..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, September 23, 2010

෴ ඈතින් ඉඳගෙන ළඟා නොවෙනු මැන ෴


 මල් පිපුණේ නැත ඔබ හමුවෙන තුරු
 දොරකඩ කට රොලු මල් ගාලේ
මා දුටුවේ නැත ඔබ හිනැහෙන තුරු
මගෙම සිනා මගෙ සිත ඇතුලේ


විශාල මේ ලොව මා තනි වී
හිඳින සඳ
හදිසියේම නුඹ මා දෑසේ පහළ වුණා
බලන්න පුදුමයි හිටි හැටියෙම ලොව
ලස්සන වී අමුතු වුණා
තරු පිරි වැරුණා
කඳු හෙල් අතරේ මීදුම වැටෙන්න මට පෙනි පෙනි නොපෙනී
ඈතින් ඉඳගෙන ළඟා නොවෙනු මැන
ළඟා වුනොත් ඒ සියල්ල මොහොතින් මැකිලා යයි
මහ ගංගාවක් වී

෴ මහගම සේකර ෴

" ජීවිතය බොහෝ මිතුරු කම්වලින් පොහොසත් වෙයි.ආදරය කිරීමත් ලැබීමත් මිනිස් පැවැත්මේ විශිෂ්ටතම සන්තුෂ්ටිය වෙයි.ඔබ ගරු නොකරන , උසස් ලෙස අගය නොකරන මිනිසුන්ගේ ඇසුරෙන් ඉවත් වීමට හැම විටම උත්සාහ කරන්න.මේ අය සමඟ සබඳතා ඇති කර ගැනීම ඔබට ගැටලුවක් වනු නිසැකය.කාලය, ශ්‍රමය ,ක්‍රියාව , උනන්දුව සහ ආදරය සමඟ සබඳතාව වර්ධනය කර ගන්න.සැබෑ සබඳතාවේ නියම පදනම එමඟින් වැටහෙනු ඇත."

෴ සිඩ්නි ස්මිත් ෴



 ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට 
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්

෴ එදිරිවීර සරත්චන්ද්‍ර ෴

අද මම ලීවේ මේ දවස් වල මම කියවපු පොත් කිහිපයක තිබුන මගේ හිත් ගත් වදන් වැකි කිහිපයක්..... 

“Regret for the things we did can be tempered by time; it is regret for the things we did not do that is inconsolable.”

 ජීවිතේම මල් යායක් කර ගන්න බැරි වුනත්. ජීවිතේම මල් යායක පිපුන මලක් වෙන්න හිතන
මම
෴ වත් ෴

16 ප්‍රතිචාර:

රවා said...

සිත තමයි මුලිකම දෙ සොඳුරු සිත, කාලෙකට කලින් අඳුන ගත්ත අපුරු තැනැත්ති. මාතර ගජමන් නොනා ඉතින් කොහොමද ගමන අපුරු සුන්දරත්වයක් තිබෙනවා හැමදෙකම, එක දකින්න ඇස් දෙක පුරුදු කරගත්තට පස්සෙ අපිට වැටහෙවි නෙද, ජිවිතයම මල් යායක් බවත් අපි එහි අත්වැල් අල්ලන් එකම දිශාවකට යන මගීන් කිප දෙනෙක් බවත්, කාලෙකට කලින් මම කෙලින්ම එන්නෙ මෙතනට, අක්කා මොකද කරලා තියන්නෙ කියලා බලන්න. අදත් මට පරණ පුරුද්ද මතක් වුණා. සමනලයා හින්දා ඇති වුණ අපුරු බැදිමක් නෙද.. දැන් ගොඩාක් පොත් පත් කියවනවා වගෙ..

Anonymous said...

"The best and most beautiful things in the world can't be seen, nor touched...but are felt in the......

Chanaka Aruna Munasinghe said...

සිඩ්නි ස්මිත් කියපු දේ මම අද උදේ පටං ගත්තා
( මේක කියවන්න කලින් )

පුබුදුවා said...

කෙලෙසුන් දුරු කරලා නැති නිසා සිතේ පහල වෙන හැගීම් වලට වහල් වෙලා අපි වැඩ කරන්න වෙන අවස්ථා එමටයි.

හිතේ හිනා මල් පිපෙන්නෙත්,කදුලු ගංගා ගලාවැටෙන්නෙත් අපි හැගීම් වලට වහල් වෙන නිසයි

පුබුදුවා said...

කෙලෙසුන් දුරු කරලා නැති නිසා සිතේ පහල වෙන හැගීම් වලට වහල් වෙලා අපි වැඩ කරන්න වෙන අවස්ථා එමටයි.

හිතේ හිනා මල් පිපෙන්නෙත්,කදුලු ගංගා ගලාවැටෙන්නෙත් අපි හැගීම් වලට වහල් වෙන නිසයි

wath said...

@රවා
සමණළයෙක් හින්ද මට මුණගැහුන වටිනා පුද්ගලයෙක්.... මගේ හිත බාගයක් විතර අදුරන පුංචි හිතක්... ඉදල හිටල හරි අන්තර් ජාල රස්තියාදුවේ යන ගමන් වත් අක්කගේ ගෙදරටත් ගොඩ වෙලා යන මල්ලි... ඉස්සර නම් අක්කගේ හිත අවුස්සල තරහ ගස්සල යනව... ඊට පස්සේ මල් එවනවා යාලු කර ගන්න...
මොනා කරත් මේ අක්කයි මල්ලියි නම් කවදාවත් තරහ වෙන්නේ නැහැ...ස්තූතියි මල්ලි ගොඩ වැදුනට...දැන් විභාග එහෙම එකලාසයක් වුනාද...

යාළුවන් කියන අය තමයි අපි ජීවිතේ වැටුනම ළඟින් ඉන්නේ... නුඹ වැනි යහළුවන් වාසනාවන්...

wath said...

@Chanaka Aruna Munasinghe
මකරෙක්ටත් එහෙනම් ඒ දේවල් අහන්න වුනා ආහ්...

wath said...

@පුබුදුවා
හැඟීම් වලටම වහල් වෙනව නම් මේ ජීවිතේට ආදරයක් වැඩක් නැහැ මල්ලි....
හැඟීම් සුළු මොහොතයි...ඒත් ආදරය..
ආදරය ඇති වෙන්නේ සැබෑම සිතකින් නම් , ඒ ආදරේ කවදාවත් මිය යන්නේ නැහැ. අපි මැරෙනකම් අපි ළඟම අපේ හදවතේ ළඟින්ම ඉන්නව...
ආදරය හැඟීම් එක්ක පටල ගත්ත මිනිස්සු සිතින් විදවනව.... මොනා වුනත් අන්තිමට අපිට ඉතිරි වෙන්නේ අපි දුන් ආදරයක් විතරයි...

wath said...

@ Anonymous
“The greatest treasures are those invisible to the eye but found by the heart.”

" But the problem is this... I do not like invisible things ..."

සත්‍ය ප්‍රබන්ධයට වඩා සුන්දරයි....

Hasitha ජයසූරිය said...

අක්කෙ මේක දැකපු ගමන් හිතුනදේට වඩා වැඩි දෙයක් තියන්ව කියල හිතුන..ඒත් අනේ මන්ද

සිතට වහල් වෙලා ඉන්න එක වෙලාවකට සැනසීමක් මටනම්

RanDil said...

ස්මිත් කියලා තියෙන දේ හරි කියලා මාත් හිතනවා. අසේවනාච බාලානං පණ්තානංච සේවනා කිව්වෙත් ඒක නේද සොයුරිය? ස්තුතියි මේ උපුටා දැක්වීම් වලට

RanDil said...

මට ගොඩාක් හිත රිදුනු දෙයක් ඊයේ වුනා. ඒක නිසා ස්මිත් කියන දේ හරි කියා මට හිතුනා. ඒත් ඔය කියන විදිහට කාවවත් ඈත් කරන්න අපිට පුළුවන්ද? නෑයෝ විශේෂයෙන් ලේ නෑයෝ ලෙයටම බැඳිලා‍ නේද? ඒකට මක් කරන්නද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පුජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං කිව්වාට කාලෙක පණ්ඩිතයෝ කාලෙකදි බාල වැඩ කරනවා කාලෙක බාල වැඩ කරපු අය කාලෙකදී පණ්ඩිත වැඩ කරනවා, ඉතිං මොකද කරන්නේ?
(මේ වදන් පෙල මාගේ ලේ නෑයන් සම්බන්ධයෙනි. මිතුරෝ තරහා නොවෙත්වා !!!)

ඉලංදාරියා said...

අක්කේ තාම පොස්ට් එකම් කියවවුවේ නෑ..මේ පොත දිලා යන්න අවේ..

ඔකද පොත කියල බලන්න..හේ..

http://books.google.lk/books?id=TqAOAAAAQAAJ&dq=Physical+Properties+of+Plant+and+Animal+Materials&printsec=frontcover&source=bn&hl=en&ei=UlmcTMbdB8KycLz-8b8J&sa=X&oi=book_result&ct=result&resnum=4&ved=0CCQQ6AEwAw#v=onepage&q&f=false

wath said...

@ ඉලංදාරියා
ස්තූතියි මල්ලි...මට ගොඩක් ඕන වෙලා තිබ්බ ඔන් ලයින් බුක් එකක්... ඒත් බලන්න කෝ... ප්‍රින්ට් ගන්න වත් ඩවුන්ලෝඩ් කරන්නවත් බැහැ...

ස්තූතියි ගොඩක්.....

Jeew said...

ඔබ ඇවිදින් මගෙ සිහින විජිතයට
මා අග රැජින කළා මතකයි
සිහින විජිතයෙන් ඔබ පිටවූ දින
ගැලූ කඳුළු තවමත් එහෙමයි

ඔබෙන් ලැබූ ඒ මිහිරි හැඟුම් වත
නිදි බර දෙනෙතින් තවම සොයම්
සිහින මාළිගා ගරා වැටුණ මුත්
ඔබේ ආදරේ සදා රකිම්

හැමදාම ඇවිත් කවි පේළි කියවලා ගියාට කොමෙන්ටු දාන්න තරම් හිතේ/ගතේ නිදහසක් තිබුණේ නැහැ බොහොමයක් රාජකාරි හින්දා. වසරක කවිකමට සුබ පතන්නට ලියපු කවි පද කිහිපයක් තවම සම්පූර්ණ කරගන්න විදිහක් නැතිව මගේ මේසේ උඩ. සම්පූර්ණ කරපු වෙලාවට එවන්නම්.....

චමිල said...

"ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්"

මේකට තමයි මම නන් වැඩිපුරම කැමති මෙතන තියන ඒවයින්... ආදරය ගැන මම කැමතිම විස්තරයක් තියනව කලීල් ජිබ්‍රාන් පඬිතුමාගේ The Prophet (මුනිවරයා - පරිවර්තනය : මණ්ඩාවල පඤ්ඤාවංස හිමි) පොතේ. අක්කා නන් කියවල ඇති.

මේ තියෙන්නෙ ඒකේ ආදරය ගැන තියන කොටසට ලින්ක් එක...
http://www.katsandogz.com/onlove.html

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...