..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, September 14, 2010

෴ ගිනි තැබූ කවි පොත ෴


දුර පේන සඳ පාන 
අහසේම රැදේනම්
තරු පිපෙන මල් යාය
සමඟ පෙම් කරයි නම්
සඳ එළිය පමණක්ම
ගත මගේ සිඹියි නම්
සඳට පෙම් කර කුමට
දුකින් හද දවයි නම්

මහාවැසි  හැලුනාට
ගගක් නොම පිරෙයි නම්
නෙතු පියන් තෙමුණාට
හදට නොම දැනෙයි නම්
හාදු මුව සිම්බාට
ගතට නොම දැනෙයි නම්
ආදරේ කුමට මට
නුඹව නොම ලැබේ නම්

දුකින් කවි ලීවාට
හිතට නොම දැනෙයි නම්
කවි ලියන පන්හිදට 
නිමාවක් තියන්නම්
කවි පොතේ තවත් පිටු 
ඉතිරි වී තිබේ නම්
කවි පොතම ගිනි තබා
එයින් මා මිදෙන්නම්


ගිනි තැබූ කවි පොතේ හිමිකාරි
මම
෴ වත් ෴

22 ප්‍රතිචාර:

priyantha.ඒබී said...

කවි පොතට ගිනි තැබුම...
නොවෙයි නේ සැනසීම...
තව තවත් කවි ලීම.....
තමයි ඇති විසඳීම.....

Hasitha ජයසූරිය said...

අනේ මන්ද

charmi said...

කවි ඇසින් දකින 'සඳ'
විදු ඇසින් දකින්නට පෙර
ඉක්මනට ගිනි තියන්න.

෴ හසියා ෴ said...

පද පෙල ලස්සනයි අක්කේ......

(උඩින් පල්ලෙන් කියෙව්වාට සමාවෙන්න ඕනි....හේතුව ඉතිං දන්නවනේ....)

nish said...

කවි ලියන පන්හිදට
නිමාවක් තියන්නම්
එය නෙමෙයි නොවෑ විසදුම
කෙලෙස අනුමත කරන්නද

sameerausa said...

අනේ ඔය කවි පොත් වගේ වටිනා දේවල් ගිනිතියන්න එපා.. ඕනෙම නම්, පරන පත්තරයක් ගිනි තියමු.

කංචු said...

එදා සහ අද නොලැබූ ආදරයට
ගොහිල්ලා කවි හිත පාළුවට
කවි පොත ගිනි ලෑවාට
හිත ගිනි නිවේවිද හෙට....?

ඉලංදාරියා said...

මමත් තදින්ම විරුදයි කවිපොත් ගිනිතියන එකටනම්......

හෑබෑයි මාත් ගිනිතියල ඉවරයි..ඒවා......

චමිල said...

"සඳ එළිය පමණක්ම
ගත මගේ සිඹියි නම්"
ඒකවත් මදිද අක්කේ.සමහරු සඳ එලියත් නැතුව කලුවරේ සිහින දකින්නෙ...


"ආදරේ කුමට මට
නුඹව නොම ලැබේ නම්"
හ්ම්ම්ම්....

"කවි පොතම ගිනි තබා
එයින් මා මිදෙන්නම්"
ඇත්තටම පුලුවන්ද එහෙම කරන්න?

මාරයාගේ හෝරාව said...

සඳේ අයිතිය සදා..
අහසටම පමණිනම්..
දිලෙන තරු කැන් පොකුරු..
සඳ වටා දිලේ නම්..
නුඹට හිමි එළිය මිස..
සඳ මඩල නොවෙ නම්..
කුමට දුක් වෙන්නෙහිද..
හිත තවත් තැලෙයි නම්..

වියළි පොළවට වැටුනු..
වර්ෂාව සිඳී යේ..
ගලක් වූ පසුව හද..
කඳුළකින් උනු නොවෙ..
මලානික දෙතොල් පෙති..
ගතට උණුසුම නොදේ..
අහිමි බව දැන දැනම..
පෙම් බැඳුම යුතු නොවෙ..

දුකින් දුක නසන්නට..
කවියකට නොහැකි වෙ..
කවි ළියන පන්හිඳට..
ඉසිඹුවක් ඇවසි වෙ..
ඉතිරි වූ පිටු අතර..
තවත් කවි ලියන්නට..
දිනක් යළි එනතුරා..
පොතට සමු දෙනු නොහේ..

Ravi said...

ගිනි තබමි, කවිපොතට
ඉසිඹු දෙමි, පන්හිඳට

O.K. , No Problem,

පන්හිඳෙයි, ගීපොතෙයි,
හිමිකාරි නම් නුඹයි,


So,

කවි ලියම් / නොලියම් ද,
තීරණය නුඹ සතුයි,

But, Remember,

හදවතේ බුබුලුලන,
හැඟුම් හරි බර වැඩියි,

පිට නොවෙත කව්පද ලෙසින,
හද,
එසඳ,
ගිලන් වන බව සත්තමයි,


Then ?
ඉතිං ඊට පස්සෙ?

සම්පත් / jt said...

අනේ මන්දා මොනා කියන්නද කියලා...අති දැවැන්ත නිර්මාණත් බිහිවෙලා තියෙන්නෙ ඒ ඒ කාලවලදි ඒ මිනිස්සුන්ගෙ හිත්වලට දැණුණ ආවේගවල ප්‍රථිඵලයක් විදියට...
ඉතින් කවි සිතුවිළි එනවානම් නොලිය ඉන්නෙ මොකට ද??

ගොඩාක්වෙලාවට අපි කරන්නෙ බල්බ් වලට ගහන එක..ට්‍රාන්ස්ෆෝමරේට ගහන්න උත්සාහයක් නෑ...අඩුමගානේ මේන් ස්විචය වත් විසන්දිකරන්න...
ජයවේවා!!!

wath said...

සියළු දෙනාටම ස්තූතියි කියන ගමන් ගිනි තියන්න ගිය කවි පොත ගිනි ගන්නවට වඩා වැඩි වේගයකින් මගේ ඇසින් වැටුණ කඳුළු වල වේගය වැඩි වීම නිසා ඒ ගින්න මේ කඳුළු වලින් නිමිල ගිහින් කවි පොත බේරුණ බව ඔබ සැමට දන්වා සිටිමි..

wath said...

@ priyantha.ඒබී
ආහ් ළමයා මුණ ගැහෙන්න තමයි හිටියේ...
දැන් හොදට කවි ලියන්න පුලුවන් නේද..කවි ලියන බ්ලොග් එක නතර කරලද?

Hasitha ජයසූරිය
අක්කට තමයි "අනේ මන්ද.." හසී පැටියෝ කෙහොමෙයි ස්කෝලෙ පටන් ගත්ත නේද? අනේ මන්ද කීවට මම දැක්කනේ පොඩි එකාගේ (එක්කොත් ඕනි නැහැ ...)

charmi
ඔයා විතරයි ගිනි තියන්න කියල කීව එකම කෙනා...

෴ හසියා ෴
ආහ්.. මොකක්ද අප්පේ .. මම දන්නෙ නැහැ නේ... ඇයි හැබෑට..

nish
අනුමත නොකරන දේ නොකරමි.ස්තූතියි නිෂ්...

sameerausa
සමීර මල්ලි කොහොමෙයි ඉතින්.. මේකට මාව මතක තරම ඉරිද පත්තරේ මතක් වෙලා නේද කීවේ පත්තරේ ගිනි තියමු කියල... හා හා හා..ස්තූතියි මල්ලි...

කංචු
සහතින ඇත්ත. කවි පොත නිසා තමයි හිතේ ගිනි නිවෙන්නේ...

wath said...

ඉලංදාරියා
මෙන්න වැඩක් . මෙයා පොත ගිනි තියල මට කියනවලු එපා ලු... හහ් හරිම අසාධාරන වැඩ මේව... ස්තූතියි ඉලන්දාරියෝ...

චමිල
බැහැනේ මල්ලි. එයින් මිදෙන්න නම් ගිනි තියන්න ඕනි කවි පොත නෙමෙයි.මගේ මළකඳ තමයි...එතකොට ඔක්කොම නිදහස්..

මාරයාගේ හෝරාව
කාලෙකට පස්සේ දිග කවියක් මගේ බ්ලොග් එකේ ලියල.ස්තූතියි ස්තූතියි...
මට පොතට සමු දෙන්න බැරි කොට
නුඹට බැරි ඇයි බෝතලයට සමු දෙන්න...

සම්පත් / jt
මොනා ද සම්පත් මල්ලි මේ කියන්නේ .ඔය ස්විච් හොයල ඕව ඕප් කරන්න ගියොත් මට විදුලි බල මණ්ඩලයෙන් නඩුත් දාවී ඕං

wath said...

@ Ravi
මේ ඉන්නේ මම හොය හොය හිටපු අනිත් කෙනා.. බ්ලොග් එකක් ලියන්නේ නැහැ කීව නේද..

හරි ලස්සනට කොමෙන්ටු ලියනවා රවී.නරකද බ්ලොග් එකක් ලීවොත්....

ඇත්තටම ලියන කොමෙන්ටු හරිම නිර්මාණාත්මකයි...

ස්තූතියි.

priyantha.ඒබී said...

@ වත්
කවි ලියන්න තරම් මෙ දවස්වල හිත එක තැනකට ගන්න අමාරුයි. ආපසු ඉක්මනට පටන් ගන්නවා.

සම්පත් / jt said...

මම කියන්න අදහස් කළේ රෝග ලක්ෂණ වලට ප්‍රථිකාර නොකර කෙලින් ම රෝග නිධානයට ප්‍රථිකාර කරන්න කියලා...
ජයවේවා!!!

Ansh Lucky Sri Jay said...

සුපිරි..!

Indranatha Thenuwara said...

අපට හිමි කවි පොත ම ගිනි තැබූ කවිකාරී....

ඔබ ලියුවාට ඔබේ කවි පොත අයිති නුඹට නොවේ අපටයි..!!

පුබුදුවා said...

අක්කේ ඒ වැරදි වැඩේනම් කරන්න එපා කවදාවත් හොදද?

Ravi said...

ස්තුතියි, වත් ඔබේ අගයකිරීමට,

Regarding your request,
well, at present I can only say,
Let time decide,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...