..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, September 1, 2010

෴ ජංගමේ ෴

කියන්න බලන්න අද කාලේ කොල්ලන් කෙල්ලන්ට නැතිවම බැරි (කන්න බොන්න නිදියන්න නැතත් ) උපකරණය මොකක්ද කියල.... හරි හරි ඇහුන ඇහුන..... හෑන්ඩ් ෆෝන් තමයි. නිදායන්න ගියත් නින්දක් නැහැ සමහරුන්ට ෆෝන් එක ලග නැති නම්... දෙයියනේ කියල මට නම් දැන් දුරකතන පණිවිඩ එනව බොහොම අඩුයි....උපහාර බැහැර කර නිසා....නැත්තම් නිකම් තියෙන විනාඩි 1000 නේද කියල හිතල කාටම හරි කරදර කරන එක තමයි කරන්නේ.

ඉතින් අද කොතනක ගියත් එක එක විදිහට නද දෙන මේ දුරකතන නිසා මට හිතෙනව ජංගම දුක මිනිසුන්ව යටත් කර ගෙනදෝ කියල. 
දැන් මෝටර්සයිකල් වල යන කොට පලදින හෙල්මට්ටුවෙත් අමුතු ගැජටි එකක් තියෙනව මේ ජංගමේ රදවන...

කොහොම වුනත් මේ ලෝකෙ මම අකමැත්තෙන් ම භාවිතා කරන උපකරණය තමයි ජංගම දුක. 

ජංගම දුරකතන සදාචාරය ගැන කතා කිරීම අපි වගේ සදාචාර සම්පන්න රටකට අමුතුවෙන් කියල දෙන්න ඕනි නැති වුනත් දැන් අපේ රටේ ඉන්නෙ වෙනත් රට වල ඉදල මෙරටට ගොඩ බැස්ස සිංහල ජනතාව නිසා සදාචාර සම්පන්නව දුක භාවිතා කරන්න ජනතාව දැනුවත් කරනව නම් පුහුණු සැසියක් එහෙම පවත්වනව නම් හරිම වටිනව...

මට හිතෙන දැනෙන රීති ටිකක් මෙහෙම සදහන් කරන අතරේ ඔබටත් පුලුවන් එහි හරි වැරදි පෙන්වා දෙන්න වගේම එයට අලුතින් දේවල් එක් කරන්න....ඉතින් අපි ජංගම දුරකතනයට වහල් නොවී ජංගම දුක අපේ වහලෙක් කර ගමු.

  • තමාට ලගා විය නොහැකි දුරක හෝ අවස්ථාවක ජංගමය වසා තබමු. ( මොකද එහා පැත්තේ සිට ඔබ අමතන්නාගේ කාලය ඉතිරි කිරීමට එය රුකුලක් වෙයි)
  • රාජකාරි අවස්ථාවක පැමිණෙන ඇමතුම් සංවාද හැකි තරම් කෙටි කිරීමට පියවර ගනිමු.
  •  දේශණයක දේශකයෙකු වුවත් අසන්නෙකු වුවත් ඒ පැය කිහිපය සදහා ජංගමය වසා තබමු.
  •  දේව මෙහෙයන් හෝ අනිකුත් වැදගත් ආගමික අවස්ථා වලදී ජංගමය නිහඩ කරමු.
  • පොදු වාහන වල ගමන් ගැනීමේදී ඇමතුම් කාලය ඉතාම කෙටි කර ගැනීමට කටයුතු කරමු.
  • පුද්ගලික වාහනයකදී වුවද රියදුරු අසුනේ යෑමේදි ජංගම ඇමතුම් ගැනීම නතර කරමු.අවශ්‍යම නම් වාහනය පසකට කර නවතා සංවාදය කර ගෙන යමු.
මල් කඩන්න එපා කියල ඔන්න මම එහෙම කීවේ නැහැ .

ඔබේ අදහස් වලට සංවාදය විවෘතයි...............

“1 in 10 [survey respondents] said they’d rather lose their mother-in-law than their cell phone.”

අකමැත්තෙන් වුවත් ජංගම දුක භාවිත කරන
මම
෴ වත් ෴

17 ප්‍රතිචාර:

පිස්සා පලාමල්ල said...

ඕක නැතුව අපි ඒකාලේ ජීවත් උනා නේ කිසිම අවුලක් නැතිව. ඒත් දැන්.... ඒක නැතුව ජීවිතයක් ගැන හිතන්න බැරි තරම් ඒකට ඇබ්බැහි වෙලා... බිල ආවම දුක දැනෙනවා හොඳට.

රොකියා | Udara said...

හුඟක් දෙනා ඉතින් ඕක show එකටත් පාවිච්චි කරනවා. තව කට්ටියක් සිංදු අහන්නත් පාවිච්චි කරනවා. පොඩි දෙයක් කියන්නම්,

ඉන්දියාවෙ පවුල් 10ක් ගත්තොත් පවුල් 5 කටම වැසිකිලියක් නෑ. ඔවුන් මේ දේ කරන්නෙ මහ මග, එහෙම නැත්තන් රේල් පීලි උඩ. (BBC චැනලයේ ගිය documentary එකකින් ඇස් දෙකෙන්ම දැක්කා). නමුත් ඉන්දියාවේ දුරකතන දෙකක් භාවිතා කරන ගනන 60% කටත් වැඩී.

priyantha.ඒබී said...

"ඉතින් අපි ජංගම දුරකතනයට වහල් නොවී ජංගම දුක අපේ වහලෙක් කර ගමු" දැනටමත් මම එහෙම කරගෙන ඉන්නේ. හැබැයි වහල් සේවය එතරම් හොඳ දෙයක් නෙවේ.
ඇත්තට මේ ෆෝන් නැති උනොත් කොහොම වෙයිද? හිතන්න එකපාරට ෆෝන් සියල්ල වැඩ කරන්නේ නැතිව ගියොත්. අන්තර්ජාලය නැති උනොත්. ඉඳලා ඉවරයි නේද? දන්නෙම නැතිව අපි නේද මේවායේ වහලුන් වෙලා ඉන්නේ.

Shadow/හේමලයා said...

හ්ම්ම්ම්....ඇත්ත...ඒත් සමහර වෙලාවට ඕක නැතුවම බෑ.....බොහොම subjective මාතෘකාවක්නෙ ඕක.....කාලය සමග මිනිසුන් වෙනස් වේ....අපි කැමතිවුනත් නැතත්....:(.

ඉලංදාරියා said...

මමනම් ජන්ගම දුක බාවිතා කරන්නේ කෙටි ප/ණ්විඩ විතරයි ඔං.හේ....

චමිල said...

ජීවිත කාලෙටම මම මොබයිල් පෝන් පාවිච්චි කරල තියෙන්නෙ අවුරුද්දක් විතරයි. ජීවිතේටම දුරකතන 2යි. ඒවත් බොහොම අඩු මිලට ගත්ත ඒවා. කොටින්ම දැන් මට මොබයිල් එකක් නැහැ. දැන් මාස 8ක් විතර මොබයිල් එකක් පාවිච්චි කලේම නැහැ.
පුදුම නිදහසක්. ඉන්නේ කොහෙද, මොනවද කරන්නෙ කියල අහන්න කවුරුවත් නැහැ. මගේ ලෝකේ ඉන්න වෙලාවට කාගෙන්වත් බාදා නැහැ. අනිත් එක, හිතන්ඩ මම කාත් එක්ක හරි කතා කර කර ඉන්නව කියල. කෝල් එකක් ආපු ගමන් කතාව නවත්තල උත්තර දෙන්න එපෑයි. සංවාදය සම්පූර්ණයෙන්ම ඉවරයි. පහුගිය කාලෙටම එහෙම අවුලක් උනේ නැහැ.
මොනව උනත් සමහර වෙලාවට පොඩ්ඩක් අමාරු වෙනවා. ඒත් ඒ ඉතාම කලාතුරකින් තමයි. නිදහස වෙනුවෙන් ඒ අමාරුව විඳගන්න එක එච්චරම අවුලක් නෑ.....
හැබැයි මේ නිදහස වැඩි කාලයක් විඳින්ඩ වෙන එකක් නම් නැහැ. කට්ටියගෙන් බර බරේ... ලඟදිම එකක් සෙට් වෙන්ඩයි යන්නෙ. මොනව උනත් ට්‍රයි කරනව අනවශ්‍ය වෙලාවට ඕෆ් කරල තියන්ඩ... ඕක නැතුව බැහැ කියන එක නන් මම පිලිගන්නෙ නෑ...
අක්කගෙ උපදෙස් ටික නන් හරිම වටිනවා..

Chanaka Aruna Munasinghe said...
This comment has been removed by the author.
Chanaka Aruna Munasinghe said...

ජංගම දුරකතන වල සඥා මී මැස්සන්ගේ ගමන් මාර්ග අවුල් කරනවාලු. දන්නව ඇතිනෙ මී මැස්සො ගැන අයින්ස්ටයින්ගෙ අනතුරු ඇඟවීම .

හරී said...

ඇතුවත් බැරි , නැතුවත් බැරි දෙයකි නේද?

dinesh said...

ඔන්න වෙලඳපොළ.භාන්ඩෙ කොහොමහරි පාරිභෝගිකයට අත්‍යාවශ්‍යය කෙරෙව්ව.දැන් ඉතින් උන්ට ඕනෙ,ඕනෙ විදියට සල්ලි හොයනවා.මට කවදාවත් ලංකාව ඇතුලෙ ෆෝන් එකක් තිබුනෙ නෑ.
අපේ අය hand phone පාවිච්චි කලාට ගොඩක් අය එහෙම කරන්නෙ කරන්නන් වාලෙ.එක්කෙනාට සිම් තුන හතර තියනවා.ඉතින් කොයි number එකද පාවිච්චි කරන්නෙ කියල වෙන කෙනෙකුගෙන් අහල තමා දැන ගන්න ඕනෙ.

ළමයා said...

නිදාගන්න ඇඳට ගියාම ඕකේ ටූංටූං...ටූංටූං.. සද්දේ ඇහෙන්නේ නැත්තං මට නින්ද යන‍්නෙත් නැති වෙයිද මන්දා... හිහ් හිහ්

හැබැයි අර අක්කා කීව පලවෙනි එක හැරෙන්න අනිත් දේවල් ටික නම් මම පිළපදිනවා එදා සිටම...

෴ හසියා ෴ said...

සහතික ඇත්ත‍....අක්කිගේ කටේ සෙල් ෆෝන් එකක් දාන්න වටිනවා....
හැබැයි මටත් නැතිවම බැරිදෙයක් වෙලා.සමහරවිට මගේ වැඩත් එක්කද මන්දා‍‍...ඒක මගේ අඩුපාඩුවක්ද කියලත් හිතෙනවා....හැබැයි මම කාටවත් කරදරයක් වෙන විදිහටනම් භාවිතා කරන්නේ නෑ.මම හරිද අක්කියෝ....? ;-)


තව දෙයක් මේකට එකතු කරන්නම්....
නැ එක්කෝ ඒක අද හෙටම පොස්ට් එකකින් දාන්නම්...කමක් නැ නේද....

udaya.jayawardhana said...

බොහොම ස්තූතියි ඔහොම දෙයක් ගැන නිකමටවත් කතා කලාට... නොදන්නා අයගෙන් එන ඇමතුම් වලින් ගැලවෙන්න තාම හරි විදිහක් නැතිවීම මම දකින තව ප්‍රශ්නයක්...

Hasitha ජයසූරිය said...

මට නම් ඉතින් අමුනල කරල ජන්ගම දුකෙන් වැඩක් නෑ මට මල් කඩන්න කෙනෙක් නෑනෙ :D

මට නම් මල පනින්නෙ අක්කෙ....අර චයිනීස් ෆෝන් තියන් ඇඩ් එක දාන් උන් දැක්කම.......උන්ගෙ හිතේ අපි වෙන මොනවත්ම දැකල නෑ කියල.......ඒ මදිවට කනේ තියන් කතා කරනව....බුදු අම්මෝ ඒව දැක්කම මොබයිල් කන්පැනි එක ඒකගෙ අප්පච්චිගෙ බූදලේද කියල හිතෙනව :P


අනික ඉතින් ඕක නරකත් නෑ හොදත් නෑ පාවිච්චි ක්‍රන එකා අනුව ඒක තීරණය වෙන්නෙ

මට නම් අයිෆෝන් හීනයක් තියෙනව........අයියෝ ඒක හැබෑ වෙනවනම් (හැබැයි දැනට නම් ඒක හීනයක්) ....ඒක තමයි මන් නම් කැමතිම උපකරණෙ...ඒත් ඉතින් ඒකත් ජන්ගම දුකක් :D

අභීත said...

මම බිස්නස් කාරයෙක්ගෙ චරිතෙකුත් රගපාන නිසා ඕක නැති උනොත් මට ලොකු කරදරේක වැටෙන්න වෙනවා.... ඒ මල ඉලව්ව නිසා කන්නත් නෑ වෙලාවකට.... ඒකට පිලියමක් ඉක්මනටම හොයා ගන්න ඕන...

Jeew said...

ඇත්තටම මොබයිල් ‍ෆෝන් එකක් කියන්නේ සමාන්‍ය ජන ජීවිතය පහසු කරවන දෙයක්....
ඒත් ඉතින් ඒක තමන්ට කරදරයක් කර ගන්නේ තමන් විසින් මයි..
පොඩි උදාහරණයක්: මට සහභාගි වෙන්ඩ තියෙන වැදගත් රැස්වීමකට මම පිටත් වෙනවා. ඒත් හදිසියේ ඒක අවලංගු වෙලා. මං ඒකට යන අතරේ මගේ ජංගම දුරකතනයට ඇමතුමක් දීලා මේ ගැන දැනුම් දෙනවා. මං ලඟ ජංගම දුරකතනයක් තිබුණේ නැත්නම් මට පණිවිඩය ලැබෙන්නේ මගේ සාමාන්‍ය දුරකතනයට. ඒ පණිවිඩය මට දැනගන්න වෙන්නේ නැති හින්දා මං අපරාදේ නිකං රස්තියාදු වෙලා මගේ වටිනා කාලය නාස්ති වෙනවා නේද...?

වරද තියෙන්නේ ජංගම දුරකතනයේ හෝ ඒවා නිපදවන සමාගම් වල නෙමෙයි. අපේ අතේමයි. තියෙන්නන් වාලේ "මං ලඟ අළුත්ම මොබයිල් ෆෝන් එකක් තියෙනවා" කියලා හැමෝටම පෙන්නන ප්‍රදර්ශන භාණ්ඩයක් කර ගන්නේ නැතිව, එයින් අදාළ ප%යෝජනය පමණක් ගත්තහම ඇති.

අනෙක් කාරණය ජංගම දුරකතනයක් පාවිච්චි කරනවා නම්, ඔබ සඳහන් කළ ආකාරයට අවශ්‍ය වෙලාවන්ට හැරෙන්න (දේශනයක් අතරතුර, ආගමීක ස්ථාන වල, වෙනත් අවශ්‍ය අවස්ථාවන්හිදී) ක්‍රීයා විරහිත කරනවා හෝ නිශ්ශබ්ද ආකාරයෙන් තබා ගැනීම වැදගත්. හැබැයි හැම විටම එය වසා තබනවාට වඩා අකමැති ඇමතුම් වලට පිළිතුරු නොදීම කළ හැකියි. නැතිනම් ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන බව දන්න, ඔබට ඇමතුම් ගන්න උත්සහ කරන අනෙක් පුද්ගලයන්ට කරන අපහසුවක්...
එසේ කළ නොහැකි නම් ජංගම දුරකතනයක් පාවිච්චි නොකරම සිටීම හොඳයි. එතකොට හැමෝම දන්නවනේ ඔබට ජංගම දුකක් නැහැ කියලා...
කොමෙන්ට් එක දිග වැඩි වුණා.. කරන්න දෙයක් නැහැ.. හිතුන දේ කියන්න එපායැ...

Ravi said...

/"1 in 10 [survey respondents] said they'd rather lose their mother-in-law than their cell phone"/

Definitely the other 9 must be either;
1) Unmarried or
2) Had lost their mothers-in-law already.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...