..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 29, 2010

වරද (o2)


අතීත මතක පිහිටෙන් නිවසට පැමිණි මම දොරකඩටම පැමිණි විටයි දුටුවේ තමවත් විවෘත කර ඇති දොර. කලබල ජරමර අස්සේ දොරක් වැසුමට සිහියක් නොවිනි.ඇය මෙය දැන ගත හොත් මට දෝසා රෝපණය කරනු නිසැකය..

" යන තැනක දොරවල් වහල යන්න බැරිද? හොරු මගෝඩි හැමතැනම. ඔයාට නම් කොච්චර කීවත් වැඩක් නැහැ සමන්"

කුමක් කරන්නද මා ඇයට විවෘත කළ දොර වසා ගත්තේ ඇය විසින්මය.

යකුන් නැටූ පිටියක් බදු වූ නිවසේ ආලින්දය හිත රිදවූ දෙයහි ශේෂය මනාවට පෙන්වයි... ගමන් මළු දෙකම තිබූ තැන තිබූ පරිදිම ඇත. කාන්තා‍රයක ගමන් කළ පිපාසිතයෙකුට ජල බින්දුවක් හමුවුනා හා සතුටක් එය දුටු මට ඇතිවිය....

ඒ අබියස දණ බිම ඔබාගත් මම පිස්සෙක් මෙන් ගමන් මළු විවෘත කරන්නට වුයේ දරුණු අහිරහසක සාක්ෂි හමුවූ රහස් පරීක්ෂයෙකුගේ නොඉවසිලිමත් බවිනි.

ඇය මා දුක් මහන්සියෙන් උපැයුව දේද ඔහු සමඟ සැප ජීවිතයක් විදීමට රැගෙන යන්නට ඇත. ඇයට ශාප වේවා.......

විවෘත කළ එක් ගමන් මළුවක වූ දේ දුටු මට ඇස් අදහා ගත නොහැකි විය.... විවිධ වර්ණයන්ගෙන් යුතු රිබන් සමූහයක්.. විවිධ වර්ණයන්ගෙන් යුතු බැලුන් බෝල සමූහයක් සහ ලා නිල් පැහැති හැඩදැමූ ඉටිපන්දම් කිහිපයක් ඒ තුල විය. තව දුරටත් ගමන් මළුව ඇවිස්සීමේ කුතුහලයෙන් යුතු වූ මම බැලුන් සහ රිබන් ගොඩ ඇද පසෙකට දැම්මෙමි. ඒ තුල සුරක්ෂිතව අසුරා තිබූ ෂැම්පේන් බෝතලය මගේ නෙත ගැටුනේ එවිටය.

එහි අවසානය දුටු මම ප්‍රමාණයෙන් කුඩා අනිත් ගමන් මල්ල විවෘත කෙරුවෙමි.... මා කවදත් කැමති ලා නිල් පැහැති රැපින් පේපරයක දවටා ඒවැනිම රිබන් එකකින් ඔතන ලද තරමක විශාල පාර්සලයක් පමණක් එහි අසුරා තිබුනි....හිතේ පැවති නොසන්සිදෙන කුහුලෙන් පසු වූ මා එය ප්‍රවේශමෙන් ගැලවූයෙමි.
ඒ තුල තිබ්නේ නවීනතම වර්ගයේ ලැප්ටොප් පරිගකකයකි. ඒ තුල තිබී මා අසල බිම වැටුන හතරට නමන ලද නිල් පැහැති කඩදාසිය දුටු මම එය අහුලා ගෙන මුද්‍රිත අකුරින් එහි සදහන් දෑ කියවිමට පටන් ගත්තෙමි...................

මගේම ආදරණීය සමන්....................

අද වගේ දවසක මේ ලෝකෙට ඔයා ආවේ මගේම වාසනාවට කියලයි මට හිතෙන්නේ. මගේ ජීවිත කාලය පුරාවටම මට ලැබුන ලස්සනම තෑග්ග තමයි ඔයා. ඔයා තරම් ලස්සන තෑග්ගක් මට තෝරන්න බැරි වුනත් මේ පුංචි තිළිණය ඔයා ආදරයෙන් පිළිගනීවී කියල මම හිතනව..... ම්ම්... ඒවගේම ඔයා වගේම තව පුංචි සමන් කෙනෙක් අපේ ලෝකෙට එන්න බලන් ඉන්නව කියන ලස්සන පණිවිඩෙත් අද වගේ දවසක ඔයාට කියන්න ලැබීම මගේ වාසනාව වෙන්න ඇති....... ඉතින් සමන් මට වාසනාව ගෙනාව මගේ සමන්ට සුබම සුබ උපන් දිනයක් පතන මම ඔයාගේම ආදරණිය බිරිඳ ..‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...............

 තෑගි දීමට ගොස් රෝහල් ගත වූ 
මම
෴ වත් ෴

11 ප්‍රතිචාර:

අභීත said...

කියලා කලා නම් මොකුත් නෑනෙ.... අනේ මන්දා මාත් කැමතියි මේ වගේ වැඩ වලට.....

Shadow/හේමලයා said...

A backfired surprise...

sansarasidu said...

පළමු කොටස කියවත්දිම අවසානය ගැන ඉඟියක් ලැබුණා..

සිත වාවගන්න බැරි අවසානයක්!

අපූරුයි සිස්

තිස්ස දොඩන්ගොඩ said...

අනේ අර මනුස්සයාව එළොව යවන්න එපා වත්.. වරද නිවැරදි කරගන්න චාන්ස් එකක් දෙන්න...!! තුන්වෙනි හතරවෙනි කොටස් වලින් ඇයගේ කථාවත් කියන්න... ඇය දුටු ඔහු ගැන...

෴ හසියා ෴ said...

හ්ම්....හිතුන විදහටම කතාව හරි...වැඩි පුර තිබුනේ රිබන් ටිකයි පුංචි සමනුයි තමයි.
ඉස්සෙල්ලා ලිපියේ දාලා තිබුණ මේ කමෙන්ට් එකටනම් අද හසියා විරුද්ධයි.අනුමානයකින් පුළුහන්ද වටිනා ලිපියක අගය මනින්න.මම නම් හිතන්නෑ.කතාවක් ලියද්දි ගලා‍ගෙන එන සිතුවිළි නිවැරදිව හසුරුවා ගන්න එකම ඇති එම නිර්මාණයේ සාර්ථකත්වය කියන්න.අක්කිගේ නිර්මාණය අනර්ඝයි.ඒ ගැන පහත්කරලා හිතන්න එපා.
කතාවේ අදහස ගැන කිව්වොත් අර ඉස්සෙල්ලා ලිපියේ JEEW සහෝදරයගේ කොමෙන්ටුවට මාත් එකගයි.ඕනිම පිරිමයෙක් කියන එකනම් හැබැයි පිළිගන්න අමාරුයි.නමුත් බොහෝ පිරිමින් කිසිවිටකත් කැමති නෑ තමන්ගේ පෙම්වතිය හෝ බිරිද වෙනත් පිරිමින් සමග වැඩි ඇහි හොදැයි කම් පවත්වනවට.මම ඒක සාධාරණයි කියලා හිතනවා ප්‍රධාන හේතුවක් මත.ඒ ඊරිසියාව.හිතන්න ඔහු ඇයට අවංකවම ඇත්තටම ඇයට ආදරෙයි නම් ඔහු කැමති නෑ ඇගේ අවධානය ආදරය වෙන පිරිමින් වෙතට ඇදෙනවට.ඒ තමන්ට ඇය අහිමි වේ යැයි කියා සිතට දැනෙන බයයි.බයට වඩා මම නම් හිතතන්නේ ඊරිසියාවයි.ඒ වගේමයි කාන්තාවන්ගේ තියෙන වෙනස්වෙන සුළු ගතිය.එහෙම කැතිනම් චපල කම.හෝව් හෝව් හැමොටම මේකතාව අදාල නෑ.ඒත ගොඩක් අය එහෙමයි කීවොත් කට්ටිය පිළිගනීයි කියල මම හිතනවා‍‍.තමන්ට නැතිදෙයක් වෙනුවෙන් දුක් වෙන පසුතැවෙන කාන්තාවන් ඕනි තරම් ඉන්නවා.ඒ වගේමයි තමන්ගේ සැමියගෙන් හො පෙම්වතිගෙන් නොලැබෙන දෙයක් වෙනත් පිරිමියෙක්ගෙන් ඇයදීමේ ගුණය කාන්තාවන් හට වැඩියි.(මේ කතාව දෙපැත්තටම ‍පොදුයි.මම කිව්වේ පිරිමින්ට සාපේක්ෂවයි.)ඉතිං ඒවගේ තත්වයක් උඩ කාන්තාවක් එලෙස වෙනත් පිරිමියෙකු සමග සුහදව කතාකරන එක සැමියාගේ හො පෙම්වතාගේ හිතේ සැකයක් ඊරිසියාවක් ඇති කරන එක පුදුමයට කරුණක් නෙවේ නේද?
හැබැයි තමන්ගේ සැමියගෙන් හෝ පෙම්වතාගෙන් සහ බිරිද හෝ පෙම්වතියගෙන් නෙලැබෙන දෙයක් තියෙනම් ඒ වෙනුවෙන් වෙනත් කෙනෙක් ඇසුරු කරන එක මම අනුමත කරන්නෑ.මොකද පෙම්කරන කාලයේදීත්,විවාහ දිවියත් සාර්ථකව ඉදිරියට ගෙනයා හැක්කේ කැපකිරීම් මත පමණක් බව කියලා තමයි හසියා නමි විශ්වාස කරන්නේ(ම්ම්මම්ම් අත්දැකීමෙන් කිව්වා කියලා හිතන්නකෝ).ඕක ඉතිං හැමොම පණ්ඩිතයෝ වගේ කියනවා...ඒත් කැපකිරීමක් කරන්න කිසිම කෙනෙක් කැමති නෑ.අනිත් කෙනා ඔහු හෝ ඇය වෙනුවෙන් ඒ කැපකිරීම කරනතෙක් බලාන ඉන්නවා.අන්තමට පවුල් අවුල් වෙනවා.එහෙම නේද?

(ස්තූතියි අක්කියෝ, මල්ලියාට පෝස්ට් එකක් දාන්න අක්කියාගේ "සොදුරු සිතේ" ඉඩදුන්නාට)

Jeew said...

හිතවත් වත්....
පළමුවෙනි කොටසේ කොමෙන්ටු වලට පිළිතුරු විදිහට ඔබ දාලා තිබුණා,
"ලැබී ඇති ප්‍රතිචාර වලින් පෙනී යන පරිදි කතාවේ ඉතිරි කොටස ලිවීමෙන් පලක් නැති බවයි.
මෙවර මා අසාර්ථක කතා කියන්නියක් බවට පත්වී ඇති බව ඉන් පෙනී යයි...." යනුවෙන්.....
මෙවැනි අදහස් ඔබගේ පාඨකයන් වන අප කිසිසේත් නොපිළිගනිමු...
"මගේ මීලඟ කතාව කිසිවෙකුටත් උපකල්පනය කළ ‍නොහැකි ලෙස ලියන්නම්" යනුවෙන් ඔබ සඳහන් කර තිබුණි නම් අපට ආඩම්බර විය හැකිය....
ඔබගේ කතා විලාසට ඉතාම අගනේය. සමහර තැන් වල ඔබ දී තිබූ ඉඟි පුළුල් වැඩි බැවින් කතාව මෙය යැයි බොහෝ දෙනෙකුට අනුමාන කළ හැකිව තිබුණි....
එවැනි ඉඟි නොදී කතාව ගොඩනැඟීම හෝ කොටස් වශයෙන් නොව එකවරම කතාව පළ කිරීම අපව කුතුහලයට පත් කිරීමට හොඳ අවියක් බව පවසනු කැමැත්තෙමි...
පෙර කොමෙන්ටුවෙන් ඔබේ සිත පෑරුණි නම් සමාවන්න...

wath said...

@ Jeew & ෴ හසියා ෴
පලමුවෙන්ම කියන්න ඕනි. මම ඔය දෙන්නම එක්ක කිසිම අමනාපයක් නැති වග. අවංක හැගීමෙන් ලියනු ලබන කොමෙන්ටු මට ඉතාම වටිනව..

ජීව් කිව්ව කතාව හරි.මටත් පස්සෙ කියවන කොට තෝරුනා විවෘත ඉගි බොහෝමයක් මම පුන පුනා ලියා තිබුන....

හැකියාවක් වැඩිදියුණු වෙන්න නම් ඇත්තටම මේ වගේ කොමෙන්ටු ඕන. නැත්තම් හැමදාම මම එතම වරද කරනව...

ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි...

Jeew said...

බොහොම ස්තූතියි වත් ට... මමත් ලිවීමට එච්චර දක්ෂ නැහැ. හැබැයි ලියන වෙලාවට ගොඩාක් හිතනවා... පාසැල් කාලයේ නම් රචනා වලට ලකුනු තිබුණා... අවුරුදු ගණනකින් එහෙම අත්දැකීම් නැහැ.... මම හිතනවා ඔයාට ඉතාමත් හොඳට ලියන්න පුළුවන් කියලා... ඔයාගේ කවි දැක්කහම ඒවාට හිත ඇදිල යනවා... නවත්වන්නේ නැතිව නිතරම ලියන්න සුභ පතනවා....

MaRlaN said...

කතාවනම් එල අක්කේ..... ටිකක් විතර වැඩිපුර දුක හිතෙනවනේ?

wath said...

MaRlaN
ස්තූථියි මල්ලියා ....දුක හිතන්න එපා ...

MaRlaN said...

එල දුක් නොවී ඉන්න බලන්නම්කෝ...... හොද පොතක්වත් හොයාගන්න බැරි මේ කාලේ අක්කගෙ බ්ලොග් 1න් නැති වුන සාහිත්ය රසය නැවත ලබනෙමි...... බොහොම පින් :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...