..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 28, 2010

෴ මගේ මිතුරා ෴

ලොව සැම රස ඇති රාගය කලතා
ආලය එහි ඇති ස්වර හා අමුණා
ඒ සැම තත් හතරක දා සරසා
නුඹ වෙනුවෙන් මම වයනෙමි සැමදා

වයනා තත් මග දී නොකැඩෙන්නයි
ගීතයේ ස්වර පද මතකෙ රැදෙන්නයි
ගීත පොතේ පිටු සුළඟෙ නොයන්නයි
නුඹ ලැබෙනා තුරු ලඟින් සිටින්නයි

“Marriage is like a violin. After the music is over, you still have the strings.”

වයලීනය සමඟ තනි වූ
මම
෴ වත් ෴

8 comments:

  1. අප්පච්චියේ ඔය තත් කැඩෙනවානෙ ඕනැතරම්.......

    ReplyDelete
  2. සිත කඩා වැටුණු දා මුක්කු ගසන සංගීතය
    සිත මුසපත් වූ දා සිසිල ගෙනෙන සංගීතය
    සිත් සිත් සමග කතා කරන භාෂාව සංගීතය
    සිත් සෝ තැවුල් සැමදා නිවන් සංගීතය

    ReplyDelete
  3. සමහරුන්ගේ තාලය හරියන් නෑ...තවත් සමහරු slow එකකට වේග රිද්මයක් දෙන්න ගිහින් තත් කඩාගන්නවා...තවත් සමහරු වයන්න දන්නැතුව තත් කඩාගන්නවා...හ්ම්....
    ලස්සන නිර්මාණයක්...
    ජයවේවා!!!

    ReplyDelete
  4. තනීවී ඉන්නේ ඇයි වයලීනය සමගා‍‍
    අහන්න ආසයි ස්වර පද නුඹ වයනා
    වයන්න ස්වර පද අපේගේ සිත් සනහා
    අපි ඉන්නම් නුඹේ හිත් පොඩි නොතලා

    සනසන්න නුඹේ හිත් අහස
    කුමරුන් වඩීවී අද හෙටම
    ආ විගස ඔහු සනසන්ට
    සුසර කරනු වයලීනය


    ලස්සනයි පද පෙල අක්කියෝ........

    ReplyDelete
  5. ආලය අමුණන්නට වත් සොයුරී..
    වයලීනය එක්කල තනිවෙච්චී..
    සුපුරුදු තත මියුරුව නද දෙද්දී...
    ඔහු හඩ සිත තුල එනවද ඉස්සී..

    හුදකලාව මග හැරලා යන්නයි..
    තත් ඔක්කොම එක වර හඩ දෙන්නයි...
    ජීවිත තත කලකට නොසිදෙන්නයි..
    සංගීතය දිව ඔසුවක් ගානයි...

    ReplyDelete
  6. වයලීනය දෝත දරා
    මං ගිටියෙමි තනි වීලා
    වයන තනුව නුඹ වීලා
    එන්න නැතිද මගෙම වෙලා

    ගීයේ ස්වර හත වගේම
    නුඹයි මගේ මුලු දිවියම
    ස්වර හත නැති තනුව ලෙසම
    පාලුයි මගෙ මුලු ලොකෙම

    ..............:D

    ReplyDelete
  7. තත් පිරිමදින සොඳුරු සිත
    මවනා ගී තාල රාවය
    බදිනා පද ගීත තාලය
    විදිනා අප වාසනාමය.......

    ලස්සනයි අක්කියෝ.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...