..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 26, 2010

෴ පමා නැත ෴



සුසුම් උණුසුම් නිවයි ලතවුල්
ජීවිතේ සුවදේ
නුඹේ ලමැදේ ගිලී මියදේ
ආදරේ මාගේ

සුසුම් සුවඳයි හැගුම් දහරයි
උල්පතයි නුඹ ආදරයේ
නොයන් වෙන්වී හිදින් ලන්වී
පමා වූ ආදරියේ

 ලොවින් වෙන්වී නුඹට හිමි වී
නුඹේ බිරිදයි දැන් මා
නුඹෙන් වෙනවී නොයන්නෙමි මා
 පමා නැත ආදරයේ

නුඹේ බිරිඳ 
මම
වත්෴

24 comments:

  1. සුසුම් නිවිලා නැගෙයි සිනහා
    ආදරේ හැටි එහෙමයි...
    දිනක රසවේ දිනක වසවේ
    ලොකයේ හැටි මෙහෙමයි..

    ReplyDelete
  2. හිදීනම් නුබ මගේ ලග වී
    සෝතැවුල් නෑ දැනෙන්නේ...
    ලොවෙන් වෙන් වුනු අපේ ලෝකේ
    ‍රැජින වී නුබ හිදීනම්
    සෝතැවුල් නැ දැනෙන්නේ...

    ReplyDelete
  3. ලස්සන පද පෙල. සින්දුවක් වගේ. රිද්මය නියමයි අක්කේ.....
    ඒත් මේ
    නුඹේ බිරිඳ මම ෴ වත්
    කියන කෑල්ල ගැන නන් පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ වෙයි වගේ... හොරෙන්ම බැන්දවත් (බැන්ද"වත්") ද?

    ReplyDelete
  4. සැමදාම කියන්නාක් මෙන් ලස්සනයි අක්කියෝ........

    ReplyDelete
  5. මෙතෙක් තනිකම උන්නේ මා ලඟ
    නුඹ ඇවිත් මගේ සිත් අහසට
    එකළු කලා නොවැ මා දිවියම
    පෙන්නා පිවිතුරු ආදරයේ රඟ‍‍.....

    දිවියෙන් ගියත් වයසට
    පිරිසිදු ආදරයක් නම් එය
    යන්නෑ‍‍ කෙදිනකවත් වයසට,
    දින දින තිරිහන් වෙනු මිස‍‍.....

    ම්ම්ම්මම් ලස්සනයි අකිකියෝ....

    ReplyDelete
  6. හහ් හහ් හා...නියමයි නියමයි

    ප/ලි
    අනේ අක්කෙ ලියන්න මොකුත්ම එන්නෑනෙ :'(

    ReplyDelete
  7. හැමදාමත් වගේ . . . ආදරයයි කවියයි . . . හරියට බතුයි පොල් සම්බෝලයි වගේ !

    ReplyDelete
  8. ආදරණීය පද පෙළක්....

    ReplyDelete
  9. රතු රෝස පෙති
    මත පතිත පිනි
    ලස්සනයි....

    නුබේ අත බැදි
    ඔහුගේ අත් මත
    නුබේ සෙනෙහස
    ලස්සනයි.....

    ReplyDelete
  10. පමා වුව ‍මුත් පමා නොවෙනා
    ගිලිහුනත් නොගිලිහී තියෙනා
    ලඟ නැතත් ලං වී ම තියෙනා
    ආදරේ කිසි දින නො මියෙනා..

    ReplyDelete
  11. "ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා...
    සොඳුරු සිතැත්තිය මන බඳිනා...
    සෝ ලතැවුල් හද උතුරන අයුරින්...
    පෙම් ගී නොගයන් මතු දවසේ..."

    ReplyDelete
  12. ලොවෙන් වෙන්කර නුඹව හිමිකර
    ගත්තේ සෙනෙහෙන් රකින්නයි....
    මගේ ලොව තුල අද පටන් නුඹ
    රැජින වී දිවි ගෙවන්නයි....

    සතුට රජයන පුංචි පැල තුල
    විසල් මාළිග මවන්නයි.....
    විඩාබර වන මගේ දිවියට
    සෙනෙහෙ චාමර සලන්නයි.....

    නුඹෙ සුවද මා මත් කරන විට
    කිකිණි හඩ රැව් දෙවන්නයි...
    අපේ ආදර බර කැදැල්ලට
    බිළිදු සුරතල් මවන්නයි....

    ReplyDelete
  13. @ priyantha.ඒබී
    කවි කාරයෙක් වෙලා නේද... කොයි තරම් හොදද.. එන්න එන්න කවි හොද වේගෙන එනවා..

    @ ඉලංදාරියා
    හ්ම්..හ්ම්... ලස්සනයි පද පෙළ.

    @ චමිල
    අනේ නැහැ මල්ලියෝ.හොරෙන් බදින්නෙ නැහැ. බ්ලොග් පොස්ට් එකක් එහෙම ලියල කට්ටියව දැනුවත් කරල.විවෘත ආරාධනයක් එහෙම කරල තමයි බදින්න හිතන් ඉන්නේ. ඒකනෙමෙයි මොකක්ද වුනයි කීව කරදර....දැන් ඒව ඔක්කම විසදුනාද මලේ...

    ReplyDelete
  14. @ හා පැටික්කි (MS)
    බැහැ බැහැ දැන් එහෙම කියල බැහැ. දැන් කවුරුත් කවියෙන් තමයි කොමෙන්ටු ලියන්නේ.බැරි බැරි ගාතේ හරි කවියෙන් කියන්න ඕනි. ඔට්ටුද?

    ReplyDelete
  15. @෴ හසියා ෴
    වයසෙ හැටියටද
    දන්න දේවල් හැබැහට...

    @ Hasitha ජයසූරිය
    ඔය මැදැයි ලියපුව....බැහැ බැහැ කියල වුන් හිටි ගමන් ලියනව නේද කවි පොත් ගනන්.

    ReplyDelete
  16. @දුමී
    ෂා රස කෑම.කරෝල කෑල්ලකුත් තිබ්බනම් නියමයි. හැබැයි බත් රතු වෙන්න ඕනි..ඇයි අයිය. අයියගේ පේවරිට් ඉස්සෝ...

    ReplyDelete
  17. @Shadow/හේමලයා
    ස්තූතියි ෂැඩෝ.........කෝ අද කවි නැතෙයි.

    @පබලු
    හ්ම්...ස්තූතියි.ඔයාගේ වැඩට අගේ කරමි... මමද සහයෝගය දක්වමි.. මාතර අපි පබළුට.

    ReplyDelete
  18. @ Jeew
    ජීව්... හ්ම් මොකද බ්ලොග් එකේ වැඩ ඉස්සරහට ගෙනියන්නේ නැත්තේ. ලියමු ලියමු.... අපි ඉන්නවනේ ඕන දේකට...

    ReplyDelete
  19. @තිස්ස දොඩන්ගොඩ
    සෝ ලතැවුල් හද උතුරන අයුරින්...
    පෙම් ගී නොගයන් මතු දවසේ..."
    " හදවතින්ම උපන් හැඟීමක් කියල දන්නව අයියා"

    ReplyDelete
  20. @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    ඔන්න බලන්න ඉතින්. බොරුනෙ කරල තියෙන්නේ මෙච්චර කල් ...දැන් ලියන්නේ හිටු කියල කවි...

    ලස්සනයි
    මේ ඇත්තමයි..

    ReplyDelete
  21. කවි පබදින්නට කවුරුද අපහට ඉගැන්නුවේ
    ගොතන්නට කතා කවුරුද මගපෙන්වුවේ
    ආදරේ සොද සැටි කවුරුද කියලා දුන්නේ
    ඒ ඔක්කොම කලේ අපේ මේ වත් අක්කානේ....

    ReplyDelete
  22. හසිත මල්ලියේ අපි දෙන්නත් දැන් කවි ගොතන්න ඕනිලු ඔන්න........

    වත් අක්කියෝ මට නම් සිතුවිලි හිඟයකි......

    ReplyDelete
  23. @හා පැටික්කි
    මටත් සිතුවිලි අහේනියක් නොවැ :(

    ReplyDelete
  24. ස්තුතියි වත්. යන්තම් අලවගෙන ලියනවා. අඩුපාඩු ‍ෙපන්නනෙම් තමා ෙහාඳ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...