..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 8, 2010

෴ දුරස්බව ෴


 තොල් පෙති පොපියන හාදුව තවරා
සිත අද්දර නවතින්න
මනමාල සිනාවන් මුව අඟ රදවන්න
 නෙතට එඹී ගෙන ඉන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

මල් පෙති මාලය ගෙල වට දවටා
හැඩ ලස්සන පෙන්නන්න
ඔය නෙතු පොඟවන සීතල කඳුළැල්
සිනහවකට හරවන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

සැතපෙන නුඹ පපුතුර හිස හොවලා
ආදරයෙන් මුමුණන්න
ලය මත තෙරපෙන නුඹෙ මුදු හිස සිඹ
ආදරයෙන් සනසන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

 I am very unhappy when you are far away from me

නුඹට ඈත 
මම
෴ වත් ෴

10 ප්‍රතිචාර:

සම්පත් / jt said...

හ්ම්...ලස්සන නිර්මාණයක්...
"ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි"
සිතුවිල්ලකින් හරි ලන්වෙන්න පුළුවන්නම් ඒකත් හරි සුන්දරයි ඒ මොහොතට හරි...
ඒත් ඉතින් ඒකත් බැරි නම්...??
ජයවේවා!!!

අභීත said...

ජීවිත කතාවෙ මයිලක් පාසා
හමුවුනු ඔබ මා වාගෙයි
ජීවන ගමනේ අත්වැල වන්නට
හුරුවී ඔබ මගෙ තුරුලෙයි...

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අප වාගෙයි......

මගෙ දරුවන් වෙත සෙනෙහේ වැඩු ඔබ..
රන්දිරි මව හා පෑහෙයි...
ප්‍රිය බිරිදක උනුසුම ගෙන එන නුඹ
මගෙ ගිනිගත් හද සනසයි....

ඒ සිතුවිලි හරි ඈතයි..
හරියට මේ අප වාගෙයි...

පුබුදුවා said...

ලස්සණයි අක්කේ,
ඈතට වෙලා ඉන්නේ නැතුව හැමවෙලේම ආදරෙන් ලන්වෙලා ඉන්න ලැබේවා යන්න මගේ පැතුමයි!!!

දුමී said...

සොඳුරු සිත කවියක් කල
සොඳුරු හද වත නුඹ
එපා ලතැවෙන්න
සුසුම දුර නොවේ සැමදා
උණුසුම දැනේවි නුඹට
ඔහුගෙ සුසුමේ

Hasitha ජයසූරිය said...

අනේ මන්ද

හා පැටික්කි (MS) said...

ආදර‍යෙන් ඔබ ළඟ ඉඳිම්න් නිරතුරැව
ඔබ තුරැ‍ලෙහි සැඟවෙන්නට.....
මුදු බස් ‍තෙපලමින් ඔබ සිත් අද්දර හිඳ
ආදර‍යෙන් ඔබ සිප ගන්නට.....

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට ‍මේ අපි වා‍ගෙයි.........

නුබට ළං වන්න හීන මවන මම
දන්නව‍නේ කවුද කියලා...... :D :D :D :D

priyantha.ඒබී said...

ඒ සිතිවිලි දැන් ලංවී ඇති බවක් හැ‍‍ෙඟ්..
හරියට ඒ ඔබත් ඔහුත් වගේ....

උදේම මූණුපොත බැලුවා..
සුභ පැතුම්!!!!!

Naදී said...

ඒ සඳ දුර වුවත් ගවු ගනන් අහසේ
ක්ෂිතිජයට හැකිවේවි නැලවෙන්න ඒ පහසේ.

දුරස් නොවී ඔහු ලඟම රැඳෙන්න ප්‍රාර්ථනා කරනවා.

෴ හසියා ෴ said...

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්.....

Shadow/හේමලයා said...

හ්ම්ම්ම්ම්.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...