..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, August 16, 2010

෴ ඉඩමේ පිඹුරා ෴


ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් නොහොත් එදවස භාෂාවෙන් නම් උප දිසාපති කාර්යාලයකි.....
‍බරති පොහොර උරයක් කර තබා ගත් අහිංසක පෙනුමැති ගැමියෙකු ලහි ලහියේ කාර්යාලය වෙත පියමන් කරයි....
කාර්යාල සේවකයකු අසල නතර වූ ඔහු.... බොහොම අපහසුවෙන් තම සරමේ ඉන රැදි කඩදහියක් ගෙන එය පෙන්වමින්....

" මහත්තයෝ.... උප දිසාපති තුමා මේ ලියුම් කඩදහිය එවල තිබුන.. අද ඇවිත් මුලච්චි වෙන්න කියල.ඒ උත්තමය කොහෙද ඉන්නේ මහත්තයෝ?"

" ආන් අර පේන බාග දොර දාලා තියෙන්නේ ඒ කාමරයට තමයි උන්නැහේ... ඔහොම කෙලින්ම යන්න කෝ"

" හොදමයි මහත්තයෝ..... ආයිබෝන් එහෙනම්"

" කවුද බන් පියසේන ඒ" 

" කවුද දන්නේ ලතෝ... කවුරු වුනත් අද නම් ලොක්කට මල්ල කරේ.... දැක්කෙ නැද්ද උන්දැගේ කරේ තිබ්බ ගෝනියෙ විශාල"

" ඒක නම් ඇත්ත පියදාස" " ලොක්කත් අපිට හොරාට  සන්තෝශන් ගන්නව එහෙනම් ආහ්"

" අපිට කොහෙද බන් ඔහොම වාසියක් ... කඩේකට එක්කාසු කරන් ගිහින් තේකක් .. බීඩියක් ගන්නව ඇරෙන්න"

ගැමියා බාග දොරින් ඇතුලු විය....කර තිබු පොහොර ගෝනිය උප දිසාපතිතුමාගේ මේසය මතින් තැබූ ඔහු...

" උප දිසාපති  හාමුදුරුවනේ... මේන් මේ ලියුම් කඩදහියෙ ...අරන් එන්න කියල තිබුන විදිහටම ඕන් මන් කටයුතු කරා" " ඒත් මටයි මගේ මායියටයි හිතා ගන්න බැරිවුනා උන්නාන්සේ මොකටද මෙහෙම ලියුම් කඩදහියක් එවුවෙ කියල" " මම ඕන් අල්ලපු ගමේ බණ්ඩාර කොලුවට කියලයි කඩදහිය කියව ගත්තේ ඕං"

ටික වේලාවක් පුදුම වූ මුහුණින් බලා සිටි උප දිසාපතිතුමා.... ගැමියා දෙසත් තම මේසය උඩ ඇති මහ පොහොර ගෝනිය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිට...

" ලොකු උන්නැහේ ... ලොකු උන්නැහේ මම රාජකාරයට ඉටු කරනවට තෑගී බෝග ගන්න කෙනෙක් නෙමෙයි ලොකු උන්නැහේ..." " ගන්න ... ගන්න.... මේව ආපහු ගෙනියන්න"

" එහෙම කියන්න එපා හාමුදුරුවනේ... ලියුමෙ තිබුන නිසා බොහොම අමාරුවෙන් තමයි මේකව අල්ලන් ආවේ.. ටික දවසක් පරක්කු වුනා තමයි... ඒ ගැන තරහක් ගන්න එපා හාමුදුරුවනේ'

කුමක් හෝ වැරදී ඇති බව තම අත්දැකීමෙන් සහ සහජ ඉවෙන් තේරුම් ගත් උප දිසාපතිතුමා.... මදක් කල්පනා කර බලා....

" කෝ දෙන්න ලොකු උන්නහේ ලියමු කඩදහිය තියෙනම් බලන්න"

අහිංසක ගැමියා තම කසට දත් පෙන්වමින් බයාදු ලෙස සිනාසී.... දූවිලි කුණු වැකී ගිය ලියමන අතටගෙන මහත් භක්තියකින් උප දිසාපතිතුමා වෙත දිගු කරන ලදී.

" ලොකු උන්නැහේ... ඉතින් කෝ මම ගේන්න කීව දේ "

"ඉන්න මහත්තයෝ .....  ඒකා මේ ගෝනිය ඇතුලෙ දරණු ගහන් ඇති දැන්. අහිංසක සතා මහත්තයෝ"

පවසමින් ගෝනියේ කට බැදි ලණුව ලිහන්නට වන...

සිද්ධ වන්නට යන ඇබැද්දය වහා තේරුම් ගත් උප දිසාපතිතුමා....

" පියසේන " " පියසේන යි" කෑගැසුවේ  වැරදුනේ කාටදැයි සිතා ගත නොහැකිවය....

ඔහු අත රැදි ලිපියේ සදහන් වී තිබුනේ......

ඔබ  පදිංචි වී ඇති  රජයේ ඉඩම සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සදහා ,අවශය පියවර ගැනීමට මෙම ලිපිය ලද වහාම ඉඩමේ පිඹුරත් රැගෙන මා හමුවීමට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි .

පොහොර උරයේ අසරණව සිටි පිඹුරාගේ කතාව ලියූ
මම
෴ වත් ෴

48 comments:

  1. හෆෝයි අසරණ පිඹුරා. මේක ඇත්තම කතාවක්ද? නැත්නම් වත්ට නිකං හිතුන දෙයක්ද? කොහොම උනත් ලස්සන කතාවක් ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තව එකක් මතක් උනා. මමත් පුංචි කාලේ ඔය ඔප්පු වල එහෙම තියෙන ඔය පිඹුර කතාවට හිතන් හිටියේ පිඹුරෙක් ඉන්නව ඇති කියල තමයි. හික්...හික්..

    පොහොර උරයේ අසරණව සිටි මම
    ෴.....෴

    ReplyDelete
  4. අපි ඒ මිනිහට හිනා වුනාට...ඕකෙ තෙරුම දන්නේ නැති එවුන් ඕනැ තරම් ඉන්නව අද....ගං වල නෙවෙව්යි පට්ට ටවුන් වල.....

    ReplyDelete
  5. පට්ට කතාව.වෙලාවට ඔප්පුවට පිඹුරා කිව්වේ...ඇනකොන්ඩා වගේ එකක් කීවනම් කොහෙන් හොයන්නද? හික්ස්.

    ReplyDelete
  6. මල්ල ලෙහපු ගමන් වෙලාගන්න සිටි මා
    මම
    ෴ වත් ෴

    ඒකත් නරක නෑ නේද? ;-)

    ReplyDelete
  7. මට නම් හිතෙන්නෙ නයෙක් වගේ.

    ReplyDelete
  8. අකේ පට්ට ...හේ හුග දවසකට පස්සේ හිනාඋනේ..

    පිබුරුපත් නේද ..?

    ReplyDelete
  9. හෆොයි අසරණ පිඹුරා...

    ReplyDelete
  10. තව ඔය වගේ වචනයක් තමයි තඩිය කියන එක

    ReplyDelete
  11. ආ අමතක වුණා. මේ ඉන්නෙ මගේ හුරතල් පිඹුරා
    .
    http://www.facebook.com/photo.php?pid=3749742&l=70717b2231&id=685407931

    ReplyDelete
  12. මරු කතාව අක්කෙ, මට ටිකක් කියවන කොටම හිනා ගියා...:D

    ReplyDelete
  13. හෙහ් හෙහ් හෙහ්... අන්තිමට යනකං හීනෙකින් වත් හිතුනේ නෑ.... එල පවුසි....!

    ReplyDelete
  14. මට හිනා ගියේ මෙක දැකලා..

    "෴ හසියා ෴

    පොහොර උරයේ අසරණව සිටි මම
    ෴ වත් ෴"

    ReplyDelete
  15. @ මාරයාගේ හෝරාව

    වත් ලියල තියෙන්නෙත් ඒකම තමයි. පොඩි කොමාවක් මග ඇරිලා. මෙන්න මෙහෙම කොමාවක් දැම්මම හරි

    පොහොර උරයේ අසරණව සිටි , පිඹුරාගේ කතාව ලියූ ....

    ReplyDelete
  16. @Chanaka Aruna Munasinghe...

    ඒකත් ඒ වගේ තමා නෙව..

    ReplyDelete
  17. පොහොර උරයේ හිරවූ තවත් එක් පිඹුරෙකුගේ අනුවේදනීය කතාවක්! හිහ් හිහ්..

    මරු කතාව.. ෆට්ට අක්කා...

    ReplyDelete
  18. සතාව අල්ලන්න ගිහිං පිඹුරා ගමයව වෙලාගත්තනං තමා වැඩේ :P

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. @ priyantha.ඒබීසී
    @ ෴ හසියා ෴
    @ Chanaka Aruna Munasinghe
    @ මාරයාගේ හෝරාව

    ...දැන් කවුද මෙතන ඉන්න පිඹුර....

    ReplyDelete
  21. @ Shadow/හේමලයා
    පිඹුර විතරක් නෙමෙයි ෂැඩෝ.. තව මරු මරු වචන තියෙනව ඉඩම් සම්බන්ධව...
    පත්ඉරු
    තිරප්පු
    තව තියෙනව... මම මතක් වෙච්චි වෙලාවක ලියන්නම් කෝ......

    ReplyDelete
  22. @ charmi
    නයා ? කෝ කෝ.. කොහෙද....

    ReplyDelete
  23. @ ඉලංදාරියා
    අහන්නත් සතුටුයි ඉලන්දාරිය... හිනා වෙලා ඉන්න මලේ... ඒක තමයි මගෙත් සතුට..

    ඔවු ඔවු පිබුරුපත් තමයි...

    ReplyDelete
  24. @ හසී
    පිඹුරත් අසරණයි... ඇයි අපි අසරණ නැද්ද..ස්තූතියි හසී..

    ReplyDelete
  25. @ චේජනා
    හිහ්... චේජනා නංගි ඉතින් කොහොමත් හොද මීටරයක් නේ...

    ReplyDelete
  26. @ ළමයා
    අන්න ඒ මාතෘකාව නම් නියමයි....

    ReplyDelete
  27. @ තිස්ස දොඩන්ගොඩ
    හිහ්... හිනා වෙන්න අයියා.. ඒක හොදයි... අද අයියගේ පෝස්ට් එකේ සින්දුවේ කුරුළු ජෝඩුව තරහ වෙලා නෙව..

    ReplyDelete
  28. @ änthräX
    ඒ නිසා තමයි ලොක්කත් බය වුනේ...

    ReplyDelete
  29. වෙන කවුද ඉතිං සොදුරු සිතක් ඇති අපේ මේ වත් අක්කි නොවැ පිඹුරා.

    ReplyDelete
  30. මේක අපේ අම්මා කියන කතාවක් . .

    පොරක් වෙදෙක්ගෙන් බෙහෙත් ගන්න ගිහින් තුවාලෙකට . .

    වෙදා බෙහෙත් සීට්ටුවක් ලියලා දීලා . . .

    ටික දවසකට පස්සේ පොර ආපු වෙලාවක සෙට් වෙලා තියෙන්නේ වෙද හාමිනේව . . .

    පොර කිව්වලු " අනේ නෝනේ වෙද මහත්තයා දුන්නු බෙහෙත කියාපු පිලිවෙලට ගෑවා ඒත් සනීප නෑ නේ කියලා . .. "

    කොහෙද ගෑවේ කියලා ඇහුවාම පොර ඇඹරෙනවලු . .

    හාමිනේ තුන්ඩුව ඉල්ලගෙන කියවල බැලුවලු . . . අහවල් අහවල් බේත් එකට අඹරා මුකේ ගානු කියලා තිබුනු එක පොර කාට හරි කියල කියවගෙන තියෙන්නේ වරදියටලු . .

    හිතා ගන්න ඇහැක් නේ කොහේ ගාන්න ඇද්ද කියලා. . .

    ReplyDelete
  31. වත් නගෝ, මහ රෑ දොලහයි හතලිස්පහට වගේ විතර තමයි මේක කියව්වෙ. හිනා ගිය පාරට අම්මත් නැගිටල ඇවිල්ල බැලුවා. නියම කතාව. ඒ අස්සෙ දුකාත් අතුරු කතාවක් දාලා. පණ යනවා . . . .!

    ReplyDelete
  32. හරිම ලස්සනට ලියලා තියෙනවා........සින්හල භෂාවේ සමහරක් වචන නිසා මටත් මේ වගේ ඈබෑද්දියක් වුනානේ.........:)

    ReplyDelete
  33. හරිම ලස්සනට ලියලා තියෙනවා........සින්හල භෂාවේ සමහරක් වචන නිසා මටත් මේ වගේ ඈබෑද්දියක් වුනානේ.........:)

    ReplyDelete
  34. @෴වත්෴
    තොප්පිය හරිනම් දාගන්න එකයි ඇත්තේ

    ReplyDelete
  35. හිකිස්... හිනා ගොඩයි.... එලම කතාව.....
    ආහ්...... පොඩි කාලෙ මම පත්තරෙක දැක්කා..."වියත් සභා මැද හෙළුවෙන් වනනු.." කියලා... ඕකෙ මට නොතේරුන වචනෙකට තිබ්බේ වියත් සභා කියන එක විතරයි... ඒකෙ තේරුමත් ඒ දවස්වලම කාගෙන් හරි අහගත්ත.... ඒත් සීන් එක කියන්නේ මට තවම වියත් සභාවක් මැදට යන්ට ලැබුනේ නෑ....

    ReplyDelete
  36. හිකිස්... හිනා ගොඩයි.... එලම කතාව.....
    ආහ්...... පොඩි කාලෙ මම පත්තරෙක දැක්කා..."වියත් සභා මැද හෙළුවෙන් වනනු.." කියලා... ඕකෙ මට නොතේරුන වචනෙකට තිබ්බේ වියත් සභා කියන එක විතරයි... ඒකෙ තේරුමත් ඒ දවස්වලම කාගෙන් හරි අහගත්ත.... ඒත් සීන් එක කියන්නේ මට තවම වියත් සභාවක් මැදට යන්ට ලැබුනේ නෑ....

    ReplyDelete
  37. ඉඩමේ බිඹුරු පත ගැන නයි පත බෑ
    මම
    ෴වත්෴

    එහෙම ලියුවනම් හොදයි කියලා හිතුන
    මම
    ෴ගීත්෴

    ReplyDelete
  38. @෴ හසියා ෴
    හැබෑටම ඇයි බාල සහෝදරයෝ මේ වගේම වෙන්නේ ...

    ReplyDelete
  39. මරු කතාව... අපි ඉස්සර පදින්චි වෙලා හිටිය තැනට කිව්වෙ පිඹුරාවේවත්ත කියල. මම දන්නෙ නැහැ ඒ මොන පිඹුරද කියලා. සමහර විට පිඹුරා ආව වත්ත කියන එකද දන්නෙ නැහැ. එහෙම නැත්තන් වත්තේ පිඹුර කියන එකෙන් හැදිච්ච එකක්ද දන්නෙත් නැහැ. ඒත් ඒ පැත්ත පලාතේ පිඹුරො නන් හිටිය කියල මම අහල නැහැ. ඒ දවස් වල ඕක මට හිතුනෙ නැහැනේ. ඔයාගේ මේ කතාව කියවද්දි තමයි එක පාරට මතක් උනේ.... :)

    @පුතා : මරු...හොඳ වෙලාවට වියත් සබා මැදට යන්ඩ චාන්ස් එකක් හම්බ උනේ නැත්තේ... ;)

    ReplyDelete
  40. @ Ansh Lucky Sri Jay
    ෴ ස්තූතියි ෴

    @ දුකා
    ෂහ් මට පේන විදිහට අයිය බේත වරද්ද ගෙන වගේ...

    ReplyDelete
  41. @ දුමී
    දුමී අයියල ලියන කතාත් එක්ක මේව මොනාද අයියේ....

    දුමී අයියත් මේ අපිටම ගැලපෙන හැටි ඇත්තට...

    ReplyDelete
  42. @ Ayomi's World
    ස්තූතියි අයෝ....

    @ පුතා
    හහ් හහ් හා... ඉතින් වියත් සභා මැද ඕව කරන්න ගිහින් ..අනේ මන්ද ඉතින්...

    @ ගීත් (සහෘදයා)
    මට ගීත් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ..
    ඔක්කමල එකයි..
    මම
    ෴ වත් ෴

    ReplyDelete
  43. @ චමිල
    දැන් නැතිවුනාට ඉස්සර ඉන්න ඇති පිඹුරෝ...

    හිහ්... දැන් මල්ලි ඉන්න දිහා නැද්ද පිඹුරෝ..

    ReplyDelete
  44. පිඹුරා මොකාද කියල කොමෙට් කියවනකම් ඔලුවට ආවෙ නැහ නොවැ. ගැමියගෙම ටයිප් පිස්සෙක්. හික් හික්

    ReplyDelete
  45. හික් හික්...මරේ මරුනෙ අක්කෙ කතාව

    ReplyDelete
  46. අහම්බෙන්නෙ දැක්කෙ..මේ කතා සැට් එකක් ම මම කලින් අහල තියෙනව..ඒ හින්ද පොඩ්ඩක්වත් හිනා ගියේ නැහැනෙ..
    අහම්බෙන් මාව වෙලාගත් පිඹුරී ෴ වත් ෴

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...