..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, August 22, 2010

෴ මගේ දවස ෴


හිරු හිනහෙන හිමිදිරියේ  රන් හිරු රැස් එළිය දිගේ
සැමදා විත් මගේ ලොවට එළිය සදනවා
ගිනිගහනා මධ්‍යහනේ දාඩිය බිදු වල තැවරී
නුඹේ සුවඳ මගේ තනියට ලගින් ඉන්නවා

සැන්දෑ මැල වෙන එළියෙන් නුඹේ නිවුන මුදු මදහස
සිහින් සිනාවක් මගෙ මුව රදව ගන්නවා
හිරු ගිලිහී සඳු එනවිට සඳේ කොනක හැන්ගීලා
නුරාව පිරි නුඹේ උවන මා නලවනවා

සඳ නැති දා අමාවකේ තරුවක දැවටී රහසේ
ඇවිත් මගේ තනි යහනේ නිදිය ගන්නවා
ගවු ගානක් දුර වුන්නත් දවසට සිය දහස් වරක්
හිරු සඳු තරු වල දැවටී ළඟින් ඉන්නවා

Just wanted to let you know... You're in my thoughts... all the time!

හිරු, සඳු, තරු මැද නුඹ සිත දකින 
මම
෴ වත් ෴

19 comments:

  1. ආදරය එහෙම තමයි...
    කොච්චර දුරින් උන්නත් ගත වෙන තත්පරයක් තත්පරයක් ගානේ ළඟින් ඉන්නවා වගේ දැනෙනවා....
    ඒ එයා මගේ සිතිවිලි වල දැවටිල ජිවත් වෙන හන්දා...

    හැමදාමත් වගේ අපුරු පද පෙළ අක්කේ...

    (හා හා ඔහොම යන් ඔහොම යන්...
    ද්විත්ව ශතකයට තව එකයි... මොකද හිතන්නේ හයක් ගහනවද... නැත්නං හතරක්ද? අපි බලාන ඉන්නවා ඕන්)

    ReplyDelete
  2. දාන්න ඔන නෝ බෝලයක්...
    ෂෙවාග්ට කොළා වගේ...

    මගේ උණුසුම් සුභ පැතුම් සොඳුරු සිතේ ලිපී දෙසීය මෙම ලිපියත් සමගින් සම්පූර්ණ වී ඇති බව සියළු දෙනා හටම සතුටින් දැනුම් දෙමු.

    හේතුව අපේ ..වත්.. මීට පෙර ලියා ඉවත් කළ ලිපියත් එක්ක දැන් හරියටම දෙසීයයි.

    කොහොමද මගේ නෝ බෝල් එක...

    ReplyDelete
  3. විහිළුවට නෙවෙයි ඔං මම තමයි මුලින්ම සුභ පැතුවෙ හරිද..?
    මෙ දවස්වල මාත් එක්ක ඔරොප්පු මූඩ් කියලා දන්නවා..
    ඒත් ඉතින් එකටම වගේ බ්ලොග් ලිවිල්ල පටන් ගත් අයනේ අපි.
    ඒ හින්දා මෙ වගේ වෙලාවක සුභ පතන්නම එපැයි.

    දිගටම කරගෙන යන්..
    අද කවි ටික නං මල් මසුරං...

    ReplyDelete
  4. ඔහුටත් ඔබටත් එක්වන්නට වරම් ලැබේවායි පතමි. පෝස්ට් දෙසියට සුභ පැතුම්.

    ReplyDelete
  5. වත් ට මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!!
    " ඔබේ දිවිමග වාසනාවේ සුවහසක් මල් පිපේවා "

    ReplyDelete
  6. කවි ටික නම් හැමදාම වගේම හරී.............ම ලස්සනයි අක්කියෝ........
    අපි කරන්නේ ලඟ නැති අයවයි, ආදරේ කරන අයිති නැති අයවයි හීන වලින් සිතැඟි වලින් තමන්ට ලං කර ගන්න එක නේද...........

    අනේ මංද මට පේන්නේ ලිපි 199යි කියල....... ඇස් දෙකෙව දෝසයක්ද මංද....... :/ :/

    ReplyDelete
  7. @හා පැටික්කී...

    හපෝයි නගේ ඒ මෙ මාරයියගේ නොබෝල් එකක් හින්දා වෙච්ච වැඩක්.
    හැබැයි ෂෙවාග්ට ශතකය අහිමි උනා වගේ නෙවෙයි..
    වත්ට
    ද්විත්ව ශතකය කළින්ම වැදුනා.

    ReplyDelete
  8. අංක නොවේ කවියයි ඔබේ වටින්නේ
    සැමදා උදේ කියවා සිත නිවන්නනේ
    දිවියේ වෙහෙස කවි කියවා ගෙවන්නේ
    මීළඟ ලිපියටයි මම සුභ පතන්නේ

    ඔබට සුභ දවසක්!!!!

    ReplyDelete
  9. සීතල දිය පිරි සුනිල විලයි..ඒ විල මැද ඔබ සුවඳ මලයි..ගිමන් නිවාලන සුළං රැළක්වී..ඔබේ සිනා මට පවන්සලයි

    මේ පද ටික කියෙව්වම හරිම සොදුරු හෑඟුමක් දෑනෙනවා.

    සුබ පෑතුම්!

    මම දන්න විදිහට මේක තමා 200

    ReplyDelete
  10. හිත් පොජ්ජේ ගුලිවෙච්ච
    ආදර පොජ්ජ ...
    මල් පිදෙන්ට....
    නිතරම දැනෙන ..ඔය සුවද...
    නුබලගම රජයන්න....
    හිරු කිරන සේ ඇවිත්....
    නුබේ ලොවට....
    එලියක් දෙන්න....

    අද 200 ටයි හෙට 200 ටයි දෙකටම මගෙන් උනුසුම් සුබපැතුම්


    තවත් බොහොකල් බොහෝ දිගුගමනක් යන්නට.....

    ජයෙන් ජය....

    ReplyDelete
  11. හුරේ!!! පප්පර පප්පර පා!!!!!

    නොදැවී ක්‍රීඩාකල පෝස්ට් 200ට අපේ වත් අක්කිට සුබ පතන
    මම
    ෴ පොඩි හසී ෴

    ReplyDelete
  12. අනේ අක්කියේ සමාවෙලා මගේ මේ අවුල ලිහල දෙන්න......

    මට නොපෙනෙන 200 වෙනි පෝස්ට් එකක් මේ හැමෝටම පේන්නේ කොහොමද?????

    මට ගණන් බැරුව වත්ද????

    මාරයිය කියනව එයා නෝ බෝල් දම්ම නිසා කලින්ම ඔයා 200 ගැහුවලු........

    200 අවුල ලිහන්න දුක් විදින මම
    ෴හා පැටික්කි෴

    ReplyDelete
  13. @ හා පැටික්කි (MS)
    හා පැටික්කිට විතරක් නෙවේ මටත් 200ක් පෙන්නේ නෑ. මම හිතුවෙත් මගේ ඇස්වල දෝෂයක් වත්ද කියල. පේන්න‍ෙ නැති පොස්ට් එහෙමත් තියනවද.

    ReplyDelete
  14. ආදරයෙන් ඉන්න අයට කල්පයක් කියන්නේ තත්පරෙනුත් බිඳක් ලු නෙව.....

    ReplyDelete
  15. ප්‍රථමයෙන්ම සියළු දෙනාටම මගේ හර්දයාංගම ස්තූතිය පුද කර සිටින අතර.....

    @ sansarasidu
    ඒක ඇත්ත මල්ලි සමහරු අපි මැරෙන මොහොතෙ වුනත් අපි ලග ඉන්නවනම් කියල අපි ප්‍රාර්ථනා කරනව...
    " කොතනක සිටියත් මා මල දවසට මගේ ලග තනියට හිදු මැනවි " කියන්නේ ඒකනේ..

    @ මාරයාගේ හෝරාව
    ඔයා දන්නේ මම මකපු එක පොස්ටු එකක් ගැන විතරයි .. දැනට මම පෝස්ටු 03ක් 04ක් මකල තියෙනව... කියවල බලල හොද නැහැ කියල හිතුනම මම ඒව මැකුව... ඒ සොදුරු සිත කියන්නේ කවුද කියලවත් අනිත් අය දන්නෙ නැති කාලේ කරපු වැඩ...

    තව කිහිපයක් තියෙනව අන්තිම බාලාංශ නිර්මාණ. ඒව මකන්න විදිහක් නැහැ දැන්...

    @ තිලිනි
    ම්ම්... ස්තූතියි ආශිර්වාදයට... ඒක ඉතින් උඩ ඉන්න දෙයියොතමයි දන්නේ....

    @ හරී
    හරි හරියෝ.... අපි බලමු කෝ...

    ReplyDelete
  16. @ හා පැටික්කි (MS)
    තාම මේ පැගිරි වයසෙ ඉන්න හා පැටවුට මොන ඇස් දෝසද ළමයෝ.. නැත නැත දුෂ්‍යමානව 200ක් නැත....

    @ priyantha.ඒබීසී
    ම්ම්... දැන් ලියන්නේ හිටු කියල කවි... සුබ පැතුම් ඔබට....

    @ Shadow/හේමලයා
    ඔය එළිවෙන්නේ... හ්ම් හ්ම් කප්පරයත් තප්පරයක් ආදරේදී හැබෑව වෙන්න ඇති මයෙ හිතේ... මාත් දන්නෙ නැහැ තාම හරියට....

    ReplyDelete
  17. @ nish
    " සීතල දිය පිරි සුනිල විලයි" ගීතය සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන.. මහගමසේකර මහතාගේ පද රචනයක්....

    ඒ ගීතය මට කියා ගන්න බැරි හැගීමක් අකුරු කරල වගේ... මම හරිම ආසයි ඒ පද වලට... ඒකයි මම බ්ලොග් එකේ පිලිගැනීමේදීම ඒක ලීවේ...

    ඒක මගේ නිර්මාණයක් නෙමෙයි ඕං........

    ReplyDelete
  18. @ ඉලංදාරියා
    ඉලංදාරිකමට නෙමෙයි ලියන කවි නම්..ස්තූතියි ඉලන්දාරියෝ....

    ReplyDelete
  19. ඔන්න බැනුම් අහන්න බැරි හන්දා අන්තිමටම ආවා...

    මේ හැබෑටම මේක කොයි වෙලාවෙද ලිව්වේ...මම සින්ඩි වල දැක්කේ නෑනේ...මට පේන විදිහට ඇස් හතරෙන් බලලත් මම තවත් පොට්ටයි වගේ...

    එල එල වන් මොර් ටු ගෝ.....ඔහෙම යාං...

    අහ් මේ අක්කියෝ....ඔයා අළුතින් පොස්ට් එකක් දාපුවහම නොටිෆිකේෂන් එකක් එන විදිහට දාන්නකෝ මගේ ඉමෙල් ඇඩ් එක‍‍...අනේ නැත්නම් ලිපි මගෑරෙනවා....

    අද පද පෙළත් ලස්සනයි කියලා බොක්කෙන්ම කියන්නම්...ඒත් මට නම් කියන්න දෙයක් නෑ...
    "පාස්"

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...