..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 13, 2010

෴ ආරාධනා ෴

 
මලට එන්නට සුවඳ ගන්නට
ආරාධනා බඹරුන්ටයි
කුමුදු මල පෙති විහිදුවන්නට
ආරාධනා සඳ කිරණටයි

පොහොය දවසට එළිය දෙන්නට
ආරාධනා පිරුණ සඳටයි
සඳ නැතිව තනි රකින අහසට
අරාධනා තරු පොකුරටයි

දවස අළුතින් පටන් ගන්නට
ආරාධනා හිරු මඩලටයි
මගේ හිත ගත් ඔබට පමණක්
ආරාධනාවක් නැති හැඩයි

කල් ඉකුත් වූ ආරාධනා ව සමඟ තනි වූ
මම
෴ වත් ෴

19 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

ඔළුව පොඩ්ඩක් නෙවේ...හොදටෝම අප්සැට්...ම්ම්ම්ම ඉතිං පද පෙල ලස්සනයි කියලා විතරක් කියන්නම්කෝ....නිවීසැනසිල්ලේ කියවන්න ඕනි ඒවා දඩි බිඩි ගාලා කිව්වට තේරුමක් නෑනේ....

ඉලංදාරියා said...

මොකක්දමන්දා මට ලොකූ කතාවක් තෙරෙනවා..

පදටිකනම් බොහොම අපුරුවට ගෑලපිලා තියනවා..

priyantha.ඒබී said...

ලස්සන පද පෙලක් ලියවිලා තියෙනවා. එත් ඒ යටින් ඇත්තේ කඳුලක්දොයි මට හිතෙනවා.....

Ravin Caldera said...

හිතවත් වත්,

ඔබට “කවිකම් මනරම්“ පොත තිබේ ද? නැත්තම් මං එකක් එවන්න ද? පරණ ණයකුත් තියනවා නේ!

කව් නම් සොඳුරු යි... පෙර දා සේ....

sameerausa said...

ලස්සන සංකල්පනාවක්..!

හිත ගත්තු කෙනාට ආරාධනාවක් නැ කිව්වේ මක්කේයි? ආරාධනාව ලැබුන ගමන් ඒවි මයෙ හිතේ

අභීත said...

කෙතෙක් අරාධනා කෙරුවත්
මලත් බමරත් ඈතමයි...
මලට ඉව කර බලන බමරුන්
වෙන මලක් වෙත තටු සලයි...

සදත් තරු මල් එකතු වීලා
පොලව මත විසිතුරු මවයි...
ඒත් උන් උන් ඉන්නෙ එකිනෙකා
නොපෙනනා වූ ඈතකයි...

හැගුම් උපදින නමුත් මිහිමත
ඒව ඉටු නොවෙනා හැඩයි...
අපිට ලංවෙන ගොඩාක් දෙවල්..
ඉන්නෙ හරි දුර ඈතකයි...

දුමී said...

කවිය නිති ජීවිතය කරගත්
සොඳුරු වත නොතැවෙනු නිතින්
නුඹේ සිත පිරි ආරාධනා අරගෙන
වඩින බඹරුන් එයි ලඟින්

Shadow/හේමලයා said...

lovely....

Jeew said...

කෙරුණු ඇරයුම බඹරෙකුට නම්
රොන් උරන්නට ඉඩ නොදෙන්
කෙරුණු ඇරයුම සඳ කිරණට නම්
පෙති සිඹින්නට ඉඩ නොදෙන්

කෙරුණු ඇරයුම පිරුණූ සඳට නම්
අඳුරු වන්නට ඉඩ නොදෙන්
කෙරුණු ඇරයුම තරු පොකුරට නම්
තනි රකින්නට ඉඩ නොදෙන්

කෙරුණු ඇරයුම හිරු මඬලට නම්
දවා ලන්නට ඉඩ නොදෙන්
නොකළ මුත් ඇරයුම් ඔහුට නම්
වැළඳ ගන්නට සිතම දෙන්...

තිස්ස දොඩන්ගොඩ said...

රචකයාගෙන් පරිබාහිරව කවිය රස වින්දෙමි...!

wath said...

෴ හසියා ෴
ස්තූතියි හසියෝ....

wath said...

@ ඉලංදාරියා
ලොකු ලොකු කතා කාගේත් හිත් වල හැන්ගිලා තියෙනව ඉලන්දාරියෝ....ස්තූතියි

wath said...

@ priyantha.ඒබී

නැහැ නැහැ කඳුළක් නැහැ. මම ඉන්නෙ සතුටින්.. කවි වල විතරයි දුක...

Ravi said...

ආරාධනාව කල් ඉකුත් උනේ කොහොමෙයි හැබෑටම?,

තැපැල් කරන්ඩ මතක බැරි උනැයි?
නැත්නම්,
තැපැල් කරම්දෝ, නොකරම්දෝ කියලා හිත හිත ඉන්නකොට,
නොදැනිම කල් ඉකුත් වුනා වත්ද?

අනික,
ඉර,හඳ,තරු, බඹරු,මල්,
රටේ ඉන්න හැමෝටම ආරාධනා කර කර ඉන්ඩ ගියාම,
ඕනම කරන එක අමතක වෙන එක අහන්ඩත් දෙයක්ය?

මොක උනත් කාරියක් නැහැ,
දැන් කරන්ඩ තියෙන්නෙ එකයි,
තවම පරක්කු නැහැ මම හිතන්නෙ,
වෙච්චි දේට එන්න සෙයියරදු කියලා,
වහාම ක්‍රියාත්මක වන පරිදි,
"එක්ස්ප්‍රස් මේල්""එකෙන්,ආරාධනාව යවන එකයි.


අහල ඇතිනෙ නේද?
It's never ever too late to say,
" I love you "

wath said...

@ Ravin Caldera
හා හා ණයට ණය නම් නෙමෙයි අයියා. ඇත්තටම මම ඒ ලොත කියවල නම් නැහැ.සාහිත්‍ය මාසයේ තෑග්ගක් දුන්න කියල හිතල මට ඒ පොත එවන්නකො එහෙනම්... අයිය දුන්න කියල දෙයක් එතකොට මා ළගත් තියෙනව නේ...

wath said...

@ sameerausa
ඔවු ඔවු මාත් එහෙම හිතනව...ස්තූතියි සමීර..

@ අභීත
අභිත .. දැන් කවි කාරයෙක් වෙලා නේද. සතුටුයි .... යන එන ගමන් හිටිවන කවිත් කියල බලන්න.

@ දුමී
නුඹේ සිත පතුලින් උපන්
ඔවා මට හරි ලෙංගතුයි
නැගණියක් ලෙස හිස නමා නිති
පිළිපදින්නෙමි බැති සිතින්

wath said...

@ Shadow/හේමලයා
එක වචනයයි තේරුම් ගොඩයි... ෂැඩෝ කොහොමත් එහෙම නෙ නේද?

@ Jeew
ස්තූතියි ජීව්.. මේ දවස් වල පේන්න නැත්තෙ මොකද

@ තිස්ස දොඩන්ගොඩ
එහෙම තමයි වෙන්න ඕනි. නැත්තම් අයියට දුක හිතෙයි මේ නැගණිය ගැන...ස්තූතියි අයියා.

wath said...

@ Ravi
නියම කතාව...භාෂා තුනම ලියල...

එන්න සෙයියරදු

මොනා කරන්නද ?

It's never ever too late to say,
" I love you "

wath said...

@ Ravi
නියම කතාව...භාෂා තුනම ලියල...

එන්න සෙයියරදු

මොනා කරන්නද ?

It's never ever too late to say,
" I love you "

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...