..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, August 19, 2010

෴ මගේ සැන්දෑව ෴


ඉර බැහැගෙන යන හැන්දෑ යාමෙක
ලස්සන අසිරිය විඳ ගන්න
උරහිස මා හිස සතපවලා නෙත
අනන්තයක් වෙත දිව යන්න


කතා නොකර නුඹ හුස්ම හෙලන හඩ
පමණක් හිමිහිට විද ගන්න
මුහුදේ හිරු ගිලෙනා මේ යාමයෙ
පාට පැතුම් වල තවරන්න 


මා ඉන වට නුඹේ අත වෙලිලා ඇත
සිහින් සරින් නුඹ කොඳුරන්න
ලස්සන දවසක ඒ මොහොතට මම
පෙරුම් පුරන්නෙමි දැනගන්න

I love to be here at the beach to watch the sunset - the greatest performance of Nature.  Like in a theater, but it’s free. 


ඔබ එනකම් මුහුදු වෙරළේ බලන් ඉන්න 
මම
෴ වත් ෴

20 comments:

  1. මුහුදු වෙරළෙ එබ ඉන්නා යාමෙක
    ආවිදින් එබ හා දොඩමළු වන්න
    ආසයි හිරු බැස යන යාමෙක
    මුහුදු වෙරළ වෙත දිව එන්න...

    ReplyDelete
  2. මුහුදු වෙරලේ බලා සිටින
    පුංචි සොඳුරු සිතැත්තියේ..

    මමත් ඔය වගේම පැතුව
    ඉන්න රැඳී ඔහු තුරුලේ..

    මෙවන් සොඳුරු සිතුම් ඇතත්
    තෙරපිලා මගේ හිත් පොඩියේ

    අද එන්නට බැරිලු ඔහුට
    වැඩක් තියෙලු හදිස්සියේ..

    කාට කියන්නද?

    ReplyDelete
  3. ආයේ ඉතිං කියන්නත් දෙයක්ද පංකාදු පද ටික.

    හිදිනු ටික්ක ඉවසිල්ලෙන්
    එයි දැන් දැන් ඔහු ඔබව සොයන්....

    ගත්තොත් කඩල ටිකක්
    කන්නට හැකිය ඹහු එනකන්
    කොහොමැයි මාගේ වටිනා අදහස්
    සල්ලි තමයි නැත්තේ මා ළගත්.....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔබ ගෙදර එනකම් මොනිටරය ලගට වෙලා බලගෙන ඉන්න මම ~චතු~

    ReplyDelete
  6. මූදුවෙරළක් ලඟ ඉඳන් ඉර පායනවා බලන්න ආසයි මට නං...බහිනවා දැකලා එපාවෙලා......

    ReplyDelete
  7. ඔබ අත් අල්ලන් වෙරලේ ඉදිද්දි
    වදින සුලග මා හද සනසයි...
    ඒ සුලගට එන කරදිය පිනිබිදු
    නුඹ මා මුහුනත හැඩ ගන්වයි...
    ඒ බිදු සමගින් නුඹගේ ලය මත
    හොවනා මා හිස නුඹගේමයි...
    ආදරයෙන් නුඹ සිප ගත් නලලත
    බලා සිටියෙ ඒ වෙනුවෙන්මයි...

    ReplyDelete
  8. හිරැ බැස යන රැලි සයුරක් අද්දර
    ආදර රැස් මුළු සියොලඟ ගල්වා
    නුඹෙ ඒ ලෝකය සනහාගන්නට
    හැකිවේවා මුලු දිවිය පුරාවට..

    ලස්සන නිර්මානයක් සහෝදරී.

    ReplyDelete
  9. @ වත්,
    වෙනද වගේම ලස්සන පද ටිකක් අක්කේ..

    @ ෆා,
    අපූරු පබැඳුමක් සිස්...

    ReplyDelete
  10. @ priyantha.ඒබීසී
    ලගදීම දවසක ලැබේවි මුහුදු වෙරළේ සුව විදින්න.. ඒත් නුවර කොහෙද මුහුදක් ..

    ReplyDelete
  11. @ ෆා
    ඇත්තටම එයාට වැඩ ඇති නංගියේ... වෙන දවසක යන්න. නොක්කාඩු කියන්න එපා..

    ReplyDelete
  12. @෴ හසියා ෴
    මසුරන් වටින අදහස... ස්තූතියි හසියෝ.....
    කෝ බලමු සල්ලි කීයක් තියද කියල ... ම්ම්ම්

    ReplyDelete
  13. @ Chathu
    හා හා අහුවුනා හොරේ.....

    @Shadow/හේමලයා
    එහෙමනම් උදේම යන්න වෙනව ෂැඩෝ...

    @Uditha Umesh
    ආහ්.... ඉන්න මම කියන්නම් අරයට...

    ReplyDelete
  14. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    ඔය ලියන්නේ කවි... තව මොනවද කල්පනා කරන්නේ අභීත.. ලියමු කවි පිටුවක්...

    ReplyDelete
  15. @ හෙළයා
    ස්තූතියි හෙළයා......

    ReplyDelete
  16. @ sansarasidu
    ස්තූතියි මල්ලි....

    @ තිස්ස දොඩන්ගොඩ
    ආහ්... කියෙවුව කියෙවුව අයිය මම ඒ ලිපිය. අයිය නිවාඩුවට ලංකාවට ආවම නොවරදවා යන තැනක් නෙව මුහුද.( පින්තූර වලින් හිතාගන්න පුලුවන්)

    ReplyDelete
  17. දෑගිලි හෙමිහිට එකිනෙක බැදගෙන
    අනන්තයට දුවලා යන්න
    මේ සැන්දැවේ මගේ හිත තනිවී
    එනවද තනියට පවසන්න

    ReplyDelete
  18. හදිස්සියකටවත් යන්න තියෙන්නේ වැව විතරයි. වෙරළක් නෑ වැව රවුම විතරයි. එකෙත් බාගයක් හමුදාවටයි පොලීසියටයි දීල තියෙන්නේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...