..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 30, 2010

෴ දුක්බර සමණළයා ෴


 

කාට කියන්නද ආල හැගුම් ඇත
මා හද මඩලේ පිපිදීලා
සමණළයෝ නොහඩනු මැන දැන්වත්
පරණ රෝස මල සිහිකරලා

නුඹ දුක ගන්නට එය පිස ලන්නට
පිච්ච මලක් ඇත කැපවීලා
රෝස මලේ කටුවට පෑරුණ සිත
ඔසුව මවන්නෙමි සිත පුදලා

පාට වියකුණත් සිත නෙක පාටින්
හැඩවී ඇති මගෙ සමණළයෝ
පාට කරන්නම් මට හැකි විදිහට
එය මගෙ සතුටයි සමණළයෝ

දුරින් හිටිය ඇති නේදෝ දැන් අපි
රොන් මගෙ නුඹටයි සමණළයෝ
පිච්ච මලත් සොදුරුයි සුවඳයි නොවැ
ඇවිදින් බලමුද  සමණළයෝ

සමණළයා එනකම් මඟ බලන් ඉන්න
පිච්ච මල
මම
෴ වත් ෴

17 comments:

  1. ඔය ලොයි මලත් එකයි අප්ප.....:))))

    ReplyDelete
  2. සිතුවේ රෝස මල අගනේය කියා
    රැවටුනේ මගේ අනුවණකම හින්දා
    පිච්ච මලේ සුව මසිතට දැනුනු නිසා
    දැන් මම ඉමි සැමදා නුඹව පතා

    අක්කි මේවගේම ලිපියක් එකපාරකුත් ලියලා තිබ්බා.ඒ ෴ මලක කතාව ෴.ලිපි දෙක වෙනස් ආකාරයක් වුනත් අදහස එකයි කියලා මට නම් හිතෙන්නේ....සෝස මලකට වඩා මමත් කැමති පිච්ච මලකට.සෝස මලකට වඩා පිච්ච මල පිවිතුරුයි.ඒ හන්දයි බුදුන්ට පුජා කරන්නත් පුළුහන්.සෝස මල සස්සන එක ඇත්ත..ඒත් චාම් නෑ.පිච්ච මල් චාම් වගේම සුවදයි.හරියට අපේ මේ සමහර ගැහැණු දැරිවියෝ වගේ......

    ම්මම්ම්ම් තමන්ම පිච්ච මල කියලා කියාගත්ත උදවිය මම දුන්න තොප්පිය දාගන්න....


    මේ තව චෝයි කවියක් තියේ.....

    සෝස මලේ නටුවේ කටු
    වන බඹරෝ ඔහොම හිටු
    නටුව නොවේ මල සිඹිමි
    මම ළමයෝ පැණි උරමී....

    :PPPPPPPPPP

    ReplyDelete
  3. අත වනනා සැටියෙන් දැනෙනවා මට
    නුඹ මගෙ දිවියට ඉසුරු ගෙනේ...
    නටුවේ කටු ඇනුනත් මගෙ සිරුරට
    සුව අමතක නෑ රෝස මලේ...

    කුළුදුල් ආදර හිත පුද දුන්නේ
    පහස විදින්නයි රෝස මලේ...
    ඒ පෙම දිවියට හිමි නැති හින්දම
    නුඹගෙන් සැනසෙමි පිච්ච මලේ..... ;)

    ReplyDelete
  4. රෝස මලේ නුඹෙ
    ලස්සන තිබුනට
    නටුවෙ විසකටු
    මම දන්නෙමි දැන් එය...

    පිච්ච මලේ නුඹ
    රෑ කල පිපුනට,
    වැඩි ලස්සන නැතුවට,
    හොඳ සුවඳට තුරුලුව
    රෑ පුරාම නුඹෙ ලඟ ඉන්නම්...

    ReplyDelete
  5. රෝස මල්
    පස්සේ ගොස්
    මල නොව
    කටු සිඹි
    සමනළයා වෙමි.
    ඉතින්...
    පිච්ච මල
    පිවිතුරු වැඩි නැද්ද
    මට...?

    ලස්සන කවි ටිකක් අක්කේ....!!! නියමයි !!!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඇසුනි පරවෙන රෝස මලට මෙවදන්... නැඟිටින්නට පණක් නැතිව මරණයේ එළිපත්තේ සිටියදී ලියැවුණි මෙලෙසින්....

    මමයි රෝස මල පරවුණු මිහි මත
    සමනලයෝ දැන් නුඹට මතක නැත
    පරවුණු මලකින් නුඹට කාරි නැත
    නුඹ දැන් පියඹයි නැවුම් මලක් වෙත

    පෙර දිනයක මා පිපී නැටූ විට
    හමන පවන් රැල් අතරේ හෙමිහිට
    ඉව කරමින් මා විහිදි සුවඳකට
    මතකයි නුඹ ආවා මා ගාවට

    නුඹේ සොඳුරු බව නිසා දැනුණු මට
    ඉඩ දුන්නා නුඹ හට පැණි බොන්නට
    පැණි බී මත් වී නුඹ සැනහෙන විට
    නුහුරු මුදු තුටක් දැනුනා මසිතට

    ම’නුඹට ඉඩ දුන්නේ පැණි බොන්නයි
    නුඹ කරකැවුණේ නටුව වටේමයි
    පැණි තිබුණේ මල් රේණු අතරෙයි
    එහෙත් නු‍ඹට එය නොවැටහුනේ ඇයි

    රෝස කටු, මලක පෙතිවල නොමැතිය
    නුඹ වෙර දැරුවේ නටුව සිඳින්නය
    නටුවෙ කටු ඇණී නුඹටම රිදුනිය
    මලේ කටු ඇතැයි නුඹ මොර දෙන්නිය

    නුඹව සැතපවූ මා අද දුබලය
    නටුවෙන් ගිලිහී පරවී වැටුණිය
    පණ යන්නට තව මොහොතක් පමණිය
    ඒ මොහොතෙත් මට නුඹවම සිහිවිය

    පිච්ච මලක් දැන් නුඹට හඬගසයි
    ඇසූ වදන් මසිතට දැන් වද දෙයි
    නුඹ මට කළ දෙය ඇයටත් නොකරයි
    කියා කියන්නට කිසි විට නොහැකියි

    ‘පිච්ච මලේ නුඹ හොඳින් අසාපන්
    අද නුඹ වෙත ආවත් සමනලයන්
    නුඹවත් පරවී වැටෙන නිමේෂෙන්
    උන් යළි ඉගිලෙයි වෙන මල් සොයමින්’

    ReplyDelete
  8. සොඳුරු සිතක් ඇති වත්..

    නුඹ ලස්සන සමනලයාට ආරාධනා කර ඇති අයුර ඉතාම අලංකාරය....
    එහෙත් රෝස මල ඉතා කුහක ආකාරයෙන් ඔබ කැඳවූ සමනලයාව පහත් කර ඇති බව පෙනේ... ඔබ ඉන් නොසැලෙන්න.... සමනලයාට සොඳුරු, සුවඳැති පිච්ච මලෙත් පැණි බොන්න අවසර දෙන්න...

    ReplyDelete
  9. සමනළයාත් පිච්ච මලත් ඉක්මනටම එක්වේවා යැයි පතන මා ~~~~ දුමී

    ReplyDelete
  10. මලකින් මලකට ගොස් පැනි බොන්නද
    මගේ සමණළයෝ ඔබ සැරසෙන්නේ

    ReplyDelete
  11. ලස්සනයි අක්කේ අද වැඩිය මොකුත් ලියන්නබැහැ.....

    මගේ ඔලුව අවුල් වෙලාවගේ......

    හෙට අයෙමත් කියවලා මොන්වාහරි ලියන්නම්..

    ReplyDelete
  12. හ්ම්.......

    පෝස්ට් එකක් ලියන කොට හිතේ තියෙන හැගීම කොමෙන්ටු දැක්කම ඇත්තටම වෙනස් කර ගන්න වෙනව... මගේ යාළුවො ඒ දිහා බලන හැටි විවිධයි.ඒ දිහා බලල මගේ සිතේ ඇතිවුන වැරදි සිතුවිලි නිවරදි කර ගන්න ඒ නිසා පුලුවන්....

    ස්තූතියි මගේ යාළුවනේ....

    @ priyantha.ඒබී
    ඔයා ලස්සනට බලන කොට හැමදේම ලස්සනට පේනව.

    @Shadow/හේමලයා
    අපොයි......

    @ ෴ හසියා ෴
    මම ලියන දේ ගැන හරි විමසිල්ලෙන් නේද ඉන්නේ.. හපොයි මට බොරුවක් වත් කියන්න බැරි වෙනව...

    @අභීත
    මට තවම හරි හැටි තේරුම් ගන්න බැරි වුන සෑහෙන පරාසයක විහිදෙන.ඇතුලත සිතුවිලි සගවාගෙන, පිටතට වෙනමම මුහුණක් පෙන්වන කෙනෙක් ද අයිය ඔයා.

    @ udaya.jayawardhana
    අලුත් මුහුණක් මගේ බ්ලොග් එකට. කියන්න උදය ඔබතුමත් බ්ලොග් එකක් ලියනවද?

    ReplyDelete
  13. @ චමිල
    හිතේ දුකින් ඉදන් වුනත් මේ පැත්තේ ඇවිත් යනවට ස්තූතියි මල්ලියෝ...

    @Jeew
    ඔයා ...ඔයාගේ බ්ලොග් එකට වඩා හොදට මගේ බ්ලොග් එකට කොමෙන්ටු ලියනව කියල මට හිතෙනව.....මම හරිද?

    @දුමී
    ස්තූතියි අයිය.... දැන් යන විදිහට නම් පිච්ච මලට ඒ සමණළය ගැන බලාපොරොත්තු අතහැර ගන්න කාලේ ඇවිත් වගේ..

    ReplyDelete
  14. @ dusika
    අයිතිකාරයන් ඉන්න සමණළයන් මට ඕනි නැහැ.. ඒ වගේ පවුකාර වැඩ මම කරන්නේ නැහැ...
    ස්තූතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  15. @ ඉලංදාරියා
    හ්ම් ස්තූතියි.

    ReplyDelete
  16. ඇත්තම කියනවා නම් මම එච්චර ලියන්ඩ දන්න කෙනෙක් නෙමෙයි... ඒත් මොකක් හරි කරුණක් දැක්කොත් ඒක දිහා බලන් පිළිතුරක් ගොතන්ඩ පුළුවන්.... මම ඔයාගේ පෝස්ට් වලට කමෙන්ට්ස් විදිහට ලියපු කවි පිළිතුරු දෙකම ලිව්වේ ඔයා ඒ කවි පන්ති වල ලියල ‍තියෙන කරුණු දිහා බලලා..
    උදා:
    නුඹ දුක ගන්නට එය පිස ලන්නට
    පිච්ච මලක් ඇත කැපවීලා
    රෝස මලේ කටුවට පෑරුණ සිත
    ඔසුව මවන්නෙමි සිත පුදලා
    කියන එකට ගැලපෙන්නයි

    රෝස කටු, මලක පෙතිවල නොමැතිය
    නුඹ වෙර දැරුවේ නටුව සිඳින්නය
    නටුවෙ කටු ඇණී නුඹටම රිදුනිය
    මලේ කටු ඇතැයි නුඹ මොර දෙන්නිය
    කියන කවියයි ඊට පෙර කවි දෙකයි හැදුවේ... ඉතින් ඔයාගේ කවිය දිහා බලන් හදපු පිළිතුරු මගේ බ්ලොග් එකේ දාලා හරියන්නේ නැහැනේ...එහෙම වුණොත් කාටවත් තේරෙන එකක් නැහැ කවියේ නිමිත්ත මොකක්ද කියලා...

    තරහා ගන්නේ නැත්නම් මම ඔයාට ලියන කොමෙන්ට්ස් 'වත් ගේ _____ ලිපියට පිලිතුරු කියලා මගේ බ්ලොග් එකේ දාන්නද....?
    මගේ අළුත් ලිපිය කියවලම මේකට පිළිතුරක් දාන්න..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...