..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, August 13, 2010

෴ තුන්වැන්නිය ෴



ඇගෙ සුවඳයි නුඹේ ළඟින් හමන්නේ
මෝරා නොමැති මා හද ඉන් රිදෙන්නේ
තුන් වැන්නියක වී කුමටද රැදෙන්නේ
මට සමුදෙන්න ඇයි නුඹ කල් බලන්නේ

අවසර නැතිව නුඹෙ සිත වෙත පියමැන්න
හරි ආදරෙන් නුඹ මා සිත  පිරිමැද්ද
 ලොබ වී එයට එන මඟ අමතක වූව
 මා මඟ වැරදි නුඹ අත නැත කිසි වරද

නුඹෙ සිහිනයේ ඇය හා රජ වී ඉන්න
සිත නොරිදවා ඇය ගේ ලොව සනසන්න
මට සමුදෙන්න ආ මග ‍වෙත යළි යන්න
එළියට බසින දොර පමණක් පෙන්වන්න


පවුලේ පළවෙනියා වුවත් දිවි මඟේ තුන්වැන්නිය වූ
මම
෴ වත් ෴

15 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

ඔබටත් ඇයටත් එකසේ ආදරේ කරන්නේ
ඔබත් ඇයත් මා හට නොවැ වටින්නේ
දෙදෙනාටම මා වරදක්දෝ කරන්නේ
මා කෙලෙසද ඔබ හට සමුදී ඉන්නේ....
(පද හරඹ නොදත් හසියා‍..) :(

ලස්සනයි පද පෙළ අක්කියෝ(කියන්නත් දෙයක්ද ඉතිං)... :D
මගේ යාළුවෙක්ට මේවගේ අත්දැකීමක් තිබුණා.පස්සේ මගේ යාළුවා දෙන්නගෙන්ම ඈත් වුනා.පුදුමේ කියන්නේ ඒ කාලේ දෙන්නට දෙන්න දැන දැනත් මගේ යාළුවගෙන් එක්කෙනෙක් වත් ඈත්වෙන්න කැමති වුනේම නෑ.හේතුව වුනේ "දෙයියන්ගේ මල්ලි" ;-)

Shadow/හේමලයා said...

සම්මතය....අසම්මතය......අපේම නිර්මණයන් නොවෙයිද?....ඒත්....

wath said...

@ ෴ හසියා ෴

"සල්ලි"

"සල්ලි" රැදුන තැන් වල තියෙන ආදරේ හරිම කෘතිමයි මල්ලි.

wath said...

@ Shadow/හේමලයා
එහෙම දෙයක් නෙමෙයි ෂැඩෝ...

ඈත් වෙලා කෙතරම් දුරකින් රැදුනත්
කියන , කරන හැමදේකම සමහරු රැදිල ඉන්නව
දවසට සියවතාවක් මතකයට එනව
ලන් වෙලා වුන්න කාලෙට වඩා වැඩියෙන්
ඈත් වුනාම දැනෙනවා

එහෙම වුනාම
වෙන කෙනෙක්ට ලන් වෙන්නත් අමාරුයි
වෙන කෙනෙක්ට මුලු හිතම දෙන්නත් අමාරුයි...

ස්තූතියි ෂැඩෝ හැමදාම හැමවෙලාවෙම මගේ සොඳුරු සිතට ගොඩ වෙලා හයියක් වෙනවට..

හසියටත් එක්කයි කීවේ...

ඉලංදාරියා said...

සමකෝනි ත්‍රිකෝනයකි...
ඇයත් ...ඔහුත් ..ඔබත් අතර
ත්‍රිකෝන මිතිය මම දන්නෑ...
මේ අදරේ බෙදල දෙන්න..

මේ ආදරේ බෙදලා ගන්න
ඔබ කැමතිද ...නැකියන්න
ආදරේ කොහොම බෙදලා ගන්න...
හිත කොහොමද රිදවගන්නේ..

වෙලිලා ගියපු මහ පොලවට..
පිනි වැස්සක උනේය නුබ..
මේ විදිහට ඉල්ලුවාට .....
පිටවන දොර කියනු කොහොම...

෴ හසියා ෴ said...

අපෝ ඒකනම් ඇත්ත‍.මිනිස්සු හිතන් ඉන්නේ සල්ලි වලට කොරන්න බැරි දෙයක් නෑ කියලා.
ඒත් අවංක ආදරයක් නම් කවදාවත් සල්ලි වලට ගන්න බෑ.ඒ වගේමයි ඒ ආදරේ පැවැත්මට සල්ලි ඕනිත් නෑ.

එන්න එපා කීවත්
එනවාමයි ඔබේ සිතට
ඒ නෑවිත් බැරි හන්දා....

හොද දේවල් අගයන්න ආරාධනා ඕනි නෑ අක්කියෝ.අගයනවාට ස්තූති ඕනිත් නෑ.මොකද හොද දෙයකින් ස්තූතියට වඩා වැදගත් දෙයක් අනිවාර්යයෙන්ම ගන්න පුළුහන්නේ.

දිගටම ලියන්න මගේ අක්කි බබෝ....

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

නුඹේ සුසුමන් තුලින්
ඔහුව මට දැනුනාට....
නුඹේ දෙනුවන් තුලින්
ඔහුව මට දැනුනාට....
නුඹේ කදුලැලි තුලින්
මගේ සිත රිදුනාට....
බිදක්වත් අඩු නොමැත
මගෙ ආදරේ නුඹට....

චමිල said...

ලස්සනයි අක්කේ පද ටික.....

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්තටම ලස්සනයි පද පෙල... කණාගාටුවක් හිතේ අඳින්නට සමත් වුනා...
"සමුගන්නට අවසරයි... අවසරයි...?
මගේ හිත මට දෙන්නකෝ....
ඔබේ හිත අර ගන්න අවසරයි..."
--වික්ටර් / නිරංජලා--

freedom said...

එළිපත්ත පෙන්නන්නෙ කාටද කියල එයා හිතනව වෙන්න බැරිද?
"වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
....
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවිදෝ???"

මැණික් said...

නුඹෙ සිහිනයේ ඇය හා රජ වී ඉන්න
සිත නොරිදවා ඇය ගේ ලොව සනසන්න
මට සමුදෙන්න ආ මග ‍වෙත යළි යන්න
එළියට බසින දොර පමණක් පෙන්වන්න
ලස්සනයි වත්
මැණික්(සුළඟ)

priyantha.ඒබී said...

දිනයක ප්‍රමාදයකිනි මම මෙහි ආවේ
මේ දැන් තමයි ඔබෙ කවි පෙල කියවූවේ
වෙනදා නොමැති නොගැලපුමකුයි අද දුටුවේ
පෑනෙන් නොවේ හදවතින්ද අද ලීවේ

maiyyagelokaya said...

නගේ මොකො අවුලක්ද?

පබලු said...

හරි ආදරෙන් නුබේ හිස පිරිමදින විට
තහනම නොදැන නුබේ පෙම මම පතන විට
එපිටින් හිටිය පෙම්බරි දුටුවේ නැ මම
සමුදෙනු කොහොම මගේ හිතගත් දෙවනි ලඳ

malithi said...

කවියෙන් හිත කැළඹුනා වත් ...

හිමිකම් නොකියමී ගණ නිල් නුබ තලට
දේදුනු සේම නිළි වැසි පුරුදුයි හදට
මන්දාරම එබෙන කළුවර රුදු රැයෙක
තවමත් පෙම් බඳිමි අත දිගු නැති නුබට

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...