..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 27, 2010

෴ සිත්තරාගේ පෙම්වතිය ෴

" කෝ බලන්න.... ම් ම් ම්..... ලස්සන කෙල්ලෙක් ... කවුද මේ ? අර හන්දියෙ කඩේ මුදලාලිගේ දුව නේද?"
" ඔයාට පිස්සු"
' ඇයි.. එහෙමනම් කියන්න කවුද මේ ඔයා හැමදාම අඳින කෙල්ල කියල"
" මේ ඔයා"
"මම ඔයාට පිස්සු ද? මේ මම.!!!!!!! .. මගේ නහය මෙච්චර දිග නැහැ, මේ කඩේ මුදලාලිගේ දුව තමයි... ඔයා හැම චිත්‍රයකම අඳින්නේ එයාව..මම තරහයි ඔයත් එක්ක...ඒ මදිවට තව බොරුත් කියනව,"
"නැහැ නැහැ මොකටද මම බොරු කියන්නේ මේ ඔයා තමයි"
" මට බොරු කියන්න එපා... "

දෑසේ කඳුළු පුරවා ගත් ඇය ම'ගෙන් මිදී ඈතට දිව ගියාය...මගේ සිත දුකින් පිරුණි.මා ඇයට මුසාබසක් පැවසුවේ නැත.මේ චිත්‍රයේ සිටින්නේ ඇයයි.ඇගේ මතකය සිත පුරවාගෙන මා ඇඳි සිතුවම හරියට ඇය වාගේමයැයි මට සිතේ... ඔවු ඇත්තටම ඒ ඇය තමයි.

---------------------------------------------------------------------------------------------------
ඇය නැති සැදෑව පුදුමාකාර මුසල පාලුවකින් පිරෙයි.... කන්දෙක ගොඩවන තෙක් මා ලඟ දැවටි දැවටී නිනව්වක් නැතිව දොඩවන... විටක කිසිවක්ම නෙදොඩා දෑස් අයා මා දෙස බලා සිටින ඇය මා ළඟ නොමැති විට මේ තරම් පාලුවක්........
.
හදිසියේම මා බැලීමට බෝඩින්කාමරයට ආ පියල් දුටු විගස මට යස අදහසක් පහල විය.... මා ඇඳි ඇගේ සිතුවම් කිහිපයක් ඔහුට පෙන්වූ මම
" උඹට හිතෙන්නේ මේ කවුරු කියලද?"
"ආහ්... ඕකත් අහන්න දෙයක් ද ... මේ ඉන්නේ අර සඳ කිඳුරු නාට්‍යයේ රගපෑව නිලිය නේද? හරි අගෙයි උඹ හරි ලස්සනට ඒ කෙල්ලව ඇදල"
"හ්ම් ...."
" ඉන් පසු අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙක් ගෙන්ම විමසුවත් මට ලැබුනේ පෙර පරිදි විවිධාකාර පිළිතුරුය... මගේ පෙම්වතියගේ නිවසැයන්ගෙන් විමසුවද ලැබුනේ විවිධාකාර පිළිතුරුය. ඒ අතර සිත් රිදුම් දෙන පිළිතුරුද ලැබුනි. අදාළ නොවන පිළිතුරුද ලැබුනි... 
""සිත්තම් වලින් කොහොමද ළමයෝ ජීවත් වෙන්නේ ...ඕව හොදයි ලිපට දර නැති වෙලාවක ගිනි මොළවන්න ගන්න"
ඒ ඇගේ පියාගේ පිළිතුරයි.

---------------------------------------------------------------------------------------------------
ඇගේ තරහව පැය කිහිපකින් නිම වෙයි. තරහව යනු කුමක්දැයි වත් නොහඳුනන්නියක වන ඇය නැවතත් මා කරා ඇඳෙන්නේ සඳ දමා හොරෙන් පැන ගිය සාවියක පරිද්දෙනි..................

එහෙත් ඇයට මා ඇඳි සිතුවම් පෙන්වුව හොත් නැවතත් ඇය මගෙන් වෙන් වන්නේ මා සිත දුකද ඈ සිත තරහවද රදවමින්ය... මාගේ සිතුවම් ඇයට නොපෙනන ඇස නොගැටෙන දුරක සැගවූවද ටික වේලාවකින් ඇයට ඒවා මතක් වෙයි.... ඉතින් ආයෙත් .... සිත්තම් නොපෙන්වූ විටද ඇය මා සමඟ උරන වෙයි...
" මම හිතුව හරි... ඒ චිත්‍ර වල ඉන්නේ මම නෙමෙයි. ඒකනේ මම එන වෙලාවට චිත්‍ර හංගල තියෙන්නේ" 
" මම දවසක ඒ චිත්‍ර ඔක්කම පුච්චල දානව"

දිනක් මා ඇඳි ගැහැණු අඩ නිරුවත් චිත්‍රයක් දුටු ඇය කම්පා වුයේ මුළු ලෝකයක් මැද ඇය නිරුවත් වූ තරම් දුකකින් සහ තැතිගත් සිතකිනි....
මා ඇය කෙදිනකවත් නිරුවතින් දැක නැතත් මාගේ සිහින වල දී දුටු ඇයගේ ලස්සන මෙසේ සිත්තම් කර ලඟ තබා ගැනීමට මගෙ සිත ආශා කලේය....

නමුත් එදින මා සමඟ උරනවු ඇයගේ තරහව දින තුනක් යන තෙක්ම පහවී නොතිබුනි. අවසානයේ ඇය ඉදිරිපිට දීම ඒ අඩ නිරුවත් සිතුවම් සියල්ලම ගිනි තබා විනාශ කරන බවත් නැවතත් එවැනි සිතුවම් සිත්තම් කරන්නේ නැති බවත් බැව් සපථ කිරීමෙන් පසු ඇය යන්තමින් මා හා සිනාසුනේය.
එහෙත් මගේ සිතේ ඇති ඇගේ සිතුවමට මා කෙසේ ගිනි තබ්ම්ද ? 


---------------------------------------------------------------------------------------------

 මෙසේ කාලය ගත විය.... මා ඇදි සිතුවම් සියල්ල එක්කාසු කර සිතුවම් ප්‍රදර්ශණයක් නොපවත්වන්නේ ඇයි ද යන පැණය විටින් විට ඇය මගෙන් අසන්නට විය.
සැබෑවින්ම ඉදහිට හෝ ඇගේ මොළයට බොහොම හොඳ අදහස් ද පහල වන බව සිතූ මම ඒ පිළිබඳ අවධානය යොමු කළෙමි.....

-----------------------------------------------------------------------------------

සිත්තම් ප්‍රදර්ශනය පැවැත්වූයේ ඉන් බොහෝ කලකට පසුවය. සිත්තම් ප්‍රදර්ශණයේ තිබූ සැම චිත්‍රයකටම පාහේ මා සිතුවාටත් වඩා ප්‍රතිචාර ලැබුනි. ඇතැම් සිතුවම් මිලට ගන්නට ඉදිරිපත් වූවන්ගේ මිල ගනන් මා සිතුවාටත් වඩා ඉහල වටිනාකමකින් යුතු විය... එහෙත් කොතෙක් අය ඉල්ලුම්කරද මා කිසිවිටක නොවිකිණිමට සිතා සිටි එකම එක සිත්තමක් ඒ අතර විය. ඒ ඇය සැමදා මා සමඟ රණ්ඩුවීමටත් අවසානයේ තරහ වීමටත් යොදා ගත්, කිසිම විටක ඒ ඇය යැයි පිළිනොගත් මා ඇඳි ඇගේ සිතුවමයි... 


ගැණුම්කරුවන්ගෙන් එය බේරා ගැනීම සඳහා මම එහි " විකිණි අවසන් " යන්න සඳහන් කළෙමි. එහෙත් ප්‍රදර්ශණය අවසානය තෙක් රැදී සිටි එක් මිනිසෙක්ගෙන් පැමිණි ඉල්ලීම මට ගැලවියා නොහැකි තරම් ප්‍රබල විය. කෙතරම් කිවත් කිසිවක් පිළිනොගත් ඔහු ඒ සිත්තම්  ‍කීයත් ගියක් නොගෙන මිසක මෙතනින් නොයන්නෙමියි දිවුරමින් පවසා සිටියේය.....

" මහත්තයා දැන් මම කී වතාවක් කීවද..ඒ පේන්ටින් එක දෙන්නේ නැහැ කීවොත් දෙන්නෙම නැහැ වෙන ඕන චිත්‍රයක් මම දෙන්නම්."
" මම මේක නොගෙන මෙතනින් එහාට අඩියක් තියෙන්නේ නැහැ"
"මහත්තයා මට කියන්න.මොකද මේ චිත්‍රයට මේ තරම් කැමැත්තක්"
" මේ චිත්‍රය මට ගෙනෙන හැඟීම ගැන විස්තර කරන්න මට චවන නැහැ. කොටින්ම මේ චිත්‍රය දැක්කම මට මතක් වෙන්නේ මගේ බිරිඳව"
අවඥාව රැදවනු සිහින් සිනාවක් මගේ මුවඟට නැඟුනේ කිසිදවසක මේ චිත්‍රයේ සිටින්නේ සැබෑ ලෙසින්ම ඇය යැයි කිසිකෙනෙකු කිසිදිනක හඳුනා නොගත් නිසයි. එකිනෙකාට එක් එක් විදිහට පෙනුන මෙම සිතුවමේ සැබැවින්ම සිටින්නේ ඇය ඇය යැයි ඇයවත් හදුනා ගත්තේ නැත.

" ඇයි හිනාවෙන්නේ"
"නැහැ නිකම්..මොකක් ද මහත්තයගේ බිරිඳගේ නම"
"රෙබෙකා ඇගේ නම රෙබෙකා"
" රෙබෙකා !"
" ඔවු රෙබෙකා. රෙබෙකා ............"
ඔහු ඇගේ ගම ,නම වාසගම ඇතුළුව කී සියළු තොරතුරු සියල්ල. මගේ රෙබෙකාගේම  විය. මගේ රෙබෙකා මට අහිමි වූයේ මා සිත්තරෙකු පමණක් වීම නිසාය...ඇගේ දෙමාපියන් අප දෙදෙනා විවාහවනවාට දැඩි සේ විරුද්ධ වු අවස්ථාවේ ඇය මා සමඟ පැන යාමට පැමිණි විට ඇය ආපසු හරවා යැවුවේද මම මය.


මගේ ‍ආදරණිය රෙබෙකා..... ඔබටත් හඳුනාගත නොහැකි නුඹව , මා මෙන්ම හඳුනාගත හැකි සැමියෙක් දැන් නුඹට ලැබී ඇත..... ඔහු මා මෙන්ම මේ සිත්තම තුල නුඹ දැකීම යනු එයම නොවේද? 

“I paint objects as I feel them, not as I see them.”
Pablo Picasso



සිත්තමේ රැදි තෙල් සායම් අතර සැගවී නොපෙනී ගිය
මම
෴ වත් ෴

26 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

ලස්සනයි අක්කියා........
අවසානේ දුක උනාට ඔහු හරි....... ඒ ඇයම තමා.......

Jeew said...

මට මාවම හඳුනා ගන්නට බැරිනම්...
මම කෙලෙස ඔහුව/ඇයව හඳුනන්නද..?
මගේ සිත මටම නොතේරෙයි නම්...
මම කෙලෙස ඔහුව/ඇයව තේරුම් ගන්නද..?
මම මගේම නොවෙයි නම්...
මම කෙලෙස ඔහුගේ/ඇයගේ වන්නද...?
ඉතින් මා හැර ගිය ඔහු/ඇය....
මාව කෙලෙස දැන ගන්නද...?

gani01 said...

Wow...nice.
කියලා වැඩක් නැහැ. gr8.

Hasitha said...

අන්තිමට ඉතින් දුක තමා. කොහොම වුණත් කතාව නම් නියමයි අක්කේ............

දුමී said...

විශිෂ්ඨයි ! ඒත් හදවතේ සිතුවම එහෙම විකුණපු එක වැරදියි !

සම්පත් / jt said...

හ්ම්....නියමයි...
මේක ඔයාගෙම නිර්මාණයක්??
උපුටාගැනීමක්?
ජයවේවා!!

RanDil said...

වත් සොයුරිය,

ඔබේ මේ ලියැවිල්ල ඉතාමත් අ‍ගනේය.

මේ ලියැවිල්ල ඔබගේම නිමැවුමක් සේ සිතමි.

එහෙත් මා මෙයින් අත්විඳින්නේ ලෝ ප්‍රකට සමහර කතුවරුන්ගේ කථාවන්ගේ සුවඳයි.

ඒ තරමට ම ඔබගේ ලියුම් අගනා වෙමින් පවතී.

තව තවත් අගනා ලියැවිලි සමගින් හමුවෙමු.

Ravi said...

when you paint your feelings,
Put colour to your emotions,
The canvas up on which they are portraited,
Becomes a mirror,
Reflecting your own innermost beliefs,
Nothing more, nothing less

So are the beholders,
What they would see,
Is what they their emotions command,
Nothing more, nothing less

wath said...

බොහොම ස්තූතියි. මට හරිම සතුටුයි. ඇත්තම කියනව නම් මම මේ කතාව ලියල ගොඩක් කල්..ඒත් මේ කතාව හරි නැහැ කියල මටම හිතුන නිසයි පබ්ලිෂ් නොකරේ...

උපුටා ගැනීමක් වත් පරිවර්තනයක් වත් නෙමෙයි. මගේම සිතුවිලි....

මේ දවස් වල ලියන්න වෙලාවක් නැති නිසා ඩ්‍රාප්ට් එකේ සේව් කරල තිබ්බ මේ කතාව පබ්ලිෂ් කරන්න මට හිතුන....

මම තව කතාවක් ලියල තියෙනව හැබැයි බාගෙට..ඒත ලියන්නත් දැන් හිතට දිරියක් ලැබුන....

වෙන වෙනම උත්තර දෙන්න මම ආයෙත් නිදහස් වෙලාවක එන්නම්...

මේ මම ලීව කතාවක් කියල කියන්නත් මගේ හිතේ සතුට ප්‍රකාශ කරන්නත් තමයි මම මේ කමෙන්ටුව ලීවේ...

ස්තූතියි...

nish said...

කාලෙකින් කියවන්න ලෑබුනේ පොස්ට් ඔක්කොම කියෙව්වා. අති විශිස්ට්යි.

මගෙන් අහපු දෙයක්ම ඔයගෙනුත් මම අහනවා.

ඈයි ඔච්චර අසුබවාදි?

෴ හසියා ෴ said...

අති විශිෂ්ඨ විත් අනර්ඝ‍‍‍‍....

෴ හසියා ෴ said...

@ nish...

අක්කා ඇහුවේ කියලවත් අහගන්න බැරි පුශ්නයක්....ලග හිටයනම් ඔළුවට ටොකු 100ක් විතර දෙන්න තිබුනා.මොකද කටට දාන්න රන් මසුරන් මගේ ළග නෑ නොවැ..ඒ හන්ද ටොකු හොදයි...

Hasitha ජයසූරිය said...

සුපිරියි

සම්පත් / jt said...

ඇත්තට ම මම හිතුවේ පරිවර්ථනයක් කියලා...නියමයි...
ජයවේවා!!!

wath said...

@හා පැටික්කි (MS)
තැන්කිවු තැන්කිවු හා පැටික්කියේ....

@Jeew
"ඔබද මාද විය..මාද ඔබම විය" කීවට කවුරු කාව හරියට හදුනගන්නද ජීවි....

gani01
Kiyala wedak nehe. Thank You

Hasitha
ස්තූතියි හසිත මල්ලි

wath said...

දුමී
ස්තූතියි අයියා... අගේ කිරීමට තුනි...

සම්පත් / jt
RanDil
මට හිතුන විදිහට ලීව. මමත් ගොඩක් කියවන පොත් වල ආභාශය මට ලැබිල ඇති...ස්තූතියි

wath said...

Ravi
"So are the beholders,
What they would see,
Is what they their emotions command,
Nothing more, nothing less"
කොහෙන් එන අදහස්ද මන්ද... ඔයාගේ කොමෙන්ටු කියවන්න බ්ලොග් එකක් බලනවට වඩා කැමති...
කොමෙන්ටු ලිවීමත් එක්තරා කලාවක් කියල දැන් මටත් හිතෙනව....
෴ස්තූතියි රවී ෴

පුබුදුවා said...

අක්කේ ඇත්තමයි කියන්නේ මේක නම් මාරම ලස්සණයි,සුපිරි නිර්මාණයක්.අක්කේ අනිවාර්යෙන්ම දිගටම ලියන්න.ඇත්තටම ලස්සණයි.එක හුස්මට කියවන්න පුලුවන්.
අක්කා අර මට එදා කිව්ව කතාවත් අනිවාර්යෙන්ම ලියන්න

wath said...

nish
හෝව් හෝව්... මම කීව දේවල් මටම කියන්න ඔට්ටු නැහැ ඕං... (ෂ් ෂ්..)

෴ හසියා ෴
ස්තූතියි හසියා...ටොකු ද ටොපිද?

Hasitha ජයසූරිය
ස්තූතියි මල්ලි..........

wath said...

පුබුදුවා
ඒකේ ටිකයි ලියල තියෙන්නේ.. බලමු..ඒක නම් කොටස් ගොඩක් තියේවි.... සමහර විට 10ක් දොලහක් විතර..
ස්තූතියි මල්ලියා.........

nish said...

හපොයි මෙන්න මේ හසියා මාව අක්කෙක් කරල.

අනෙ අම්මප මේ වත් හරිම ආඳෙක් නොවෑ ලිස්සල ගිය අපූරුව හහ්.....
:)

Ravi said...

මගේ ස්තුතිය ඔබට වත්,

කමෙන්ටු පිළිබඳ නියමයන් තුනක් තියෙනවනෙ,

(1) Every comment is as good as the post itself, no more and neither less,

(2) Credit due to a good comment invariably goes to the relevant post,

(3) There is no third law ; all comments are subject only to above two laws absolutely,

ඉතිං වත්, ඉහත නියමයන් අනුව ඉතාම පැහැදිලිවම, ඔබේ පැසසුම හිමි විය යුත්තේ ඔබටමයි,

෴ හසියා ෴ said...

@ nish
මොකක් අක්කෙක් නෙවේද? අහ් කමක් නෑ අපි එක පවුලේ දරුවො නොවැ...අක්කා මොකද නංගි මොකද...
ඔව් ඔව් වත් අකිකි ගල් ආ‍‍දෙක්මයි.....අහ් ආ‍දෙක් නෙවේ ආදියක්....

wath said...

nish
හැබෑටම ඔයා අයිය/මල්ලි කෙනෙක් නේද? නැහැ අනේ මම ලිස්සන ආඳෙක් නෙමෙයි ...

Ravi
මම දුන්න ස්තූතිය මටම හරවල...ඒකතමයි මම කීවේ මෙහෙම කෙමෙන්ට් ලියන එකම කලාවක් කියල.

යන්තර බණ්ඩා said...

අඩන්න තරමට නූනත් දුකයි..

සොඳුරු සිත said...

@යන්තර බණ්ඩා
ස්තූතියි...යන්තර බණ්ඩා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...