..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, August 10, 2010

෴ පැමිණෙන්න හිරු ලෙස ෴


උදෑසනත් සමඟින් 
මා වෙත පැමිණ
දුරස් වෙලා යන්නේ 
ඇයි හිරු ලෙසට
සියක් දසවතාවක් 
මතකෙට රැගෙන
මෙලෙස විසීමට නොහැකිය 
මා ප්‍රියසබඳ

හමුවන කෙනෙක්
නුඹ ගැන විමසන විටක
පවසන්නට වදනක් 
නැත මා මුවග

සිතින් සෑමදා සිටියත් 
නුඹ සමඟ
 ලෝකය දන්නේ නැහැ
එය නුඹ මා පමණ

උරුමය මේ ලෙසින් 
මා හට වද දෙයිනම්
කරුමය ලෙසින්
මා එය ඉවසා ඉන්නම්

 සෙවනැල්ලක් ලෙසින් 
ඉන්නට මා සමගින්
 නොහැකී නම් එන්න
හිරු වී සැමදා  සතොසින්

හිරු බැස යන ඉම බලා සිටින
මම
෴ වත් ෴

16 comments:

  1. උදයට පැයන හිරු සවසට බැස යනවා
    දහසක් මල් පිබිදුනත් ඒවා පරවෙනවා
    ඇතිවූ සියල්ලක් මතුදා නැති වෙනවා
    සුනදර සිතුම් නොමැකී මෙහි පවතිනවා

    ෴සොදුරු සිත෴, හේමලයා, විහඟගීතය නිසා මටත් දැන් නිකම්ම කවි ලිවයෙනවා. මගේ බ්ලොග් ගුරු කතන්දර. කවි ගුරු ෴වත්෴ ස්තුතියි ඔබට

    ReplyDelete
  2. ඇයි දරුවෝ මේ වගේ හිත පතුලට යන ඊයම් බරු වගේ ඒවම ලියන්නේ,,,දුක සතුට මැදි කරලා හිතන්න,, ජීවිතේ ලස්සන එතකොට

    ReplyDelete
  3. @ priyantha.ඒබී සී

    කවි ලියන්න කවි අහන්න දැන ගන්න
    හොඳම තැනයි විහඟගෙ ගීතය ඔන්න
    ලස්සන වෙන්න සිතකින් නුඹ ඔය ඉන්න
    දස්සය නුඹත් පද හතරක දැවටිච්ච

    ReplyDelete
  4. @ හරී

    හරී කියන දේ හරී
    දුක පිරිලා සිත සරී
    කවි ලියලා මේ හැටී
    දුක නිවනව මා නිතී

    ReplyDelete
  5. ඉර බොරුවට තරහවෙලා ගියාට...වෙස්වලාගෙන එනවා හඳ විදිහට...හොරෙන් බලලා යන්න.....හොඳටම අප්සෙට් ගියපු වෙලාවට තමා අමාවක එන්නේ....

    ReplyDelete
  6. හිරු නැඟිලා නුඹට , මට සඳුවත් කොහිද
    වරු ගෙවිලා ගියත් කළුවර වෙයි නිබඳ
    හුරු තනිකමට එළියක් වනු බැරි වුවද
    තරුවක් වත් වෙලා දිදුලන්නද? සුහද

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. "පැමිණෙන්න හිරු ලෙස" කියවූ
    මම
    ෴පොඩි හසී෴

    ReplyDelete
  9. @ Shadow/හේමලයා
    අනේ හැබෑට නියම සිතුවිල්ලක්... සමහර පිරිමි ළමයිනුත් ඒ වගේ වෙන්න ඇති නේද ෂැඩෝ..

    ReplyDelete
  10. @ විහඟ ගීතය

    හිරු නැගිලා ගිනිබත් කළ ජීවිතය
    සඳුගේ ස්නේහයෙන් සුවපත් වෙයි නිබඳ
    අදුරේ ගිලී සැගවී යන විටදි පෙම
    නොහඩන් සබඳ තරුවත් අනගියි එවිට

    ReplyDelete
  11. @ Hasitha ජයසූරිය
    හසී පැටියෝ... ඉස්කෝලෙ වැඩ කොහොමෙයි.

    ReplyDelete
  12. පායන්න යලිත් හෙට
    ඇවිත් මගේ ලෝකයට..
    අදුරු වලාකුල නිවා..
    ‍රැස් දෙන්න ජීවයට

    අපේ සොදුරු ලෝකයේ...
    මලින් පල බරවෙන්න
    ජිවය අරන් නුබ හෙටත්...
    පෙර ලෙසම නැග එන්න

    නුබ නමින් කෑගසන
    මගේ හිතට ඉඩ දේන්න
    මුව ගොලු උනත් නුබ නමින්
    ඒ නමට ඉඩ අරන් නුබ එන්න

    ලස්සන පද පෙලක් අක්කියෝ..

    ReplyDelete
  13. @වත් අක්කා
    මගෙ මාරුව හින්ද අයිස් ගැහිල්ල විතරයි අක්කෙ.. ලබන වාරෙ ඉදල තමයි වැඩ තියෙන්නෙ :(

    ReplyDelete
  14. Hamadaamath wage, lassana padi pelak Wath :)

    ReplyDelete
  15. පද පෙළ හරි අපූරුයි අක්කෙ..

    ReplyDelete
  16. හමුවන කෙනෙක්
    නුඹ ගැන විමසන විටක
    පවසන්නට වදනක්
    නැත මා මුවග

    මේ ටික නම් ඈත්තම ඈත්ත නගේ. අමාරුවෙන් හිත හදාගන්න ට්‍රයි කරන කොට මොකෙක් හරි ඈවිත් කොනිත්තල දානව නෙ..............

    නිශ්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...