..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, August 24, 2010

෴ ස්තූති කතාව ෴

මා හිතවත් මිතුරු මිතුරියන් සැමගෙන් අවසරයි...
මාගේ 200 වෙනි ලිපිය වෙනුවෙන් සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වන අතර....

කේක් කෑල්ලක් තේ උගුරක් වත් තරමින් සංග්‍රහයක් කිරීමට නොහැකි වීම ගැන දැඩි සේ දුකට කලකිරීමට පත් වී සිටිමි...

මාගේ බ්ලොග් ළදරුවාගේ පළමු උපන් දිනයද ළඟ ළඟම එනබැවින් එදිනට හෝ පුංචි පහේ සාදයක් සූදානම් කර බත් කටක් කෑමට දිය නොහැකි වුවත් හැලපයක් කා තේ කහට උගුරක් බීමට දීමට හෝ සිතා සිටින්නෙමි....

සැර පානයන් සගවන ස්ථාන ගැන මා කලින්ම දැනුම් දී ඇති නිසා සැර පාන පානය කරන්නන්ට ඒ ඒ ස්ථාන වලදී ඒවා භාවිතා කිරීමට රැගෙන එන්න....
ලියා සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටත්
කියවා සිතින් සුබ පැතූ සියලු දෙනාටත්
සුබ පැතුම් දීමට නොහැකි වූ සියලු දෙනාටත්
මගේ දයාබර ලෙංගතු ස්තූතිය මෙසේ පිළිගන්වමි

අත්පොලසන් නාදය සතර වටින් ඇසෙන අතර.. විසිල් හඩ හා හූ හඩ මධ්‍යයේ වේදිකාවෙන් බැස යන 
මම
෴ වත්

70 comments:

  1. අයියෝ අක්කේ ඕක මොකද්ද.......
    සමහරුන්ට නම් ඊයේ අක්ක පාටිය දුන්න වගේ තමා දැක්කෙ නැද්ද මල්ටි ටාස්කින් ක්‍රමේ නැවතුන තැන.............

    තවතවත් ලියන්න සිතුවිලි, ශක්තිය අපේ අක්කියට නොඅඩුව ලැබේවා කියල මං මගේ හා හදින්ම ආයේමත් ප්‍රාර්ථනා කරනව............!!!!!!

    ReplyDelete
  2. වේදිකාවෙන් බැස යන අක්කිට මල් පොකුර දුන්
    මම
    ...හසී රන්...

    ReplyDelete
  3. ඉලංදාරියාගෙන් සුබපැතුම්....

    ReplyDelete
  4. @ හා පැටික්කි (MS)
    අයි අයියෝ.. මේකටත් සුබ පතන්න එපා හා පැටික්කියේ.. එතකොට මට තව ස්තූති කතාවක් කරන්න වෙනව නෙව...

    ReplyDelete
  5. @ හසී රන්
    රන්වන් මදහසින් සැරසුන දත් දෙපල නුඹේ
    දුන් ඒ මදහසින් මා සිත අන්ධ වුනේ
    මල දුන් මල් පොකුර පිලිගන්න වනේ
    හාදු දෙන්න නම් බැහැ මට ඔන්න නගේ

    ReplyDelete
  6. මෙන්නෝ අපෙනුත් විසිල්...................

    ReplyDelete
  7. @ ඉලංදාරියා
    ඉලංදාරිකමටම කැපෙනා රූපේ නුඹේ
    ඒ විදිහමයි ලියනා නුඹේ කවිය අගේ
    ගන්නම් නුඹේ සුබ පැතුමන් මටයි අගේ
    සැමදා යනෙන නුඹ නැවතෙනු එහෙම නොවේ

    ReplyDelete
  8. @ Shadow/හේමලයා

    හෙවනැල්ලක් වගේ මා පසු පසු වුන්න
    ලියනා හැම ලිපියකම පසු පසු නුඹ වුන්න
    ලියනා දෙයත් හියක් මෙන් සිත රැදුන
    ෂැඩෝ නුඹ නැති දිනට පාලුයි සොදුරු සිත

    ReplyDelete
  9. මල් මිටකුත් ලැබුනා මල් මාලත් ලැබුනා
    විසිල් හූ හඩත් අත් පොලසන් ලැබුනා
    එනමුත් තව එක දෙයක් තවමත් නොම ලැබුනා
    මගේ හාදුව නැතිවෙලා දෝ මට දුක සිතුනා

    ReplyDelete
  10. ජයවෙවා!! මෙන්න මගෙනුත් ලොකු අත්පොලසන් නාදයක්...දිගටමු ලියන්න වාසනාව ශක්තිය ලැබේවා!!!

    හාදුව :-o
    මෙන්න මගෙන හාදුවක් වත් අක්කිට.. උම්ම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මාම්මා :)

    ReplyDelete
  11. හාදු නොදෙන්නේ අපි කලු දෝ අක්කේ
    ඕලු මල් පොකුරක්ය මා දුන්නේ අක්කේ
    අත්පුඩි තලා අත මගේ රිදෙනවා අක්කේ
    ලොසින්ජරයක් වත් එවනවාද වත් අක්කේ

    ReplyDelete
  12. ඊයේ සුභ පැතුවට මගේ හිතේ ඒ තිබුන සතුට ලත් තනම ලොප් උනා අක්කියෝ........ ඒකයි ආයෙමත් සුභ පැතුවේ.......


    ඔන්න මගෙනුත් හාදුවක් එහෙනම්.......
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා....... :-* :-* :-*
    :)

    ReplyDelete
  13. @ පබලු

    මාතර පැත්තේ ඉන්නා මේ මුතු පබළු
    අගනා කියන වටිනා දිලිසෙන සදළු
    ලැජ්ජා හිතෙන හාදුව දෙයි මහ මගලු
    නැද්දෝ හාදු ඔහු හට දෙන්නේ පබළු

    ReplyDelete
  14. @ හසී රන්
    කළු බව නම් නොදනිමි මම නුඹ දැකලා නැතී
    එනමුත් රූපෙ දිලිසෙන දත් පෙල කිරි සුදුය

    අත් පොඩි තල තලා නුඹ ඇයි තව ඔතන
    කිරිතේ සදා ඇත ගෙට ගොඩ වුනොතින් මොකද

    ReplyDelete
  15. @ හා පැටික්කි (MS)
    කන් දෙක දික් මේ කිරි සුදු හාවා
    හාදුව දී මට පැනලා දීවා
    අහුවුනොතින් නම් හාවිගේ අරයා
    හාදුව උදුරා ගන්නව ඉදුරා

    ReplyDelete
  16. කිරි තේ රසයි
    මේ පාටියද යසයි
    අක්කා නම් ඔය සාරියට හැඩයි
    මගේ හිත නුඹේ පැතුම් ඉටුවෙන ලෙසම පතයි...

    ReplyDelete
  17. මෙන්න වැඩක්....හ්ම්. මෙතන වෙන දේවල් දැක්කාම මට හිතෙනවා එක පාරට ලිපි 1000ක් විතර ලියන්න...කෂ්ටිය එහෙනම් උම්බෑ කිව්වා...ආ...බලාගෙන අක්කියෝ මුන් ටික අකිකිගේ සයිට් එක බ්ලොක් කරන්න හදනවද දන්නෑ.

    @ වත් & හසී රන්

    දත් දෙපල සුදු වුනේ හුණු ගාලාද
    අන්ධ වුනේ ඇස් ෆ්ලෑෂ් ලයිට් නිසාද
    මල් පොකුරේ ගද කෝමැයි ඉවසන්නද
    මෙකප් තියෙද්දී හාදු කෝමැයි දෙන්නද

    @ හා පැටික්කි

    පැන පැන දුවනා මේ හා පැටියා
    ගියොත් තැනක් හොදටම වනසනවා
    දැකලා තියෙද හාවා උම්බෑ කියනා
    අන්න ඒකී දැන් මෙතනින් පැන්නා


    එහෙන්ම ඔන්න අක්කියගේ 201 වෙනි එකටත් සුභ පැතුම්..අහ් එහෙම තමයි...ඒතනේ බෝනස් පිට බෝනස් කියන්නේ...දිගටම ලියන්නකෝ..ආදරෙන් ගහ බැන ගන්න ඉතිං අපි ජීවත් වෙලා ඉදීවිනේ....
    හා හා දැන්ම ගිහින් 201 දැම්මනම් නරකෙයි..?
    අහ් මේ ගල් මුල් ප්‍රහාර හම්බවුනේ නෑද්ද...මට ඔය හැ පැටික්කි ෂුවර් නෑ....

    ReplyDelete
  18. ස්තූති කතාවක් නම් ඕනේම නැත
    කලත් නොඅසා යන්නේද නැත
    තරහක් නැත තේ උගුරක් නොදුන්නට
    ගෙදරම එමි මාතර බත් කාලා යන්නට

    ReplyDelete
  19. අයියෝ මට නම් දැන් ඇඩෙන්න වගේ :)

    අක්කිට දිගු ගමනක් යන්න සුබ පතනවා

    අනේ අක්කෙ උපන්දිනේට හැලපනම් එපා...මට නම් ඒව මාර අප්සැට් කෑමක්

    ReplyDelete
  20. @ Hasitha ජයසූරිය...
    ඔන්න පොඩ්ඩා පොෂා වෙන්න හදනවා...උඹට චිකන් බර්ගර් එකක් අරන් දෙන්න ඇහුවනම් එයි පැනගෙන...පෙරේත පොඩ්ඩා.....

    ReplyDelete
  21. කට්ටිය සියල්ලෝ තාලෙට කවි කියනු දැක
    යන්නට හිත නොදෙයි කවි නොලියා මෙතන
    මේ කොලු බොක්කෙන්ම එන සතුටින් පිරුණ
    සුබ පැතුමක් තියලා යන්නම් ඉතින.....

    ReplyDelete
  22. @හසියා
    අඩේ ලොකු අයියා හැලප සිරාවටම අප්සට්නෙ මට..මන් පව්නෙ ;)

    ReplyDelete
  23. @ Hasitha ජයසූරිය...
    අහ් ඇත්තද....එහෙනම් ඉල්න් කන්න හා පැටික්කිගෙන් තණකොළ....

    ReplyDelete
  24. @හසියා
    අයියෝ එයා කන්නෙ කැරට්..හු හූ

    ReplyDelete
  25. පෙනේද මේ හසියා
    තියනා ඉරිසියාවටා
    අපි අක්කීට ආදරේටා
    දුන්න හාදූ බාල කරනා.........

    බලන්න අක්කියෝ........

    ඊයේ පැවසුවා මා කොක්කක්ය කියා
    දැන් පවසනව ගිය තැන වනසනව කියා
    නැති ගල් මුල් මවා ගජබින්නා කියා
    අවිහිංසක මගේ හා සිත තලන්නා .......

    අක්කියේ අවනඩුව කාහට මං පවසන්න
    හසියා අයියා මට ගෙන එයි දොර පොල්ල
    පෙනේද දැනුත් මඩ පිට මඩ ගසයි මට
    නැවත නොයමි මම මොහු සිටිනා තැනක.......

    ReplyDelete
  26. නැ නැ එයා උදුපියළිය වගේම තණ‍කොළත් කනවා...අද ඔය පළවෙනි වතාවට උම්බෑ කිව්වේ....

    ReplyDelete
  27. @ Hasitha ජයසූරිය
    ගණන් ගන්න එපා මගේ මල්ලියේ ඔය කතා ලොකු අයියට මේ දවස් වල අමු කැවිලා......

    ReplyDelete
  28. ඒකනෙ කියන්නෙ...මෙයාගෙ මොලේ කොහෙ හරි හැප්පිලාම තමා :D

    ReplyDelete
  29. මා කිව්වේ ඇත්තයි හා පැටික්කීට
    දැන් එනවා මෙතන බොරු කියන්නට
    මා නැති තැනකට ඕනිමනම් යන්ට
    යන්ට වෙනවා නුඹ හට අපායට

    ReplyDelete
  30. ඔය කිව්වේ ඉතිං‍‍‍....මට පේනනේ මුං දෙන්නටම අමු කැවිලද කොහෙද....අහ් වෙන්න එපායෑ...දෙන්නම කෑවේ එකම තණකොළනේ‍‍......

    ReplyDelete
  31. අඩේ මේ තනකොල කියන්නෙ එල කිරි කෑමක්..මේව කන්න පින තියෙන්න ඕන

    ReplyDelete
  32. අපායත් සැපයි නුඹ නැති නම් එතන
    සතුටින් යනෙමි නුඹ එන්නැති නම් එහෙට
    හැබැයි ඉතින් ඔය කියනා බොරු වලට
    ලොකු අයියත් අවසානේ යයි එතන.......

    ReplyDelete
  33. @ පොඩ්ඩා...
    ඔය කිව්වේ ඇත්ත.‍...දිව බොරු කිව්වත් කට බොරු කියන්නේ නෑ කියන්නේ නිකන් යැ‍....

    ReplyDelete
  34. මල්ලියේ අයියට නම් අසාධ්‍යයි වගේ.......
    අපි දෙන්න කෙසේ වෙතත් එයාට තණකොල වල රහ වැටිලද කොහෙද ඔච්චර කියවන්නේ.........

    ReplyDelete
  35. අනෙ අපෙ ලොකු අයිය අපායෙ ගියෝතින්
    යමපල්ලා අසරණ වෙනවාය ඉතින්
    මේක කර තියෙන පව් හෙන සුපිරි බැවින්
    දෙන්නට දඩුවමක් නැත යම පල්ල හෙන දුකින්

    ReplyDelete
  36. අක්කෙ මේක අපිට හොරෙන් තණකොල කාල වගේ

    ReplyDelete
  37. එන්නට පිස්සුද මට නුඹ පස්සෙන්
    අපායට ගියත් ඒතැන වන නොකරන්
    අයිය ඉන්න තැන තම කට පියාගන්
    නැත්නම් නුඹ පුම්බලා උඩ යවන්නන්.....

    ReplyDelete
  38. ඒ වගේ...... හැබැයි ටිකක් වැඩිවෙලාද කොහෙද........

    ReplyDelete
  39. වැඩේමයි කන්න තණකොල....

    ReplyDelete
  40. අන්න ඉතින් කෙබ්බ කෙලිනම....කෑවනම් කෑව කියහන්කො ලොක්කා.....මේක සුපිරි බොරු මයි කෙලින්නෙ :D

    ReplyDelete
  41. කවුද කීවේ මා පස්සෙන් එන්ට කියා
    කියමු බලමු මා එය කිව්වාද කියා
    ලොකු අයියා උනත් අපෙ ඔබ බොරු කියනා
    වැඩකට නැතේ මා හට බොරු චන්ඩි කතා.....

    ReplyDelete
  42. අනේ අපේ පොඩි හාවී අහින්සකී
    මේ ලොකු එකා ඉන්නට දෙන්නෑය එකී
    මේ පොඩි එකා හා අක්කිගෙ පැත්ත ගනී
    ෆේස් 2 ෆේස් එනු ගේමට ඉතින් හරී

    ReplyDelete
  43. සුපිරි බොරුම තමා මලේ........

    හරි ඉතින් මායි මල්ලියි කාටවත් කියන්නෑ......
    ඔය සුපිරි බොරුත් අපිට එපා නැද්ද මල්ලියේ.......

    ReplyDelete
  44. චන්ඩි කතා දැන් කියවා වැඩක් නැත
    අක්කා දැක්කොත් පන්නයි අපි සැවොම
    ආදරේට පොඩි වලියක් ඇද්දාට
    අයියා මමයි නුඹලා මගේමයි නේද..

    ReplyDelete
  45. මුන් දෙන්නෙකි මා තනියෙන් අවාසිය
    ගණන් නොදන්නේ ඉසකෝලේ නොගිහින්ද
    දැන්වත් පොඩිඩක් ඉවසලා අහන්වදෝ
    මේක නවත්තලා අපි දොයියා ගමුදෝ....

    ReplyDelete
  46. මාත් කියන්නට හිටියේ ඕකමය
    මේ තැන අපෙ නොවෙයි පැටලෙන්නට මෙලෙස
    ආදරේට වලි දැම්මට දෙපිලකට
    අපි දෙන්නා වෙන කාගෙද අයියගෙම මිස..........

    ReplyDelete
  47. අක්කා හරිය සුදු අයියා අපෙම තමා
    වත් අක්කා ආවොත් මල පනී තමා
    අමුනල කරල කැපුනොත් දැන් හොදයි තමා
    බුදු සරණයි මම යනවා සොරිම තමා

    ReplyDelete
  48. වත් අක්ක හෙට අපි තුන්දෙනාව එල්ලයිද දන්නෑ....... ලොකු අයියේ පොඩ්ඩෝ කෝකටත් මේ පැත්තේ එද්දි පරිස්සමෙන් එමු හෙට........ දැන් යමු......

    ReplyDelete
  49. අම්මෝ ඒකනම් ඇත්ත තමා....වත් අක්කේ මේ ගැත්තන්ට අනුකම්පාව වදාරන සේක්වා!!!

    ReplyDelete
  50. කමෙන්ට් 30ක් අපි අක්කට වැඩිපුර දුන්නා
    අකමැතිනම් මකන්නට අප අවසර දෙන්නා
    බනින්නෙපා අපි තාමත් පොඩි හන්දා
    මෙන්න වැන්දා, අපි එහෙනම් කැපුනා.....

    ReplyDelete
  51. අනේ...ඔන්න මාත් වැන්ද
    සුදු අක්කේ අපි කැපුනා

    ReplyDelete
  52. වත් අක්කේ තරහ නොගන්
    අපි තාමත් පොඩිම එවුන්
    ඔන්න වැන්දා මාත් ඕන්
    කැපෙමි දෙන්නත් එක්කන් ........

    ReplyDelete
  53. සොඳුරුය නුඹේ සිත නොමැ වේ සැකයක්
    විඳිනෙමි මම සැමදා නැත අරුමැක්කක්
    අරුමෙකි මෙමටා ඇත සිතෙ වෙනෙකක්
    කෙලෙසද සුපිපුනෙ මෙ කවි සහසක්

    ReplyDelete
  54. හප්පේ මල් මාලේ උස්සන් යන්න වුනු දුර...
    ඕං ඕං දැම්මා...
    උම්මා එකකෞත් දුන්නට කමක් නෑ නෙව... එක පැතකින් ගුරු ගෞරවය... අනෙක් පසින් මගේ නංගියෙක් නෙව... ඕං ඒකත් දුන්නා...
    කෝ මේ කට්ටිය...හා කියමු කියමු...
    "කෝ මා පැතූ ඔබේ ආදරේ..."

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. කොමෙන්ටු කියවලා මම ඉන්න තැනට එනකොට හොඳටම මහන්සි ඇති නේද? මගෙ කොමෙන්ටුව පෙනෙයිද මන්ද? මොනව කරන්නද මම දැන්නේ මේ පැත්තට ආවේ.
    ෴සොඳුරු සිතකට෴ සොඳුරු සුභ පැතුමක් ප්‍රියන්ත ඒබී ගෙනුත්!!!!!!

    ReplyDelete
  57. ප්‍රමාදද මන්ද මම.... ඔන්න පිස්සු පලාමල්ලෙනුත් අක්කට උනුසුම් සුබ පැතුම්....

    මේ අර සැර බීම හැන්ගුවෙ කොහෙ කිව්වා හික් හික්

    ReplyDelete
  58. වත්ට කොහොමත් මගේ සුභ පැතුම් හිමිවෙනවා... ප්‍රසිද්ධියේ කවි ලියන්න හුරු උනේ ඔයාගෙ බ්ලොග් එකෙන්.... ඒකට ස්තූතියත් මේ සමගම එනවා...

    වත්ට මගෙ බ්ලොග් එක ටිකක් මග හැරෙනවා වගේ කියලා මට හිතෙනවා...

    ReplyDelete
  59. මෙන්න මගෙන් මල් පොකුරකුයි උම්මා එකකුයි මගේ අක්කියාට :D

    ReplyDelete
  60. අරහේ ඔහු හට දෙන හාදු ගැන වත් අහනවා
    මෙහේ හා පැටික්කියි හසියයි තරගෙට කවි ලියනවා
    මේවා දැකල මගේ බඩ කට පිරෙනවා
    හරි හරි දැන් ඉතින් 201 වත් අක්කා ලියනවා... :)

    ReplyDelete
  61. අපෙ පුංචි කෙල්ලට( එකදාස් නමසීය බර බරගනන්වලදි) මගෙන් ඔන්න සුභපැතුම්. තව කවි ලියපන් අක්කෙ. මාතර ගජමන් නොනව මිනිස්සුන්ට අමතක වෙලා යයි තව ටික දවසකින්.. හි..හි.. මම හිනාවෙනවා නෙමෙ මෙ අඩනවා.

    අපිත් ඉඩ තියන වෙලාවට ඇවිල්ලා බලනවා, ඉස්සර වගෙ දැන් හැම තිස්සෙම බැහැ. අපි ගියා එහෙනම්,

    ReplyDelete
  62. මගෙනුත් සුභ පැතුම් ඔන්න.

    ReplyDelete
  63. මෙන්න පොඩි වුන් ටික මම නැති අතරේ නටල තියෙන නාඩගමක තරම හැබැට.

    හරි හරි ඒවයින් කාරි නැහැ කට්ටිය එක්ක දැන් ගේ සුද්ද කරන්න... ( කොමෙන්ටු එහෙම මකන්නෙ නැහැ හොදද)

    අන්ශ් ස්තූතියි...

    ReplyDelete
  64. ඉන්න ඉන්න මං අර දෙන්නත් එකතු කරන් ඉක්මනටම අස් කරන්නම්........

    හප්පේ....... ඔයින් ගියා මදැයි......... :o :o

    ReplyDelete
  65. අස්පස්කර හොදටම කොන්ද රිදෙනවා
    කන්න බොන්න නැතිව පණනැතිවෙනවා
    පෙර කල ගොන් කන් දැන් සිහිවෙනවා
    සමාවෙන්න ඕනි, ආයෙත් නොකරනවා

    ReplyDelete
  66. හෙ හේ....නූලෙන් බේරුනා

    ඔන්න එහෙනම් මාත් ලාවට වගේ පොඩි සුද්දයක් දැම්මා :D

    ReplyDelete
  67. කවියෝ කවිකාරියෝ තරගෙට කවි කියාය
    නොකියා බැරිය නුඹලාගේ සිත් හරි යසය
    මේවා කියවලා වත් අක්කගේ මුණේ හැඩය
    පෙන්වයි ගුරුතුමියකගේ සාඩම්බරය . . .

    මුලදී ගෙන ඇතේ වාදේක පොරපිටිය
    හසියා සිටී එක පසකින් වන්ශොට්ය
    හාවි,හසිත කොලු බැහැලා ගේමේය
    මේවා දැකලා බඩ පැලෙනකම් හිනාය . . .

    කොපමණ දේ කලත් අපි එක අම්මගේ දරුවෝය
    මේ අවසන දැකලා සිහිපත් වන්නේ එයය
    දබර වන්නේ වැඩි කමටයි ආදරය
    නුඹලා අප රටේ දිදුලන මිණි කැටය . . .

    අක්කේ අවසානේ ගෙදරින් යන්නේ මමය
    අඩුවක් නොකර අස් කෙරුවෙමි දැන් යසය
    දෙසීය තුන්සීයක් වී වේවා පන්සීය
    පතන පැතුම් ඉටුවී වේවා නුඹට ජය . . .

    ReplyDelete
  68. කවි කිය කියා ඉද එහෙ මෙහෙ දුව පැනලා
    හැරිලා බලන කොට සෙන්චරි දෙක ගහලා
    නාවට වෙලාවට උත්සවයට පැනලා
    සුභ පැතුමක් දෙන්නවත් ගොඩවෙමි ඉදලා

    හත්වලාම දින ගතවෙනවා නොදැනී
    නෙත් සලා හැරෙන කොට කාලය ගොහිනී
    සිත්වෙලා ගන්න හර බර ලිපි පිරුනී
    වත්සලා දෙසීයක් ලියලා, හපනී

    ReplyDelete
  69. ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්!!

    ReplyDelete
  70. විසිල් ගහන්ඩ නන් බැරිය ;) ඔන්න දුන්න අත්පුඩි. ජයවේවා!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...