..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, August 15, 2010

෴ සුබ පැතුම් ෴


සහෘද බ්ලොග්කරුවෙකු වන " විහඟ  ගීතය " 50 වෙනි බ්ලොග් ලිපියට සුබ පැතුම් .

විහඟුන් ගයන ගීයක ඇති රස මිහිර
හඳුනා ගතිමි මෙහි ආ දින සිට සබඳ
හදවත දුක දරා අප වෙනුවෙන් ගයන
නුඹ වැනි අයවලුන් හිඟ වෙයි ලොව නිබඳ

50ක් නොවේ තව තව ගී ගයන්න
මගෙ ආයුෂත් අරගෙන නුඹ සිටින්න
හදවත අදුරනා අය මුණ ගැසෙන්න
පින් කළ නිසා ආවෙමි මුණ ගැසෙන්න

අත දිග දුර නොවෙයි අපි සැම සිටින්නේ
එනමුදු අපේ හදවත් මුණ ගැහෙන්නේ
රස බර ගීත කවදත් නුඹ ගයන්නේ
කවදද නුඹේ කවි පොත පළ කරන්නේ

ගයනා ගීත මෙන් දිවියත් සරු වේවා
ලියනා පදය මෙන් තාලය ගැලපේවා
අද මෙන් හෙටත් ගීයක රස ඉපදේවා
සැම දින සුබයි නුඹටම ජය ගෙන ඒවා

විහඟ ගීයට සුබ පතන 
මම
෴ වත් ෴

9 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

නියම තෑග්ගක්.......:))

wath said...

@ ෂැඩෝ / හේමලයා
ඒ කීවේ තෑග්ග හොද මදි වගේද.... ෂැඩෝ කියල නම තිබ්බෙ කවුද හැබෑට

ඉලංදාරියා said...

මමත් අක්කිත් එක්ක එකතු වෙනවා....විහග ගිතයට සුබ පතන්න....

දුමී said...

අපිත් මෙහේ ඉඳන් සුබ පතනවෝ . . . ජයෙන් ජයම වේවා වත් සිත් ගත් විහඟ ගීතයට . . . !

෴ හසියා ෴ said...

මේකට නේද සහෝදර ප්‍රේමය කියන්නේ...හැම බ්ලොග් කරුවෙක්/කාරියක්ම මේ අපේ වත් අක්කි වගේ වෙනවනම්....මේ බ්ලොග් අවකාශය කෙතරම් ලස්සන වේවිද....
ඔන්න හසියගෙනුත් හදවතින්ම සුභ පැතුම් එක්කරනවා විහඟ ගීතයට වත් අක්කියා සමග‍‍....

sansarasidu said...

හසියගේ කතාවට මාත් එකඟයි...

හදවතින්ම සුබ පතනවා විහඟ ගීතයට,
දිගු ගමනක් යන්න ලැබේවා කියල පතන අතරෙම...

අපුරු සුබ පැතුමක් අක්කේ!

wath said...

අප්පච්චියෝ...කාටත් ස්තූතියි. කවුරු කවුරුත් මට නෙව සුබ පතල තියෙන්නේ...ස්තූතියි ස්තූතියි ගොඩක්....

අදාළ පුද්ගලයටම සුබ පැතුවොත් නේද වඩාත් හොද...මේ කවුරුත් ඒ පැත්තේ යන එන උදවිය කියල මම දන්නෙ නැතිවැයෑ..

නොදන්නා කෙනෙක්ට මෙන්න යන පාර...

http://www.wihagageethaya.blogspot.com/

Hasitha ජයසූරිය said...

නියම සුබ පැතුමක් අක්කෙ

priyantha.ඒබී said...

අපි ඔයාට සුභ පතන්නේ නෑ. කෙලින්ම අපේ බ්ලොග් මිතුරාට සුභ පතනවා.

හොඳ අදහසක් වත්. මට නම් ඕව ගණන් කරන්න ලැබුනේ නෑ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...