..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, August 27, 2010

෴ හසුන ෴


අකුරින් අකුර ගලපා නුඹ මට එවන
ලිපියෙන් හමන්නේ නුඹෙ ආදර හුරු සුවඳ
කියවා දහස් වර සිඹිමින් ඒ සුවඳ
නුඹ හා තනිව ඉන්නෙමි මොහොතින් මොහොත

 අකුරින් අකුර මට ඇති ආදර දුටිමි
ලියනා විටදි නෙත ඉනු කඳුළැලි දුටිමි
 මා හා සිනාසෙන ආදර රුව දුටිමි
සැමටම වඩා නුඹෙ හදවත ඉන් දුටිමි

ලිපියක් නොමැති විට හද කකියන දුකය
ලිපියක් ලැබුන විට මා සිත මල් යහන
එක්වන දිනක් නැතිමුත් පේනා දුරක
එක් වෙමි නිබඳ නුඹ හා මා සිත් නිතර

ලිවු ලිපි එකින් එක ගනිමින් කියවන්න
කියවා ආදරෙන් මා මුව සිපගන්න
තරහින් ඔරවලා වැඩියෙන් ආදර ගන්න
ලියුමෙන් පාර අහගෙන මා වෙත එන්න

To send a letter is a good way to go somewhere without moving anything but your heart.

නුඹ එවූ ලිපිය සිය දහස් වරක් කියවූ
මම
෴ වත් ෴

16 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

අපිට නම් ඉතින් SMS & E-මේල් තමා කියවන්න වෙන්නේ......:(

Hasitha ජයසූරිය said...

ආදර ලිපිය කියවා ඇති බව දුටිමී
අක්කගෙ සතුට එතුලින් හොද හැටි පෙනුනී
මේ වැනි ලියුම් අපටත් කවදා ලැබෙතී
කියලා සිතා සුබ පතලා යන්න යමී :D:D

ළමයා said...

මොනිටරේ තමා හනේ අපිට සිඹින්න් තියෙන්නේ.. :(

Pasan said...

කන බත් පිඩක් පාසා නුඹ සිහිවෙනවා
තනිකම සිතට නිරතුරු මගෙ වද දෙනවා
නොදකින නුඹේ නිල්​ නෙතු සිහිවෙනවා
තවනන් බැහැ ඉවසන්න මං විගසින් එනවා

තව මල් පිපීයන් ලොව සුන්දර වන්න
රන් සමනලුන් පියඹාපන් රොන් ගන්න
නුඹ තව හිනැහියන් ම​ගෙ සිත තුටු වෙන්න
මං නොදුටුවත් මගෙ පෙම පිළිගන්න

ගෙල වට රන් මාල බැදලා සරසනවා
මංගල පොරුවේ මං නුඹ හිදවනවා
ගමටම මගුල කියලා නුඹ ගෙනයනවා
නාඩන් නගේ ලගදිම රැය එළි වෙනවා

ලස්සනයි අක්කා පද පෙල ....:D

ඉලංදාරියා said...

ඔබ එවු ලිපිය කියවනවිට හමන සුලං
ඔබගේ සුවද අරගෙන එයි පවනේ සමන්
දිගු හුස්මක් සමග මගෙ හදවත පිරෙන්නට
ඔබ ඇවිදින් ‍රැදුනේ උනුසුම් හදවත පතුල

ලිපියක ලියන්නෙමි මම හැකි හැම වෙලාවේම
උනු කදුලැලි වැ‍ටුනේ නුබ සිහිඋනු නිසාවෙම
හැකිනම් ඉගිලිලා එන්නට අත් ත‍ටු විදාහගෙන
එනේ සැනින් ඔබ ඉන්නා යහනේ කොන


අක්කියො ලසනම් ලසන පද පෙලක්

දුමී said...

ලැබිලා ප්‍රේම සෙනෙහස පත්‍රය කදිම
විකසිත වෙලා වත් ගේ හදවත් කුසුම
රැස් විහිදෙන සමනලියක වන් වතම
සැමදා දිලෙනු නුඹෙ පතනෙමි මම අදම

සංජීවනි පීරිස් said...

අනේ අපිට නම් පෝස් කාඩ් එකක් වත් නැහැ

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

අදර වත් කෙල්ල මාගේ පැණි කැටය....
හසුනක් ලියුවෙ පෙම් ආදර සිතකින්ය...
ඒ දැක සතුට උතුරන පොඩි මුව කමල...
සිඹිනට විගස එනවා මගෙ රන් මැණික....

ඔබ වෙත ලියන හැම ආදර හසුනකම...
පෑනෙන් ගලා යන තීන්ත බිදුවකම......
මගේ හද විමන තුල පුදනට ඔබ වෙතට...
ඇති ආදරේ ගලා යයි නොදැනිම මටම....

පරිස්සමින් මම එනතුරු රැදීයන්.....
හදවත නුබේ වෙන කාටත් නොදීයන්....
උබ නිදියන පැදුරෙ මට ඉඩ තබාපන්...
හෙට මම එනවා මගෙ සද මග බලාපන්....

හා පැටික්කි (MS) said...

කවියෙන් කියන්නට පැවසූ නියායෙන්
කියමි මෙලෙස අක්කණ්ඩිය මා සතුටින්
කියවන විටදි පද පෙල මා සීරුවෙන්
දිටිමි නුබේ හිනැහෙන මුව කමල හොදින්.........

දෑස අයා දින ගනනක් සිටී බලා
ලිපිය ලැබුන විගසින් හද රැදි සතුටා
දෝරෙගලන සෙනෙහස තුරුලට කැන්දා
දහස් වරක් කියවයි ආදරෙ හිත රන්දා.......

෴ හසියා ෴ said...

එස්.එම්.ඒස්, කෝල් වල ඇතමුත් රසය
අපහසු වුනත් දෙන්නට පෙම් ලිපිය
අත දුන්නත් තැපලෙන් එව්වත් ඒ ලිපිය
අමුතුම රසක් ඇත හසුනක් කියවනවිටය

මා සමගත් ඇත ඈ දුන් ආදර හසුන්
ඉදහිට කියවමි මා ඒවා රහසින්
සිහිවී පෙරදා ඒ සොදුරු මතකයන්
තෙත්වෙයි මාගේ නෙත් කදුළින්

කියවීමෙන් අක්කිගේ මේ රසවත් ලිපිය
සිතුනා කියවන්නට ඈ දුන් මුල් හසුන
සිහිවී හඬනු ඇත සුන්දර ඒ අතීතය
පිං සිදුවෙයි ඇස් කදුලින් තෙමෙව්වට

අක්කියෝ ලස්සන පද පෙළක්....(කියන්න දෙයක් නෑ නේ)
හ්ම්....අද එක්කෙනෙක් පෙම් හසුනක් කියවලා වගේ....හා හා කමක් නෑ...හැබැයි ඔන්න සොදුරු සිත පාරගන්නව එහෙම නෙවේ හොදේ....
ම්මම්ම්ම්ම්ම් පෙම් හසුනක් දෙනවා කියන එක හරිම අමුතු හැඟීමක්.කොච්චර ළගට වෙලා කතා කලත් වෙන්වෙද්දි හසුනක් දුන්නාම ගෙදර එනකන් ඉවසුමක් නෑ ඒක කියවන්න.ඊට පස්සේ ඒකට පිළිතුරු ලියනකන් ඉවසීමක් නෑ.හැබැයි ඉතිං හොදම ජොලි වැඩේ කියන්නේ ඕව ඔක්කොම කරන්නේ ‍ගෙදරට හොරෙන් නේ.ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා.ගෙදර කවුරු හරි කාමරේට එනවද බල බලා ලියනවා.ඊට පස්සේ ලියපු ලියුම ආයේ හම්බවෙන දවසට ගිහින් දෙනකොට පුදුම සතුටක්‍.ඒ වගේම ඈට දුන්නු ලිපියට ඇ‍ගේ පිළිතුරු කියවන්න ඉවසීමක් නෑ.ඔන්න අත්දෑකිමෙන් කිව්වේ...... හික්ස්.....

@ පොඩ්ඩෝ.....

බොල පොඩ්ඩෝ
පලමුව පාසල
දෙවනුව රක්ෂාව
තෙවනුව පරස්තාව

පිළිවෙල වරද්දගත්ත හන්දා තමයි අද හසියා මෙහෙම.....

෴ හසියා ෴ said...
This comment has been removed by the author.
Hasitha ජයසූරිය said...

@හසි අයියා
වැරදී ලොක්කයියා

පළමුව පරස්තාව
දෙවනුව පාසල
තෙවනුව තමා රක්ශාව

දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්..... දැම්මම තියල පරස්තාව සෙට් කරගන්න බැරි උනොතින් වෙන එකෙක් සෙට් කරගන්න බැරි නෑ. එහෙම උනොත් ඉදල මොකටද ලොක්කා :(

@වත් අක්කා
අනේ අක්කේ මගෙ මේ ගොන් කමෙන්ටුව හින්දා සොදුරු සිත කැත උනානම් මඩු වලිගෙන් තැලුවත් කමක් නෑ

෴ හසියා ෴ said...

හරි හරි ඒක ඇත්ත වෙන්න පුළුහන්...ඒත් උඹල හදිස්සිවෙලා ළමයි හදාගත්තහම කන්න දෙන්නේ අපිද මැට්ටෝ....

මේ ගොන් පොඩ්ඩාට
තැලුවත් මඬුවලිගෙන්
යයිද මුගේ
උපන් ගෙයි මැටිකම්...

උඹ කීදේ විය හැකි ඇත්ත
ඒත් හැදුවොත් ළමයින්
උඹලා ඉක්මන්වීලා
අපිද යකෝ කන්න දෙන්නේ
උඹේ පොඩ්ඩන්ටා....

Hasitha ජයසූරිය said...
This comment has been removed by the author.
Hasitha ජයසූරිය said...

චී...බලන්නකො වත් අක්කේ මෙන්න හසිඅයිය කැත කතා කියනව :D

wath said...

Hasitha ජයසූරිය
෴ හසියා ෴
හා පැටික්කි (MS)
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
සංජීවනි පීරිස්
දුමී
Pasan
ළමයා
Shadow/හේමලයා

සියළු දෙනාටම හදපිරි ස්තූතිය....

හොදයි දැන් බැහැ බැහැ කිය කිය හිටිය අය කවි ලියන්න පටන් අරන්... ඔහොම යන් ඔහොම යන්.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...