..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, September 18, 2010

෴ වසරක කවිකම ෴

දිවිමඟ දිනක් සීතල කඳුළින් පිරුණා
දුක කියනට කෙනෙක් සරණක් නැති වූවා
ලියනට හිතේ දහසක් දේ ඇති වූවා
කඳුළින් අකුරු පද වී රිසිසේ ගැලුවා

ඇරඹුම එයයි මගේ මේ සිත බ්ලොග් පිටුව
දුක කඳුළමයි බිහි කෙරුවේ කවි කරුව
දිරිදුන් නොදුටු දුටු මිතුරන් මා කැටිව
අද ඔහු නැතත් කඳුළක් නැත නෙත කැටිව

නුවන් , රොයිලි සමඟින් වාසල සමඟ
 නොගියා නම් ගමන අද නැත මා මෙතන
වයසින් බාල මුත් මේ සැම මට වැඩිය
මගෙ හිස නමා ආචාරය ඒ සැමට

ඒස්බී යූ ව සාකුන්තල සහෝ වගේ
ලාංකීය වාගෙම වැප් සහෝ වගේ
නම් නොකියුවත් සැමදෙන මගේ සහෝ වගේ
මගේ පිටු පසින් සිට මට දුන් දිරිය අගේ


මා පිටුපසින් එන මට දිරි දෙන සියළු දෙන (193 - මගේ අත හිත)
එතන නැතත් කමෙන්ට් කරන සියළු දන
ඒ සැම නැතත් ගොඩ වී යන නොයෙක් දන
නුඹ සැම මගේ සිත කියවන අපූරුව

නම් කීවොතින් ඇතැමෙක් ම‍ඟ ඇරෙන නිසා
නම් කීවේ නැතේ මා හා තරහ එපා
සුබ පැතු සැමට මා දෙන්නේ කුමන කතා
හදපිරි තුතිය මේ සමඟයි සැමට බෙදා

සිතක සොඳුරු ගුණ වැඩිකර දුන් නුඹලා
 නෙතක පිරුණ කඳුළැළි පිස හැරි නුඹලා
තනිය මකන්නට අත්වැල දුන් නුඹලා
 නිබඳ සිටින් මා අත්නොහරිනු ඉඳුරා

වසරක් පුරාවට මා හා රැදෙමින් ගූණ දොස් පවසමින් නිති දිරිය දුන් නුඹලා සියළු දෙනාට මගේ හදපිරි ස්තූතියි......

මොනා වා ..කේක් ඕනි... ඔන්න ඉතින් සිංහල රටේ වුනාට ඉල්ලන්නෙම කේක් නේද....



අදට වසරක් ගෙවෙන සොඳුරු සිතක හිමිකාරිය
මම
෴ වත් ෴

46 ප්‍රතිචාර:

පුබුදුවා said...

කදුලු අමතක කරලා අපි ඔක්කොම එකතුවෙලා හිනා වෙමු අක්කේ.අපි ඉන්නවා හැමදාම අක්කා එක්ක.

ලස්සණ දෙයින් පිරුනා වු සොදුරු සිත
කියවු දනන් ඇදබැද ගත් සොදුරු සිත
ශෝකය සතුට කැටිකර ගත් සොදුරු සිත
සැමදා දිලේවා අක්කගේ සොදුරු සිත

සැමදා මෙන් ලස්සණ නිර්මාණශිලී ලිපි ලියන්නට ශක්තිය අක්කට ලැබේවා!!!!!!

sameerausa said...

බ්ලොග් අවකාශයේ ගජමන් නෝනාගේ වසරක කවි කමට මගෙන් සුභ පැතුම්!

දීර්ඝායු වේවා!

හසී රන් said...

වත් අක්කාට මගෙනුත් හද පිරි සුභ පැතුම් !!!
යෙහෙන් දිගු කල් වැජඹේවා !!!
ඔන්න අක්කි ආයිත් පාටියක් දාලා නේද

කිරි තේ සමග කේක්. . .
මරු මරු හරිම රසයි . . .

අස් කරන්න උදව්වට පස්සේ එන්නම්කෝ... :D

wath said...

නුවන් මල්ලි
රොයිලි මල්ලි
වාසල මල්ලි
සාකුන්තල මල්ලි
වැප් මල්ලි
රවීන් අයියා
කතන්දර ලොක්කා
තිස්ස අයියා
දුකා අයියා
විහඟ ගීතය
දුමී අයියා
අභී අයියා
හසියා
හසි පැටියා
හා පැටික්කි
හසී
ෂැඩෝ
රවී
මලී
දිල්සරා
ඉන්දුනාත තේනුවර
පුබුදුවා
චමිල
මකරා
හසී රන්
හරී
අන්ශ් ලකී ශ්‍රී ජේ
හා පැටිය හෙවත් බනී
මගේ මරණය
මාරයා
ඉලන්දාරියා
රොකියා
ෆා රා
ගීත්
තුෂාර රවීන්ඳු මල්ලි
ශාමිකා පබළු
රන්දිකා
ප්‍රියන්ත
පසන්
නිදහස් සුළඟ
මුබාරක් අයියා
වෑම්පයර්
ගීත්
නිශ්
චාමි
පුතා
ගයාන් තාරක
උදිත ලේකම්ගේ
යසේල අයියා
සම්පත් ජේටී
පිස්සා
උන්නැහේ පිලේ පැදුර
හුටපටයා
කංචු
නදී
මින්දද
බිඟුවා
ශ්‍රී මංජුල අයියා - දැන් පේන්න නැහැ .
බූරු බබී
මිත්‍රයා
මිගාර
බිඟුවා
තුන්වැනියා
දීලීප
පබළු
දිලංක මාධව
ප්‍රාර්ථන ප්‍රනාන්දු - දැන් පේන්න නැහැ
තමීර
නොදරුවා
සමීර උදයංග
තාරක සමරණායක
රනා
චතුරංග රුපසිංහ
තේජාන් රත්නායක
ප්‍රභාත් දර්ශණ
මුතු පබා
සිතූ
දසුන් මධුශංක වානගුරු
මනුෂාන්
සුළඟ
හසන්ත
ලිලාන්
රවාන්
දසයා
දුමින්ද
ගලා
කරුමක්කාරයා
අවුටි සටිඩ
ජීවිතේ මල්
ඇවරි
කවුළුව
කඳුළු බින්දුව
අරවින්දු ඉන්ඳුජිත්
නිහඩ මාව.
පොජ්ජේ
ඩීජේ සෑලැෂ්
සමන් කුමාර
සිරකරුවා
නිම්නා
නිපූ
මධූ
අසංක


අනේ මට මඟ ඇරුණ නම් තියෙනව නම් ලියන්න...තරහ වෙන්න එපා........

රොකියා | Udara said...

මේ වත්සලා අක්කෙ අපි ඔය ඔයාගෙ නිර්මානශීලී කවි සංකල්පනාවක් හොඳ තනුවක් දාලා ගීත පේලි බවට පත් කරමු. අවංකවම මම මේ මුලු බ්ලොග් අවකාශයේම දැක්ක ලස්සනම සිතුවිලි වචන බවට පත් කරලා තියෙන්නෙ මේ බ්ලොග් එකේ. මොකද කියන්නෙ අදහසට ?

wath said...

සහන්
හසී පවුල ( හසීලගේ කාගෙත් නම් එකවගේ නිසා මට හරියට පැටලෙනවා...ඉස්කෝලේ යන පොඩි හසි පැටියගේ ඉදල ලොකුම ‍හසී දක්වා)
ම්ම් තව...
අශාන් කෝදාගොඩ
ළමයා - තව ඩිංගිත්තෙන් ළමයාව අමතක වෙනවා.
කංචන දිනූක
අසිත් චන්දන
ජේ.ඩී ශේඩී

wath said...

චේජනා - දැක්කෙ නැහැ කාලෙකින්

මම ලියන දේවල් කියවන මම දන්නෙවත් නැති අය තව ඇති...

හරියට මම ආදරේ කරන කෙනා වගේ...

ජීවිතේ හරි පුදුම දෙයක්... හිතුවෙ මොනාද වුනේ මොනාද...

අන්තිමට වෙන්නේ මොනාද....

ඔයාගේ නම මට මඟ ඇරුණ නම් මට මතක් කරල යන්න...

අනිත් යාළුවනුත් මට අමතක වුන අයගේ නම් ලියල යන්න අමතක කරන්න එපා...

හා පැටික්කි (MS) said...

සුභ පැතුම් අක්කියා......

අහම්‍බෙන් වගේ මා ගොඩ වුන එදින
සිත් බැඳ ගැනුනි කවි පද වු හැඟුම් ඔබ
තව තව සොඳුරු සිත්තම් ඔබ සිත මැවෙන
ලියවේවා නිතැතින් පෙර දිනයන් වූ සේම......

සුවදැති පිපුනු මල් නැත
ඔබට දෙන්නට මා අත
කියවා ඔබේ සොඳුරු සිත
සුභ පතම් අහිතක් නැතිව..........

මල් නැතිව ඔබ බැලීමට පැමිණි මා
හා පැටික්කී......

෴ හසියා ෴ said...

කවි ලියන්න තරම් මනසක් නෑ අක්කියෝ මේ දවස් වල.....ඒ හින්ද අඩු නැතිව හදවතිනුයි බොක්කෙනුයි දෙකෙන්ම විෂ් කොලන්නම්කෝ‍‍.....

ඔන්න ඉතිං 120ට 220ට විස්සක් ආවඩා ආයුබොහෝවේවා....!!! සොදුරු සිතටත් සොදුරු සිතේ හිමිකාරියටත් යන දෙන්නාටමයි ඔන්න හොදේ...
තව තවත් රසවත් වැදගත් විනොදාත්මක් හරවත් ලිපි ඔබ අතින් ලියන්නට ශක්තිය ධෛර්ය නොවඩුව ලැබෙන්න කියල අර කිව්ව වගේ හදවතිනුයි බොක්කෙනුයි දෙකෙන්ම සුභ පතනවා....ඔහොම යාං අක්කියෝ......

අහ් බෑ....මම ඉල්ලුවේ කේක නෙවේ පාන්...මට ඕන් පාන්......
(අපි කේක් නෙවේ කන්නේ තිරිවානා ගල් එක්ක ලේ....:P )

෴ හසියා ෴ said...

අහ් අනිත් එක අපිව තමයි අමතක වෙන්නේ....මම කිව්වේ මේ අපේ නම්....හ්ම්...හම්බවෙමුකෝ....එතකොට අපේ හසී සෙට් එකම දෙන්නම් වැඩේ....

බුද්ධි said...

මගෙනුත් ඔන්න උණුසුම් සුබ පැතුම් වත් අක්කණ්ඩිට්‍...... අය්යෝ ඒ උනාට මගේ නම අර ලිස්ට් එකේ නැ්‍......ඉහි ඉහි

charmi said...

'සොඳුරු සිත' සිංහල බ්ලොග් කලාවට වෙනස් පැහැයක් එකතු කලා කියලා මම හිතනවා.

මගෙත් උණුසුම් සුබ පැතුම්...!

Bunny ! said...

අප්පච්චියේ...කාලය යනවා දැනෙන්නෙ නැ නේද ? සුභ පැතුම් අක්කෙ...

තව තවත් මට නොතෙරෙන කවි ලියන්න ඔය කීබෝඩ් එකට හා මැසිමට වාසනාව උදා වෙන්ට ඔනෙ...! :D

මේ මම කියන්න උන්නෙ මෙකේ නම වෙනස් කොලොත් මොකද කවි පැක්ටරිය කියලා ? :P

wath said...

umesh malli Saha Umesh mallige gehanu lamaya'''ane mata amathaka una malliyoooo

wath said...

අනේ සංසාරේ... බුද්ධි වත් අමතක වෙලා...

හසී රන් said...

වසරක කවිකම නුඹ සමරනවද අක්කේ
මෙය කවි පොතක් වාගේනේ මා දැක්කේ
මේ මොහොතේ මට කියන්නට හැක්කේ
E-ගජමන් නෝනා නුඹ කියලයි අක්කේ

අපි යනේන මාවත කටු කොහොල් ගහනය
මග හෙලිපෙහෙලි කරගෙන අපි යායුතුය
නුඹ හැමදා මෙහි කිවේ ඒ වගය
වැපිරු දෙයම අස්වනු වී ලැබේමය


හිතේ සොදුරුබව තව තව වැඩි වේවා
නෙතේ කදුලු කවදාවත් නොම ඒවා
සිහින් සිනහා රැලි "වත්" වත පිබිදේවා
තනිය මකන්නට කුමරෙකු පැමිණේවා

පිරුණු කදුලු පිරි නුඹේ දෑස එදා
ඒවා රෝසමල් වී ඇත පිපුණු මෙදා
සොදුරු සිතින් ලොව සැරිසරනට හැමදා
වත් අක්කේ නුඹට ආයුබෝ ආවඩා. . .

wath said...

කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියන්නේ බුද්ධි මල්ලි ද?

NUWAN"s lane said...

අදට වසරක් සපිරෙන ඒ සොදුරු සිත දයාබර වත්සලා අක්කේ.චිරාත් කාලයක් සොදුරු සිතේ අකුරු කරන්නට ඔබට ශක්තිය ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි
nuwan...

sameerausa said...

අයියෝ මගේ නමත් ලැයිස්තුවේ නෑනේ.. මම නම් උඩින්ම සුබ පැතුමක් දැම්මා ඔන්න.

රවා said...

මම කමෙන්ට් නොදැම්මට ඉඩ තියන වෙලාවට එනවා ඇවිල්ල බලනවා, අක්කාගෙ දුක සැප ඉතින් කාලයක් එකදිගටම අපෙ දුක සැප හොයලා බැලුවා, ස්තුති. අපිත් එන්නම් වෙලාවක අක්කාව බලලා යන්න....

අභීත said...

ජීවිත ගගේ නුඹ පැදගෙන යන ඔරුවේ.....
සොදුරු සිතක් හබලක් ලෙස යොදනු පෙනේ....
නංගියෙ දුක කදුල සිනහව සමව සිතේ....
රදවනු මැනව නැතිනම් ජය මග නොපෙනේ....

වසරක් පුරා ලියවුනු නුඹේ බ්ලොග් පිටුවේ....
රන්වැකි වලින් සිත් පිරුනැයි මට සිහිවේ....
වසරක් නොවෙයි සියවසකුත් නුඹේම වේ....
දහිරිය අරන් නුඹ ලියපන් සොදුරු සිතේ...

විහඟ ගීතය said...

නො‍රැදෙන්න වුනත් බ්ලොග් අතර පෙරදා ලෙසින්
කියවන්න වෙලාවක් සොයාගන්නෙමි නිතින්
ලියවෙන්න තවත් කවි,කතා සයුරක් ලෙසින්
පිළිගන්න පමාවූ ශුභ පැතුම ඉත සිතින්

කතන්දරකාරයා said...

අවුරුද්දක් පුරා කාපු කට්ට තව අවුරුදු නමයක්වත් කෑමට වීරිය, ධෛරිය ලැබේවා!

හසී said...

සුබ පැතුම් අක්කියෝ.. තව අවුරුදු ගාණක්ම ලස්සන කවි ලියන්න ලැබේවා...

මාරයාගේ හෝරාව said...

මට මතක් උනේ මෙච්චරයි..

සිහිවටනය සේ කුමක් ලියන්නද..
ඔඛෙ සුවඳ රැඳි සමරු පොතේ..
සිතිවිලිසහසින් සිතක උපන්නත්..
කුමක් ලියන්නද...සොඳුරු සිතේ...

අවුරුද්දක් කියන්නේ දිග කාලයක් නේද වත්...
අවුරදු දෙකක් කියන්නේ ඊටත් වඩා දිග කාලයක් නේද..?
ඔහොම ගිහිල්ලා අවුරුදු දහයක් පහළොවක් ගියහම..
එදාටත් මෙ වගේම ලියන්න ලැඛෙවිද..පණ පිටින් මම උන්නොත්..

අඹ ගහ යට said...

අපිත් සුබපතලා කටවුට් එකක් දැම්මා.
....මෙතන....

Ravi said...

සොඳුරු සිතට සපිරුනේ වසරකි,
කඳුලු, හසරැල්, සමව වියැකුණු ගමනකි,

ළහිරු රැස් වැද, අපේක්ෂාවේ දිදුලැති,
කඳුලු බිඳු තුසර සේ වියැකෙනු ඇති,

Thanks for sharing,
all your,
sorrows,
dreams,
expectations,
&
hopes,
which were felt as our own,
during past twelve months,

Be assured,
my dear sister,
we will be there,
on this journey with you,
sharing,
every step,
&
holding,
your hand,
always,

sansarasidu said...

වසරක බ්ලොග් කෙරුවාවට මගෙනුත් සු'පැතුම් !!!

සැබෑ ලෝකයෙදිවත් නොදකින...
සැබෑ සොඳුරු සිතකි මේ "සොඳුරු සිත"....

තවත් දිගු ගමනක් යන්නට ඔබට ආසිරි...

sansarasidu said...

අපට නම් කේක් එපා... හොඳ කිරිබත් කෑල්ලක් තිබ්බ නම් කට්ට සම්බෝලයක් එක්ක...

ඒ හොඳටෝම ඇති...

දුකා said...

සුභ පැතුම් . . !!

කමෙන්ට් කරන්න වෙලාව නොලැබුනත් රසවිඳින්න ඉඩ ලැබෙන නිසා තව තවත් ලස්සන අපූරු කවි ලියවේවා . .!!

දවස් දෙකක් නිවාඩු දාලා ඔක්කෝටම එක පාර කමෙන්ට් කරන්නම් හි හි

LishWish said...

සුභපැතුම් E-ගජමන් නෝනාට..! ජයෙන් ජය ම පතනවා ලස්සනම ලස්සන කවි අනාගතයකට..!

දුමී said...
This comment has been removed by the author.
දුමී said...

කවිය දිවිය වූ සමතැන් සොඳුරු වත
සරසා පුරා වසරක් කවි ජාල පත
බෙදනට කවි රසය නිරතුරු සතර අත
සත් සිය වසක් වැජබෙනු සැකයක් නොමැත

මාගේ උණුසුම් සුභපැතුම් . . . .!

ගීත් (සහෘදයා) said...

හුරේ..................මාතර කවි කාරියට ජය වේවා......අළුත් ගජමන් නෝනට තව කවි ලියන්න අදහස් මල් වැසි වසීවා...

චමිල said...

තව බොහෝ කාලයක් මේ විදිහට ලියන්න ඔයාට විවේකයත්, ඒවා කියවන්න අපට වාසනාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව. මගේ උනුසුම් සුබ පැතුම් පිළිගන්න අක්කේ !!!

චමිල said...
This comment has been removed by the author.
චතුර - නිලංග - දෙවෙනිගුරුගේ said...

කවි රස වින්දාට මෙච්චර දවස් අදහස් වචන කලේ නම් නෑ...සමාවෙන්ට ඕනි ඕං...
අද වැදගත් දවසක් නේ....එහෙනං මගෙනුත් සුභ පැතුම්....

තව තවත් ඔය හිතේ කවි මල්ම පිපීයන්....!!!!

Hasitha ජයසූරිය said...

අනේ සුබම සුබ පැතුම් අක්කියෝ.........දිගු ගමනක් යන්න සුබ පතනව මගෙ අක්කිට

wath said...

අප්පොච්චියේ මට මේ තරම් කොමෙන්ටු හමුවුනාමද කොහෙද....

කොහොම කියන්නද මට හරිමසතුටුයි ... සියළු දෙනාටම මගේ ස්තූතිය... මේ දවස් වල හිත ටිකක් විතර අවුල් නිසා..මම සුබ පතන දේවල් වල අඩුපාඩු එච්චර ගන්න ගන්නව එපා කියල යාළුවන්ගෙන් ඉල්ලා සිටිනව...

ආයෙත් කියන්නේ සියලු දෙනාමට ස්තූතියි.........ගොඩක් ගොඩක් ගොඩක් ගොඩාරියක් ස්තූතියි.............

හරී said...

පසුව දිනක ආ සුභ පැතුමක් සේ කියලා හිතන්න එපා ,,,, තවත් රස කව් ,ගී, සොඳුරු සිතිවිලි අපමණක් ලියවේවා,,,
ඔබට ජය සොයුරියේ !!!!!!!!

චේජනා said...

අක්ක, කමෙන්ට් නොකළට මමත් එනව හැමදාම...

සුබ පැතුම්..!!

änthräX said...

තව බොහෝ කාලයක් අපිත් එක්ක රැදී ඉදලා ලස්සන නිර්මාණ කරන්න සුබපතනවා.

Kandulu Binduwa said...

ඈත්තමයි අක්කියෝ..ඉස්සේල්ලම සුබ පතනවා ඔයාට..පරක්කු වුනාට තරහ වෙන්න එපා..ඈත්තටම හිතට දෑනෙන සෑබෑ අරුතක් තියෙන කවි ලියන්නේ ඔයා..ඔයාගේ අදහස් වලට මම හරි ආසයි..ගොඩක් වෙලාවට හිත රිදුනම හිතා හදාගන්නේ ඔයගේ කවි කියවලයි මම..තව බොහෝ කාලයක් අපිත් එක්ක රැදී ඉදලා ලස්සන නිර්මාණ කරන්න සුබපතනවා.

Chathu said...

වසරක ගමන් මගටත් ඉදිරි ගමනටත් මගෙන් උනුසුම් සුභ පැතුම්!!!!!!

Uditha Umesh said...

වත්සලා අක්කට අපි දෙන්නගෙන්ම සුභ පැතුම්.. නිතරම කොමෙන්ටු නොදැම්මට අපි දෙන්නම ඔයාගෙ රසිකයෝ...

priyantha.ඒබී said...

ආවේ පාමාවීලයි අද මේ වෙතට...
පැතුමත් කල් පැනදෝ සැක එයි සිතට...
වසරක් පුරා ආ මේ රස කවි පොතට..
කල් ගතවුනත් මේ සුභ පැතුමත් ඔබට...

මල් වරුසා, කටු පඳුරු, සිසිල් සුලං, මහා කුණාටු දහසක් බාධක, දහසක් පැසසුම් මැදින් ආ මේ ගමනට මගේ හද පත්ලෙන්ම නැගෙන උනුසුම් සුභ පැතුම...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...