..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, September 2, 2010

෴ සිහිනය සහ යථාර්තය ෴


සිහිනය - Dream
  
හදවත දකින
නිති සුව විඳින
දුක සැප දෙකම සතුටම කරන
මා මුණ ගැසෙන , නුඹ මුණ ගැසෙන
ආදර ලොවමසොඳුරුව සරන

යථාර්තය - Reality 

පපුවට දැනෙන
 දුක උසුලුවන
දුක මිස සැපත නිති හමු නොවන
මා මෙහි රුදෙන නුඹ වෙන් කරන
රුදුරුව ලොවම අප හට සිටින

 “Don't be afraid of the space between your dreams and reality. If you can dream it, you can make it so.”   

යථාර්තයේ දීත් සිහිනයට පෙම් බඳින
මම
෴ වත් ෴ 

11 comments:

  1. යථාර්තය සහ හීන වලට පොදු එක දෙයක් ඇත.....ඒ දෙකම සත්‍ය වීම අනිවාර්ය නොවේ....

    ReplyDelete
  2. අප කවුරුත් සොයන අපට දැන්ම සොයා ගත නොහැකි එකම දේ නොවේද?
    මා වැඩියෙන්ම කැමති..
    මට තවම හමු නොවූ...
    මම සැමදා බලා සිටින..
    එකමදේ යථාර්තය නොවේද..

    ReplyDelete
  3. @ Shadow/හේමලයා
    යථාර්තය කියන්නේ සත්‍යය නෙමෙයිද ෂැඩෝ...

    ReplyDelete
  4. @priyantha.ඒබී
    යථාර්ථය සැම විට මිහිර නොවෙයි..
    නමුත් සිහිනයේ රැදෙනු නොහෙයි...

    ReplyDelete
  5. යතාර්ථය කියන්නෙ සත්‍යය නෙමෙයි වත්.

    මාත් පහුගිය දවස් ටිකේ හීනයක් දෑක දෑක හිටියා.

    ෂෑඩො හරි දෙකම සත්‍යය වීම අනිවර්ය නොවේ

    ReplyDelete
  6. එතකොට රියැලිටි ඩ්‍රීම්ස් ස්ටාර් කියන්නේ මොකටද හැබෑටම?


    මේ ඔය කියන විදිහට නපුරු හීන පේන්න විදිහක් නෑ නේ....
    සහිනයක් කොමද කෙනෙක්ට නිති සුව දෙන්නේ...?
    සිහින හන්දා ජීවිතය වැරදුන අය නැද්ද....වරද්ද ගත්ත අය...? ඒ වගේම විදවන අය....?

    යථාර්තයේදී සැප විදිනඅය ඇත්තේම නෑද්ද?(සැප පමණක්ම නෙවේ.නමුත් සැප වැඩිපුර.)

    කිව්වදේ එතකොට හරිද?

    ReplyDelete
  7. යථාර්තය කියන්නේ දැන් සිදු වෙන දේ.....ඒක සත්‍ය වීම අනිවාර්ය නෑ නෙව....අපිට ඒක හසුරුවන්න බැරි එක වෙනම දෙයක්......

    ReplyDelete
  8. යථාර්තය අපේ දෙයක්... සිහිනය අයිතිකරුවෙක් නැති දෙයක්...
    අපි යථාර්තයට අකැමතියි... ඒත් සිහිනයට කැමතියි....
    ‍යථාර්තය වටහා ගන්න අමාරුයි... සිහිනය වටහා ගන්න ලේසියි...

    අන්තිමේට කියන්න තියෙන්නෙ...

    යථාර්තය සැබෑවක්... සිහිනය පට්ටපල් බොරුවක්......

    ReplyDelete
  9. ආ.. යථාර්තය පට්ට කට්ටක්...
    සිහිනය පට්ට ආතල් එකක්...

    ReplyDelete
  10. මේ හින්දයි සෝමතිලක ජයමහ මහත්තයා මෙහෙම ගායනා කළේ...

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නේ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
    ජීවිතයේ සැමදාමත් සැප රැ‍ඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැ‍ඟෙයි කඳුල නැ‍ඟෙයි එයයි ජීවිතේ

    දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැ‍වුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැ‍ඟෙයි කඳුල නැ‍ඟෙයි එයයි ජීවිතේ

    http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/Somathilaka_Jayamaha/somathilaka_Jayamaha_adaraye_unusuma.html

    ReplyDelete
  11. අනෙ අක්කෙ මෙ දෙක ගැන නම් කතා කරන්න එපා.

    රන් හිරු මඩලින් සිසිලස අයදිනවා. කියන ගිතය තමයි මට මතක් වෙන්නෙ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...