..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 17, 2010

෴ පිට්ටු හබය ෴


පිට්ටු.... හරි රස කෑමක්..... පිට්ටුයි... කට්ට සම්බෝලයි කිරි හොදියි තිබ්බනම් ම්ම්ම්ම්.....
සමහරු නම් පිට්ටු කන්නේ සීනිත් එක්ක... මම නම් ආස අර සාංගික දාන වලදි එහෙම හාමුදුරුවන්ට පිළිගන්වන කුරක්කන් පිට්ටු.. රසයි ගුණයි .....කොච්චර කෑවත් මහත් වෙන්නේනෙත් නැහැ නෙව.

ඉතින් අද මේ මම ලියන කතාව හැමදාම කෑමට පිට්ටු හදන ගමහාමිනේ කෙනෙක් ගැනයි.... අපි මේ රසයි ගුණයි කියන්නේ අපිට ඉතින් මේව හැමදාම කන්න නොලැබෙන නිසා නේ... ඒත් මේව හැමදාම කන අයට මේවයේ මොන රසක්ද නේද.. අනේ ඉතින් ඒ ගමරාලටත් පිට්ටු එපා වෙලාලු තිබ්බෙ.. 

ඉතින් ඔන්න අදත් ........

රාත්‍රී කෑමට අදත් හාමිනේ හදන්නේ මොනාවාදැයි බැලීමට ගමරාල ලිප ලඟට කිට්ටුකර බලයි

ඇල්දිය දමා පොඩි කරමින් කර මට්ටු
වන්ඩුවෙ තබා මුදුණට කර පාරට්ටු
තැම්බුණ පසුව පිටතට කරගෙන තට්ටු
පිට්ටු නිසා තී සැමදා වෙයි කෙට්ටු

ඔන්න එතකොට ගමහාමිනේ මෙහෙම කියාපිය

කකා මොටද මාහට දොස් කියන්නේ
නොකා කොහොම එක වේලක් සිටින්නේ
කෙට්ටු නැති කරන බේතකි බොලන්නේ
පිට්ටු තමා අද රෑටත් උයන්නේ

මූණ ඇඹුල් කර ගත්ත ගමරාල බාන ලද පිට්ටුවට අත දිගු කරමින්

කළුවට කළුයි රවුමට මට පේන කොට
ලොකුවට වට්ටියේ මැද්දේ තිබෙන විට
පළුකොට පිඝානට දෙනවිට පිට්ටු කැට
එකවිට එපා වෙයි තී හා දීගෙ මට

එහෙම කියල ටිකක් වෙලා ඉදල එහෙම මෙන්න මේ රාල හොද හැටි බෙදන් පිට්ටු කනව.  කන ගමන් මෙන්න මෙහෙමත් කියනව.

කිට්ටු වෙලා වන්ඩුවෙ තබලා සැනෙකින්
තට්ටු කර බලා වට්ටිය වෙත දමමින්
කෙට්ටුවී සිටින තිට කවදා හෝ දිනකින්
පිට්ටු එපාවෙයි උගුරේ රැඳුනෝ තින්

කියල හොදට කිරි හොදියි තව පිට්ටුවකුත් බෙදා ගන්නව .... මේ දිහා බලන් හිටිය ගමහාමිනේ මෙන්න මෙහෙම කියනව....

සැමවිට මෙමට බැන වදිම්න් රවටාලා
බොරුවට නොකන බව කියමින් වාඩිවෙලා
කෙට්ටුය කිය කියා වට්ටිය ලඟට වෙලා
පිට්ටු හතම කෑවද මා රවට්ටලා....

දැන් හිතා ගන්න පුලුවන් නේද මොකද ගමහාමිනේ කෙට්ටු වෙලා කියල......

කවි උපුටා ගත්තේ "හෙළ ජන ගී සංග්‍රහය - එම්.ජී කුමාරපාල" ඉතිරි කතාව මා ගානේ...........

පිට්ටු නැතිව බඩ ගින්නේ කෙට්ටු වෙවී ඉන්න
මම
෴ වත් ෴

31 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

මුල්ම ..එක මම දැම්මා තම කියවෞවේ නැහැ..හේ..කියවලා අපහු දාන්නම්.

ඉලංදාරියා said...

බඩ ගින්නේ ඉදගෙනමයි මෙය කියවවුවේ
කියවාගෙන මග යදී කෙල උනනවානේ
කිරි හොදි හා පි‍ටු කන්න මමත් කැමතිනේ
අම්මට අද හවසටවත් කියන්න ඕනේ

බඩගිනියෝ........

හරී said...

අනේ අර කිව්වත් වගේ කටට කෙළ උනනවනේ,, හරි ශෝක් කතාව වත් ,,,

හරී said...

ආ,, වත් මේක ලිව්වෙ කතන්දර අයියා ගැනද? අර තියෙන්නේ "කකා මොටද ,,,, " කියලා හි හී..

priyantha.ඒබී said...

පිට්ටු නැතිව බඩ ගින්නේ කෙට්ටු වෙවී ඉන්න
මම
෴ වත් ෴
ethakota gama hamine da wath
Ada unicode netha

wath said...

@ ඉලංදාරියා
ඉලංදාරි වයසට ගස්ගල් වුනත් කන්න පුලුවන් කියන්නේ බොරුවටද මං අහන්නේ....

wath said...

@ හරී

අනේ නැහැ හරී.... කකා කියන්නේ කෑම කමින් කියන එක.. මම දන්නව ඔයා ඒක විහිලුවට කීව බව. ඒත් කකා කියල ටයිප් කරන කොට මටත් කතන්දර ව මතක් වුනා..

@priyantha.ඒබී සී
ලෙක්චර්ස්ලගේ ස්ට්‍රයික් එක කැන්සල් ද?

චමිල said...

අපෝ.....ඔය පිට්ටු කියන ජාතිය හරි තිත්තයි අප්පා......

Shadow/හේමලයා said...

මම නම් කන්න කැමති පොල් කිරි එක්ක....පිට්ටු ගැන පට්ට ලිපියක්......:)....

wath said...

@ චමිල
නරියා ... අපොයි ඔවු මල්ලියෝ.. තිත්තයි තිත්තයි මිදි තිත්තයි.. සොරි අනේ මෙහෙම කෑමක් ගැන ලියද්දි මට දෙතුන් පාරක් හිතන්න තිබ්බ.. පිටරටවලත් අපේ ඇත්තෝ ඉන්නව කියල...

wath said...

@ Shadow/හේමලයා
ඇයි පිට්ටු විත් කිරි පැණි.... ම්ම්ම් රසයි...

priyantha.ඒබී said...

ස්ට්‍රයික් එක කැන්සල්ද කියන්න දන්නේ නෑ එකෙන් අපිට ලැබයක් හො පාඩ්වක් නෑ. යන්තම් දැන් තමා සිංහල අටව ගත්තේ දවස් 2ක් මේක එක්ක හැප්පුනා වෙන කිසි වැඩක් කරන්න බැරිඋනා

෴ හසියා ෴ said...

මා ආසම කෑමක් නොවැ පිට්ටු
ලියු ලිපිය වැදුනා බොක්කට ගැන පිට්ටූ
දොළ දුක් හැදුනයි මට කන්නට පිට්ටු
අම්මිට කියමි අද හදනට පිට්ටු......

Hasitha ජයසූරිය said...

අයියෝ මන් නම් අකමැතිම කෑමක් පිට්ටු

Hasitha ජයසූරිය said...

@හසියා

හික්!හික්!
මේකගෙ තියෙන පෙරේත කම :P

තිස්ස දොඩන්ගොඩ said...

මේ අන්තිමට හැමදාම දාන කෑල්ල නියමයි...
පිට්ටු නැතිව බඩ ගින්නේ කෙට්ටු වෙවී ඉන්න
මම... ෴ වත් ෴

මම මේ පෝස්ට් වල ආසාම කොටස ඒක දැන්...

෴ හසියා ෴ said...

@ පොඩි හසියා....

හරි හරි කාගෙත් පෙරේතකම් බලන්න තිබ්බා පිට්ටු පිඟානක් ලග පාතක තිබ්බනම්....

@ තිස්ස දොඩන්ගොඩ

ඒ කතාවට මාත් එකඟයි ඕන්...
ඒ අන්තිමට දාන කෑල්ලනම් මරේ මරු.

පෝස්ට් එක නෙකියවා ඒක කියෙව්වනම් ඇති හිත පිරෙනවා.

වැප් said...

කට පිට්ටු නොකර කියවන්න පුලුවන් පිට්ටු ලිපියක් :D

දුමී said...

දැක්කම පිස්සු හැදෙනා අර පිට්ටුවට සොඳින්
හොඳ හැටි පොඟාලා කිරි හොදි දාල උඩින්
පොල් සම්බලේ දැක්කම කට පෙඟෙනවා කෙලෙන්
දොළ දුක හැදෙන්නේ ගැහැනුන්ටමද ඉතින්

දැන්නම් ගැලවුමක් නැහැ ගම හාමිනේ හට
සාද නොදුන්නොත් පොල් පිට්ටුව මෙමට
ගන්නෙමි මෝල් ගහ සහ වං ගෙඩිය කොට
කොටලා හදන්නෙමි තනියම පිට්ටු හෙට

දුන් තෙල් බතුයි කළුකුං මාලුව කෑවත්
හිතනම් පිරෙන් නැත්තේමයි මගේ තවත්
නොකෑවොතින් කුරහන් පොල් පිට්ටුව අදවත්
නිදියනවා බොරු ඇහැරං ඉමි හෙට රෑටත්

කතන්දරකාරයා said...

පිට්ටු කන ගමන් කතා කලේ කටේ පිට්ටු නැති නිසා වෙන්න ඇති!

Chanaka Aruna Munasinghe said...

පිට්ටු හොරා බඩෙන් දැනේ

බුද්ධි said...

තව මේ වගේ කවි කතා නැද්ද? මේකනං නියමයි!

හා පැටික්කි (MS) said...

මමත් හසිත මල්ලියගේ විදියේ ඕන්.........
පිට්ටු නොකෑවට මේ කවි පිට්ටුව නම් මරු අක්කියෝ......... :D

@ හසියා අයියා
අයිය මොනාද හැබෑට නොකන්නේ????????? :P

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

පිට්ටුව වගේ පිම්බෙන අපෙ වත් කෙල්ල..
පිට්ටුව ගැනම අද ඇත වතකුත් ලියුව...
කියවලා කෙල වලින් පිරිලා ඇත මුඛය...
පිට්ටුව හදලා දෙන්නේ කවද්ද අපට..

මාතර පැත්තෙ ඇති පිට්ටුවෙ අගේ නම්...
කියලා වැඩක් නැත රස ගුණ මනාමැ'යි...
වත් හදනා පිට්ටුවෙ රස බැලීනම්....
බැද්දේ අගය අප කාටත් හැගේමැ'යි...

෴ හසියා ෴ said...

@ හා පැටික්කි (MS).....

අපෝ නොකන ජාති නැත්තෙමත් නැතිව නෙවේ.ඒත රසනම් මොනාහරි කෑමක් අනිවා කනවා.

ෆා said...

මරු පිට්ටු කතාව..
කාලා තියෙනවාද පිට්ටු වලට පොල්කිරියි සීනි ටිකකුයි කෙසෙලුයි දාලා.. ම්ම්ම්ම්...මරේ මරු.

෴ හසියා ෴ said...

පෝස්ට් එකක් කල හදියක්....
ඔන්න වත් අක්කියෝ අද අපේ ගෙදර රෑට පිට්ටු.
අක්කිගේ කවි පෙල ගෙදර අයට කියන ගමන් පිට්ටු වැඩි හරියකට වැඩේ දුන්නේ මං තුමා තමයි.ඒ හින්දද කොහෙද දැන්නම් හෙල්ලෙන්නවත් බෑ වගේ.ඒ මදිවට නිදිමත.

ඔන්න ඉතිං පෝස්ට් එකක් දාලා හරි මම කන්න කැමති කෑමක් කන්න සැලැස්සුවට පිං හොදේ.ඒ කරගත්තාවු පුණ්‍යකර්මයෙන් මේ ආත්මයේත් ලබන ආත්මයේත් පිට්ටු කන්න ආසාව තව තවත් වැඩිවෙන්නත් පිට්ටු කන්න ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු...!!! සාදු...!!! සාදු...!!!

wath said...

අපොයි ... වෙච්චි හදියක මහත. ගෙවල් වල ඉන්න අම්මලාටයි නෝනලාටයි මගේ පිට්ටු ලිපිය වද දෙන තරමක්...

෴ හසියා ෴ නම් හදවගෙන කාලත් හමාරයි වගේ....

දුමී අයියගේ කවි ටික දැක්කම මට බයයයයයය හිතුන... පවු අප්ප ගමහාමිනේ....

තව එක්කෙනෙක් මට කියල පිට්ටු හදවන්නයි ලෑස්තිය.. ( අභීත උදය බණ්ඩාර)

තව සමහරු පිට්ටු කන අලුත් ක්‍රම ලියල (ෆා)

ඒ අස්සෙ කටේ පිට්ටු නැතිලු එක්කෙනෙක් කියනව.( කතන්දර)

එකම එකයි නෙව පිට්ටු වලට අකමැති.. ආහ් නැහැ දෙකයි... (හා පැටික්කි සහ හසිත ජයසූරිය)

ඒ අස්සෙ ලස්සනම සිද්දිය කියන්නේ...

මම
෴ වත්෴ කියල ලියන කොටස හෙට ඉදල නැහැ ඕන් හරිය...

wath said...

@ බුද්ධි
පි‍ට්ටු කතා ...ම්ම්ම්... බලමු බලමු... අහුවෙන දේ ලියනව මිසක් සුදානමක් වෙලා ලියන දෙයක් නෙමෙයි නේ මේ... ස්තූතියි බුද්ධි මල්ලි

sansarasidu said...

වත් අක්කා වෙනුවෙන් පිට්ටු නැතත් කෝම්පිට්ටුවක්වත් ඉදීයෝ...

හෙළයා said...

තව නියමෙටම නියමයි " මඩු පිට්ටු " . සුදු හොද්දක් එක්ක කන්න ඕනෙ. එපා වෙන්නෙම නෑ. පැලෙන්න කන්න පුළුවන්.

හැබැයි සහොදරී පිට්ටු නෑ කියලා බඩගින්නේ ඉන්න එපා. :p

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...