..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, September 20, 2010

෴ ෆැන්ටසිය නිමයි ෴


" උඹ අදත් අඩනව... උඹේ ඔය ඈඩියාව කවදද ඇත්තට ඉවර වෙන්නේ.....උඹ සතුටින් හිටියෙ ස්කෝලෙ යන කාලෙයි විශ්ව විද්‍යාල ජීවිතයෙයි විතරයි කියලයි මම හිතන්නේ... හොදින් හිටිය උඹට ඊට පස්සේ මොකද වුනේ.... මම දන්නව ඊට පස්සෙ උඹට අත්තටු ආවා...උඹට ඕන වුනේ අර තෙරක් නොපෙනෙන අපට අයිති නැති ආකාසෙ පියාඹන්න... මම උඹට කීව..ඕව අපිට බැහැ කියල...උඹ ඇහුවෙ නැහැ... උඹෙ කේන්දරෙත් තියෙනව උඹ කරන්නේ උඹට ඕන දේ විතරයි කියල..ඒත් ඒ කේන්දරේම තිබ්බ උඹ කවදාවත් කාටවත් ලේසියෙන් රවටන්න බැහැ කියල.....ඒත් උඹ....ජීවිතේ දෙපාරක්ම රැවටුනා....."

ඒ රැවටීම දරාගන්න බැරිව උඹ අහසින් බිමට වැටුන දා ඉදල අද වෙනකම් උඹ අඬනව....දැන් උඹට ඕන වුනත් පියාඹන්න බැහැ... උඹට මතක නැහැ උඹට පියාඹන්න පුලුවන් කියල.අඩුගානේ උඹ දන්නෙ නැහැ ඉස්සර උඹ පියෑඹූව කියල... උඹේ පිහාටු උඹේම කඳුළු වලට  පෙඟිල..... අර කවුද කියල තිබ්බ වගේ " ගහින් වැටුන දිරච්ච කොළයක් වගේ ආදරයක් ගැන හිතල උඹ දුක් වෙනව.හරියට උඹ විතරක් මේ ලෝකේ ආදරේ කරා වගේ...උඹට ලියන්න පුලුවන් දුක විතරයි.... උඹ වටේ ඉන්න ලස්සන මිනිස්සුන්ට රැවටුනේ නැති උඹ කාටවත් රවටන්න ලේසියෙන් බැරි වුන උඹ ...අන්තිමට රැවටුනා......මට උඹ ගැන හරි දුකයි... උඹට ආදරේ කරන මේ තරම් පිරිසක් ඉද්දිත් උඹ තනිවෙලා අඬනව......


දැන් නවත්තන්න ඔය ඇඬිල්ල.. හොඳ හිතින් තවත්තපන්... නැත්තම් මම උඹව හොයා ගන්න බැරි තැනක හංගනවා... විසිකරපන් ඔය තටු..පියාඹන්න බැරි තටු වල බර මොකට උහුලනව ද?...උඹේ හිත සොඳුරුයි වගේම ඒ හිත හයියයි කියල මම දන්නව... ඉතින් වරෙන් අපිත් එක්ක පයින් යන්න...මේ ලෝකේ උඹ හිතනවට වඩා ගොඩක් ලොකුයි... පියාඹලා ගිහින් බලන්න බැරිවුන ලෝකේ ඇවිදල ගිහින් බලපන්.. උඹට පෙනේවි...මේ ලෝකේ උඹට වඩා දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කියල..... 

ඉතින් මගේ දයාබර සොඳුරු සිත සමුදීපන් ෆැන්ටසියට.... ඇවිදන් යන්න යථාර්ථයේ ඇද වෙච්ච පාර දිගේ... ලෝකේ උඩින් පේනවට වඩා කොච්චර වෙනස් ද කියල උඹට එතකොට තේරේවි.... උඹ එදාට කියාවි " ෆැන්ටසියට වඩා යථාර්තය කොයි තරම් සුන්දරද" කියල.


" Fantasy was the only canvas large enough for me to paint on.

ෆැන්ටසියට සමුදුන්
මම
෴ වත්෴

19 comments:

  1. කටු කාලා හොද හැටි පදං උනහම ෆැන්ටසියට වඩා යථාර්තය හැබෑවටම සුන්දරයි තමා.

    ReplyDelete
  2. ඇති යාන්තං.. ඉඳලා ඉඳලා මොලේ කල්පනා කරලා වැඩක් කරනවා.....

    ReplyDelete
  3. අපෙන් අහගන්න හිටි ටික ලියලා තියෙනවා...දැන් එහෙනම් පණිඩිත ආච්චි වගේ ලීවනම් ඒක අනුගමනය කොලමු....
    මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවනේ....

    ReplyDelete
  4. "පියාඹලා ගිහින් බලන්න බැරිවුන ලෝකේ ඇවිදල ගිහින් බලපන්.. උඹට පෙනේවි...මේ ලෝකේ උඹට වඩා දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කියල..... "
    මේ ටික තේරුම්ගත්ත එක කොච්චර දෙයක්ද..ජීවිතේ සතුටින් විඳින්න කාලයක් ලඟදී ම උදාවේවි...
    ජයවේවා!!!

    ReplyDelete
  5. මේක තමයි අක්කේ ජිවිතේ...අපි ඉලන හෑම දේම් අදෙනවනම්..කොචර ලසන වෙවිද ජිවිතය...හරිම ලසන් අවෙවි...නෙද..?එත් එක එහෙම නෑ...මෙකයි ඈත්ත...අපි වෑටෙනවා...පුංචිකාලේ ඈවිදින්න් උත්සහ කරන දවසේ ඉදන්ම වෑටෙනෙවා...එත් අපි අපහු නෑහගිටිනවා...අපි වටුන තන්වල එහෙමම හිටියනම් අපි මෙහෙම හමු නොවෙන්නත් තිබුනා...එත් අපි වෑටුන තෑනින් නෑගිටලා ඈවිත්...හෑම දේම් අමතක කරන්න බෑහෑ තමයි...අපි කාලයට ඉඩදෙනවා වගේම ...උත්සහ කරමු...අපිට ඔනදේ ලබාගන්න....

    ReplyDelete
  6. කටු කන තරමටලු ජීවිතේ ලස්සණ,එකම විදිහට ජීවීතේ ගෙවලත් බැහැ නොවැ,යමු පයින්,අපිත් එනවා

    ReplyDelete
  7. සිතක ඇති දුක් වේදනා කවියේ නුඹේ ලියවිලා
    පද පෙලක් අතර ඇති අරුම කිම සැගවිලා
    ආදරය ආදරය ඉල්ලනේ කොදුරලා
    හද සුසුම යන්න යයි බොල් සුලගේ පාවෙලා...

    ReplyDelete
  8. මේ ඔබේම කතාවද?
    ඔබට හොඳ ගමනකට ශක්තිය ඇත.ඒ නිසා යථාර්තයේ ඇවිද යන්න. මොනව උනත් අපි යථාර්ථයට මුහුණ දෙන්නම ඕන.
    සුභ දවසක්!!!!

    ReplyDelete
  9. මේකත් තවත් එක බ්ලොග්පෝස්ට් එකක් විතරක් වෙයිද කියන එකයි මට සැක.. ඒත් එහෙම නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  10. fantasy Road eke payin(පයින්) yamu

    ReplyDelete
  11. මායාව,
    සහ,
    යථාර්ථය,

    Fantasy,
    And,
    Reality,

    ඇත්තටම පොඩ්ඩක් නැවතිලා හිතුවොත්,
    ඔය දෙක දෙකක්ද,
    නැත්නම්,
    එකම දේක ස්වරූප දෙකක් විතරක් නේද?

    එකම කාසියක දෙපැත්ත වගේ,

    එතකොට කාසිය උඩ දමනව වගේ දෙයක් නේද අපි ජීවිතේ හැමදාම කරන්නෙ?

    කාසිය අහසෙ කැරකෙද්දි,
    බිමට වැටිල රෝල් වෙලා යද්දි,
    කොයි පැත්ත පෙරලෙයිද කියල අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා,

    ඒත් අපිට වෙන්නෙ පෙරලුනු පැත්ත බාර ගන්න නේද?,

    අපේ ප්‍රාර්ථනාව මායාවක් වෙයිද?
    නැත්නම් යථාර්ථයක් වෙයිද?
    කියන එක අපිටම තීරණය කරන්ඩ බැරි,
    අර කාසිය පෙරලෙන පැත්ත තීරණය වෙන්ඩ,
    අපට කිසිසේත් බලපෑම් කල නොහැකි කාරණා මහ ගොඩක් බලපාන නිසා නේද?

    කාසිය පෙරලෙන්නෙ මොන පැත්තටද කියල තීරණය වෙන්ඩ,
    පරිබාහිර කාරණා ඇරුනම තවත් දේවල් හේතු වෙන්න පුලුවන් නේද?
    අපි ඔය දෛවය,
    වෙලාව,
    ලබා උපන් හැටි,
    පතාගෙන ආපු හැටි,
    බඹා කොටපු හැටි,
    ඔය නම් ඔක්කොගෙන්ම හඳුන්වන්නේ,
    මම හිතන්නෙ ඕකම තමයි,

    ඉතින් අපිට කරන්න තියෙන්නෙ,
    කාසිය පෙරලුනු පැත්ත උපේක්ෂාවෙන් බාරගන්න එකයි,
    මම දන්නවා, මෙව්වා කියන එක වාගෙ නෙවෙයි,
    කරන්ඩ ගියාම තමයි ප්‍රශ්නෙ,

    But,
    In life,
    More often than not,
    You have to do really difficult things,
    And,
    You have to do it yourself,
    Because,
    No one else can do it for you,

    ReplyDelete
  12. @ änthräX
    Jeew
    ෴ හසියා ෴
    සම්පත් / jt
    ඉලංදාරියා
    පුබුදුවා
    හසී රන්
    priyantha.ඒබී
    අභීත
    දිlee
    Ravi

    ස්තුතියි සියළු දෙනාටම............

    ReplyDelete
  13. @ änthräX
    යථාර්තයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න එක දුක ගොඩක් දුරට අඩු කරන ඇති කියල හිතෙනව...

    Jeew
    ජීව් .. මම ඔයාගේ බ්ලොග් එක බලනව.. මාර කතානේ ඔයා ලියන්නේ... කමෙන්ටු කරන්නේ නැහැ සමහර වෙලාවට මම.මොකද මොනව ලියන්නද කියල හිතාගන්න බැරි නිසා...කික්කිගේ කතාව ඇත්ත එකක්ද?

    ෴ හසියා ෴
    හා හා හා... බලමු බලමු... ආදර්ශමත් වෙන්න මටත් පුලුවන් වෙයි ද කියල....

    සම්පත් / jt
    ස්තූතියි සම්පත්...සතුටින් ඉන්න උත්සාහ කරන්නම් මම...

    ඉලංදාරියා
    පුංචි කා‍ලේ වැටුනට ඇගට මිසක් හිතට දුකක් දැනේනේ නැහැ... ඒත් දැන්..ඇඟට වඩා රිදෙන්නේ හිතට....

    ReplyDelete
  14. පුබුදුවා
    මට පේනවා මල්ලි... මගේ ඉස්සරහින් සහ පිටු පසින් ගොඩක් අය පයින් එනව..ඒත් ඉගිලෙන්නමයි හිත.....


    ස්තූතියි හසී රන්... මගෙන් ඔයාට වරදක් වුනා නම් සමාවෙන්න...

    priyantha.ඒබී
    මගේම කතාව... හ්ම්.. එහෙම හිතන එක හෝ නොහිතන එක නුඹට බාරයි... ස්තූතියි නුවර මහත්තයටත්....හා හා හා

    අභීත
    හෝව් හෝව් අයියේ.... බලමු ..අයිය වගේම මාත් දුකින් ගොඩ යනව යනව මයි...

    දිlee
    ෆැන්ටසි පාරේ පයින් යන්න... හ්ම්... බැහැ මල්ලි..මට දැන් ෆැන්ටසිය ඇති වෙලා....

    ReplyDelete
  15. Ravi
    වෙනද වගේම හරි ලස්සන කොමෙන්ටුවක්.. මෙච්චර ලස්සනට කොමෙන්ටු ලියන එකේ පටන් ගත්තොත් නරකද බ්ලොග් එකක්.... ස්තූතියි රවී...

    ReplyDelete
  16. ඇත්තටම සොදුරැ සිතක්ම තමයි ඒ සිතුවිලි දකිනකොට.......ඔයාට ජය සොදුරැ සිත ඇත්තියේ......

    ReplyDelete
  17. @අසි...
    ලස්සන චිත්‍ර තියෙනව ඔයාගේ බ්ලොග් එකේ..අසී ද අදින්නේ... හරි ලස්සනයි... මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි මල්ලි...

    චිත්‍රයත් එක්ක සිතුවිල්ලක් ලියන්න ඉඩ තියෙන වෙලාවක.. හැකියාවන් හංගගෙන ඉන්න එපා..

    ස්තූතියි.

    ReplyDelete
  18. ෆැන්ටසිය යථාර්ථයට වඩා සුන්දරයි හැම වෙලාවෙම... ඒත් අවුල ඒක කවදහරි බිඳිලා යන එක... අනික ඔය යථාර්ථය කියන්නෙ තවත් ෆැන්ටසියක් නම්....යථාර්ථයක් කියලා දෙයක් ඇත්තටම තියනවද කියන ප්‍රශ්නෙ මට නන් තියෙන්නෙ... මොනව උනත් ෆැන්ටසි බිඳුනට ඔයා බිඳ වැටෙන්න එපා අක්කේ...

    ReplyDelete
  19. නැහැ වත්... මේ කතා ඇත්ත එව්වා නෙමෙයි. බටගම සහ තවත් ගම් කහිපයකට හදපු කතා විතරයි. කතාව ලියන්ඩ හින්දා තමයි සීයගෙයි ජුවන්ගෙයි චරිත එකතු කරලා තියෙන්නේ.
    ස්තූතියි ඔයාට බ්ලොග් එක කියවනවට. මටත් සමහර වෙලාවට ලියන්ඩ දෙයක් ඔළුවට එන්නේ නැහැ. ඒ හින්දා ඔයාගේ සමහර පෝස්ට් වලට ‍කමෙන්ට් දාන්නේ නැහැ. ඒත් හැමදාම ඇවිත් ඔයාගේ බ්ලොග් එකේ අළුත් වගේම පරණ පෝස්ට් නැවත නැවත කියවනවා....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...