..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, August 29, 2010

෴ නුඹමය ෴


හඳට ,අහසට , තරුවලට අපි කොයි තරම් ආදරේ කරත් අපිට කවදාවත් ඒ දේවල් අයිති කර ගන්න බැහැ. අඩු ගානේ ලගට යන්නවත් හැඩ නිල බලන්නවත් බැහැ.....  ඒ දේවල් අපි ලගම තියෙනව වගේ පෙනුනත් ඇත්ත තෙරෙන කොට අපි හොගක් පහු වෙලා ....‍හඳ ,තරු ,අහස දකින කොට මට මතක් වෙන්නේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක්ව....එහෙම දැනෙන්නේ ඒ  දේවල් වගේම ඒ කෙනත් මට ගොඩක් දුර නිසා  වෙන්න ඇති.....

පාරවා රුදු වේදනා
මා සිත දවයි දිව රෑ ‍පුරා
දුර ඇති දෙයට ලොබ බදිමිනා
මා තවත් සැරයක් රැවටුනා

ආදරය මේ යැයි හදුනනා
කිසි හදක් නැත මට ගැලපෙනා
වැරදි නුඹටම පෙම් කළා 
මා තවත් සැරයක් පැරදුනා

නුඹ තනිව නැත මා සිතු ලෙසේ 
මා තවත් තනි වුන බව හැගේ
ආදරේ කළ මා මෙසේ තනි වි 
හඩන්නේ පෙර හුරු ලෙසේ

දිග මානයේ අත නුඹ සිටී 
සිතුවත් බොහෝ ඈතට වෙලා
නෙතු මානයේ සිටියත් මගේ
මිරිගුව එයයි මා සැනසවූ

දිස්නය නුඹේ නෙත් රතු කළා
වචනය නුඹේ සිත ගොළු කළා
රුව ඔබේ මා සිත ගත පුරා
රෝගයක් විය ඔසු නැති වෙනා

තව කෙනෙක් මා වෙනුවෙන් නැතත්
තව බොහෝ අය නුඹ ලග සිටියි
 තව රැදීපල නැත දුකක් මිස මට
තව තවත් ඈතට යමි මෙසේ 

"I have nothing to offer you other
than the undying love of my broken Heart.."


 
මගෙන් ඈතට ඈතට තවත් ඈතට යන ඔබගෙන්
ඈතට ඈතට තව තවත් ඈතට යන 
මම
෴ වත් ෴

19 comments:

  1. දුර පෙනෙන සදවතට පෙම් බැදන්...
    කිමද සොයුරියෙ දුකක් ලං කරන්...
    ලග පෙනෙන ගස්වැලට ආදරෙන්...
    ඉන්න වත් සිත් සතුට ලං කරන්....

    අද මමද කොහෙද 1.. :D

    ReplyDelete
  2. වැලි අහුරක් කොයිතරම් තදින් මිටිකොට ගත්තත් අතේ රැඳෙන්නේ නැත්තේ ඇයි....

    ReplyDelete
  3. අමතක කරන්න හදපු දෙයක් මතක් උනා

    ReplyDelete
  4. තරු වලට ආදරේ කෙරුවත් නොලැබෙන කොට දුක බව ඇත්ත... ඒත් නුඹේ පැත්තෙන් විතරක් බලලා තරුවට දෙස් තිබ්බම....? නුඹට තරුවේ පැත්තෙනුත් සිතන්නට පුළුවන් වුණා නම්.....

    නුඹ දකින ඒ තරුව වෙමි මම
    අඳුරු වූ හිස් අහසෙ පාවෙන
    සිතන මුත් නුඹ මා නොතනි බව
    මම් දනිම් මා විඳින පාළුව

    නුඹ දකින්නේ තරු රැසක් මැද
    සොඳුරු ලෙස හිනැහෙනා බවමය
    නමුත් ඒ තරු රැසත් නුඹ ලෙස
    මගෙන් ගව් ගණනක්ම ඈතය

    නුඹ සිතූ මුත් මා දිලෙන බව
    නුඹට නොහැ‍ඟෙයි මා දැවෙන බව
    දැවෙන ගිනිදැල් මා වෙලාගෙන
    ලොවට පෙන්වයි දිදුලනා බව

    කැමති මුත් නුඹ වෙතට ඒමට
    කරන්නේ මා කෙලෙස ඒ ලෙස
    නුඹව සනසාලනු නොහැකි ලෙස
    දහස් බැමි ඇති පුරා විශ්වය

    පාත් වුවහොත් මා පොළොව වෙත
    කුමක් වේවිද සිතිය හැකි වෙද
    'මෙන්න තරුවක් ඇවිත් පොළොවට'
    පිළිගනීවිද නුඹෙ ලොවේ අය

    අහස් ගැබ කෙලවරට වී මා
    පෙම් කරන්නෙමි නුඹේ සිත වෙත
    නිවී යන තෙක් ම'ආලෝකය
    නුඹේ දෙස් මැද විඳවමින් දුක

    ආදරෙයි මා සදා නුඹ හට
    නුඹ නොදන්නා තරම් කිසිවිට
    එහෙත් නුඹේ හද අයිති වන්නට
    නොහැකි මං මොන පවක් කෙරුවට..?

    ලඟා වෙනු බැරි තරුවෙ කිම පල
    වෙන්වන්න ඔබ මගෙන් සදහට
    සොයා පහනක් නිතර ලඟ ඇති
    ලබා එහි උණුසුමත් එළියත්.....

    ..... ඔබේ දිවියට පහන් ආලෝකයක් පතන මා...,
    දයාබර තරුව.....

    ReplyDelete
  5. මගෙන් කොච්චර ඈතට ගියත් ඇය ළගටම යන්න සිතන
    මම
    ෴ හසියා ෴

    අක්කයෝ ස්තූතියි මගේ හිත අකුරක් නෑර කියෙව්වට......

    ReplyDelete
  6. නෙලාගන්න බැහැ ඒ සඳ...
    නෙතුමානෙන් දුර වැඩියි...

    ReplyDelete
  7. ෴සොඳුරු සිත෴ හි, 3000 වෙනි කොමෙන්ටුව දැමු
    මම
    ෴ හසියා ෴

    ඒකත් හරි පුදුමයි නොවැ...
    ඔන්න වැඩි වැඩියෙන් කමෙන්ට් වැටෙන්න කියලා හදවතින්ම අක්කියට සුභ පතනවා......!!!

    ReplyDelete
  8. @ අභීත

    ළඟ වුන්න ඔහු බොහෝ දුර ගිහින්
    සිත තවම ඔහු ළඟම දැවටෙමින්
    ළඟ ඉන්න පින් කරන් මේ බවෙන්
    මතු සසර හෝ හිදිමි ළං කරන්

    ReplyDelete
  9. @ Shadow/හේමලයා
    වැලි අහුර නැවත බිම හෙලූවත්
    ඔහු මගේ වැලි අහුර නොවේ මැයි
    වැලි අතර අතරමන් කර ගියත්
    දුකක් නැහැ මා සදා ඔහුගෙමයි

    ReplyDelete
  10. @ Hasitha ජයසූරිය
    @ බිඟුවා...!
    ස්තූතියි.........

    ReplyDelete
  11. @ පිස්සා පලාමල්ල
    ඒක වේදනාබර දෙයක් නම් සමාවෙන්න ඕනි.....

    ReplyDelete
  12. Jeew
    ඔයා කවුරු වුනත් හරියට මගේ හිත කියවල වගේ. ඇත්තම කතාවත් තරුවට පොළවට එන්න බැරි කතාව තමයි... ඔබතුමා කැමති මේ කොමෙන්ටුව(ඔබ මට ලියූ කවිය) ඔබතුමාගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට දකින්න මම කැමති.

    ස්තූතියි මා සිත නිවුවට.

    ReplyDelete
  13. @෴ හසියා ෴
    ස්තූතියි හසියා..

    @sansarasidu
    ස්තූතියි

    ReplyDelete
  14. @ ෴ හසියා ෴
    මම දන්නෙ නැද්ද හසියෝ හසිය ගැන.3000ට 03ක්අඩු වෙලා තිබ්බ වෙලාවේ. මගේ පරණ පෝස්ට් දෙකකට කොමෙන්ටු දාලා ඇවිත් කොහොම හරි 3000 වෙනි එකත් ලීව නේද? අනේ අනේ මෙහෙමත් හසියෙක්.... ස්තූතියි හසියෝ.....

    ReplyDelete
  15. හෆ්‍ෆා වත් අක්කි ගම කනවනේ......ඕකනේ බැරි...
    දැන් කියන්ට බලන්ට ඒකේ වැරැද්දක් තියෙනවාද?නැත්නම් 3000 කොමෙන්ටුව දාන්නේ ඔයාමයි.ඊට වඩා හොද නැද්ද ෴සොඳුරු සිත෴ ට (ඔන්න ඔයාට නෙමේ හොදද) ගොඩක් ආදරේ කරන ෴ හසියා ෴ වගේ එකේක ඔය කොමෙන්ටුව දානඑක.
    ආයේ මේ පැත්තේ පස් පාගන්නෑ මම.....දැන් ඉදන් තරාම තරායි.

    ReplyDelete
  16. @ ෴ හසියා ෴
    ආහ් ඒව කොහෙද මාත් එක්ක තරහ වෙන්නෙ.පස් නැහැ මෙහේ හරිද ඒ නිසා කමක් නැහැ..

    ReplyDelete
  17. වත්...
    ඔබගේ ඉල්ලීමට මම එක පයින් ම එකඟ වීමි...
    මගේ බ්ලොගය බැහැදැකින මෙන් කාරුණිකව දන්වමි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...