..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, October 5, 2010

෴ ( නො ) ලැබීම ෴

  

මට නොලැබුන නුඹ වෙනුවෙන්
කඳුළු සලන්නැහැ දෑසින්
 හදවත වැලපුන රහසින්
 නුඹ ඉන්නේ හද ගැඹූරින්


නොපැතූ නොසිතූ විලසින්
නුඹ හමු වූ හැටි නොදනිම්
හිමි කර ගන්නට නැතිවත්
පිළිගමි ප්‍රේමය මනරම්


මෘදු සුවඳයි යහ ගුණයයි
දුර වුන්නත් දැනෙනව නම්
ළඟ ඉන්නා අය පල නැහැ 
හදවත් හඳුනන් නැති නම්


සැතපෙන යහනට නොවුනත්
සිත් ගත් නුඹ හරි බලවත්
ගත තිබුනට සිත නැති නම්
ප්‍රේමය කවදත් අසමත්

“The greatest gift that you can give to others is the gift of unconditional love and acceptance.”

හැම විභාගෙම සමත් වෙලා මේ විභාගය අසමත් වූ 
මම
෴ වත් ෴

15 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

හ්ම් හ්ම් අක්කා.......

ලස්සනයි අක්කියා......
දැනුනා ගොඩාක්ම...... :)

lemonade/ලේමනේරිස් said...

"ගත තිබුනට සිත නැති නම්
ප්‍රේමය කවදත් අසමත්"

ලස්සන අදහසක්.

Ravi said...

කැළැල් පෙම ඉතිරි කල,
හදවතේ තවම ඇත,
පිරිමදිමි ඉසිඹු ගෙන,
ඒ ද මිහිරකි මට ම නොවැටහෙන,

මල් උයනෙ ඇවිදිමි,
රොන් සුවඳ විඳිනෙමි,
නෙලන්නට මැලිවෙමි,
දුරින් ඉඳ බලා සැනසෙමි,

සියොත් ගී අසමින්,
ඔවුන් හා දොඩමලු වෙමින්,
හදවතින් තුටුවෙම්,
කූඩු නොතනමි උන් රකිනු වස්,

ජීවිතය මිටින් ගෙන,
අතැඟිලි අතර මිරිකුනු,
ඊයේ දිනය නිමකොට,
ඇඟිලි විදහා දිවි විඳින්නෙමි,

You never know what might have been,
So, as they say
let the time heal,

Yeah, but the only snag is
whoever said this has forgotten
very conveniently it seems,
to define how long is time?

Is it two years,
five years,
a life time
or
until eternity?

O.K. So, the bottom line is
you have to come to terms with your feelings,
your emotions,
and
most important of all,
your life,
At your own time,
at your own way,
no one else can do it for you,
you are on your own,
believe me,

P.S - Remember you can never shake hands with a clenched fist,
not even hold your own other hand,
therefore spread your fingers and ....let go!!!

Podi Kumarihami said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

"මේ කවි ඉසරහා මගේ හිත ගල්වෙලා..?"

ලසනයි අක්කී

Samanalee said...

අනේ මේ ඔය දෙන්නා පොඩ්ඩක් ඕක නතරකරනවද? අපි ඔක්කොම මෙන්න අඬනවා.

Podi Kumarihami said...

රවි,

ඔයාට තියෙන්නේ ගල් හිතක්ද? ගොලු හිතක්ද? නැත්නම් හිතක් පපුවක් නැද්ද?

Ravi said...

Kumarihami,

To be frank this was not actually one of my own experience,
but in every other sense it was just as bad, you can say even worse,

it happened some time ago to one of my friends, a very close friend in deed,

At that time he suffered a lot and he was in hell literally,with me as his sole companion,
In time he recovered and succeeded in letting go,but I can never forget the emotional distress he went through,while trying desperately to spread his fingers,
So, reading wath's post, it all came back,vividly as yesterday & all I did was transferring feelings to words,

and...... what a coincidence,
the cause of all this misery was a ..... Kumarihamy,
believe it or not,

I am really sorry if i made you feel like crying,
well...... It means only that you felt the same as I did, when writing this,

Regarding my spreading fingers, well once I tried my level best to let go but unfortunately,she wouldn't let me at all & as usually happens, ...... You know............that was it !!!!

Last but not least ........... Spreading fingers & letting go....this concept was first advocated 2500 years ago by some one named Lord Bhuddha,and i can assure you it works very well even today,

තව කාරණයක් තියෙනවා, මේ වැඩේ හරිද මන්ද,මම කිව්වෙ මේ වත් ගෙ අඩවියට ඇවිල්ල අපි පාලු ගෙයි වලං බිඳිනව වගේ කොරන වැඩේ,
හරියට මට හිතෙන්නෙ, ගෙදර අයිතිකාරයා නැති වෙලාවෙ,පාරෙ යන එවුං දෙන්නෙක් ඇවිල්ලා සාලෙ වාඩිවෙලා,කතා කොර කොර ඉන්නව වගෙයි කියලා,
වත් ට කේන්ති ගියොත් එහෙම මම නැහැ ඔන්න,

wath said...

පිස්සු කතා කරනව ද? මගේ ගෙදර හැම වෙලේම ඔන් කෙනෙක්ට විවෘතයි.... බඩගිනි නම් මම නැති වෙලාවක ආවාත් උයන් කාලා යන එකයි ඇත්තේ... කොච්චර දෙයක්ද නැත් වෙලාවට වුනත් මයෙ ගෙදරට මෙහෙම අය එනව නම් ...

Podi Kumarihami said...

රවි,

ඔයාට පුලුවන්ද උයන්න. මම නම් ජීවිතේට කුස්සියකට ගිහින් නැහැ. උයාගන කන්න කියලා වත් කියන එකේ ඔයාට පුලුවන්ද කුස්සියට ගිහින් මොනවා හරි රත් කරන්න.

Thank you Wath.

Podi Kumarihami said...

Regarding my spreading fingers, well once I tried my level best to let go but unfortunately,she wouldn't let me at all & as usually happens, ...... You know............that was it !!!!

මේ යාලුවට කියන තවත් නමක් වෙන්නැනි නේද?
ME......

Podi Kumarihami said...

unfortunately, she or I wouldn't let it go as usually happens, ......in a love story.


That was it.
End of a very sad...sad...sad love story. wipe your tears people and thank you for reading it.

Huh...

Ravi said...

පොඩි කුමාරිහාමි,

මොනවැයි මයෙ දෙයියො අඩුක්කු සප්පායං වෙන්ට මනාප?

විගැහිං කියන්ට, සුරුස් ගාල තනඤ්ඤං,

වත්,

මක්කද හැබෑට ඔහෙගෙ කුස්සියෙ ඇත්තේ?

මේ කුමරිහාමිට කන්ඩ ඕනෙ කියනවනෙ,

Podi Kumarihami said...

මනාප දෙයක් තනන්න මගෙ දෙය්යො මන් සප්පායන් වෙන්නන්.

wath said...

මෙතන නම් වෙනමම කතන්දරයක් ලියවෙන පාටයි...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...