..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, September 26, 2010

෴ මා මිය ගිය දිනක මා බලනට පැමිණේවා ෴


සුළඟක් වගේ මල් වනයට හමාපු
රළක් වගේ වෙරළට ගොඩ ගසාපු
වැස්සක් වගේ මහ කතරට වනාපු
නුඹ ආවේ ඇයිද සිතකට හඬාපු

ආවොත් යන්න වෙන බව නුඹ නොදන නොවේ
නාවොත් රැදෙනු බැරි බව මම කියමි කෙසේ
 කවුරුත් එකයි කිසි වෙනසක් නැතිය ලයේ
ජීවිතයම කතරක පිපි මලක් වගේ

 සෙනෙහස සුවඳ හමනා විට හමුවේවා
තරුවක කතාවක ප්‍රේමය ලිය වේවා
සිටිනා තැනක දුක් සෝකය දුරු වේවා
මා මිය ගිය දිනක මා බලනට පැමිණේවා

~Don't say you know me, when I don't even know myself.~

“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.”
 ( මළවුනගේ අවුරුදු දා - සරච්චන්ද්ර, එදිරිවීර.)
  
 ~ I think I'm afraid of being happy because everytime I'm happy, something bad always happens.

~ Behind my smile is a hurting heart.  Behind my laugh, I'm falling apart.  Look closely at me and you will see, the girl I am...isn't me.

සිනහව පිටු පස සැඟවුන
මම
෴ වත් ෴

12 comments:

  1. වරදවා වටහා නොගන්න ...නිර්මාණයක් පමණි....

    ReplyDelete
  2. හොඳ වෙලාවට මම හිතුවෙ මේ මොකද කියලා.... මේ වගේ හැපි කවියකුත් ලියන්නකෝ වත් අක්කා. මම වැඩිපුර නැමති හැපි කවි වලට......

    ReplyDelete
  3. අපෙනම් ලයිෆ් රොක්ස්.... :P
    තමුන්ව අහුවෙනකන් තමයි ඉන්නේ.... :\

    ReplyDelete
  4. මා මළ පසු සොහොන් කොතේ
    නරි පැටියෙක් බඳිනු මැනවි
    එතකොට උගෙ හූ රාවය
    යාන්තමින් මට ඇසේවි

    (සරසවි කැටපත් පවුරේ තිබ්බ කුරුටු ගීයකි)

    ReplyDelete
  5. අප්පේ අක්කෙ මන් නව කතාවක් ඉවර කරල මේ පැත්තෙ ආවෙ... ඒකට ගැලපෙන්න මේකත් තියෙනව
    නියමයි... නියමයි.. අක්කේ මේවගේ ඒව ලියන්නකො අනේ

    ReplyDelete
  6. හොද වෙලාවට නිර්මානයක් කියලා දැම්මේ.කොහොම වුනත් හැමදාම වගේ ලස්සණම ලස්සණ නැවුම් නිර්මාණයක්

    ~Don't say you know me, when I don't even know myself.~

    මේක නම් ඇත්ත තමයි!!!!!!!

    ReplyDelete
  7. ජීවිත උයනෙ මල් සිද බිද දමාපූ....
    ප්‍රේමය නමින් කැලලක් සිතෙ හදාපූ....
    දුක හා කදුල කවදත් මට ගෙනාපූ....
    නුඹ රජ වියන් මගෙ ලය නොම තෙමේලූ.....

    ReplyDelete
  8. අයියෝ සිතුවිල්ලක් විතරද? ?? මම කෙල පෙර පෙර හිටියේ සොහොනට ඒම කෙසේ වෙතත්, ගෙදර ඇඩ්‍රස් එක ඉල්ල ගත්තනං දානේ ගෙදරට එන්න තිබ්බා කියලා.. ඔය දානේ ගෙවල් අපි වරද්දන්නේ නෑ...

    ReplyDelete
  9. විබහගේ ගොඩින් කරගන්නකො ..ඉටපසෙ අපි කතාකරමු...වෙනදා වාගෙම .. ජය හා සතුට..

    ReplyDelete
  10. සොඳුරු සිත ඇති වත් නගෝ . . . මොකෑ මේ ? මමත් නිකන් හොල්මන්ද පොල්කොල වගේ වෙලා ගියා මේ මොකද උනේ කියලා . . . හා හා . . . නිර්මාණයක් විතරක්නම් ඉතින් කමක් නැහැ . . . . . හැබැයි මල් හතයි ඈහ් !

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සුළඟ මඳ වුණොත් මල් පෙති නටාවී
    නමුත් රළු වුණොත් මල් බිම දමාවී
    රළක් සුමුදු ලෙස දෙපතුල් තෙමාවී
    එහෙත් දරුණු රළ හැම දෙය නසාවී

    වැසි නොවැටුණත් කතරට හැමදා එකසේ
    පලය කිමද ඉඳ හිට වහිනා වැස්සේ
    නුඹ ආවත් සිත දවනා ගිනි අස්සේ
    නොහැකි විය කඳුළු පිසලන්නට සිත් සේ

    යන එන සියළු දෙන නැවතුම් ගන්නෙ නැත
    නන්නාඳුනන අය හට නැවතුම් නොමැත
    අඳුනන අයත් දිගු කල් ලඟ රැ‍‍ඳෙන් නැත
    කතරක පිපුණු මලකට පැවතුම් නොමැත

    මඟ හැර ගියේ ප්‍රේමය මඳ වූ හදිනේ
    වැගිරූ කඳුළු ගංඟා නොදුටුව ලෙසිනේ
    අමතක කර රුදුරු මතකය ඔබෙ සිතිනේ
    මල ගෙට තබා සොහොනටවත් නොඑනු මැනේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...