..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 6, 2010

෴ අමතක වූ කුඩය ෴


හේ නමින් විලියම් අප්පුහාමි නම් විය. ගමේ කාටත් විලියම් මාමා වූ ඔහුව පිට ගමකින් පැමිණෙන අයකුට වුවද ඉතාම පහසුවෙන් හඳුනා ගත හැකිය...

"විලියම් මාමා ද..?". "ආහ් අර දිග මිට කළු කුඩයක් අරන් යන, සුදු උස මනුස්සය නේද? "

ඔහුගේ අනන්‍යතාවය හා බැඳී ඇති මේ අගනා කුඩය ඔහු යන සෑම තැනකම පාහේ ඔහු හා ගමන් ගනී. කුඩය කොතනද විලියම් මාමා එතනය.පන්සල ,පල්ලිය .කුඹුර .නියර .පාසල .සති පොළ පමණක් නොව ඉතාම ආසන්නයේ ඇති කඩපිළට යන විටද කුඩය ගෙන යෑමට ඔහු අමතක නොකරයි...අවුව. වැස්ස හෝ ඕනෑම පැහැබර යස කාලගුණයක් පවතින විටදී පවා ඔහු කුඩය නොගෙන මිස එළි පහලියට නොබසී...

එහෙත් මා මතක ඇති කිසි දිනක ඔහු කුඩය ඉහලා ගෙන යනු ,මා තබා මේ ගමේ කිසිම කෙනෙකු දැක නැත. මහ වරුසාවටද හෙවනකට ගොඩ වදින ඔහු ,අන්තිම බින්දුවටම වරුෂාව පායනකම් සිටයි මහ මඟට බසින්නේ. එසේ පරිස්සම් කරන නිසා ඔහුගේ කුඩයද දිනපතා දැක ගත හැකිවන්නේ මේ දැන් කඩෙන් ගත්තා වැනි දිස්නයකිනි.

පන්සලට නිතර නිතර යන එන ඔහු ,තම දෑස ගැටෙන මානයේ කුඩය රදවා තැබීමට තරම් විමසිලිමත් වෙයි. කොල්ලන්කුරුට්ටන් නිතරම මේ කුඩයට මාන බලන බව විලියම් මාමා ඇතැම්විට දන්නවා වන්නට බැරි නැත.

එහෙත් දවසක්.... අහෝ අරුමයකි... රටක් වටිනා කුඩය නැතිව විලියම් මාමා දුටු කාගේත් සිත් පුදුමයෙන් පිරී යන්නට විය. ගැහැණිය මිය ගිය පුරුෂයෙක් පරිද්දෙන් මුහුණද දුකින් බර වෙලාය.... ඇවිදින්නේද සිහිනයෙන් ඇවිදින්නාක් මෙනි.... විලියම් මාමා බෝධි පූජාවක් කරන්නට දෝ  පන්සලට ගොඩ විය.... එදා පන්සලේ පුංචි වුන්ගේ පුංචි පිංකමකි. හාමුදුවන්වහන්සේ පන්සිල් දීමට සැරසුනා පමණි..

" විලියම් උපාසක.. ගොඩකාලෙකින් මේ පැත්තේ. මුහුණත් ඇදිල ගිහින් හිතේ අමාරුවක්ද අප්පුහාමි.... හොඳයි හොඳයි කාරි නැහැ.. ඔය ඉඩකඩ තියෙන තැනකින් ඈඳි ගත්තනම්"

විලියම් මාමා ද  දුකින් බර මුහුණත් සමඟ දෑත් දොහොත් මුදිනින් තබා වැද නමස්කාරකරගනිමින් හිඳ ගත්තේ තම අගනා වස්තුවට පිං අනුමෝදන් කිරීමට තරම් සැදැහැත් වූ සිතකින් මෙන්ය..
" පාණාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධියාමි"
" අඳින්නාදානා වේරමණී සික්ඛාපදන් සමාධියාමි"
" කාමේසුමිච්චාචාරා..."
" හාමුදුවනේ හාමුදුරුවනේ .. ඔබවහන්සේට බුදුබව ඇත්වෙන්න ඕනි. ඔබ වහන්සේ නිසා මට මතක් වුනා මගේ කුඩේ අමතක වෙලා දාලා ආව දිහා"යි

පවසමින් වහ වහා එළියට බැස ගත් විලියම් උපාසකවුන්නැහේගේ හැල්මේ ගමන නතර වුයේ ගමේ කාගේත් පෙම් සිත දිනාගත් හැඩකාරියක් වන කර්ලිනා හාම්නේගේ අගුපිළට ගොඩ වුන පසුය.

" ඔන්න මතක තියා ගන්න... යන යන තැන කුඩ අමතක කරල එන මහත්තුරුන්ට මේ කතාව හොද ආදර්ශයක් "
 ( මෙය මා අසා ඇති කතාවක් අනුව ලියැවුනා මිසක මාගේ ප්‍රබන්ධයක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

මාලතී වැනි හැඩකාර බෝල අකුරු ලිවීමට මට කියා දුන් TRIX හන්ටර්™ ට මගේ හදපිරි ස්තූතිය.


නොලියා ඉන්නට කොතරම් සිතුවත් වෙන වැඩ අතපසු කර ලිවීමට හිඳ ගන්නා
මම
෴ වත් ෴

25 comments:

  1. හ්ම්...මරු කථාව...කර්ලිනාලා බලන්න ගිහිපු විලියම්ලට තව මොනා අමතකවෙන්න ඇත්ද...
    ජයවේවා!!!

    ReplyDelete
  2. නියම කතාව. ඔච්චර ආදරෙන් රැක ගත් කුඩේ අමතක වෙන්න මේයාට එදා මක් උනාදැ!

    ReplyDelete
  3. කොහෙද නගෝ ඔය කරලිනා හාමිනේ ඉන්නෙ ? :)

    පොඩි අතුරු කතාවක් දැම්මට තරහ වෙන්නෙ නෑ නේද ? නැතිනම් විතරක් කියන්න. මම හිතන්නෙ ඒකත් ඔය විලියම් අප්පුහාමිටම වෙච්ච එකක්ද කොහෙද.

    ReplyDelete
  4. හොද වෙලාවට කුඩ පාවිච්ච්යක් නැහැ හික් හික්

    ReplyDelete
  5. මම් මේ කල්පනා කළේ....
    කර්ලිනාගේ ගෙදරද...?
    හරියටම ෂුවර් නැ‍හැ.... එහෙම නොවුණොත් කොට මැගියගේ ගෙදර හරි..... එහෙමත් නැත්නම් වෙල පහළ කුසුමාවතීගේ ගෙදර වෙන්ඩ ඕනේ....
    ෂා... කල්පනා වෙන්නෙම නෑනේ...

    ReplyDelete
  6. ..........හතරවෙනි සිල් පදය හැර.........
    .........ඉතුරු සිල්පද සියල්ලම රකින.......

    ..................මම.................
    ..............෴ වත් ෴...............

    ReplyDelete
  7. "යන යන තැන කුඩ අමතක කරල එන මහත්තුරුන්ට මේ කතාව හොද ආදර්ශයක්"
    අද කතාව මේකද?
    එසේනම් අදාළ නොවේ. හේතුව තැන තැන නොයාම හා කුඩ භාවිතා නොකිරීම.
    සුභ දවසක්. ආයෙත් හොඳට ලියන්නේ.

    ReplyDelete
  8. මම හිතුවෙ කුඩේ පරිස්සමින් අරන් තියපු මම වත් කියයි කියලා හිකිස්.....

    ReplyDelete
  9. @ දුමී
    අහන්නත් දෙයක් ද ලියන්න අයියේ....කටකහන කතාවක් වෙන්න ඇති නේ...

    ReplyDelete
  10. @ තිස්ස දොඩන්ගොඩ
    අප්පමාදේන සම්පා දේථ

    @ සම්පත් / jt
    විලියම් ගෙන්ම තමයි අහන්න ඕනි... ස්තූතියි මේ පැත්තේ ආවාට.

    @ බුද්ධි
    අනේ මන්ද... හැබෑට මක් වුනාද...

    @ පුබුදුවා
    ආරංචියි ආරංචියි තෙමි තෙමි යන විත්තිය.

    ReplyDelete
  11. @ Jeew
    අප්පොච්චියෝ.... මෙන්න තවත් විලියම් කෙනෙක්....

    ReplyDelete
  12. @ Chanaka Aruna Munasinghe
    හිහ්... හතර වෙනි සිල් පදේ... මුසාවාද නේද... මකරෝ මකරෝ.... ගිනි මකර පරිස්සමින් හිටු ....

    ReplyDelete
  13. @ priyantha.ඒබී
    බයික් වල යන අයට කොහෙද අනේ කුඩ.... කොහේ හරි හෙවකට වෙනව. නැත්තම් තෙමි තෙමි යනව... ඒත් ඔයාටත් කවදහරි කුඩයක් ඕනි වෙයි...

    ReplyDelete
  14. @ අභීත
    කට කට... මම ගමේ ඉන්න කටකාර හැඩකාරි නෙමෙයි ...වැඩිහිටි නිසා ඉවසනව ... නැත්තම්...

    ReplyDelete
  15. @ Hasitha ජයසූරිය
    ආහ් හසී පැටියෝ... ස්කෝලෙ එහෙම යනව ඇති නේද දැන්. ඒකනේ වැඩිය පේන්න එහෙම නැත්තේ.ස්කෝල වැඩ කොහොමද දරුවෝ...

    ReplyDelete
  16. කෝ හතර වෙනි සිල් පදේ වේරමණී කෑල්ල. ඒක හිතා මතාම අමතක කළා නේද ?

    ReplyDelete
  17. අහවල් දේකටද කුඩේ ගෙනිච්චෙ? රේන් කෝට් එකක් තිබුණෙ නැතෙයි???

    ReplyDelete
  18. අහ් මට නම් කිසිම අවුලක් නෑ....

    මොකද මම කුඩ පාවිච්චි කොරන්නේ නෑ නේ.....

    හේහේහේහේහේ පට්ට කතාව ආ.....හැබැටම ඔය කරොලිනා කෙලී කොහොද ඉන්නේ...මාතර පැත්තේ නමක් වගේ.....හක හක හක විත් බක බක බක

    ReplyDelete
  19. akki plz remove dz comment...I jst put dz to gt comment subscription....sry for da dstrbnce.....
    plz remve dz.....

    ReplyDelete
  20. Okema Thawa kathawak thiyenawa....Ohoma kude amathaka wechcha porak gihilla ayeth hotel room ekata giyalu....ethakota ethulen ehenawalu mehema.....
    "Kageda me Rath Lavan"
    "Oyage..."
    "Kageda Me Rana Haun"
    "Oyage..."
    Oya widiyata godak ewa kageda kiyala ahanawalu.Hema ekama oyagelu....
    Minihata mala penala kiwwalu"Owa kage wunath kamak nehe...Oya ayine thiyena kude nam mage""""kiyala.....

    ReplyDelete
  21. මටත් ඔක ලෙඩක් වගේ වෙල තියෙන්නනේ මමත් කුඩ නෑතිකරන්න මාරම හපනෙක් ගෙදරින් බෑනුම් අහල තියනවා ....නෑවු ගනන්..හිකිzzzzz

    ReplyDelete
  22. මගේ අතිනුත් කුඩ නෑතිවෙනවා ..ගෙදරින් බෑනුම් අහනවා නෑව් ගනන් හෑබෑයි විලියම් වගේ සින් එක්ක් අනෙවෙයි..

    ReplyDelete
  23. හෆොයි, මට මතක් වෙච්ච කතාව බලාගෙන යනකොට දුකා බර කාලෙකට කලින් දාලනෙ.

    http://dukaa.blogspot.com/2010/03/blog-post.html

    මම නම් මේක ඇහුවෙ අර පොඩි මල්ලිගෙයි, චූටි මල්ලිගෙයි අළුත් ප්‍රෝග්‍රෑම් එකේදෙ. අර ටූ රොඩ්නීස් එකෙන්.

    සමහර විට උනුත් දුකාගෙන් කොප්පෙ පාරක් ගහන්න ඇති.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...