..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, September 4, 2010

෴ ඇමතුම ෴ ( I am waiting for your call )


රැයත් ගෙවෙයි 
කාලය ඉගිලෙයි
නුඹ තව නැහැ මට කතා කළේ
කුසගිනි දැනිලද
නිදිමත හැදිලද
එහෙමත් නැතිනම් වැඩ ගොඩ ගැහිලද
ඒ ඔක්කම විස්තර දැන ගන්නට
එකම වචනයක් මට සෑහේ
" හෙලෝ"

"Thanks for calling me"
ඔබේ ඇමතුම බලාපොරොත්තුව සිටි 
මම
෴ වත් ෴

13 comments:

  1. කරන්න අමාරැම වැඩක් නොවැ කෝල් එකක් එනකන් බලාන ඉන්න එක

    ReplyDelete
  2. ඒ එක ඇමතුම
    නුඹ වෙත දෙන්නට
    වැඩ ගොඩක හිර උන
    මේ කරුම රැකියාව
    ඉඩක් දෙන්නෙ නැති හැටි.....

    විඩාව මගහරින
    නුඹේ මුදු වදනින්
    සවන් සනහාලන්න..
    බස් එකේ කරච්චලය
    ඉඩක් දෙන්නෙ නැති හැටි...

    ඇග පතත් දොවාගෙන
    කෑම ටික කන අතරෙ
    නුඹව සනසාලන්න
    අම්මගේ ප්‍රශ්ණ වැල
    ඉඩක් දෙන්නෙ නැති හැටි....

    ReplyDelete
  3. රැය ගෙවුනද
    කාලය ඉගිලුනද
    ඇමතුමක් නැතිනම්
    කුසගිනිත් නැහැ
    නිදිමතත් නැහැ

    ඇහැරගෙන සිටිය පසු
    ඇමතුම ලැබුන විට
    වචනයක් නම් මදි
    සියල්ලම කියන්නට


    අක්කේ මොකද මේ බොහොම කොට කවි ලියන්නේ.මේකට කමෙන්ට් එකක් දාන්න ගිහින් මම පුදුම අමාරුවකනෙ වැටුනෙ.

    ReplyDelete
  4. මා ප්‍රිය බිරිඳගෙන් ඇමතුමක් ලැබෙනකල් බලා සිටින අතරේ ජාලයට ගොඩවැදුණු විටයි මම ඔබේ පද වැල් ටික දැක්කේ..

    බලාන සිටියෙමි හවස තුනේ සිට
    දැන් රෑ නමයද ඉක්මව ගොස් ඇත
    නොලද නිසා ඔබගෙන් එන ඇමතුම
    මම අමතන්නද ඔබෙ දුරකතනෙට

    ගෙදරට ආවද නැත්නම් කොහේද
    කෙටි පණිවිඩයක්වත් නොලැබේවිද
    මා අමතන්නට තව පහුවෙනවද
    ඇමතුම එනතෙක් මා නොනිදන්නද

    හැබැයි කොමෙන්ටුවට කවි පද දෙකක් ගලපාගත්තට පස්සේ ඇමතුමක් ආවා. මගේ දුප්පත් දුරකතනයේ තිරය පේන්නේ නැති එකට එයා පළි නැහැනේ...

    ReplyDelete
  5. බලාපොරොත්තුව සිටිනා ඇමතුම..
    නොලැබෙන විට එයි හදතුල ශෝකය...
    නොසිතූ මොහොතක ලැබුනම ඇදතුම...
    සැනෙකින් දුරුවෙයි යලි හද දවනා ශෝකය...

    දුකට වහල් වෙන්න එපා කියල නේද කලින් කිව්වේ?

    ReplyDelete
  6. එක් වරක් අමතන තුරු
    බලා‍පො‍රෙ‍තේතු දෑසින්
    තවමත් මඟ බලන
    මා දෑස රි‍දෙනු නැත.........

    මඟ බලන මම
    හා පැටික්කී

    ලස්සනයි අක්කි‍යෝ........
    ‍ගොඩක් දැනුන හිතට.......

    ReplyDelete
  7. ගෙවූ ‍රැයවල් ඉගිල ගියා
    නෑ කුසගිනි නෑ නිදිමත මට
    දක්වන්නට මට සියලු සොභා දැන්...
    ඇත්නම් පවසන්නට එකම වතාවක් "හෙලෝ"
    මා ඔබව ඇමතීමට බලා සිටිමි...

    ReplyDelete
  8. රමේෂ් අය්යාටවත් කියමුද රීලෝඩ් එකක් දාන්න...??

    ReplyDelete
  9. ඔෆීසියෙ ලොක්ක නැති කොට මම බ්ලොග් අවකාශෙට පියාඹනව.....
    වෙලාව හවස 3.30 ත් පහු වෙලා ...
    බිරින්දෑගෙන් ඇමතුමක් නැතුව, ඒ ගැනත් හිත හිත ඉන්න කොට තමයි ඕන් මේක දැක්කෙ....
    අපේ පුංචි දූ නිසා එයාට වැඩ ගොඩ ගැහිල ඇති.....
    මම මෙහෙම හිතුව....
    ආයෙත් බ්ලොග් එක කියෙවුව....
    කමන්ට් එක ලිවුව....
    publish කලා........

    ReplyDelete
  10. what happen to ur mobile?????
    I was trying to call U but I got dis msg frm ur subscriber....

    "The number u r trying to call is already in ur heart...."

    ReplyDelete
  11. & I tried again bit l8r....
    den I got......

    "welcome to the jungle network
    The monkey u r trying to call on tree
    plzz try again later...."

    :PPPPPPPPPP

    ReplyDelete
  12. මේ අර "අකමැත්තෙන් වුවත් ජංගම දුක භාවිත කරන
    මම ෴ වත් ෴" මද ?

    ReplyDelete
  13. අහ් හා......කෝල් එකක් කියන්නෙත් පුදුම දෙයක් නේද අක්කේ

    @හසියා
    මොකෝ බොල අද මේ වෙලා තියෙන්නෙ?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...