..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, August 20, 2010

෴ හිස්බව ෴


පිපී මලක් දකිනට කිසි කෙනෙක් නැතී
සුවඳයි හරිම ඒ සුවඳින් පලක් නැතී
ගී රස මිහිරි අසනට කිසි කෙනෙක් නැතී
නුඹ ලඟ නැතිව කිසි දේකින් පලක් නැතී

උදයේ හැගුම් සවසට වෙනවා නපුරු
කඳුළට වුනත් නෙත ඉඩ නැහැ වී රුදුරු
හිත හිස් වෙලා සිතුමට දේ නැත මහරූ
නුඹ විත් මගේ ලෝකෙම වී මට නුහුරූ

නුඹ ඇයි ඇවිත් සිත ලග වූයේ කොමල
උණුසුම රැකවරණ සැලසුවෙ ඇයි නිබඳ
නිතරම ඇයිද සෙවුවේ මා වත කමල
නිහඩව ඇයිද පෙර නුඹ දැන් වෙන කොහිද

“For every beauty there is an eye somewhere to see it. 
For every truth there is an ear somewhere to hear it. 
For every love there is a heart somewhere to receive it.”

හිස්බවේ ගිලී සැගවී මියෙමින් සිටින සුවඳ මල
මම
෴ වත් ෴

9 comments:

  1. හ්ම්..............
    හනේ මන්ද....අක්කි මේ දවස් ටිකේ ලියල තියෙන පද පෙලවල් තදින්ම හිතට වදිනවා......ඒ හින්ද වෙන්න ඇති දෑසට කදුළු පිරෙන්නේ....
    :'( :'( :'( :'( :'( :'( :'( :'(

    ඔබ තනිවී යැයි කිසිවිටෙකත් නොසිතන්න‍
    අපි ඇත ලග සැමදා ඔබ සනසන්න.....

    ReplyDelete
  2. හිස් බව නැතේ සැම දිනකම රජ වෙන්නේ
    තනිකම දිනක කාටත් නොකියම යන්නේ
    ඒ දින එනු බලා මදකට තව ඉවසන්නේ
    කුමරා ඔබේ ලඟදිම ඔබ වෙත එන්නේ

    වෙනදා ලෙසින් සොඳුරු සිත වෙත ආවත්
    පෙනුනේ දුකිකි දැන් දැන් කවියෙත්
    පිසදා කඳුලු දෙනෙත් පවතින තවමත්
    හිනැහෙන් මිතුරියේ සතුටින් දැන් ෴වත්෴

    ReplyDelete
  3. පුන්සද අහසෙ සැගවීලා ඉන්න එපා
    තරු මල් වියකිලා පරවී යන්න එපා
    දෑසින් කදුලු තවනන් බේරෙන්න එපා
    පෙම් කළ පවට මේ හැටි හඩවන්න එපා

    අද හිරු බැස ගියත් යළි හෙට පායනවා
    මල් තව තවත් මේ ලොවතුල පූදිනවා
    පෙම් කල නුඹගෙ සිත නැවතත් හිනෙහෙනවා
    එදවස බලන්නට මගෙ සිත නළියනවා

    ලස්සනවි අක්කා පද ටික.....:D

    ReplyDelete
  4. වලා කුළුමත හදක් නැගුනම
    ඒඅ හස හරි කාන්තිමත්
    සියලු තරුවල එලිය අඩුවි
    සදේ එලිය අහසේ රජවේ
    ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
    ඔබ සොයා එයි හෙට අයේ
    මොහොතකට දැනෙනා පාලුව
    ඉවසන්න හිත සතුටින් පිරේ...

    පදටිකනම් ලසනයි ..එත් හිතට පොඩ්ඩක් දුකයි..

    ReplyDelete
  5. හිස් බවම....
    නොවේද නිදහස....
    අප සැම පතන......
    දැනුනත් දුකක් හිතට....

    ReplyDelete
  6. ජීවිතයම හිස් බවින් වෙලිලා...... කුමක් කරම්ද මා ??? :(

    ReplyDelete
  7. තනිකම මැකීයන...
    දරුවන් ගෙදර පොරකන...
    මිනිහා බෙරිහන් දෙන..
    දිනය නුඹටත් උදාවෙනු ඇත....

    ReplyDelete
  8. @ ෴ හසියා ෴
    හ්ම් හ්ම් මම දැක්ක හසී පැටිය කරල තියෙන දේ.. අපොයි මම හිතුවෙ වත් නැහැ මෙහෙම දෙයක් මල්ලි... වචන නැහැ මට කියන්න.

    @ priyantha.ඒබී සී
    හ්ම් හ්ම් දැන් කවි කාරයෙක් වෙලා නේද...

    @ Pasan
    මගේ කවි කැළේ ඔයාගේ පද පේලි 08 ඊට වඩා ලස්සනයි පසන්...

    @ Shadow/හේමලයා
    නිදහස වෙලාවකට පාලුවක් තනිකමක්..

    @ ඉලංදාරියා
    හ්ම්... දුක හිතන්න එපා.මම සතුටින්.

    @ පසන් තරිඳු
    හිස් බව යන්න ගේමුද කිරිල්ලියෙක්.......

    @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    ඒකනම් නියම කතාව.. බෙරිහන් දෙන්නේ ගැහැණු අයනේ.. පිරිමි බැන්දට පස්සේ ගොලුවෙනවලු නේ..

    ReplyDelete
  9. wath
    කිරිල්ලියෙක් ?? හපොයි හොඳට හිටී...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...