..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, September 16, 2010

෴ ඟං ඉවුර ෴


ජීවිතේ මේ සැදෑ යාමය පසු කරන් යන්නට බැරී
අවර දිග බැස යන හිරුයි  මම නුඹට ලං වන්නට බැරී


තරුණ ජීවය පිරුණු රාගය
ගිනි තැබූ මගෙ ආදරේ
අතරමං වූ ඔරුව මම වෙමි
හබල නැති දිවි ගං තෙරේ

තරුණ ජීවය පිරුණු ආලය නුඹ නමින් මා ලියවුනේ
බැසපු හිරු නොව නැගෙන සඳ වෙමි නුඹගෙ තනි යහනේ රැදී

තරුණ කම නොව පැසුණු ආලය
මට අගෙයි නුඹෙ ජීවිතේ
දිවි මඟේ තනි නැත ඉතින් අප
ඔරුව පැද යමු ගඟ දිඟේ

“Life without love is like a tree without blossoms or fruit.”
ඟං ඉවුරේ සිටින මම
෴ වත් ෴

8 comments:

  1. හබලට ඔරුවත් ඔරුවට හබලත්
    නැති තැන කෙලෙසද පැද යන්නේ....
    හබලත් ඔරුවත් එක්වූ දිනකයි
    ගමනේ කෙළවර හමුවන්නේ...

    ReplyDelete
  2. Me post ake mokak hari Awulak wage... ane manda... thawama penne mage parana post neda...

    ReplyDelete
  3. එඩ්ට් කරල බලන්න. පබ්ල්ශ් ඩේට් එක එහෙම බලන්න. මේක පේන්නේ බස් එකෙන් ආවොත් විතරයි

    ReplyDelete
  4. ඔරුවට ඉක්මනින්ම හබල ලැබේවා කියලා මම හද පතුලෙන්ම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  5. ෴සොඳුරු සිතට෴ සුභ උපන්දිනයක්!!!!!!

    ReplyDelete
  6. ෴සොඳුරු සිතට෴ මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  7. වසරක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්!!!!!

    ReplyDelete
  8. ලස්සන පද ටික..හේ ..

    උනුසුම් සුබපෑතුම්....

    සොදුරු සිතේ උපන්දිනයට..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...