..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, October 4, 2010

෴ සෙමින් නුඹ එන්න ෴

 

සෙමින් නුඹ එන්න
ඇවිත් සිප ගන්න
 දෙතොල් නුඹ ගෙන්ම
පැහැය රඳවන්න

සෙමින් නුඹ එන්න
 දෙනෙත් දල්වන්න
නුවන් යුග අතර
නුඹ රුවම සඟවන්න

සෙමින් නුඹ එන්න
ලඟින් හිඳ ගන්න
සුසුම් වල පහස
මා ගතේ රඳවන්න

සෙමින් නුඹ එන්න
අයෙත් නොම යන්න
දිවි මඟේ තනුව
එක්ව රඟ දෙන්න

“I love you more than I have ever found a way to say to you”

 සෙමින් ගළා යන ජීවත ගමනට කවදත් කැමති
මම
෴ වත් ෴

14 ප්‍රතිචාර:

nish said...

අප්පා සුන්දරයි.......

වත් ගෙන් උදව්වක් ඉල්ලන හිතෙනවා

හ්ම්ම්ම් බලමු

nish said...
This comment has been removed by the author.
wath said...

@ nish
නිශ් ගේ ප්‍රොපයිල් එකක් පෙන්නන්නෙත් නැහැ. බ්ලොග් එකක් ලියනවද නැද්ද කියල දන්නෙත් නැහැ... මට ඒ බව කියනවද? ලියනව නම් ලින්ක් එක දෙනවද ?

උදවු.. මොකක් ද අප්පා ඉල්ලන උදවුව? ම්ම්.. පුලුවන් උදවුවක් නම් කරනව. බැරි උදවුවක් වුනත් කරන්න උත්සාහ කරල බලමු...

nish said...

ම්හ් මම බ්ලොග් එකක් ලියන්නෙ නෑ. ලියන්න උත්සහයක් දරන්න ඔනි. බලමු. ප්‍රොෆයිල් එක හදන්න ඔනි.

හ්ම්ම්ම් මම දන්වල එවන්නම් කො උදව්ව.

lemonade/ලේමනේරිස් said...

සොදුරු සිතක, සොදුරු සිතුවිල්ලක්.

හා පැටික්කි (MS) said...

ඉතින් පැමිනෙන්න
නුඹ තුරුලේ සැනසෙන්න
සෙමෙන් හිස සිප ගන්න‍
ආදරෙන් ළඟ ඉන්න‍‍....

මගේ සිහිනය නුඹය
මගේ පැතුමද නුඹය
පැමිණ මා හද පුරා
සරන සිතුවිලි නුඹය.......

Ravi said...

සෙමෙන් සපැමිණි නුඹ,
ඇරයුමකුදු නොමැතිවම,
කොඳුරමින් මඳනල ලෙස,
ඇතුලු විය විවර වී තිබු හදට,

You came like the whispering wind,
Uninvited,
As I had forgotten to,
Shut the entrance to my heart,

නිවාලන දිවි සරතැස,
දැවටෙන නිබඳ අසලම,
සොඳුරුය බොහෝ මෙසිහිනය,
අවදි නොමවෙමි කිසිම දින,

Only thing awful,
About being, living a dream,
Is that you have to wake up,
Some day,

මඳ නලක් සේ දැවටුන,
හිරිපොදක් සේ සැනසුව,
කොහිද නුඹ, සොයන්නෙමි
නොකියාම නික්ම ගිය,

පවනක් සේම සපැමිණි,
මේඝයක් සේ නික්මුණි,
කාරණා නම් නොදන්නෙමි,
අසන්නට වත් නුඹ ලඟක නැති,

Coming like a caressing breeze,
Stirring my heart,
You left like a storm,
All of sudden,
Leaving behind,
Nothing,
But,
Sorrow & grief,

වත්,

අනතුරු හැඟවීමක් නම් නොවේමය,
ඔබ කව්පෙල කරණ කොට,
මහද පැන නැඟි හැඟුමන්,
අකුරු කලා පමණක්මය.

Jeew said...
This comment has been removed by the author.
Jeew said...

මෙන්න මම මෙතැන
නුඹේ වත ලඟම
පොපියනා දෙතොල
මුදුව සිප ගන්න

තරු යුගල ලෙසට
දිලෙන ඔබෙ නෙතට
එබී මා ගතම
එතුළ රඳවමින

ඔබේ හද දවන
ගිනි නිවා ලමින
තුරුළු වී ළයට
රැ‍ඳෙමි මම නිතින

සුසුම් රැල් නැ‍ඟෙන
වතේ තවරමින
සිඹිමි මුළු ගතම
හිරි වැටෙන ලෙසින

දිවි ගමන තුරා
රැඳෙමි ඔබ කරා
ප්රේ මයෙන් නුරා
පිදෙන හද පුරා

පුබුදුවා said...

අරේ වාහ් වාහ්,ක්යා බොලෝනා,මෙරේ දිල්සේ ප්යාර් හෝතාහේ.බොහෝත් අච්චා

Podi Kumarihami said...

Ravi,

Lovely poems again.

Do you know 'grief comes from losing something you've already had not from wanting something that isn't yours'

Ravi said...

Podi Kumarihami,

Thanks for your appreciation,

" You never know if something is not yours' until losing it forever:
But then it's invariably too late and you will be left with only grief "

Ravi said...
This comment has been removed by the author.
Podi Kumarihami said...

No comment. I am speechless.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...