..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 20, 2010

෴ වරද ෴


" ඇයි .. ඇයි ඔයා මාව දාලා ගියේ, ඔයාට මේ තරම් ආදරෙන් හිටිය මාව රවටල..ඇයි ඔයා මාව දාලා ගියේ"

" මම ඔයාට දාලා ගියේ නැහැ රත්තරන් ඔයයි මාව දාලා ගියේ"

" මම.. මම ඔයාව කවදාවත් දාලා ගියේ නැහැ... මම අදටත් ඔයාට ආදරෙයි. ඔයා තමයි මාව මේ විදිහට අතහැරල ගියේ"

" නැහැ නැහැ... ඔයා තමයි මාව නොසලකා හැරියේ...ඉතින් මම හිතුව ඔයාට මාව එපා වෙලා කියල. ඔයාට මාව කරදරයක් කියල. ඉතින් ඔයාව මම අතහැරිය"

" මම ඔයාව නොසලකා හැරිය .? මම ඔයාට මට පුලුවන් තරම් ආදරේ කරත්දිත්.ඔයා කොහොමද කියන්නේ මම ඔයාව නොසලකා හැරිය කියල"

" ඔයා මට ආදරේ කරේ නැහැ.ඔයා ආදරේ කරේ ඔයාගේ රස්සාවට. ඔයාගේ වාහනයට.ඔයාගේ යාළුවන්ට"

" ඔයාට පිස්සු. මම ඒ දේවල් වලට ආදරේ නැහැ. මම ඒ දේවල් වලට කැමති. මම ආදරේ කරේ..ආදරේ කරන්නෙත් ඔයාට විතරයි"

" ඒ කියන්නේ ඔයා මට කැමති නැහැ?"

" ඔයාට පිස්සු... මම එහෙම කීවද? මම ඔයා කැමති කැමති දේවල් ඔයාට ගෙනත් දුන්න.ඇදුම් කෑම .ගෙදරට ඕන හැමදේම. ඔයා ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දුන්න.ඔයා මට වැඩිය අපේ ගෙදර හිටිය කෘස් ට ආදරෙයි"

" කෘස්... මම කෘස්ට ආදරේ නැහැ...මම කෘස්ට කැමති. කෘස් බල්ලෙක්. ඔයා මනුස්සයෙක්.ඔයා මට හැමදේම ගෙනත් දුන්න තමයි. ඒත් මට ඕනම දේ ... ඕනම දේ ඔයා මට දුන්නේ නැහැ"

" ඔයා කියන්නේ..... මම ඔයාව සතුටු කරේ නැහැ කියලද?"

" ඔවු ... ඔයා මාව සතුටු කරේ නැහැ... ඔයා මගේ හිත සතුටු කරේ නැහැ..."

" මම මොනවද ඔයාට නොදුන්න දේ"

" ආදරය....ඔයා මට ආදරය දුන්නේ නැහැ"

" ඔයා මොනාද මේ කියන්නේ... තවත් මොනාද මගෙන් ඉල්ලන්නේ... මට පුලුවන් උපරිමයෙන්තමයි මම ඔයාට ආදරය කරේ"

" ඔයාට තේරෙන්නේ නැහැ තමයි... ඒ ඔයා මට ආදරේ නැති නිසයි... ඔයාට බැරි වුනා මාත් එක්ක මාසෙකට දවසක් හරි කොහේ හරි ඇවිදින්න යන්න.ඔයාට බැරි වුනා මම ආදරෙන් උයල පිහල දෙන දේක හොද නරක කියන්න. ඔයාට බැරි වුනා මම කියන දෙයකට ඇහුම් කන් දෙන්න. කොටින්ම ඔයාට අමතක වෙලා ගියා ඔයත් එක්ක මම ඉන්නව කියල"

" මම ඒව හිතල කර දේවල් නෙමෙයි... මම කොයිතරම් වැඩ කන්දරාවක හිරවෙලා ඉන්නවද කියල ඔයා දන්නව නේද? මම හිතුව ඔයා මාව තේරුම් අරන් ඇති කියල."

" ඔයාට දැනුත් ඒ වගේම වැඩ ඇති නේද?"

" ඔවු... ඒ වගේමයි. ඒත් මට ඔයා නැතිව පාළුයි. තනියි"

" අන්න ඒ දේ තමයි මටත් ඉස්සර දැනුනේ. දැන් ඔයා තනි වෙලා ඉන්නේ කවුරුවත් ඔයා ළඟ නැතිව. ඒත් මම එදා තනි වුනේ ඔයා මගෙ ළඟ ඉන්න කොටමයි"

" මට තේරෙනවා"

" නැහැ... ඔයාට කවදාවත් තේරෙන්නෙ නැහැ... ආදරේ  කියන්නේ මොකක්ද කියල. ආදරේ හදුනන්නේ නැති හිතක් එක්ක මට ජීවත් වෙන්න බැහැ" 

" මට අනුකම්පා කරන්න ඔයාට බැරිද. අපි ආයෙත් ජීවිතය පටන් ගමු"

" අනුකම්පාව කියන්නේ ආදරය නෙමෙයි.ඔයාට පුලුවන්නම් මට ආදරේ කරන්න. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ විදින්න පුලුවන් නම් විතරක් අපි ආයෙත් ආදරේ කරන්න පටන් ගමු."

Little kindness and courtesies are so important. In relationships, the little things are the big things.

ආදර පලහිලවුව හොරෙන් අහන් හිටිය 
මම
෴ වත්෴

28 comments:

  1. මම නම් අනිව,
    1.එයත් එක්ක මාසෙකට දවසක් කොහේ හරි ඇවිදින්න යනව
    2.එයා ආදරෙන් උයල පිහල දෙන දේක හොද නරක කියනව
    3එයා කියන දේවල් අහන් ඉන්නව

    කොහොමද මගෙ ටිකිරි මොලේ..අක්කට පින්සිද්ද වෙන්න මේ ටික දැන් ගත්තෙ :D

    ReplyDelete
  2. හරි.. හසිත මලයා කියපු දේම තමා මමත් කරන්නේ.. තව පොඩ්ඩෙන් මෙහෙම දෙයක් අපිටත් වෙන්න ඉඩතිබුණා...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්..............
    අද නම් මට මුකුත් කියන්න ගලපගන්න බෑ.දහ පාරක් විතර ලියනවා මකනවා‍.
    අවංක ආදරයක් වෙනුවෙනු ජීවිතේ වුනත් දෙන්න පුළුවන්.....ඒත් අවංක ආද‍රයක් හොයාගන්න එක තරම් අමාරු දෙයක් මේ ලෝකේ නැතිව ඇති.
    වත් අක්කියෝ ඔයාගේ කතාව අද මාව හොදටම ඇ‍ඩෙව්වා.....
    :'( :'( :'( :'( :'( :'( :'( :'(

    ReplyDelete
  4. අනේ මංද වත් අක්කියෝ.... :( :( :( :(
    මාත් හසිය අයිය කියපු එකත් එක්ක එකඟයි............ ආදරේ ඇත්තටම කරන කෙනෙක් නම් කොහොම හරි තේරුම් ගන්න එයාගේ ලගින්ම ඉන්න බැරියැ..........

    ReplyDelete
  5. ජීවිතය සංකීර්ණයි....බොහෝවිට අපේ ඇත්ත ස්වභාවය මතුවෙන්නේ පීඩන සමගයි...එවැනි විටෙක ආත්මර්ථය ආදර අභිබවා යා හැකිය.....අවබෝධය වැදගත් වන්නේ එවිටයි....

    ReplyDelete
  6. හේමලයා වගේම කියන්න තියෙන්නේ අවබෝදයෙන් යුතුව ආදරේ කලොත් ...
    මෙහෙම වෙන්නේ නැහැ....


    හොරෙන් අහගෙන හිටියානේද..?හේ.

    ReplyDelete
  7. ආදරේ කියන්නෙ අතිශයම මානුශික හැඟීමක් .......................

    ReplyDelete
  8. මෙතනදි අවබෝධය කියන්නේ ද්වී-පාර්ශ්වික දෙයක්.ඉතිං එක පැත්තකින් පමණක් අවබෝධයක් තිබීම සෑහීමකට පත්වෙන්න බෑ.දෙදෙනා අතරම තියෙන්න ඕනි ඒ අවබෝධය.
    ඉතිං අපේ පැත්තෙන් අවබොධය ලබාගත්ත කියමුකෝ....එතකොට අනිත් කෙනා....ඕකනේ තියෙන අවුල.....

    ReplyDelete
  9. හ්ම්ම්.... මටත් කියන්න දෙයක් හිතාගන්න බෑ.අවබෝධය, විශ්වාසය නැත්නම් බැඳීම් පවත්වාගෙන යන්න අමාරුයි.

    ReplyDelete
  10. වත් අක්කා ඔයා පෝස්ට් 200 කට කිට්ටු වෙනවා.ඔන්න හසියා අපිටත් මතක් කරේ..සුභ පැතුම් අක්කියෝ.
    http://hasiya8.blogspot.com/2010/08/blog-post_21.html
    ගිහින් බලන්න ලින්ක් එකට.....

    ReplyDelete
  11. වත් අක්කිට මාත් සුභ පැතුම් එක් කරනවා. හසියගෙන් දැනගත්තේ.

    ReplyDelete
  12. @ Hasitha ජයසූරිය
    ටිකිරි මොළේ මෝරන එක තමයි වැරැද්ද....


    @ ළමයා
    හෝ හෝ.. ඔය එළිවෙන්නේ.වාසනාවට එහෙම වුනේ නැහැ නේ ළමයෝ.. සතුටුයි ඒ ගැන..

    ReplyDelete
  13. @ ෴ හසියා ෴
    පේනව පේනව වෙලා තියෙන දේ... හිටහන් කෝ මටත් වෙලාවක් එයි නෙව...

    ReplyDelete
  14. @ හා පැටික්කි (MS)
    අපි කවුරුත් තියරිය දන්නව... ප්‍රායෝගිකව මුහුණදෙන කොට අපි කවුරුත් අසරණ වෙනව හා පැටික්කියේ....

    ReplyDelete
  15. @ Shadow/හේමලයා
    ඇත්ත ෂැඩෝ.. අපි කවුරුත් ඉස්සෙල්ලම ආදරේ අපිට..මම ආදරේ මට. ඔයා ආදරේ ඔයාට...අපි කොච්චර හිතුවත් අපි පණටත් වඩා ඔහුට හේ ඇයට හෝ වෙන කාටහරි ආදරෙයි කියල අන්තිමට වෙන කාට හරි අපි ආදරේ වෙලා තියෙන්නෙත් අපි අපිට ආදරේ නිසා...

    ReplyDelete
  16. @ ඉලන්දාරියා
    මේ මම අහන්නමයි හිටියේ.ෂැඩෝයි ඔයයි අයිය මලෝද... යහළුවොද...

    ReplyDelete
  17. @ හසී
    හ්ම්... අත්දැකීම් නැහැ නේද...

    @ පබලු
    මම ගිහින් බැලුව නගෝ.මේකා ගම කාලා... බලන්න කරල තියෙන වින්නැහිය... අහුවෙයි නේ මට කවද හරි...

    @ Naදී
    ඒක තමයි.. මම දැක්ක හසියගේ ලිපිය..

    @ තිස්ස දොඩන්ගොඩ
    What a wonderful song Aiya.Thank you..

    ReplyDelete
  18. වත් අක්කේ,,, කට අරින්න මසුරන් ටිකක් දාන්න...
    :)
    හරිම වටිනව මේ ලියමන...
    මන් හිතන්නෙ මේ ලන්කාවෙ ගොඩ දෙනෙකුට පේන තෑනක මේ පෝස්ට් එක අලවන්න ඕනෙ... ඔන්න මම මූනු පොතෙත් ශෙයාර් කලා.
    ගොඩ දෙනෙක් ආදරෙ කරන්න මිසක් දැනෙන්න ආදරෙ කරන්න දන්නෙ නෑනෙ..
    ඒක දන්න අයට මම හිස නමා ආචාර කරනව...

    ReplyDelete
  19. හැබැටම අක්කේ අහල නැද්ද "වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියල.....හික්ස්

    ReplyDelete
  20. " අනුකම්පාව කියන්නේ ආදරය නෙමෙයි.ඔයාට පුලුවන්නම් මට ආදරේ කරන්න. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ විදින්න පුලුවන් නම් විතරක් අපි ආයෙත් ආදරේ කරන්න පටන් ගමු."

    අනේ මේ ටික මටත් එයාට කියන්න තියෙනවනම්... :(

    ReplyDelete
  21. ආදරය ජීවිතයක එතිල නැත්නම් ඒ ජීවිතය හරියට මළ මිනියක් වගේ කියලයි මට නම් හිතෙන්නෙ...
    හැබැයි මමත් තාම ඔය අකුරු හතරේ සැබෑ තේරුම ‍සොයාගන්න උත්සාහ කරනවා....

    ඇත්තටම හරිම අපුරු සටහනක්!

    වත් අක්කගේ ද්විත්ව ශතකයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
    (ද්විත්ව ශතකය ලබාගන්නත් කලින්ම සුබ පැතුම් එක් කරනවා... අපේ හසියා මල්ලි තමා මුලින්ම දැනුම් දුන්නෙ...)

    ReplyDelete
  22. අර කියනව වගේ මේ දේවල් ජීවිතේ ප්‍රායෝගිකව යොදාගන්න එක තමා අමාරුම වැඩේ...
    ජයවේවා!!!

    ReplyDelete
  23. ඕන ඕනදේ ගෙනත් දෙන එක නම් ආදරේ ඒ ආදරෙන් ඇති වැඩේ මොකක්ද නේද?. මම දකින විධියට නම් තියන දෙයක් සතුටින් බෙදාගන්න පුළුවන් තැනක ඊට වඩ හොඳින් ආදරේ තියනවා. රජ මැදුරක නැති ආදරේ දුගී පැලක තියෙන්නේ එෟ නිසයි. සමහර විට මේ කතාව නම් දෙන්නා එකිනෙකා අවබෝධ කර/න්න බැරිව එක් වුන දෙන්නෙක් වෙන්න ඕන. රස්සාව, සල්ලි, මම බිසී, තව තව දේ ඕය කිසිදෙයක් වැඩක් නැතිවෙයි සිතේ සතුට නැත්නම්. භෞතික දෙයින් ලැබෙන සතුට සතුටක් නම් වෙන්න බෑ. සතුටක් නම් ඒ වෙලාවට විතරයි. මේ කතාව මට ගොඩක් අදහස් දෙනවා. ඒකයි මෙච්චර දිග කොමෙන්ට් එක්ක දැම්මේ.
    @ වත්
    කතාව හොරෙන් අහන් හිටිය නේද?

    ReplyDelete
  24. හ්ම්ම්........ බලන් ගියාම ඒකත් ඇත්ත. ඒත් දෙන්නම ඒක ක්‍රියාත්මක කරන්න අමාරු බවත් වටහගෙනම ඉදිරියට යනව නම් සාර්ථකයි කියල හිතනව....................

    ඉක්මනටම දිත්ව ශතකෙන් ත්‍රිත්ව ශතකෙට යමු නේ.............
    දන්ම ඕන නෑ එදාටම සුභ පතන්නන්ම්....

    @ හසියා අයියා
    අක්කිල ආදරේ දෝරෙ යනකොට ඒක නොපෙන්ව ඉන්න තමා ඔය එක එක එව්ව කියන්නේ.............. :) :) :) :)
    බොරු නම් හිමින් අහල බලන්න........

    ReplyDelete
  25. ආදර පලහිලව් හොරෙන් අහගෙන ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා... නේද වත්....

    ReplyDelete
  26. @ හා පැටික්කි....
    හැබැමයි නොවැ හා පැටික්කියේ....දවසක් වත් අක්කිගේ පෝස්ට් එකක ඔක දාල තිබුනා නෙවැ...
    "මම ඔයත් එක්ක තරහයි..."ගැණු දැරිවයක් තමන්ගේ පෙම්වතාට එහෙම කියන්නේ ආදරේ වැඩි කමටලු....ඔන්න ඔක කිව්වේ වත් අක්කි නෙව... හික්ස්...
    (ඌරාගේ මාළු ඌරගේ පිටේ තියල කපනවා කියන්නේ මෙකටද කොහොද....)
    තැන්කු හා පැටික්කියේ මතක් කරල දුන්නට.‍.‍..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...