..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 14, 2010

෴ දවසක් දා හැන්දෑවක ෴


බොහොම කාලෙකට පස්සෙ තමයි නෝනෙයි මමයි සැනසිල්ලේ හුදකලා වෙන්න අවස්ථාවක් ලැබුනේ... ( හා හා .... මනුස්ස පරාන වගේ අහු මුළු වල මුළු ගැන්වෙන කතා නෙමෙයි හරිය )

මීට ගොඩක් ඉස්සර දවස් වලදි නම් නෝනෙයි මමයි අඳුරන්නෙ නැති ගහක් කොළක් මේ පළාතෙම තිබ්බෙ නැහැ... අපි දෙන්නගෙ මුකුළුව ඒ හැම ශාක පත්‍රයක්ම දන්නව.... අපි දෙන්න අද මෙහෙම වුනත් ඒ දවස් වල මම ගජ ඉලන්දාරිය... මගේ නෝනෙ තමයි රැහේටම හිටපු හැඩකාරි.....ඒ සමහර ගහ කොළ බොහෝමයක් අද දකින්නවත් නැහැ නොව.

ඒ දවස් වල රැහේ හිටපු හැඩකාරය වෙච්චි ,ශක්ති වන්තය වෙච්චි මාව
රෑළේ ඇත්තොම එකතු වෙලා  මුදුන කරාම මගෙ නෝනෙත් එක්ක තැන තැන ඇවිදින්න තියන කාල වේලාව තමයි නැති වෙලා ගියේ... මයෙ පවුල විතරක් නොවේ ..රැහේ අනිත් පවුල් ( රැහේ ගැහැණු නොවෙයි හරිය) ගැනත් ලොකු වගකීමක් මුදුන විදිහට මට පැවරිච්චි කොට... මගෙ නෝනෙත් එක්ක බෙදා ගන්න වෙලාව තමයි අඩු වුනේ.....


රැහේ මුදුන විදිහට රැහේ ඉන්න අනිත් ස්ත්‍රී පරාන මට තහන්චි නොවුනත්... මගේ නෝනෙගෙ සෙනෙහෙ කදට ඒ ඔක්කම යටයි ඕං.......

මගේ නෝනෙගෙ ඉවසීම නිසාම මයෙ සෙනෙහෙ බිදක් වත් පිටමන් වුනේ නැතිව.... ළමා ළපටි හම්බෙච්චි.. වුන් දැන් ඉලන්දාරි ළමිස්සි වෙච්චි .... ඒත් මගේ නෝනෙගෙ ළඟ තවමත් මට දැනේනේ ඉස්සර සුවඳම නොවැ....

පේනව නේද... නෝනෙටත් ඉස්සර සන්දිය මතක් වෙලා ද කොහෙද මයෙ තුරුලට වෙලා සැනසිල්ලේ ඉන්නේ හරියට අපි මුණ ගැහුනු පළමු දවසෙ වගේ ඕං....

තව ටිකකින් අල්ලපු ගමේ කෙසෙල් කැන් දෙරි ගහන්න ගිය මයෙ ලොකු කොලුව මේ පැත්තට ඒ මයෙ හිතේ.... රැහේ මුදුන කමින් අයින් වෙලා ආයෙත් මයෙ නෝනෙත් එක්ක ගහක් ගහක් ගානේ යන්න... මලක සුවඳ විඳින්න... දොළ පාරේ නාන්න ආයෙත් කාලේ ඇවිත් කියලයි මට හිතෙන්නේ.... 


අපොයි... අද නම් මේක ලීව 
මම 
෴ වත් ෴ 

කියලවත්... 
මේක ලීව කෙනාගේ නෝනෙ 
මම 
෴ වත් ෴

කියලවත් දාන්න බැරි වෙයි වගේ......

“Those who love deeply never grow old; they may die of old age, but they die young.”


මුදුනගේ සිතුවිලි වලට රහසේ ඇතුළු වූ ‍
මම
෴ වත් ෴

21 comments:

  1. ..............මේක ලිවුවේ...........
    .........රැහේ මාධ්‍ය ප්‍රකාශක සහ.......
    මුදුනාගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තැන්පත්

    .............෴ වත් ෴............

    ReplyDelete
  2. හ්ම්....චෝයි වදුරු කතාව ඕන්....

    ඇත්තටම් මේ මින්ස් ලෝකේ වගේ වංක ආදරේ, සත්තුන්ගේ ලෝකවලත් තියෙනවද දන්නෑ නේද?
    මට නම් හිතෙන්නේ අපේ ලෝකේ මේ බොරුව වංචාව වැඩි ඇති කියලා.මොකද ඉතිං අපි හැමෝටම වඩා බුද්ධිමත්ලු නේ. ;-)

    @ මකරා....
    ඒකනම් පට්ට කතාව.....

    ReplyDelete
  3. ඒ උනාට මෙහෙමත් කියලා තියෙනවනෙ වත්..

    60 පිරුනත් වදුරා හලෝ යන්නෙ උඩින් තමයි

    ReplyDelete
  4. මම දන්න තරමින් නම් වඳුරු රැලක ඉන්නේ එකම ශක්තිමත් පිරිමි සතායි....අලුත උපදින පිරිමි සත්තු පවා ඌ මරලා දානවා...ඌට අභියෝගයක් වෙයි කියලා හිතුනොත්....කැලේ නීතිය තමා ඉතින්......:(

    ReplyDelete
  5. සතුත්තුත් අපි වගේ නේද බලාගෙන යනකුට..

    ReplyDelete
  6. අපූරු සටහනක් අක්කේ !

    @ Shadow/හේමලයා,
    මාත් ඔය කතාව අහල තියෙනව සහෝ..

    ReplyDelete
  7. පින්තූරෙටම ගැළපෙන කතාව.. හරිම ෂෝක් එකට ගලපලා ලියලා.. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  8. මිනිස්සුයි සතුඅතර වෙනස කෙසෙ වෙතත්..මිනිසුන්න්ට වඩා සතු ..අදරේ කරන් අදන්නවා මගේ හිතේ...උන්ගේ හොර බොරු වංචා නැනේ ..හේ.

    "මගේ නමත් ඇදගතා නේද ..මෙකට..."

    ReplyDelete
  9. මම වදුරෙක් නේ මේ හරිය..

    ReplyDelete
  10. @ Chanaka Aruna Munasinghe
    මකරෝ .. මකරෝ.... ඒ ගමන මාත් එක්කත් කොක්කක් දාගන්නෙයි තනන්නේ...

    ReplyDelete
  11. @ ෴ හසියා ෴
    දී කිරට බලල්ලුත් සාක්කියි ලු. මෙන්න මෙයත් මකරත් එක්ක එක්කාසු වෙලා...

    හසියෝ... සුහද හමුවකදිවත් අහුවෙන්න නම් එපා මට හරිය.

    ReplyDelete
  12. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    ඒක නම් ඇත්ත.( ඒක අදාල පිරිමි වදුරන්ට විතරද?)

    මම මේ උදය බණ්ඩාර මහත්තයා ලියන කියන කෙනෙක් ද කියල සෙවුවා සෙවුවා.. හොයා ගන්න බැරි වුනා නෙව...

    ඔබතුමා බ්ලොග් පිටුවක් කුරුටු ගාන කෙනෙක් නෙමෙයි ය?

    ReplyDelete
  13. @ Shadow/හේමලයා
    මුදුන වෙන්න ඕන වුනාම කවුරුත් එහෙම තමයි මලේ... තමන්ට වඩා ඉහල යන එකාව කපල දාන්න තමයි බලන්නේ... මිනිස්සුත් පැවැත එන ක්‍රමයේ වැරුද්දද මන්ද...මිනිස්සු.් ගොඩක් වෙලාවට කැලෑ වදිනව මලේ...

    නියම කතාව ෂැඩෝ.....

    ReplyDelete
  14. @ Ansh Lucky Sri Jay

    ස්තූතියි...

    @ තක්ෂිල
    හ්ම්... කවුද මේ අලුත් ඉලන්දාරියා...

    @ sansarasidu
    ආහ් මලේ... ආයෙත් දැන් නිතරම ‍ඇහැට ගැටෙන්න ඉන්නව දකින එක සතුටක් මලේ...

    @ ෆා
    ස්තූතියි කෙල්ලේ...

    ReplyDelete
  15. @ පිස්සා පලාමල්ල
    ස්තූතියි පිස්සෝ........

    ReplyDelete
  16. @ ඉලංදාරියා

    මොකෝ මොකෝ මේ කලබල වෙලා.. ඉලන්දාරිය කීවට වදුර කියල මම කීවේ නැහැ නෙව...

    වදුර වුනත් ඉලන්දාරි වයස නෙව... ( හිහ් හිහ් හා )

    ReplyDelete
  17. මේ මක්කයි මේ දොඩන්නෙ.... ඔහේවත් ටිකක් හිනස්සවන්නෙ මමයි.. ඔහෙත් මගේ අඩවියට ඇවිත් කමෙන්ටුත් ඔබාලා ගිහ්න් තිබ්බෙ.. :D

    ReplyDelete
  18. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    අනේ හැබෑට මේ ...

    http://tikakhinawenna.blogspot.com/

    ReplyDelete
  19. මට කියන්න දෙයක් මකරා ඉතිරි නොකරම ගිහින්. ඒනිසා අද කොමෙන්ටුව මෙතනින් ඉවරයි.
    කියවපු අයගෙන් මකරට විතරයි ඇත්ත තේරිලා තියෙන්නේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...