..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, October 6, 2010

෴ ආදරය නැත තවම මුණ ගැසී මට නම් - ජිවිතය ටික කලයි ඇයි මෙ‍හෙම සරදම් ෴

  
බොහොම සැහැල්ලුවෙන් ඉන්න, බොහොම සරලව ජීවත් වෙන.... නමුත් බොහොම දුක හිතක් තියෙන ගැහැණු ළමයෙක් ඉන්නව... දවසක් හිතා ගන්න බැරි තරම් අහඹු විදිහකට මේ ළමයට මුණ ගැහෙනව පිරිමි කෙනෙක්.... දුටු ගමන් ඇති වෙන්නේ පුරුදු බවක් ... ටිකින් ටික මේ දෙන්න එකිනෙකාට ආදරේ කරනව.... සිතුම් පැතුම්, ගති ගුණ පුදුමාකාර තරම් සමානයි...ඒත් සමාජයේ ඇහින් බැලුවම මේ දෙන්නගෙ කිසිමාකාරයක ගැලපීමක් නැහැ. ඒ තියෙද්දිත් ඒ හිත් එකිනෙකා හා බැදෙනව හරියට සංසාරේ පතාගෙන ආව වගේ.


ඒත් පස්සෙ කාලෙක ඒ ගැහැණු ළමයට තේරෙනවා මේ ආදරේ නෙමෙයි කියල. හැඟීම් ගොඩක් එක්ක මුසු වුන තැනක ආදරේ හොයා ගන්න අමාරුයි...  අපි සමහර වෙලාවට සමහර පුද්ගලයන්ට ආදරේ කරන්නේ  ඒයා මම කලින් ආදරේ කරපු කෙනෙක් වගේ නිසා. තවත් වෙලාවක එයාගේ කියන්න බැරි තරම් හොද ගති ගුණ තියෙන නිසා. ලස්සන හිනාව නිසා , හොඳට ලස්සනට හිතට වඳින නිර්මාණ කරන නිසා... ලස්සන කවි ලියන නිසා, එහෙමත් නැත්තම් එයාට කවුරුවත් නැහැ එයා ඉන්නේ දුකින් කියල හිතල...

මොනා හිතුවත් මොන දේ නිසා වුනත් අන්තිමට අපි හිතනව ඒ තමයි ආදරේ කියල...  මොනා කරන්නද ඇගෙ හිතේ දුක පිරුණ. ඒත් ඒ හැම හැඟීමම වෙන් වෙන්ව අඳුර ගන්න පුලුවන් තරම් දැන් මගේ හිත දියුණු වෙලා...........


සමහර විට අපි කෙනෙක්ව නොදැක ආදරේ කරනව කියන්නේ ගොඩක් දුරට එතන තියෙන්නේ ආකර්ශණයක්...  කට හඬට, ලියන වචන වලට, පුංචි පුංචි හැඟීම් වලට අපි සිතින් බැඳෙනවා. ඒත් හැබහින් දැක්කම...... එහෙමත් නැත්තම් ටික ටික ආස්රය කරන කොට..... අපිට තේරෙනව ‍පෙනුන කෙනත් දැන් දකින කෙනත් ගොඩක් වෙනස් නේද කියල. එතනදි හිත බිඳෙනවා.. ආදරේ පැනල යනව... වෙන වෙන දේවල් ඒ හිඩස පුරවන්න එනව...... ඉතින් ඒ සැබෑ ආදරේ ද?

ඉතින් ඇය ගොඩක් ආදරේ කරනව කියල ඇය හිතපු. ඇයට ගොඩක් ආදරේ කරනව කියල ඇය හිතපු කෙනෙක්ට සමු දෙන්න කාලය දැන් ඇවිත් කියල ඇයට හිතෙනව. 

ඒත් විටින් විට මහ මුහුදෙ යට තිබිල රැළ්ලට අහුවෙලා වෙරළට ගසාගෙන එන මුතු බෙලි කටු අස්සෙ හැන්ගුන මුතු කැටයක් වගේ නුඹ ගැන ආදරේ ඇගෙ හිතේ තියනව...

තව අවුරුදු ගාණකින් ඔවුන් දෙන්න ආයෙත් හමු වුනත්, මේ ආදරේ මේ විදිහටම තියේවි ද? වෙනසක් වේවිද? ඇගේ ජීවිතේ මඟ දාලා ජීවිතයක් හදා ගන්න යන ඇයට අලුත් ජීවිතයක් ලැබේවි ද? අනේ මන් ද?

මොනා වුනත් දැන් සමුගන්න කාලයයි ....

දැන් ඉතින් යන්න ... මගේ ඇහෙන් කඳුළු වැටෙන්න කලින් යන්න....

මට කඳුළු එන්න කළියෙන් - මා දමා යන්න
නැහැ හයියක් මට නුඹ දැක දැක පලා යන්න...

මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි

තව එපා එන්න ආ ආ තව එපා එන්න
ඔය ඇස් බැලුවම මට බැහැ හෙට තැලි අඳින්න

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනහී ඉමු හැමදාකම අපි අප ළඟමයි

දැන් ඉතින් යන්න ආ ආ ආ දැන් ඉතින් යන්න
 අතැගිලි රැදුනම බැරි වෙයි මුදු පලදවන්න

ගීතය ගායනය - දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මහත්මිය
  සින්දුව අහලම බලන්න කෝ ...
 

“It hurts to love someone and not be loved in return, but what is the most painful is to love someone and never find the courage to let the person know how you feel.”
කිසිදින නොදුටු නුඹට ළං වී - කිසි දිනක නොලැබුන ලෙංගතුකමකින් හිත පුරවන් නුඹෙන් සමුගන්න
මම
෴ වත් ෴

25 comments:

  1. හ්ම්.....අනේ මන්ද මම අද ගොළු වුනා අක්කියෝ.....
    මාත් මේ අක්කි කිව්ව ජාතියේ කෙනෙක් ‍වගේ....හ්ම්.....

    (සිංදුව මැක්සා....)

    ReplyDelete
  2. මම ආසම ගායිකාව... ඒයා තියන සමහර සින්දු හරි දුක හිතෙනව... මේ සින්දුව මම කීපාරක් ඇහුවද... අනේ ඒ හැමබාරම මගේ හිත දුකින් පිරුණ...

    හිහ්... කවුද අනේ ඕව ගනන් ගන්නේ නිකම්ම නිකම් සින්දු විතරයි...

    ReplyDelete
  3. එක්විමත් සමු ගෑනිමත් ලොවේ නියතයක්....
    ඔබේ සිතුවිලි ඔහු හදුනනවනම්...මෙවන් දෙයක්..නොවන්නට තිබුනි...අක්කි...

    මෙපෝසට් කියවලා...
    නිහඩවෙලා මගේ හිත..
    දොඩන්නට කිසිත් නෑත..
    හිත හිස්වෙලා මොහොතකට..

    බොහොදේ කෙටිවෙලා..
    අකුරු අද ගෑලපිලා...
    දිගම දිග කථාවක්...
    මේ වගේ කෙටිවෙලා......

    ලස්සනට ලියලා තියනවා...

    \

    ReplyDelete
  4. ආදරය යනු ජීවිතයේ කොටසක් මිස ජීවිතය යනු ආදරයේ කොටසක් නොවේ....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අප්පේ හිතට ආපු අදහස් බොහොමයි. ඒවා ලියන්න ගියොත් බ්ලොග් එකක ලියන්න වෙනව.

    කෙටියෙන් කියනව නම් අබීතගෙ වචන සංශොධනය කරල
    ප්‍රේමය (Romance) යනු ජීවිතයේ කොටසක් මිස ජීවිතය යනු ප්‍රේමයේ කොටසක් නොවේ.

    ප්‍රේමය අර්ථ දෑක්වීම හරිද මන්දා

    ReplyDelete
  8. G iving you all my heart,
    O bviously was not enough,
    O n this day of farewell,
    D oes it matter anyway? I wonder,

    B eyond my horizon,
    Y ou would have a life of your own,for sure
    E ven if I can't be a part of it,

    M ystery of life,
    Y ou can comprehend not,
    L ike the pot of gold at the end of rainbow,
    O n tears of my heart,
    V isions of future are blurred,
    E verything is in a whirl,

    W ith all my heart & soul,
    I wish you very best, my dear friend
    L et's hope for the best,
    L ife will go on, no matter what

    W henever you see a lonely star twinkling,
    E ver be assured that's me, lighting your path,

    M ay be this was our destiny,
    E ngraved forever, as they say, I don't remember where
    E ven on very first day we met,
    T o be on a journey, never to converge

    A s the sun would be rising tomorrow,
    G oing on diverse ways, we would be
    A nd my final words to you my love,
    I n as much as love would never die, would be
    N othing is forgotten, .... nothing is forgotten .. ever
    ?

    ReplyDelete
  9. මං තනි නෑ අක්කේ...ඔයත් ඉන්නවා මට වගේම හිතුන....

    ReplyDelete
  10. හ්ම්.......... ලියන්නට වචන නැත.......

    සිංදුව නම් බොහොම කාලෙකින් ඇහුවේ ඊයේ මුහුණුපොතේ අක්කි ෂෙයාර් කරලා තිබුන එකෙන්.......
    ඊයේ දවසෙම ඒක ඇහුවා...... :D

    ReplyDelete
  11. සිංදුවකුත් දීල තියෙන්නේ. කියවද්දි නම් විවිධ දේ හිතෙනවා. එත් ඒවා සිතුවිලි විතරයි මං හිතන්නේ.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ane akke, meka dakala mama iye mulu ra ma anduwa. mata thiyenawa diga kathawak kiyanna.puluwan nam ahan inna mage duka gana. akkage email address eka denawada. oyage wachana mage hadawathata bohoma sameepa dukbara sithiwili walin pirila..

    ReplyDelete
  16. ෂහ්! මම එනකොට පෙරහැර ගිහින් ඉවරයි. ඊයේ මම හිතුවේ මේ දෙන්නව අපි ඔක්කොම එකතු වෙලා පිළිවෙලක් කරන්න. ඔන්න ඔය වත් අක්කලාගේ ඉඩමෙන්ම පොඩි කෑල්ලක පැලක් අටවලා දෙන්නට දෙන්න. රවි අය්යට පුලිවනිනේ හේනක්, කොටන්න. හවසට ගෙදර එන ගමන් වෙල අද්දර පිහිල්ලෙන් නාගෙන අමුඩේ කාරිය හෝදගේන ඇවිත් රෑට මොනවත් හදන්න. මාර ලව් ස්ටෝරි ඒක නේද? අය්යට කොන්ඩේ වවන්නත් වෙය්නේ?

    ReplyDelete
  17. ඔය ගැන නම් මේ දවස් වල කිසිම දෙයක් නොකියමි මේ පිස්සා....

    ReplyDelete
  18. mama oyata email ekak me dan euwa.. puluwan nam balala mata pilithurak ewanna... bohoma sthoothiyi mata email address eka euwata..

    ReplyDelete
  19. එලය..ගතිය..පට්ටය.......එචරය

    ReplyDelete
  20. එලය..ගතිය..පට්ටය.......එචරය

    ReplyDelete
  21. උදේ පාන්දර මගේ ඇස් වලට ඔයා කඳුළු ගෙනාවා වත්...

    ReplyDelete
  22. @ Samanalee,

    ඉතා හොඳයි, අති විශිෂ්ඨයි,
    ඔබේ පරිකල්පන හැකියාව අනර්ඝයි,
    How romantic indeed,
    පොඩි ප්‍රශ්නයක් අසන්නට අවසර,
    අර මොකෝ කොන්ඩෙ වවන්ඩ වෙයි කිව්වෙ හැබෑට?

    ReplyDelete
  23. රවි අය්යේ,

    හේන් කොටනව කියනකොට මගේ හිතේ මැවෙන්නේ අමුඩයක් සහ කොන්ඩයක්. දැනටමත් අය්යට දිග කොන්ඩයක් ඇද්ද මම දන්නැහැ. හැබැය් මේ ඔයා කලේ නම් අපිට පෙනුන විදියට පල් වැඩේ. මම ඔයත් එක්ක ටිකක් වෙන්න තරහය්.

    ReplyDelete
  24. සමනලී නඟේ,

    1. මගේ කොන්ඩේ නම් කොහෙත්ම දිග නැත,


    2. අපොයි, මා හා ඔබ තරහවී ඇත්තේ කුමක් නිසාද යන්න මට නොතේරේ,මම සිහිනයකින්වත් ඔබ කිසිවකුට වැරැද්දක් කල බවක් මතකයට නම් නොනැඟේ,

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...