..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, October 2, 2010

෴ ගමන ෴

දිග කෙටි කතාවට තාවකාලික තිතක්
මගේ කවියට දෙන්න පොඩි ඉඩක්


අරමුණක් ඇරඹුමක් නොතිබුන
මගේ ජීවන මං තෙරේ
අතර මඟකදි හමුවුනා නුඹ
සුවඳ වී හද තොටුපලේ

මලින් සුපිපුන සෙවන තුරු පිරි
නැවුම් මං මාවත් දිගේ
ගමන ගිය අපි පැමිණුනා 
සිවු මංසලකි නොසිතූ ලෙසේ

නුඹගේ මාවත එක්ව පිය මැන
යන්න බැහැ මාවත පටුයි
පසු පසින් පැමි‍ණියොත් මා නුඹ
අත් වැලත් ගිලිහෙයි බයයි

නුඹේ ගමනට සුබ පැතුම් දී 
වෙන්වන්න කාලය වගෙයි
අරමුණක් ඇරඹුමක් නැති 
මාවත් යළිත් මා වෙත ඇරෙයි

“All of life is a journey which paths we take, what we look back on, and what we look forward to is up to us. We determine our destination, what kind of road we will take to get there, and how happy we are when we get there.”

“We must embrace pain and burn it as fuel for our journey.”

ගමනක අවසානයක් දකින්න කැමති
මම
෴ වත් ෴

24 comments:

  1. මේකත් හරියට අර මෙගා ටෙලි නාට්‍යයක් මැද්දේ ඇඩ් දානවා වගේම තමයි.කතාව පෙන්වන වෙලාවට වඩා ඇඩ් පෙන්වනවා....
    අනේ හෆෝයි මේව බලන්න අපි තරම් අපි කොච්චර වාසනාවන්ත ප්‍රේක්ෂකයෝ වෙන්න ඕනිද.....

    ReplyDelete
  2. දිග කෙටි කතාවක අවසානයක් දකින්න කැමති
    අපි
    ෴ අසරණ ප්‍රේක්ෂකයෝ ෴

    ReplyDelete
  3. අනේ ඉතින්....කවි ලියපු මම දැන් කතාවට බැහැල... මට කවි ලියන්න බැරි වුනොත් අමතක වුනොත් හොද නැහැ නේ... සමාවෙන්න ඕනි.. කතාව හිතේ තියෙනව... කී බෝඩ් එකේ කොටන්න ගියහම එපා වෙනව අනේ..........

    ReplyDelete
  4. නරකද ප්‍රයිවෙට් සෙකියුරිටි..අහ් වැරදුනා ප්‍රයිවෙට් සෙකට්රි කෙනෙක් ගත්තොත්....

    ReplyDelete
  5. ඇඩ් එනත් හරිම ලස්සනයි.... ඔය ටීවි ඇඩ් වගේ පුහු එකක් නෙමෙයි........

    මාත් මේ දවස් වල වැඩක් නැතුව ඉන්න එකේ ගැසට් කරොත් දාන්න ඕන බලන්න අක්කාගේ සෙක්රටරි වැඩේට....... හැබැයි ඔන්න මං කැරට් පඩියට....... හිකිස්.....

    කතාව එනතුරු ඇඩ් බලන මම
    හා පැටික්කි....

    ReplyDelete
  6. මේ මොකො මේ තවකාලික විරාමයක්???? මම මේ කතාව කියවන්නමයි මේ පැත්තට ගොඩ වුනේ......හ්ම්ම්ම්.....
    කතාව පටන් ගන්නා තුරු තවකාලික විරාමය රස වින්ද මම
    ~චතු~

    ReplyDelete
  7. අඩේ...... අද නෝ කතා නෝ බය වගේ තමා හික්ස්...........
    කමක් නැ දැන් ඉතින් ඇඩ්ස් එක බලල හරි සැනසෙමුකෝ :)

    හෙටවත් කතාවේ ඊළඟ එපිසෝඩ් එක බලන්න පුලුවන්ද හිතන මම්
    ~ජේ.ඩී~

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඇරඹුමක් පැතුවත් නුඹේ සිත
    අරමුණත් නම් නැති හැඩයි
    මිරිඟුවක් දෙස නෙත් යොමා ගෙන
    කෙම් බිමක සිහිනය දකියි

    එක්ව යන්නට නොහැකි මාවත
    වෙන්ව යාමම හිත සුවයි
    ඉදිරි මාවත පැහැදිළියි නම්
    තබන පියවර දිනුම මයි

    --------------------

    ඇඩ් එකක් ඉඳහිට දැමූවත්
    කතාවට අවුලක් නැතේ
    ගොතන පද වැල් කරන රචනා
    හැම දෙයම මට රස වෙතේ

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. වත්, ඔයාගේ කවි හරිම ලස්සනය්. මට පේන්නේ කවි ලියන අය බයය් වගේ. අත්වැල් නැතිව තනියම යන්න බය ඇස් පේන්නේ නැති අය නේද?

    ReplyDelete
  12. ඊලග එක දානවද නැද්ද ?

    නැත්නම් මගේ බ්ලොග් එකේ කතාවක් ලිය වේ වත් අක්කගෙන් පලිගැනිම කියලා :P

    ඔයාට කම්මැලිනම් මට ඕක ටයිප් කරලා එවන්න මම පොස්ට් කරන්නම් :P

    ReplyDelete
  13. මාත් කතාවේ ඉතුරුයික කියවන්න ආවා. මදැයි.

    ReplyDelete
  14. Wath, I am reading your lovely poems again. We believe that if we wanted to get rid of a hole, we fill it but we don’t realize at the time that there were all sorts of fillers that took up space, but no substance. That makes us feel just as empty.

    ReplyDelete
  15. Journey of life,
    Being forced on a reluctant voyage,
    Seeking far-flung horizons,
    Which constantly remain remote & inaccessible,

    Inevitable endeavour,
    Essentially Exhaustive of course,
    But for a lone traveller,
    Would be unbearably strenuous & tiresome,

    Somewhere on the way,
    Encountering a fellow traveller of kindred soul,
    Holding hands & sharing thoughts,
    Makes the journey a dream come true,

    Coming to a cross road,
    leaving on a divergence, all of sudden,
    would make your heart weep,
    leaving you sad and on your own,

    Have to take step by step again wearily,
    No other alternative,
    Hoping for a soul mate who would,
    Accompany you to the horizons and beyond,

    ජීවන මං තෙර යලිත්,
    අතු අග සුපිපි කුසුමින් යුත්,
    ගයන්නාවු කැල සියොත්,
    තුරු ගොමු සෙවණින් සැදුම් ලත්,
    දිවෙන අනන්තය තෙක්,
    මල් මාවතක්ම වේවා වත්,

    හද පතුලටත් පොඩ්ඩක් පහලින් පතන,
    මම,

    ෴ රවි ෴

    ReplyDelete
  16. @ Podi Kumarihami,

    Thanks Madam,

    පොඩි ප්‍රශ්නයකට තරහ අවසර,

    ඔබ තුමියගෙ නෙරිය කොණටද අර කවුදෝ මඩ තිතක් ඉසින්නට ආසයි කිව්වෙ?

    ReplyDelete
  17. අර ලස්සන කවි වගේ ඒකත් ලස්සනට අහන්න රවි. නෙරිය තියලා ඔසරි අදින කෙනෙකුගෙන් ඔය ප්‍රශ්නේ අහන්න.

    ReplyDelete
  18. @Podi Kumarihami
    පොඩි කුමාරිහාමිලා නෙරිය තියල නෙමෙයි ද ඔසරි අදින්නේ. එහෙමත් නැත්තම් මේ නවීන කුමාරිහාමි කෙනෙක් ද? ජින්ස් ඇන්ඩ් ටී ෂර්ට් අඳින...

    තරහ අවසර ..කුමාරිහාමි කිව ගමන් මතක් වෙන අනිත් වචනය ඉතින් ඔසරිය තමයි ඕන්

    ReplyDelete
  19. @Ravi
    ඔන්න බලන්න රවි. ඔයාගේ කොමෙන්ටු වලට මම විතරක් නෙමෙයි අනර්ඝයි කියන්නේ...

    කුමාරිහාමි නෝනටත් ඒක තේරිලා...

    ඇත්තමයි රවී... කොමෙන්ටු ලියන කලාව නම් ඔයාගෙන්ම තමයි ඉගෙන ගන්න ඕනි... කුමාරිහාමි තරහ කර ගන්නේ නැතිව අහන දෙයක් කවියෙන්ම ඇහුව නම් නේද හොද...

    ReplyDelete
  20. @ priyantha.ඒබී
    ප්‍රියන්ත .. මම කතාව ලීව... ඉවසන්න කොටස් 7න් ඉවරයි..ස්තූතියි

    @Bunny !
    හැබෑට... අනේ අනේ හා පැටියෝ... මේ දවස් වල වහිනව නේ නේද? ටයිප් කරල දෙන්න හාවියෙක් හොයල දෙන්න බැරිද...


    @Podi Kumarihami
    නැහැ. බය ඇස් පේන අය... මොකද ඇස් දෙකට පෙනි පෙනී අත් වැල අහිමි වෙනනිසා...Podi Kumarihami මට හිතෙනව මම ඔයාව අඳුරනව දෝ කියල...

    ReplyDelete
  21. @Jeew
    පුංචි ඉල්ලීමක් Jeew ඍයාගේ මේ ලස්සන කවි පද ඔයාගේ බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ ඇයි..

    @ජේ.ඩී
    පුලුවන් පුලුවන් බලන්න පුලුවන්.. කොටස් 7යි වැඩිය නැහැ.. හැබැයි අන්තිමට මට දොස් මුරේ තියයි ද දන්නේ නැහැ හිහ්

    Chathu
    ලීව නගෝ ලීව... කොටස් 7යි ඉවරයි.. අන්තිම කොටස ඇරෙන්න ඔක්කම ලිව...

    @හා පැටික්කි (MS)
    යෝඩනාව නම් හොදයි... ඒත් මේ දවස් වල කැරට් හරි ගන්න නේ හාවියේ... බැරිද උදුලියලි ටිකකකට මාරු වෙන්න. දේශීය කෑම වටිනව ...

    ReplyDelete
  22. වත් අක්කි මොකද මේ ටෙනිස් මැච් එකක් යන්නේ. රවි අය්යය්, කුමාරි අක්කගෙය් පෙම් හබයක්ද?

    ReplyDelete
  23. අක්කිය කියන නිසා...... බෑ කියන්න බෑනේ....

    ඔන්න ඔහේ නිකම්ම කරලා දෙන්නම්.....
    හිහ්.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...