..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, August 18, 2010

෴ නුඹයි මමයි ෴


පින්න මලට පිනි බින්දු වැටීලා
වාගෙයි නු‍ඹ පින්බර මුහුණේ
සිඹින්න  දෝ මම ඒ පිනි බිදු තෙත
පිපාස වී මේ හද මාගේ

පින්න මලක් වාගේ ඉන්නට මට
නුඹේ සෙනෙහෙ මහ මෙර වාගේ
සිඹින්න තහංචි නැත මා මිහිරේ
මලේ බඹරු නුඹමයි මාගේ


ගමෙන් ගෙනා මගෙ පින්න කැකුළියේ
වරදක් හෙම වුනොතින් ආයේ
 නොයන්න හැරදා මේ බඹරිඳු නුඹෙ
දෙන්නේ නැහැ කඳුළැලි ආයේ

බලන්න බඹරෝ මේ මල නුඹගේ
නෙලන්න බෑ කාටත් ආයේ
මා' පැණි මා' පෙති මා' හද නුඹගෙයි
සසර සරන භවයක් ගානේ


බඹරු ලඟ සිනා වන පින්න මල
මම
෴ වත් ෴

14 comments:

  1. හදවත ගොළු වී ඇත
    කියනට කිසිත් නැත‍‍
    ඒ තරම් සුන්දරය
    ඔබ ලියු මේ පද පෙල.....

    ලස්සනයි අක්කියෝ.....ආදරේ දොරේ ගලනවා.මේවගේ බඹරෙක් අක්කි බබාටත් සෙට් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. පින්න මල පර වෙද්දි
    බඹරා වියපත් වෙද්දි
    මේ තියෙන ආදරය
    මේ ලෙසම තියේවිද?

    ReplyDelete
  3. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    පින්න මල් පරවුවත්
    බඹරා වියපත් වුවත්
    අවංක නම් හදවත්
    රැදේවි ආදරේ සදා කල්‍‍.......

    ReplyDelete
  4. @ ෴ හසියා ෴
    ගොළු වුනා කීව... පිට්ටු හිර වුනාද...

    ඇත්ත ඇත්ත මල්ලියා..
    පින්න මල් පරවුවත්
    බඹරා වියපත් වුවත්
    අවංක නම් හදවත්
    රැදේවි ආදරේ සදා කල්‍‍.......
    සැබෑ ආදරේ නම් එහෙමයි.....

    ReplyDelete
  5. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    හ්ම්......දන්නේ නැහැ අයියේ..( මල්ලිද දන්නෙත් නැහැ)

    ඒත් තියනම් හොදයි.. මම දැනටමත් වියපත්... ආදරේට වයස ප්‍රශ්ණයක් නැහැ මම හිතන්නේ..

    ReplyDelete
  6. @ Shadow/හේමලයා
    ස්තූතියි ෂැඩෝ....

    ReplyDelete
  7. කවියෙන් උත්තර දෙන්න තරම් හැකියාවක් නැති උනත් ලස්සනට රස විඳින්න පුලුවන් පද ටිකක්!!!!!!!

    ReplyDelete
  8. වියපත් බව මැනිය යුත්තේ ගතින්ද නැතිනම් හිතින්ද?
    වියපත් යැයි කියන...ඒ කියන්නේ අවුරුදු 80 විතර අයත් තමන්ගේ වැඩ හොදින් කරන් දවස ගෙවනවා.(තමන්ගේ වියපත් බව ගැන නොසිත)එහෙම එකේ අක්කි වගේ තරුණ කෙනෙක් එහෙම කියන එක හරි නෑ නේද?පෙඩිඩක් හිතල මතල ඔය වචනේ අහක් කොලොත් නරකැයි මං අහන්නේ ආ....?

    ReplyDelete
  9. අහ්.... වත් මේ කියන්නෙ වියපත් බඹරෙක් ගැන...

    මගේ නාකි රෝස මලේ...
    මමයි නුඹේ වියපත් බඹරා....

    හහ් හා)))))))))))))))

    ReplyDelete
  10. උදයම සුපිපුනු පින්න කැකුලියේ...
    දිනයක සවසට පරවෙන්නේ...
    උදයම පැමිණිය බඹරිදු...
    දිනයක වියපත් වී යන්නේ....

    වියපත් බඹරා පින්න මලට වෙනදාටත් වඩා ආදරෙන් ඉඳීවි...
    සුභ දවසක්..!!

    ReplyDelete
  11. දැන් කවුද මෙතන වයස.. මම එහෙම දෙයක් මගේ කවි වල කියල නැහැනේ....

    හරි හරි මට තේරෙනව වෙලා තියෙන දේ... බඹර කියල කීව ගමන් කට්ටියට මතක් වෙන්නේ අමරසිරි පීරිස් මහත්තයගේ බඹර නේද?

    අභීත තමයි මේ කතාව ඇදල ගත්තේ... මම එහෙම දෙයක් කියල නැහැ නොව..

    ReplyDelete
  12. @෴ හසියා ෴
    @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    @මතක මංපෙත
    @ priyantha.ඒබීසී

    ස්තූතියි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...