..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, August 23, 2010

෴ ජල සම්පාදනය ෴


හෝව් හෝව්.... හිතුව නේද පින්තූරය දැක්ක ගමන් අර කතන්දර පටන් ගත්ත ... පසසේ සිඝ්‍රයෙන් ජනප්‍රිය රැල්ලට ඒක්කාසු වුන ජාතියේ කතාවක් කියල... උත්තරේ නම් මේක එහෙම කතාවක් නෙමෛයි... අද මම කියන්න යන්නේ ජල කළමණාකරණය කරන ගමන් ඒ පිං බලෙන් තවත් වටිනා ප්‍රයෝජනයක් ලබා ගත් ඇත්තෙක්ගෙ කතාවක්........

කවුරුත් දන්නව ඇති නේ අර කොමඩ් වල තියෙන වතුර ප්ලශ් කරන ක්‍රමය.ඇත්තම කියනව නම් ඒ ජල ටැංකියේ තියෙන වතුර වලින් බහුතරයක් නිරපරාදේ අපතේ යනව.... ඉතින් අපතෙ ගියැයි කියල නැහැ ඒ වතුර ටිකටක් එනව නේද බිල... 

ඉතින් මේ අපතේ යන වතුර ප්‍රමාණය අවම කර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ,ඒ ජල ටැංකිය ඇතුලින් තියන්න ඕන වතුර පුරවපු ලීටරයක විතර බෝතලයක්. එතකොට අපි ප්ලශ් කරන හැමවතාවෙම අපතෙ යන වතුර වලින් ලීටරයක් ඉතුරුයි... ඇයි වතුර ලීටරයක ඉඩ ප්‍රමාණය අර බෝතලය අරන් නිසා ප්ලශ් කරන කොට වැය වෙන්නේ ලීටරයක් අඩු වෙන්නේ... දැන් නම් මැනුවල් වතුර ප්‍රමාණය හදන්න පුලුවන් අලුත්ම ගැජට් තියනව තමයි....

ඉතින් මේ ක්‍රමය ගැන නාගරික ජනතාව දැනුවත් කරල ,පසු විපරමක් කරන්න ගෙයක් ගෙයක් ගානේ ගියාලු. සමහරු ක්‍රමය අත්හදා බලල නැතත්. තවත් සමහරු නම් සාර්ථක ප්‍රතිපල නෙලා ගෙන තිබ්බ. ඒ අතරින් එක නිවැසියෙක් නම් පසුවුනේ මේ ක්‍රමය ගැන පුදුම සතුටකින්....ඒ ගෙහිමියගෙන් ලැබුනෙත් උණුසුම් පිළිගැනීමක්......

ඒ මනුස්සයා මෙන්න මෙහෙම ගියපු කාණ්ඩෙට කියනව.

"මහත්තයෝ කියල වැඩක් නැහැ ඒ ක්‍රමය නම් මට ඒ නිසා අමතර වාසියකුත් ලැබුන"

" කීවනම් බලන්න ඒකත්.. අපේ ස්ටඩීස් වලට ඒවත් වැදගත්"

" අනේ මහත්තයෝ... ඉස්සර  බේර ගන්න බැරිව තිබුනේ... කොහෙ හැන්ගුවත් නෝන සොයා ගෙන විසි කරනව...මේ කුමය නිසා දැන් මගේ අරක්කු බෝතලය කරදරයක් නැතිව යහතින් ඉන්නව.... ජල බිලත් අඩු නිසා නෝන ඉන්නෙත් සතුටින්"

ඒක තමයි කියන්නේ මල්ටි ටාස්කින් කියල ....බොනස් වාසි නැත්තම් අපේ මිනිස්සු කිසිදේකට ඉදිරිපත් වෙන්නෙ නැහැනේ.... කොහොමින් කොහොම හරි ඇත්තටම එ ගෙදර ජල බිල නම් පැහැදිලි අඩුවක් දක්නට තිබීම අපේ සිත සනසපු කරුනක් වුනා...

හැබැයි ඉතින් අමද්‍යප ව්‍යාපාරය එහෙම ඒ පළාතේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් හෙම ආයෙත් ජල බිල ඉහල යන්න ඉඩ තියෙනව...

ජල බිල සමඟ බොනස් ගෙනාව
මම
෴ වත් ෴

32 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

200 වෙනි ලිපියට මගෙන් සුභම සුභ පැතුම් අක්කියෝ...............

෴ හසියා ෴ said...

ඔන්න කියවන්න ඉස්සෙල්ලා 200 වෙනි පෝස්ට් එකට මගේන් උණුසුම් සුභ පැතුම් මුළු හදවතින්ම‍‍....දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

෴ හසියා ෴ said...

ෂික් මේ කොහොද හිටපු හා පැටික්කියෙක් පැන්නනේ.....අපරාදේ මම ෆස්ට් වෙන්න හිටියේ....ෂික්...ආවොත් කොක්කක්ම තමයි මේ හැ පැටික්කි.මේවා "හා අධිරාජ්‍යවාදී කුමණත්‍රණ"...අපි මේවට සැලෙන්නේ නෑ‍‍....

හා පැටික්කි (MS) said...

ඔන්න දැනුයි ලිපිය කියෙව්වේ......
ඒකත් ඉතින් බෝතලේ වාසියට.......
සමහරු නම් ඕකට නළ ජලයට අමතරව වැසි ජලය පිරවෙන ටැංකියකුත් සවි කරල තියනව. එතකොට වැස්ස කාලෙට පීල්ලෙන් එන වතුර ටැංකියෙන් ෆ්ලුශ් කරන ටැංකියට....... ඒකත් හොඳ ඉතුරුවක්........

තව තවත් ලිපි දස දහස් ප්‍රමාණයෙන් අපිට ලියන්නට ඔය සිතට අදහස් ගලා ඒවා......!!!!!

පුතා said...

හා... ඒක නම් මරු අයිඩියා එක...මල්ටි ටාස්කින්
හැබැයි ලීටරයකම ඉඩ අඩු වෙන්ට නැතුව ඇති... ඊට ටිකක් අඩුයිනේ...

Shadow/හේමලයා said...

අඩේ අප්පා නියම කරමයක් නේ ඒක....සුබ පැතුම් 200ට....තව තවත් ලියන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා යැයි පතමි.......:)

හා පැටික්කි (MS) said...

@ හසියා අයියා.......
ඒව කුමණ්ත්‍රන නෙමෙයි වාසනාව.........

෴ හසියා ෴ said...

අහ්....ඔය දුන්නේ එල අයිඩියා එකක්....එහෙනම් මම හිතුවේ හකුරු මුල් ටිකකුත් හන්ගන්න කියලා...වැඩෙත් ලේසියිනේ...වතුරත් ඉතුරුයි.හකුරුත් පරිස්සම්...

අහ් තව දෙයක්...ඔය සමහර උදවිය, ඔව් ඔව් අපේ ගැහැණු උදවිය තමයි ඉතිං..රත්තරං බඩු එක එක තැන හංගනවනේ...නරකද හැබෑටම වටිනා කියනදේවල් ඕකේ හැංගුවනම්...අපේ උදවිය අන්තිමට ගෙදර තියෙන ඔක්කොම ටැංකියේ හංගලා වතුර මැනුවල් පාවිචිචි කරයිද දන්නෑ....

ඔන්න එහෙන්ම ඉතිං ආයෙත් සුභ පතන්නම්කෝ...දිගටම ලියන්න අක්කියෝ...අපි ඉතිං තියවන්න...මඩ ගහන්න...වතුර ගහන්න...ඒ ඔක්කෝටම ඉන්නවනේ...
අක්කියාගේ සියළු සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා ඔන්න මම හදවතින්ම ආයෙත් සුභ පතනවා....හෆ්ෆේ හදවතින් සුභ පතලා මගේ හදවතත් දැන් රිදෙනවා...හාර්ට් ඇටෑක්ද මන්ද....

Chanaka Aruna Munasinghe said...

චා, මරු පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙන් පස්සෙ මේ වගේ අයිඩියා එකක් ආවෙ අපේ වත්ටනෙ. 200 ට 200+ 300ක් අයුබෝ වේවා.

======
@ පුතා

ඒකට 750 බෝතලෙයි ෂැන්ඩි කරන්න ගේන 1.5 මෙගා බෝතලෙයි දෙකම හංගමු. හැබැයි අහවල් වැඩේට වතුර මදි වුණොත් වග කියනු නොලැබේ

ඉලංදාරියා said...

හෙ ජයවේවා..!

සුබපතුම් 200 ට .....

නියමකතාවක් තමා දාලා තියෙන්නේ...... මරු ක්‍රමය..හේ..

blog gadol said...

හික්ස්...ඒකත් බලාගෙන ගියාම නියම මෙතඩ් එකක් තමයි.200 ලිපියට අපෙනුත් සුබපැතුම්!

තිස්ස දොඩන්ගොඩ said...

මගේ බ්ලොග් ගුරුතුමී චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...!

@චානක + පුතා: මික්ස් වෑල්ව් එකක් දාලා පොඩි බට කෑල්ලකුත් දාගමු... අවශ්‍ය ප්‍රමාණයට ෂැන්ඩි මික්ස් කරා, අර වැඩේ කරන ගමන් අපටත් මල්ටි ටාස්කින්... එලම වැඩේ... අම්මට සිරි එතනම කබරයා දාන්නත් පුලුවන්නේ...? පුහ්...

චමිදේවා said...

ඔන්න අක්කේ දෙසිය වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුබපැතු....!!!!

කාංචන දිනූක said...

ඔන්න මගෙනුත් ඩබල් සෙන්චරියට සුබ පැතුම්.

charmi said...

මරු අදහස.

200*200 කට මගෙනුත් සුබපැතුම්.

sansarasidu said...

හ්ම් එහෙනම් ගෙදර වතුර බිල අඩුකරගන්න ක්‍රමයකුත් හොයාගත්තා නෙව...
මල් හතයි !

චේජනා said...

කතාවත් මරු...
හරියටම 200 වෙනි පොස්ට් එක ලියනකන්ම බලන් හිටිය සුබ පැතුමත් එක්කම...

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

200ට උණුසුම් සුභ පැතුම්....

බ්ලොග් අවකාශයේ යෙහෙන් වැජබේවා සොයුරිය.......

කොහොමත් බෝතලේ හංගන්න නම් එතන හොදයි වගේ තමයි..... ලිපියත් මල්ටි ටාස්කින්

හරී said...

බෝතල් හංගන්න විදිහක් නැතුව හිටපු කට්ටියට නියම උපදේසෙ,,, හැබෑට නියම ක්‍රමයක් නොවැ.. ඔන්න වත්ට මම ආයෙත් සුභ පතනවා හිතන පතන හැමදේම ඒ අයුරින්ම ඉටුවේවා කියලා !!!!!

මාරයාගේ හෝරාව said...

හඳුනා ගත්ත දින සිට එකටම වාගේ..
ලිවු කවි වැල් වලට සිත රැඳුනයි මාගේ..
දින දින ගතවෙවී දියුණුට ගිය නුඹගේ..
සීයේ දෙකක් අද දින සපිරුන බොලොගේ..

තව තව ලියන්නට සිත සවිමත් වෙවා..
දින දින තවත් කවි සිතිවිලි ඉපදේවා..
ඉදහිට කතාවක් දෙකකුත් ලිය වෙවා..
වත් නුඹ යෙහෙන් තව දිගු කල් වැජඛෙවා..

@තිස්ස අයියා...

අම්මපා නියම අයිඩියා එක...
දැනටත් ගෙදර ගිය කාලෙට ඔය කොරමෙටද වැඩෙ යන්නේ...
බහු කාර්ය තිස්ස අයියා...

හසී said...

200 වැනි ලිපියට මගෙන් සුබ පැතුම් අක්කියෝ... තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

දුමී said...

ෂහ්, මරු අයිඩියා එකක්නෙ වත් දාල තියෙන්නෙ. මමත් මේ මගේ ලීටර් එකේ බෝතල් ගම හාමිනේගෙන් හංගගන්න විදිහක් හොය හොය හිටියෙ.

හැපී 200 වත් නගෝ .. !

priyantha.ඒබී said...

පරක්කු වෙලා ඇවිත් තමා මම සුභ පතන්නේ. 200න් 2000ට ඊටත් එහාට.....සාර්ථක බ්ලොග් ගමනකට උනුසුම් සුභ පැතුම්. හදිස්සියේ ඇවිත් මේ ලියන්නේ පස්සේ කියවන්නම්. දැනට යන්න අවසර.

Ansh Lucky Sri Jay said...

200ට සුභ පැතුම්..
:)

කතන්දරකාරයා said...

ද්විත්ව ශතකයට ලියලා තියෙන්නේ කක්කුස්සියක් ගැන කතාවක් නේද කියලා මුලින් හිතුනාට ඇත්තටම මේක අරක්කු බෝතලයක් ගැන කතාවක් නේ.

අපේ ගෙදර නං කොමඩ් එකේ බොත්තං දෙකක් තිබේ. එකක් අංක 1 කර්තව්‍යයෙන් පසුවද, දෙවැන්න අංක 2 කර්තව්‍යයෙන් පසුවද ඔබනු ලැබේ. ජලය භාවිතය අංකයට අනුව වෙනස් වේ.

මගේ සුභ පැතුම්. catch me if you can!

හසී රන් said...

මමත් හුගක් කාලයක ඉදන් අක්කිගේ ලිපි කියවනවා කොමන්ටු නම් දාන්නේ නෑ
තරහා අවසර. . .
මේ ලිපි කියවිමෙන් ඇත්තටම සොදුරු සිත්තැතියක් වග දැනුනා ඔබට ජය පතනවා
අර හසියා කිවා වගේ මේ වගේ අක්කලා අපිට නැනේ දුක තමා

ඔබ පතන සියලු දේ ලැබී සියලු යහපත සැලසේවායි මුලු හදවතින්ම පතනවා ! ! !

wath said...

මා හිතවත් මිතුරු මිතුරියන් සැමගෙන් අවසරයි...
මාගේ 200 වෙනි ලිපිය වෙනුවෙන් සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වන අතර....

කේක් කෑල්ලක් තේ උගුරක් වත් තරමින් සංග්‍රහයක් කිරීමට නොහැකි වීම ගැන දැඩි සේ දුකට කලකිරීමට පත් වී සිටිමි...

මාගේ බ්ලොග් ළදරුවාගේ පළමු උපන් දිනයද ළඟ ළඟම එනබැවින් එදිනට හෝ පුංචි පහේ සාදයක් සූදානම් කර බත් කටක් කෑමට දිය නොහැකි වුවත් හැලපයක් කා තේ කහට උගුරක් බීමට දීමට හෝ සිතා සිටින්නෙමි....

සැර පානයන් සගවන ස්ථාන ගැන මා කලින්ම දැනුම් දී ඇති නිසා සැර පාන පානය කරන්නන්ට ඒ ඒ ස්ථාන වලදී ඒවා භාවිතා කිරීමට රැගෙන එන්න....

ලියා සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටත්
කියවා සිතින් සුබ පැතූ සියලු දෙනාටත්
සුබ පැතුම් දීමට නොහැකි වූ සියලු දෙනාටත්
මගේ දයාබර ලෙංගතු ස්තූතිය මෙසේ පිළිගන්වමි

( අත්පොලසන් නාදය සතර වටින් ඇසෙන අතර.. විසිල් හඩ හා හූ හඩ මධ්‍යයේ වේදිකාවෙන් බැස යන මම ෴ වත් ෴ )

෴ හසියා ෴ said...

ෂුවර්ද ගල් ගැහුවේ නෑ කියලා......

හසී රන් said...

වේදිකාවෙන් බැස යන අක්කිට මල් පොකුර දුන්
මම
...හසී රන්...

Hasitha ජයසූරිය said...

අයියෝ! ඊයෙ ජාල ගතවෙන්න බැරි වෙච්ච එක ගැන දුක් වෙන
මම
෴ පොඩි හසී ෴

Lahiru Udayanga said...

200 වෙනි post එකට ඔන්න මගෙනුත් සුභ පෑතුමි...දිගටම ලියන්න..

ඒක නෙවේ මං දැන් කියන්න අපේ..මේ පෝස්ට් එක පට්ට ක්‍රමේ..

චමිල said...

සමාව දෙන්ඩ ඕනේ ආ...... හරිම ප්‍රශ්න ගොඩක් මැද පහුගිය ටිකේ ගතවුනේ... සමහර දේවල් කියෙව්වට කමෙන්ට් දාගන්ඩ තරන්වත් හිතේ සැනසිල්ලක් තිබ්බෙ නෑ......ඉතින් සමාවී 200 වෙනි පෝස්ට් එකට මගේ හදපිරි සුබපැතුම් පිලිගන්ඩ අක්කේ...!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...