..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, September 19, 2010

෴ නිහඬ ගීතය ෴


දුක්බරම ගී ගයන නාදුනන කුරුල්ලා
දුටුවනම සිත බැඳුන කාරණා කුමක්දා

සොයා විමසා බලනු රිසියේන් සිතීලා
ළං වෙලා ඇසුවාම කඳුළක්ම නැඟීලා

මහාරුදු කෝඩයට කැඳැල්ලෙන් මිදීලා
බොහෝ දුරු රටක විය කලක් දැන් ගෙවීලා

යන්න පාරත් දුරයි ගියත් සිත මහ බරයි
ඉතින් දුක් ගී ගයමි මෙසේ තනි කුරුල්ලා

කඳුළ මගෙ සිතලයි මමත් තනි වී ඇතේ
මගේ හිත දුක් පදත් ගයනවද සිත් කොණේ

ඇගේ හද පද වැලත් කුරුල්ලගේ ගී වලත්
තාලයම ගැලපුනෙන් ඔවුන් විය යහළුවන්

මෙසේ කල් ගතවුනා ඔවුන් තව ළංවුනා
බොහෝ පිවිතුරු සිතින් ඔවුන් සිත් සැනසුනා

දිනක් සංදේශයක පණිවිඩය කැටිවුනා
කිරිල්ලිය මඟ බලන් ඇති බවක් කිය වුනා

යන්න හැකි මාවතත් ආදරේ බොහො බවත්
කඳුළු පිරි පන්හිදෙන් ලියවිලා දිලිසුනා

කුරුල්ලගේ සතුටු සිත දෙහිතකම තනිවුනා
කැඳැල්ලක උණුසුමත් සිතේ යලි මතු වුනා

කිරිල්ලිය මඟ බලන් ඇතේ නෙත දල්වමින්
යන්න දැන් නොවෙද කල් සමුගන්න සිත් වලින්

කුරුල්ලෝ නුඹ ඉතින් කිරිල්ලිගේ ළඟ රැදෙන්
මගේ සිත් මංසලෙන් සමුගන්න නොම රැදෙන්

නුඹේ දුක් ගී තාල මෙහි තබා ලා ඉතින්
යන්න නුඹෙ නිහඩ ගී මා ගයමි තනි සිතින්

හීන පායා දිලෙන සීතලම දිග රැයක
මා මතක්කර ගයන් නිහඬ ගීතය ඉතින්

“Silence is more musical than any song.”
 
නිහඬ ගී ගයන 
මම
෴ වත් ෴

7 comments:

  1. නිහඩව ඔබ ගී ගැයුවත්
    අසා ඉන්නට ඇත දහසක්‍‍......

    ReplyDelete
  2. නිහඩ සිතින් ඉවසලා ඉමුකො අක්කේ

    ReplyDelete
  3. Well, what can one say?

    සවන් බිහිරි කරවනා නිශ්ශබ්දතාවය !!!!!!!!!
    "Deafening silence "

    Not only,
    " A Smile can say thousand words "
    But,
    " A Deafening silence can say a heart breaking story "

    Waiting for the day,
    You will,
    Break your silence @ last,

    ReplyDelete
  4. නිහඬ පද ගයන්නට,
    එක්ව තටු සලන්නට,
    ගගන සැරි සරන්නට,
    හිමි කුරුළු එන තුරා
    හිඳින් නුඹ මග බලා.

    ReplyDelete
  5. මේක ඔයා ලියපු ලස්සනම කවියක්.....හරිම ලස්සනයි...!!!

    "Silence is more musical than any song"
    සම්පූර්ණ ඇත්ත..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...