..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, August 13, 2010

෴ .............. ෴

  
ලෝකේ තියන ලොකුම ගින්න බඩගින්න....අනිත් ගිනි ඇති වෙන්නේ බඩ කට පිරුණම......

මේ පින්තූරයේ අපිට පේන්න ඒ ගින්නෙන් පෙලෙන දෙන්නෙක් ඉන්නව. ඒ වගේම මේ පින්තූරය ගත්ත ඡායාරූප ශිල්පියාගේ කතාවත් ඒ වගේම ගින්නෙන් පෙලුන කතාවක්. අවසානයේ ඒ ඡායාරූපශල්පිය සිය දිවි නසා ගත්ත.

ඒ වගේම තමයි මේ පින්තූරයට ලෝක ප්‍රසිද්ධ සම්මාන ලැබිල තියෙනව.

මගේ මුළු බ්ලොත් එ‍කේම තියන ලස්සන පින්තූර අතරට මේ වගේ පින්තූරයක් එකතු කර ගන්න මම කවදාවත් හිතුවෙ නැහැ. ඒ වගේම මාතෘකාවක් නැති ලිපියක් ලියන්නත් මම හිතුවේ නැ.

ඔයාල ගොඩක් දෙනා මේ පින්තූරය දැකල ඇති කියල මම හිතනව.මාත් දැකල තියෙනව. ඒත් මම මේ පින්තූරය බලල නැහැ..

තමන් ගැන විතරක් හිතන අපි... පින් ඇත්තො වෙලා ඉපදුන නිසා තුන් වේලම හොදට කනව. ඒ අමතරවත් කන බොන දේ කොච්චරද? වෙන එකක් තියා ලංකාවේ ඉන්න කිසිම බල්ලෙක්වත් මේ තරම් කුසගින්නෙන් නැතිව ඇති. එහෙම බැලුව ම මගේ රට ස්වයංපෝෂී රටක්. හිගන්නන් වුනත් මේ තරම් බඩගින්නෙන් නැතිව ඇති................

මේ පින්තූරය ගත්ත ඡායාරූපශිල්පිය ගෙන් අහල තියෙනව මේ පින්තූරෙ ඉන්න ළමයට මොකද අවසානයේ වුනේ කියල... ඒකට උත්තරයක් ඔහු සතු වෙලා නැහැ... සමහරු කියනව පින්තූරය ගන්න සද්දෙට කලබල වුන ගිජුලිහිණිය මේ අසරණයත් හොටෙන් අරන් පියාඹුවලු...

කොහොම නමුත් සම්මානය ලැබුනට පස්සෙ ඒ ඡායාරූපශිල්පිය කියල තියෙනව මෙන්න මෙහෙම.

"This is my most successful image after ten years of taking pictures, but I do not want to hang it on my wall. I hate it"

Photographer :- Kevin Carter

Aword :- Pulitzer Price 


අදත් බඩ පැලෙන්න බත් කෑව
මම
෴ වත් ෴

14 ප්‍රතිචාර:

Shadow/හේමලයා said...

ඇත්ත මේ පින්තූරයට බොහොම අප්‍රසාදයක් එල්ල වුනු බව කියැවෙනවා...මොකද ඔහු ගිජුලිහිනියා එලවීමෙන් පමණක් නැවතී එම දරුවාට උපකාර නොකිරීම ගැන.....සුන්බුන් අතර හිරවී දින 3කට පසු කිසිම උපකාරයක් නොලැබ මියගිය Omayra Sánchez ගේ ඡායාරුවත් මෙවැනිම එකක්.....

ඉලංදාරියා said...

මේ ලෝකේ ගොඩක් අය හිතන්නේ තමන්ගේ බඩ ගොස්තරය ගැන විතරයි....ඒ වගේම කන්න තියන එකාට ..ඉහටත් උඩින් කන්න තියනවා....එත් ලොකේ මේ වගේ දෙවල් වෙන්නෙ අලොකෙ අලොක්කොයි කියලා හිතාගෙන ඉන්න් රටවල් වගකීමකින් තොරව..තම බලය ....ලාබය වගේ ප‍ටු පරමාර්ත ..මත ඉදගෙන ක්‍රියා කරන නිසා..මොකද ..
ඇමරිකාව වගේ රටවල්..තම දෙශිය ආහාර අතිරික්තය..විසිකරන්නේ මහ මුහුදට..ඒ ඒයගේ පරමාර්ත ඔතුකරගන්න ...වෙලද පොල මිල ...තිරනය කරන්න ඔනේනිසා...
ඒවගේ මහමුහුදට ....දාන ...අතිරික්තය..ඔයවගේ රටවල්වලට නිකම්ම දුන්නානම්..මිනිස්කම ‍රැකෙයි නේද..?...ලන්ක්ක්ව ලොකු ලොකු හෝටල් වලත් මෙක කෙරෙනවා.... ලන්කාවේ ...විදිජනයා බඩගින්නෙ නැතුව ඉන්නේ ..සමහරක් විට ... බුදුදහම හින්දවෙන්න ඇති.....
අක්කිගේ අද පොස්ට් එක සංවාදයට ....තුඩුදෙන්න ඔනේ කාරනයක් මතුකරනවා...

ලංකාවේ අපිටත් ඔය ටික්ම වෙනවා.....වෙලාවට ලංකාවේ අය ගොවිකම ඇතැරියේනැහැ..ඉසරවෙලාම ලංකාවට තිරිගු පිටි ලැබුනේ නිකම්මලු.. ...අපේ උන් එකට පුරුදු උනාට පස්සේ දැන්..අපිව හුරන් කන්න හදනවා...

මම වැරදිනම් නිව‍රැදි කරන්න.....

ඉලංදාරියා said...

මෙහෙම කතාවක් මම අහලා තියනවා..................

ඇත්තො කති බොති සුකති...
නැති‍තෝ සුත්ත පිටක පෙරලා බලති..

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්.. ගිජු ලිහිණියා මේ දරුවා අරන් ගියාට පසුව ඒ ඇති වූ කම්පනය නිසා ඡායාරූප ශිල්පියා මින් දින දහයකට පස්සේ මළා කියලයි මම නම් අහලා තියෙන්නේ.
සම්මානයට පාත්‍ර වෙච්ච, සියවසේ හොඳම ඡායාරූප තුන අතරට නම් කෙරුණු පින්තූරයක්.

෴ හසියා ෴ said...

මම මේ පිංතුරය දැකලා නෑ මීට කලින්.හ්ම්...හරිම සංවේදී ජනක පිංතූරයක්.
ඇත්තටම අපේ රට සුරපුරයක්.අපේ රටේ අයට අපේ රටේ අගේ තේරෙන්නෑ.මොනවයින්ද අඩු.ඒත් අපේ අයට ඒක ආරක්ෂා කරගන්න තේරෙන්නෑ.
හැබැයි මේ පංතූරය ගත්ත කෙනා අපේ කෙනෙක් වුනානම් මේ ලමයගේ ජීවිතය බේරෙන්න තිබුණා.අපේ මිනිස්සුන්ගේ හිත උණුවෙන ගතිය තාමත් ගොඩක් අයගේ හිත් වල තියෙනවා.එහෙම නැති අයත් නැතිවම නෙවේ.

චේජනා said...

මමත් Ansh කියල තියෙන කතාව මේ පින්තූරෙ ගැන අහල තියෙනව...

Shadow/හේමලයා said...

He died of carbon monoxide poisoning at the age of 33. Portions of Carter's suicide note read:
"I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners...I have gone to join Ken if I am that lucky."....(Wiki)

wath said...

@ Shadow/හේමලයා
ඔවු ෂැඩෝ.... සමහරු කියනව. පින්තූරය ගන්න තියෙන ආසාවට ඒ ඡයාරූපශිල්පියා ගිජුලිහිණිය එලවන්නේ නැතිව පින්තූරය ගන්න කොට.කැමරාවේ "ක්ලික්" හඩට කලබල වුන ගිජුවා අර අහින්සකයත් ඩැහැගෙන පියෑඹුවලු..

wath said...

@ ඉලංදාරියා
ඉලංදාරි කමට වුන්නට දන්න දේවල් ...

එහෙම තමයි ඉන්න ඕනි... මම හිතුවේ නැහැ ඉලංදාරි මේ වගේ දේවල් මේ තරම් දන්න විත්තියක්....

wath said...

@ Ansh Lucky Sri Jay
හ්ම්... සම්මානෙත් ගත්තට පස්සෙ තමයි හිත කලකිරිල සියදිවිනසා ගෙන තියෙන්නේ. ඔහුගේ යහළුව (කාල්) නැති වෙච්ච සෝකයත් ඔහුගේ දිවිනසා ගැනීමට බලපාල තියෙනව මම හිතන්නේ..

wath said...

@ ෴ හසියා ෴
අපේ රටෙත් හොද ගුණදම් අඩුවේගෙන යනවද මන්ද හසියෝ........

wath said...

@ චේජනා
හ්ම්... සම්මානෙත් ගත්තට පස්සෙ තමයි හිත කලකිරිල සියදිවිනසා ගෙන තියෙන්නේ. ඔහුගේ යහළුව (කාල්) නැති වෙච්ච සෝකයත් ඔහුගේ දිවිනසා ගැනීමට බලපාල තියෙනව මම හිතන්නේ.

wath said...

@ Shadow/හේමලයා
ඔවු මල්ලියා. කේන් කියන්නේ එයාගේ හොද යහලුවෙක් නේද. කාල් වගේ මට මතක තිබ්බේ.. කොල්ල එහෙනම් මේ ගැන හොයල නේද..

priyantha.ඒබී said...

ඔය පින්තූරෙ මම දැක්කේ දැන් ගොඩක් කලකට කලින්. ඒ දැකපු දවසෙම නොබල බැලුවා. බලන්න අමාරු දෙයක් එත් දෙවන පැරට හොඳටම බැලුවා. ඒදවසේ ඇතිවුන කම්පනය නිසා මම තවමත් ගෙදර විතරක් නොවේ කොතැනක උනත් බත් ඇටයක වත් නාස්ති වෙන්න දෙන්නෙ නෑ. මම දන්න ගොඩ දෙනෙක්ට මම මේක කියල තියනවා කෑම කිසිදාක අපතේ යවන්න එපා කියල.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...