..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, September 6, 2010

෴ ජීවිතය ලිවීම ෴


එක දිගට දවස ගානේ ලිපි ලිවීමට මඳ විරාමයක් දෙන්නයි මගේ අදහස...දැන් දැන් ලියන ලිපි වල ගුණාත්මක භාවය අඩු වීමත් , රැකියා ස්ථානයේ කාර්ය බහුල වීමත්, රැකියා ස්ථානයේ ප්‍රධානියා ට මාගේ මේ අවේලාවේ ලිවීම අතටම හසු වීමත් මේ ඔක්කටම වඩා සති අන්තයේ දින වලදිවත් ගෙදර නොමැති වන ලෙස වැඩකටයුතු යෙදීමත් ලිවීමට එකහෙලාම වෙනස් දෙයක් සම්බන්ධව අධ්‍යන කටයුතු වල යෙදීමත් නිසා මේ තීරණය අකමැත්තෙන් වුවත් ගන්න සිදු විය....

මා ලියන වචන අකුරු සියල්ල මාගේ ජීවිතයේම කැඩපතක් ලෙස ඇතැමි විටක මට සිතේ.....

යම් කිසි කාල පරාසයක් තුල ලිවීමෙන් ගුණාත්මකබාවය වැඩි දියුණු කර ගැනීමත්. මාගේ අනිකුත් බ්ලොග් සහෘදයනගේ බ්ලොග් වලට කොමෙන්ටු ලිවීමට ඉතිරි වන මාගේ කාලය උපයෝගී කර ගැනෑමටද මම අදහස් කර ගෙන සිටිමි.

හිතේ ගුලි වී
 තෙරපි තෙරපී
මටම වද දුන් සිතුම් හැඟුමන් 
නිවා සනහා සිසිල් පැන් ඉස
බෙදා ගන්නට නුඹත් සමඟින්
දුක බෙදූ සතුටත් බෙදූ නිති
ආදරය
ස්නේහය
දයාබර ලෙංගතුකමින් නිති
බදා වැළදන් මා අවට සිටි 
නුඹයි මා හද
නුඹයි මා වත
ජීවිතය මේ යැයි ඉගන්නුව
මගෙන් ඉවතට මාව අරගෙන 
නුඹයි මේ බලනුව හොදින් කී
මගේ දායාබර බ්ලොග් පිටුව
අපි දෙන්න අද ඉදල හිමින් ගමනක් යන බව අපිව බලන්න එන අයට කියන්න.

“I lived to write, and wrote to live”

අද ඉඳල ගමනේ වේගය බාල කරන 
මම
෴ වත් ෴

26 ප්‍රතිචාර:

Jeew said...

ජීවිතේ නියම තේරුම ඒක තමයි...
එක දේකට ලං වෙනකොට තවත් දෙයක් ඈත් වෙනවා....
එක දෙයකින් ඈත් වෙනකොට තවත් දෙයක් ලං වෙනවා...

හැකි හැම වෙලාවකම පේළි දෙක තුනක්වත් සටහන් කර යාවි කියා හිතනවා...
හැම වැඩකටයුත්කටම සුබ පැතුම්...

Chanaka Aruna Munasinghe said...

මෙන්න මෙයත් පල්ලම් පොල්ල දානෝ. ඇහැක් වෙලාවට ඇහැක් විදිහට ලියපියෝ

ඒක නෙවෙයි බොසා බැන්නද ?

Hasitha ජයසූරිය said...

අපොයි අක්කෙ...බොසාට මාට්ටුද?

අපොයි :/

පුබුදුවා said...

කවුද අක්කේ කියන්න ගුණාත්මක භාවය අඩු වෙලා කියලා?අසාවෙන් අක්කගෙ කවි කියෙවුවෙ.කිසිම අඩුපාඩුවක් නැහැ ඒවගෙ.ඒත් වැඩත් එක්ක අමාරුයි කියලා දන්නවා.හිමින් සැරේ ලියමු අක්කා.අපි හැමදාම ඔයා එක්ක

priyantha.ඒබී said...

පසුගිය දවස්වල මුලින් තිබුන මට්ටමේ අඩුවක් නම් දැනුනා තමා. එත් ලිපි නරකයි කියන්න තරම් පහතට වැටිලා තිබුනේ නම් නෑ. ඔබේ ලිපි බොහොවිට අපේත් ජීවිතය වගේ දැනෙනවා. මමත් ඔබෙන් බොහෝදේ ඉගෙන ගන්නවා. හැකි සෑම විටම ලියන්න. අපි හැමදාමත් මේ පැත්තට එනවා.
කමක් නෑ හෙමීට ලියාගෙන යන්.
මෙන්න මෙයාටත් කතන්දරගේ ලෙඩේ හැදිලද කොහේද?
මොකද බොස් බැන්නද?

හරී said...

පළමු අවුරුද්දෙ කේක් කන්නත් කලින් මෙහෙම පල්ලම් පොල්ල දාන එක හරිය?
කමක් නෑ එහෙනම් අද හෙට එන උපන්දිනේට සාරවත් යමක් ගේමු.

වත් ගේ කතාවෙන් හැඟෙන්නේ කතන්දර අයියාටද කන්තෝරුවේදී ඇබැග්ගයක් සිදුව ඇති බවය. මේ දෙදෙනාටම බ්ලොග් ලිවීම එපා වෙන ලෙසටම බොසාලා බැන වැදී ඇත්තා වාගේය !!! :D :D

wath said...

ඉඩ ලැබෙන වෙලාවට ලියන්න තමයි හිතන් ඉන්නේ. වෙලාව මදකම නිසා යාළුවන්ගේ බිලොග් වලට කොමෙන්ටු ලියන්න හම්බෙන්නෙ නැහැනෙ. ඒ නිසා මම ඒ ලැබෙන වෙලාව අනිත් අ‍යගෙ බ්ලොග් කියවීමටත් ඒවාට කොමෙන්ටු ලිවීමටත් යෙදවිමටයි තීරණය කරේ... එහෙම කරල ඉඩ ලැබුනම ලිපියක් ලියන්නම්....

තමන්ගෙ හිත සතුටින් තියන අනිත් අය ගේ හිත් වල සතුටත් රදවන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි කියලයි මට හිතුනේ...

Ravi said...

අහෝ, අසරණ වත්
බොස් පැවසීය, තෙදවත්
දැනගනු යෙහෙකි, මෙපවත්
Last Warning, තමයි කොහොමත්

චමිල said...

අප්පා....ඒ මොකද හදිස්සියෙම...ඔය කිව්වට එහෙමම අඩු කරන්ඩත් එපා... ලියන්න අක්කේ...

කංචු said...

අයියයියෝ.... මමත් තාම බ්ලොග් ලියන වැඩෙට අත ගැහුව විතරයි..... ඔයාල යන්න යනව.... පුලුවන් හැම වෙලේම පොඩි ලිපියක් හරි ලියන්න.... මේ බ්ලොග් අවකාශයට හොඳ ලිපියක් එකතු වෙන එක, කමන්ට්ස් දානවටත් වඩා වටිනවනෙ.
හරි , බොරුද මං කියන්නෙ...?

NUWAN"s lane said...

අනේ මං වගේ වෙන්න නම් එපා....වෙනදා වගේම දිගටම ලියන්න වත්

දුමී said...

වත් නගෝ . . . මම හිතන්නෙ මේක හොඳ තීරණයක් . . හොඳ නිර්මාණයක් කරන්න නම් කාලයක් යනවා. මේ තාක්කල් නගා කරපු නිර්මාණ හෑල්ලු කරනවා එහෙම නෙමෙයි. ඉදිරියේදිත් නගාගෙන් ගොඩක් හොඳ නිර්මාණ බලා පොරොත්තු වෙනවා. ජය වේවා !

wath said...

@ Jeew
නොලියා ඉන්න බැරි බව දැන් මට තේරේ
වෙන වැඩ පසෙකලා ලියුමට මගෙ හිත සැරසේ

( අනේ දෙවියනේ මාව ෆේල් කරන්න නම් එපා)

wath said...

@ Chanaka Aruna Munasinghe
ඔවු .. බැන්නෙම නැහැ. ඒත් ලොකු සර්රුත් දැන ගත්තට පස්සේ ඔපිස් වෙලාවෙදි හිතට එන දේවල් ලියන එක වැරදි නේද?

wath said...

@ Hasitha ජයසූරිය
ප්‍රශ්ණයක් නැහැ. දැන් ඉතින් ලොකු සර්රුත් කියවන නිසා පරිස්සමින් හිතග මතල තමයි ලියන්න වෙන්නෙ...

wath said...

@ පුබුදුවා
ඇහ්... මම මේ අහන්නමයි හිටියෙ.. පුබුදුගේ නමේ හැටියට මොකද මේ දාලා තියෙන ප්‍රොපයිල් පික්චර් එකේ හැටි....

wath said...

@ priyantha.ඒබී
නැහැ බැන්නෙ නැහැ. දන්න බව ඇගෙවුව. ඔයා හරි හරසුන් දේ ලියවෙන වාර ගාණ වැඩියි හැමදාම ලියන කොට. ඇයි එතකොට අරමුණ ලිවීම මිසක් අර්ථවත් දේ ලිවීම නෙමෙයි නිසා. ස්තූතියි අවංක අදහස් වලට. අගේ කරනව ඔබේ අදහස්.

wath said...

@ හරී
කතන්දර අයියා ඇත්තේ පිටරටය
මේ ලියනා මම ඇත්තේ සිරිලකය

wath said...

@ Ravi
රවී මගෙ හිතවත්
නුඹත් බොස් කෙනෙකුන්ද බලවත්

wath said...

@ චමිල
දිරි දීම බලවත්
නොලියා ඉන්න දරන වෑයම යටපත්

wath said...

@ කංචු
ඇත්ත ඇත්ත සැබෑව... මාත් මේ ඒ පැත්තේ ගොඩ වෙලයි ආවේ.......

wath said...

@ Ravi
රවී.. මම සෙවුවා සෙවුවා... ඔබතුමා බ්ලොග් එකක් ලියනවද... මම දවසකුත් ඇහුවද මන්ද?

පුබුදුවා said...

හොයලා හොයලා ගැලපෙනම එක තමයි වත් අක්කේ ඔය දැම්මේ,ඇයි හොද නැද්ද මම අහන්නේ හික් හික්

මාරයාගේ හෝරාව said...

මාත් දැන් ටිකක් ලියන එක අඩු කරලා ඉන්නේ..
ඇත්තටම මට නම් විවෙකය ඔන කරලා තියෙනවා.පහු ගිය දවස්වල මට හිතන්න කල්පනා කරන්න වෙලාව මදි උනා.ඒ හින්දා දැන් මම ලියන එක අඩු කරලා හිතන එක වැඩි කළා.
ඔයාගේ තීරණයත් හොඳයි කියලා මට හිතෙනවා.
ඒත් ටික දවසක් යන කොට ආයෙම වෙගයෙන් ලියාගෙන යන්න පුළුවන් වෙයි...

Ravi said...

/රවි මගේ හිතවත්....../

හපොයි ඉඳුරාම නැත්,
මම හින්නෙක්මි කවදත්,

/රවි..මම සෙවුවා..../

කලිනුත් දිනෙක ඇසුවේ නම් නැතුවා,
පිළිතුර ලෙසද කියනෙමි තවමත් නැතුවා

෴ හසියා ෴ said...

නිදහස් නිරවුල් මනසක් ඇතිවිට
බිහිවෙයි නිර්මාණ එක එක සොද....

ම්ම්ම්ම්ම්....අක්කියගේ ලිපියක් බලන්න..කියවන්න පිදුම ආසවේ ඉන්නේ...දවසගානේ නෙවේ පැය ගානේ දැම්මත් කියවන්න පුළුහන්....
ඒත් අක්කි කියන කතාව ඇත්ත‍‍...වැඩ පාඩුකොරගෙන පොස්ට් දාන්න එපා....පුළුවන් වෙලාවට දාන්න...අපි ඉතිං කොහොම දැම්මත් කියවනවා අනිවා......
දිගටම ලියන්න අක්කේ.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...