..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, September 3, 2010

෴ අතර මඟ෴


ගමන තනිවම යමින් සිටි මම
නුඹව දැකලම නැවතුනා
නුඹගෙ  කටහඬ නුඹගෙ ගති ගුණ
ගමන අමතක කර පියා

නුඹගෙ උණුසුම සුවය අතරේ
 නොදැන කාලය ගත වුනා
ගමන නිම නැත
අතර මඟ අපි අතර මං වී ඇති නියා

අතර මඟ මා දමා නොයනට
සපථ කර නුඹ ගිය නිසා
එනතුරුම මම බලා සිටියෙමි
 නොමඟ යන්නට නුඹ එපා

සොඳුරු රුව ගුණ 
කදිම ගති ගුණ
දමා යන්නට බැරි නිසා
නතර වෙමි මම
නුඹත් සමඟම
ගමන යමු අපි එක් වෙලා

“It's the circle of life, and it moves us all, through despair and hope, through faith and love, 'till we find our place, on the path unwinding”

නුඹ එනතුරු අතර මඟ ,අතර මංව සිටින 
මම
෴ වත් ෴

11 comments:

  1. මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවු සමනලියක ගෙනි
    පාර අසා තිබුණේ....

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන් හිටි තැන් මතකයේ අඬමානය
    පාර කියන්නේ කෙලසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය.....

    අප හමුවුයේ මන් දැයි නෙදනිමි
    පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි....

    ~~~

    දෙදෙනාම ගමන්කලේ පාර දැනගෙනද?

    ReplyDelete
  2. සොදුරිය...
    මා වෙනුවෙන් නුඹ තවත්
    බලා නොසිටින්න....
    මා දැන් අන්සතුය...
    අප ගතකල සොදුරු අතීතය
    අතීතයටම එක් කරන්න....
    ඒ මතින් නැගී සිට
    නුඹේ දිවිය සාර්ථක කරගන්න....

    මීට
    නුඹ හැරගිය මා
    ~මොඩයා~

    ReplyDelete
  3. ජීවි‍තේ මා ගමන් මඟ
    හදිසි‍යේ ඇදිනිගත් ඔබ
    හැර ‍නොයන බව කීවද
    අතර මඟ මා අමතකව ගිය ඔබ.......

    නමුදු.....
    නැවත ‍නොඑන බව
    දැන දැනම එනතුරා ඔබ
    දෑස රි‍දෙනතුරු මඟ බලන
    මා තවමත් එ‍ලෙසමය............

    ‍නොඑන බව දැනම
    මඟ බලන මම
    හා පැටික්කි.....

    ReplyDelete
  4. මගෙන් වුනු වරදට සමාවෙන්න. . .
    http://sodhuuruisavva.blogspot.com/2010/09/blog-post.html

    ReplyDelete
  5. සොදුරැ රැව ගුණ
    කදිම ගති ගුණ
    සියොලගම ඇත
    අඩු නොමැතිවම
    මගේ ලග සිට
    දිරිය දෙන ඇය
    මට සදාකල් වාසනා

    ReplyDelete
  6. ආවෙ තනියම යන්නෙ තනියම
    අතරමග නැවතුනේ තනියම
    මොහොතකට ඔබ කළා අමතක
    ඔහුද ගමනක් යන්නෙ තනියම

    දෙදෙන තනියම යන ගමන් දෙක
    එකම බසයක යනව නම්
    එයයි ප්‍රේමය සැනසිල්ල දෙන
    බදා වැළඳුම් කුමට දැන්

    අක්කේ, කාලෙකට පස්සේ තමා එන්න පුළුවන් උනේ.කවිය නම් ලස්සනයි.

    ReplyDelete
  7. තනිවයි එන්නේ තනිවයි යන්නේ..
    මොකටද වැලපෙන්නේ...

    ReplyDelete
  8. @ ෴ හසියා ෴
    ස්තූතියි හසියා.
    දැන ගියොත් කතරගම.
    නොදැන ගියොත් අතරමඟ

    @ හා පැටික්කි (MS)
    හ්ම් ... හොඳයි... ඔබ ලියන්නේ දැන් කවි..
    දෑස රිදෙනවා... පාර බලා ඉදලා ද?

    @ පුබුදුවා
    ෂා... නියමයි මල්ලියො... වාසනාව තමයි ඉතින්..

    @ leks' world
    ආහා... විභාගෙ ඉවරද දරුවො... කාලෙකින්...
    පුලුවන් වෙලාවක ඇවිදින් යන්න මලේ.
    මගේ සිතේ කිසි තරහක් නැහැ නෙ මලේ...

    @ priyantha.ඒබී
    තනිව ආවාට
    තනිවම මැරුණාට
    ජීවත් වෙන්න
    තනිවම බැහැ නේද

    @ හසී රන්
    ??????

    ReplyDelete
  9. "මේ හැටි දුර පියමං කරලා ඇයි මම ඔබ ලඟ නතර උනේ?"

    කිසිසේත් ඉසිඹු නොගන් නැඟනිය,
    නොනැවත පිය මනිනු මැන දිගටම,
    එක්ව යන්නට වරම් ඇතිනම්,
    හඹා එනු ඇත නිසැකවම ඔහු,

    ReplyDelete
  10. @ Ravi
    අනේ එහෙම ගියහම මට එයාව මඟ ඇරුණොත් එහෙම...

    ReplyDelete
  11. ඒකත් හරි තමයි බලාගෙන යනකොට,
    ඉතිං එහෙනං මොකදෑ කොරන්නේ,
    එනකල් ඉන්ඩම වෙයි වාගෙ නෙවද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...