදම හරි ඔබව මට මුනගැසෙනු ඇත. ...එදාට ඔබ මා සොයාගෙන එනු ඇත..නමුත්...මා ඔබ සොයා නො එමි...එවිට ඔබ මා ලග නොමැති විට ඇතිවන දුක ඔබටද දැනෙනු ඇත......

මාරයාගේ හෝරාව said...

අම්මප ඔවු නේද..?
හරි හරි අරවින්ද හිටියා අර අරලිය රිසෝට් එක ගැන ලිවුව කථාවෙ...
කොහේද සුජීවගේ කතා ඔක්කෝම එක වගේනේ..
නං ටික විතරයි අළුත් අනිත් ඔක්කෝම එක වගේ..


අර ගෑණු ළමයට එහෙම කියන්න එපා අනේ දුප්පත් ළමයා එහෙමවත් අඳින්නේ හොරකම් කරපු ඇදුං නෙව..
පව් දෙයියනේ...

දුකා said...

මම හිතන්නේ මගේ හිතින් දේවේන්ද්‍රට සමාව දෙන්න පුලුවන් සටහනක් මේ වත් තබා තිබෙන්නේ . . .

ඒත් කවදාවත් දෙන්නේ නෑ කියලා ශපත කරගෙන හිටි සමාවක් එක පාරටම දෙන්න බෑ . .

තව දෙතුන් පාරක් මේක ආපහු සතියකින් විතර පස්සේ ඇවිත් එහෙම කියවලා බලා ම තමයි අවසාන තීරණේ ගන්න වෙන්නේ දෙනවද නැද්ද කියලා

wath said...

ර ත් ග ම යා

මෙන්න මෙයා තමයි මාත් එක්ක අමනාප වෙලා ඉන්නේ... ස්තූතියි අප්‍රමාණ ස්තූතියි. කමෙන්ටුවකින් ලැබෙන හයිය කියන්න වචන නැහැ රත්ගමයෝ... මේ වත් අක්ක පිස්සි වගේ ලීවට කමෙන්ටු දාන අයට ස්තූති කරන්නේ නැහැ කියල හිතන එක සාධාරණයි...

ගොඩක් වෙලාවට පෝස්ට් විදිහට යන්නේ මම ලියල සේව් කරල තියෙන ඒවා...

හ්ම්... රත්ගමය ළමය ලියන බ්ලොග් එක ටිකක් ම්ම්හ් නැහැ ගොඩක් වෙනස්...ක්‍රීඩා විස්තර ටිකක් වැඩියෙන් තියෙන බ්ලොග් එකක් මම හරිද ?

ඉතින් කියන්න මේ රත්ගමය ළමයා මේ ආඩම්බර වත් අක්ක එක්ක තාමත් තරහද?

wath said...

@දුකා
ඔයා පිරිමියෙක් නිසා මම හිතනව මතුයම් දවසක හරි දේවේන්ද්‍රට සමාව දෙන්න ඔයාට පුලුවන් වේවි. පිරිමි කෙනෙක් ඒ තත්ත්වයට පත්වුනාම දරා ගන්න එකත් සෑහෙන අමාරු යි...

අනේ මන්ද දුකා... මම හැමදාම කියනව වගේ " පිරිමි හිත පුදුමාකරයි"

wath said...

Ravi
හැමදාම නිර්මාණාත්මක ලස්සන කමෙන්ටු ලියන රවී.. කොහොමත් ඔයාගේ කමෙන්ටු මකන්න දෙන්න නම් බැහැ...

ඒ තරම්ම ඒව අගෙයි... මගෙන් වරදක් වුනෙ සමා වෙන්න... දැන් පොඩිකුමාරිහාමි නම් කමෙන්ටු ලියන්නේ නැහැ... කලින් ලියපුවත් දෙක තුනක්ම ..ම් ම් නැහැ ඊටත් වඩා මකල දාලා එයා...

හ්ම් ... ඒකට පූර්ණ නිදහස ඇයට හිමියි... Never try to understand love,
You would only get confused,
මේක නම් සහතික ඇත්ත මලේ....

පිස්සු හැදෙන්නේ නැති ටිකම ඇති මට නම්...

wath said...

ඉලංදාරියා
මෙන්න මෙන්න හොරු....ගොඩින් ෂේප් වෙලා යනවා... මෙහෙම අය තමයි වැඩිපුර දන්නේ... අපි දන්නව.. අපිත් කියවනව ඉලන්දාරියගේ බ්ලොග් එක...
" පෙම්බරියගේ වියෝව " හරි ලස්සනයි...ඇත්තටම නම් දුකයි...

Ravi said...

වත්,

පළමුව කිව යුත්තේ මම ඔබේ මලේ නොව ඔබ මගේ නඟේ බවයි,

ඔබ හරි,
කමෙන්ට් කිරීම මෙන්ම කමෙන්ට් මැකීම ද කමෙන්ට් කරන්නාගේ අනුල්ලංඝනීය, පරම අයිතියකි,
( ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්ම මෙය තහවුරු කර ඇත )

අවසාන වශයෙන් නඟේ,
උපේක්ෂා සහගත වන්න, කාලයට ඉඩ දෙන්න,
රිදුනු තැවුනු සිතට සුවපත් වන්නට කල් දෙන්න,

Samanalee said...

රවි අය්යේ,

මට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක තරහ නැතිව ගන්න පුලුවනිද?

Ravi said...

සමනලී නඟේ,

raviweerasinghe@gmail.com

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...