..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, August 12, 2010

෴ මගේ නිවස - "A man's home is his castle." ෴


හුදකලා මගෙ කුටියයි
සුවඳ නැති මගෙ යහනයි
රසය නැති දිව බොජුනයි
නිතර ම'සිතට නුඹව කැඳවයි

සිනා හඬ නුඹගේ
පුරවයි නිවස මාගේ
නුඹගෙ සියුමැලි දෑතේ
පහස ඉල්ලයි ම'සිත ආයේ

උරුමයක ලියවුනු
ඔබගෙ සුවඳින් ඔපවුනු
මදසින් නැහැවුනු
රජ දහන කුමරියක් නැති වුනු

නිවසෙ සිරියාවිය
මගේ දිවියේ බාරිය
සිරියහනෙ මනමාලිය
සිහිනයෙන් පැන ළඟට එනු මැන

" A house is made with walls and beams. 



A home is made with love and dreams."

නිවසෙ හිමිකාරිය
මම
෴ වත් ෴

24 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

ලස්සන පද පෙලක් අක්කියෝ....(කියන්නත් දෙයක්ද ඉතිං නේද...)
පැන පැන එන්න ගිහින් වැටෙයිද දන්නෑ නේද....

priyantha.ඒබී said...

මගෙ කුටිය මට සුවඳයි
එහි සටින විට සුවදෙයි
අහර රජ බොජුනයි
මගේ රජ මැදුර නිවසයි

හුදෙකලාව රජයන්නේ
නින්ද මට ලං වෙන්නේ
සතුට මට ගෙන දෙන්නේ
මේ නිවස සුව දෙන්නේ

මගේ නි‍වසේ සුව විඳින
මම ප්‍රියන්ත

Shadow/හේමලයා said...

නියම අදහසක්.....ඔය House & Home වෙනස්කම නම් මම අහලා තියෙනවා..ඒත් කොහොමද ඕක සිංහලෙන් කියන්නේ..

nish said...

මනමාලිය පැන ගියාම හීනෙට මොකද වෙන්නෙ?


හීනෙ පව්.........


හ්ම්ම්ම්ම් සොමතිලක ජයමහ ගෙ ලස්සනසින්දුවක් මතක් උනා

ජීවිතේමල් said...

ලස්සනම ලස්සන පද පෙලක් :)

wath said...

@ ෴ හසියා ෴
පැන කියන එකට වෙන වචනයක් කොච්චචර කල්පනා කරත් කල්පනාවට ආවෙම නැහැ මලේ...

@ priyantha.ඒබීසි
අලුත් කවි පිටුවක් පටන් ගත්ත නේද. එන්න තරම් විවේකයක් ලැබුනේ නැහැ . ඉඩ ලද විගස ඇවිත් බලන්නම්.

@ ජීවිතේමල්
ස්තූතියි... LifeFlower. :D

wath said...

@ nish
හැම වෙලේම අසුබවාදීව හිතන්නේ ඇයි නිශ්. ඔයා බ්ලොග් එකක් ලියනවද?

෴ හසියා ෴ said...

ඒක අවුලක් නෑ ලස්සනයි...මම නිකන් කිව්වේ අක්කි බබෝ.

"සිහිනේන නොව හැබැහින් එනු මැන"
දිග වැඩිද මන්ද....

Jeewani said...

ලස්සන අදහසක්,ගැලපීමත් ලස්සනයි.......
අගෙයි.

nish said...

අපො නෑ මම අසුබවාදියෙක් නොවෙමි. ඔක ලිව්වේ විහිලුවට. අපොයි මට ලියන්න නම් බෑරියො ........... හෑබෑයි බත් එක ඔතලා දෙන race කොලේ උනත් කියවනව. ඈත්තටම මට ලියන්න බෑ. ඒත් කියවන්න හරි ආසයි.

ලියන්න බෑරි කියවන්න ආස මම නිශ්


(කොපි කොරාට අමනාප වෙනකක් නෑ මන් හිතන්නේ

විහඟ ගීතය said...

“Mid pleasure and palaces
Through we may roam
Be it ever so humble
There is no place
Like HOME …Sweet HOME”

හසී said...

හරිම ලස්සනයි අක්කියෝ!

wath said...

@ Shadow/හේමලයා
House වලට ආදරේ එකතු වෙලා Home වෙනව. සිංහලෙන් නම්.... මගේ පැලත් රජ මැදුරක් වගේ කියන්නේ Home කියල වෙන්නැති...

wath said...

@ විහඟ ගීතය
" Yes ofcourse "

wath said...

@ විහඟ ගීතය
" Yes of course "

wath said...

@ Jeewani
ස්තූතියි... කවුද මේ අලුත් සහෝදරී....

wath said...

@ හසී
ස්තූතියි ...

priyantha.ඒබී said...

@Shadow/හේමලයා
නිවස හා නිවහන වගේ ගන්න බැරිද?

දිනුෂ් said...

මෙලොව තුසිතය මවන්නේ තමන්ගේ නිවසයි.බිරිද දරුවන් තමයි ඒ තුසිතයට පණ පොවන්නෙ.

මේක මහ පුදුම දෙයක්.......


ලස්සනම් ලස්සනයි පද ටික.

ඉලංදාරියා said...

ජනෙල් පියන් අතරින් රින්ගා ...
හමන සුලන් ‍රැලි සමග ගින්..
ඔබේ සුවද මම වින්දා....
පාලු යහනේ නුබ ඉදගෙන ඉකි බින්දා..

ගත දුරකින් ඈත උනත්....
හිත නුබේ ලග රන්දා.....
මගේත් යහන පාලු වෙලා....
නුබ මගේ ලග නැති හන්දා...

හැකිනම් මට ලගට එන්න ...
හීන ලෝකයෙන් මිදිලා..
මම එන්නේ හිරු කිරනට ...
වැඩිය වේගයක් රන්දා....

Hasitha ජයසූරිය said...

අපිට නම් ඕවාට තව කල් තියේ.....:D

චමිල said...

කවිය නන් නියමයි. ඒත් ඔය විදිහට හිතන්ඩ පුරුදු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ. තනිකම සුන්දරව විඳින්ඩ පුරුදු වෙනව නන් ඒක වටිනව. මොකද නැත්තන් හැමදාම දුක තමයි...

sansarasidu said...

හරිම අපූරුවට ගැලපුණු පද වැලක්..
ඇත්තටම ලස්සනයි අක්කෙ

මටත් එක පාරටම මතකයට ආවේ සෝමතිලක ජයමහ මහත්මයගේ ගිතය..

charmi said...

හප්පා.... House එකක් Home කරන එකත් ඉල ඇදෙන වැඩක් වගේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...