..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 21, 2010

෴ නුඹ නැති සැදෑව ෴


හිරු බසින මේ සැදෑ යාමය
වෙරළ ආදරයෙන් පිරී
බලන සැම අත සෙනෙහෙ දිය රැළි
නැගි නැගී සුදු පෙණ කැටී

ප්‍රේමයට උත්ප්‍රේරකය දෙන
අමා රස විකුණන නිතී
කඩල, හිම කිරම සමඟ නිති
සරුංගල් පාවෙන සැටී

තැනෙක දරුවන් සදන මාලිග
රැළි වලින් වැනසෙන සැටී
එදෙස බලමින් දෙමාපිය නෙත්
ස්නේහයෙන් ලෙල දෙන සැටී

තැනෙක පෙම්වත් යුගල ආලෙන්
 වෙලී මුසපත් වෙන සැටී
අතීතය දිය කරන් රැළි තුල
 මෙමා මදහස දෙන සැටී

පුරුදු සුවඳක් සුළ‍ඟෙ පාවී
මතකයන් අවුලන සැටී
සුවඳ ඉව කර බලන දෙනුවන්
නුඹේ ළඟ නවතින සැටී

ඇයත් නුඹ සමඟින් ඇවිත් අද
බසින හිරු නරඹන සැටී
ළඟින් කවුදෝ හැඩ පොඩිත්තෙක්
නුඹේ මුහුණම ඇති සැටී

තවත් මහතෙක් සමඟ සුරතල්
"ලැසී" ගමනේ යන සැටී
සැදෑ යාමයේ " ලැසී" වත් නැති
මගේ නෙත් තෙත් වන සැටී


“What is life? It is the flash of a firefly in the night. It is the breath of a buffalo in the wintertime. It is the little shadow which runs across the grass and loses itself in the sunset.”



ඉර බහින දුක්බර සැදැව සතුටින් නරඹන
මම
෴ වත් ෴

14 ප්‍රතිචාර:

Chathu said...

හරිම ලස්සනයි.....:)))))

wath said...

Chathu
හෝව් හෝව් හොව්... චතු පොඩ්ඩක් ඉන්න... ඔයා ලියන්නේ නැද්ද...මම ඇහුවේ බ්ලොග් එකක් ලියන්නේ නැද්ද?... ඔයාගේ ප්‍රොපයිල් එකේ ඒ බව නැහැ ඒකයි ඇහුවේ..ස්තූතියි...

Indranatha Thenuwara said...

පුරුදු සුවඳක් සුළ‍ඟෙ පාවී
මතකයන් අවුලන සැටී
සුවඳ ඉව කර බලන දෙනුවන්
නුඹේ ළඟ නවතින සැටී

ඇයත් නුඹ සමඟින් ඇවිත් අද
බසින හිරු නරඹන සැටී
ළඟින් කවුදෝ හැඩ පොඩිත්තෙක්
නුඹේ මුහුණම ඇති සැටී

ඒ පද පේලි දෙක හොඳට ම දැනුනා නංගී...!!

wath said...

@ Indranatha Thenuwara
ස්තූතියි අයියා... නාට නැතත් මට නම් අයියගේ අගේ කිරීම් වගේම වැරදි පෙන්වා දීමත් ගොඩන් වටිනව....

Pasan said...

ඉර බහින විට
තවත් දිනයක අවසානයට
නුඹ නැතිව සිත
හඩයි තවමත් පෙර නොවූ ලෙස

යදියි ප්‍රේමය නුඹෙ සිත ලග
දනිමි මා හැර නුඹ ගිහින් දුර වග
නොලද ප්‍රේමය නුඹෙ සිත ලග
කුමක් ලබමිද තවත් දුක් විද

පුබුදුවා said...

අක්කේ මුහුදු වෙරලේ රස විදින්න කවුරු හටි ඕනමද?හුදකලාව රසවිදින්නත් අපූරු තැනක් නේද මුහුදු වෙරල.ඒත් කවුරු හරි ඉන්නවනම් හුදකලාව මොකටද නේද?ඉක්මනටම වාසනාවන් අක්කට

ඉලංදාරියා said...

මටත් මතකයි දිනක් ගෙවුනා
මාත් තනියම මුහුදු වෙලරේ
මටත් මැවුනා බොදවුනු සිතුවම්
බසින හිරුගේ කිරන ඇතුලේ...

හදවතින් ගැයු ශෝක කවියත්
දියකරා මම මුහුදු වෙරලේ
මතකයන් මම ගලවලා
විසිකරා ඇදෙන සයුරේ

කිසිම දවසක එක් වෙන බැරි
එකට ඇදෙනා රෙල් පාරේ
කඩල ගොටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ

සම්පත් / jt said...

හ්ම්...ලස්සන පද පෙළක්...
"අතීතය සිහිනයක් පමණයි..
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ...."
ජයවේවා!!!

පබලු said...

ඉර බහින හැන්දැව
මතක අරගෙන ඇවිත්
හිත අගින් නැවතිලා
දුක සතුට නොදැනුන හැටි

ලස්සනයි වත්..

Ravi said...

වෙරළෙහි තනි වූ ඇයට ඔහු කියූ කව:

පුරාසඳ දකින්නෙමි, කවුලුවෙන් ගලාඑන,
එහෙත්, සඳ මට අහිමි බව දනිමි,

මද නළෙහි වෙලෙන්නෙමි, සරතැස ද නිවාලන,
නමුදු, මද නළ කිසිදා මට හිමි නොවන බව දනිමි,

සියොත් ගී අසන්නෙමි,සමවැදුනු විලාසෙන,
එසේවුව,සියොතුනට හිමිකම් පෑ නොහී බව දනිමි,

නුඹෙ සෙනෙහෙ විඳින්නෙමි,සෝ තැවුල් නිවාලන,
නුඹ ද මට,පුරා සඳ සේම,මද නළ සේම,
සියොත් කැළ සේම අහිමි බවද දැන සිටිමි,

wath said...

@Pasan
හැඩුම යුතු නොව ජීවිතේ
ආදරය සුළඟක් වගේ...

ස්තූතියි පසන් ...

පුබුදුවා
මට තනි නැහැ ඔහු මා සිත සිටින තුරු...
ස්තූතියි පුබුදු මල්ලි.

ඉලංදාරියා
මම හිතපු දේම ඉලන්දාරිය කරල... මම කියන්න හිටියේ මේ කවිය ඔයාගේ බ්ලොග් එකේ ලියන්න කියල...හැබෑම ලස්සනයි...

සම්පත් / j
සම්පත්...
වියෝව දුකක් නෙමෙයි.. පුංචි සතුටක් කියල මට හිතෙනව...."සැබෑ සුවඳක් නැහැ" කිවට අතීතය හැමදාම සුවඳයි...
ස්තූතියි සම්පත්

පබලු
බසින හිරු තව දිනක
පායන බව හිතල හිත හදා ගන්නව.
ස්තූතියි පබලු

Ravi
රවී....
වෙනද වගේම ලස්සන කොමෙන්ටුවක්...
අහිමි දේ හැමදාම සුන්දරයි...
මිනිස්සු වන අපි තියෙන දේට වඩා නැති දේටම ආසා කරන අය නේ...
ස්තූතියි අගනා කමෙන්ටුවට...

Chathu said...

අනේ නැහැනෙ අක්කියො.....මම ලියන්න ටිකක් කම්මැලියෙක්නෙ....කියවන්න නම් කැමති ගොඩක්.....හැබැයි මේ දවස් වල ඉල්ලීම් ගොඩයි බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කියලා.......හිතල බලමින් ඉන්නේ මේ දවස් වල....:))))

චමිල said...

මුහුදු වෙරලට වෙලා ඔය සිද්දිය දිහා බලන් ඉන්න මම ෴ චමිල ෴

Anonymous said...

Wathsala nangi oyage nisades welata mama godak kemathi oya lassana kewediyak. mama kiyawanwa oyage lassan nisades.Wish you all the best. Mali

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...