..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, August 29, 2010

෴ නුඹ දුන්න මල රෝස ෴


දුක් කඳුළු ලේ සහිත
නුඹ දුන්න මල රෝස
වෙනදාට වඩා අද
අගෙයි සුවඳයි වගේ

නුඹ ඉසිළු දුක් කඳුළු
 හෙළු දහඩිය මුසුව
හමන සුවදින් නිතර
නුඹව සිහිගන්නවයි

මල තවම සුපිපිලා
නුඹේ දුක් ලේ වලින්
පෝෂණය වෙයි නිතර
මගේ සුසුමන් වලින්

ඇනී කටු මල රෝස
රිදුම් දුන්නත් ඉතින්
නුඹ නැතිව මට දැනෙන
වේදනාවත් සැපයි


I understand with love comes pain, but why did I have to love so much?
 
 කඳුළු පැන් වත් කර , සුසුම් හැඟුමන් එක්කර, 
නුඹ දුන්න රෝස මල නුඹ වෙනුවෙන් රකින
මම
෴ වත් ෴

7 comments:

  1. දිවා රෑ වෙහෙස වී
    ගත්ත සොච්චමෙන් මා
    දුන්න ඔය රෝස මල...
    පණ ලෙසට රැක ගනින්..

    සිහින ලෝකයෙ ඉද්දි
    නුඹට මා නැති තනිය..
    දැනෙන කොට එය වතට
    ලං කරන් සිප ගනින්..

    රන් නුඹේ හුස්ම පොද
    දැනෙනවා මට නිතර..
    සති අන්තෙ ආවාම
    නුඹ වෙතට එමි විගස..

    ReplyDelete
  2. නුඹේ මහන්සිය මම දනිමි
    ඒ සොච්චමේ වටිනාකම දැනුනි
    දුන් රෝස මල මට අගෙනි
    පණටත් වඩා ආදරෙන් එය රකිමි.....

    සිහින ලොවේ විතරක් නොව හැබහින්ද
    දැනේ මසිතට නුඹ ළග නැති අඩුව
    නුඹ දුන් රොසමල සිප ගන්නේ කෙලෙස
    ඇනෙනවා කටු, එය වේදනා බර වැඩිය.....

    ReplyDelete
  3. Well love doesn't come with pain....love is pain...yet we embrace it......:))))

    ReplyDelete
  4. @ අභීත...
    කවිකාරයෙක් වෙලා.ඉඉස්සරට වඩා ගොඩක් හොදයි.මගේ සුබ පැතුම්.

    ReplyDelete
  5. @ ෴ හසියා ෴
    කටු නැති රෝස මල් නැත
    ඇතොත් එය රෝස මලක් නෝවේ..

    ReplyDelete
  6. @ Shadow/හේමලයා
    Oh..Yeah

    ReplyDelete
  7. අද කවි ලියවෙන්නේ නැත. ලස්සන කවි පෙල. හැබැයි එකක් කියන්න තියනවා අපේ ගෙදර කටු නැති සුදු රෝස තියනවා. ඒවා හරිම ලස්සනයි. කඳුළු ලේ ගෑවුනු රොසමල් රකින්නේ ඇයි විසි කර දාල නිදහස විඳින්න.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...