..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, August 11, 2010

෴ ගේ කුරුල්ලා ෴

ස්ථානය :- ඉතා හුරුබුහිටි නිවසක ගෙමිදුලේ කුඩා බංකුවක්

    
දසුන : කුඩා බංකුවේ වාඩිවී සිටන මහළු පියෙක් සහ ඔහුගේ තරුණ පුතා. 
          පුතා පත්තරයක් බලන අතර පියා අරමුණකින් තොරව ගෙඋයන දෙස බලා සිටියි.
          පුංචි ගේ කුරුල්ලෙක් කිචි බිචි හඩ තලමින් එහා මෙහා යනු දකින ඔහු.......

" පුතා.... අර මොකක් ද?"

" ඒ ගේ කුරුල්ලෙක් '"

විනාඩි කිහිපයක නිහඩියාව රජයයි.... ගේ කුරුල්ලා සිටින තැනින් වෙනත් තැනකට යයි.

" අර මොකෙක් ද"

" මම කීව නේද එක පාරක් ඒ ගේ කුරුල්ලෙක්"

නැවතත් නිහඩියාව....... කුරුල්ලා පියා හා පුතා අසලට පැමිණේ......

" පුතා... මේ මොකෙක් ද"

ඉතාමත් කේන්තියෙන් පියා වෙත හැරෙන ඔහු..." තාත්තා මම කීපාරක් කිවද ඒ ගේ කුරුල්ලෙක්.... ඇයි මේ සැරින් සැරේ එකම දේ අහන්නේ. ඒ ගේ කුරුල්ලෙක්. ගේ කුරුල්ලෙක් ගේ කුරුල්ලෙක්"

මහ හඩින් කෑගසන ඔහු පත්තරය විසි කර දමයි. පියා සෙමින් බංකුවෙන් නැගිට නිවස දෙසට පිය මනියි....

ස්වල්ව වෙලාවකට  පසු පියා පොතක් රුගෙන විත් පුතා අතට දී...

" කියවන්න පුතා.මේ පිටුව "

" හයියෙන් කියවන්න"

" මගේ පුංචි පුතාට වසර තුන සපිරුණා පමණි. අද ඔහුත් මමත් පාක් එකේ ඇවිද්න්නට ගියෙමු. ඔහු අසන පැණයන්ට පිළිතුරු සැපයීම අසීරු වුවත් ඒ සෑම ප්‍රශ්ණයකටම සෑම විටම පිළිතුරු දීම මගේ සතුටයි... අද ඔහු 21ක් පාරක්ම ගේ කුරුල්ලකු පෙන්වා " තාත්තා.. මේ මොකද?"දැයි ඇසු‍ සෑම විටම මම ඔහුව  බදා වැලද සිපගනිමින් " පුතා ඒ ගේ කුරුල්ලෙක් පැටියෝ" යැයි පැවසුවෙමි.

--------------------------------------------------------------------------------------------------

යූ නලය ඔස්සේ මා නැරඹු එක් දර්ශනයකි මෙය.    

එදා පුංචි පුතා 21 වරක්ම " මේ මොකක්ද තාත්තා " යි අසන්න ඇත්තේ ඒ සෑම විටම පියා විසින් ඔහුව ආදරයෙන් බදා වැලද ගන්නා නිසා යැයි මට සිතේ.....

එසේම අද මේ මහළු පියාටද අවශයව ඇත්තේ තම පුතාගෙන් ආදරය මුසු වැලද ගැනීමක් නොවේද ?

මම ඉතා අවාසනාවන්තයෙක්මි... මගේ පියා අද ජිවතුන් අතර නැත........

මගේ රත්තරන් තාත්තේ ... මම තාත්තට හරිම ආදරෙයි.

He didn't tell me how to live; he lived, and let me watch him do it.
පියා නැති 
මම
෴ වත් ෴

11 comments:

  1. ස්තුතයි මං මේ ක මීට කලින් බලලා තියනවා ....

    නැවතත් මතක් කරලා දුන්නට තුති

    ReplyDelete
  2. වයසට යන්කොට අපි ආයෙත් පුන්චි ළමයි වගේ වෙන්වලු....
    ඒ කතව ඇත්ත...මගේ ඇස්වලට කදුලු එන්නේ ඇයි....මට කියන්න...

    ReplyDelete
  3. මට හොඳටම තදින් තෙරුණා.
    සමාවෙන්න මට කියන්න වචන එන්නේ නෑ.
    ඔබේ හදවතේ ඇති වේදනාව මට මේ වදන් පෙලින් හොඳටම දැනෙනවා.
    එත් කියන්නේ කොහොමද? මට තෙරෙන්නේ නෑ.

    ReplyDelete
  4. මේ කියන දෙය වෙනස් විදිහකට...ඒ කියන්න මිනිස්සු වයසට යනවිට හැසීරීමේ වන පරසපර බව නියමෙට සහ වෙනස් ම ආකාරයකට පෙන්නවන චිත්‍රපටියක් තමයි "The Curious Case of Benjamin Button"..මේ කතාවේ එන Benjamin Button අවුරුදු 80 මහල්ලෙක් විදියට ඉපිද පුන්චි ළමයෙකුව මියයනවා....:(.

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම් මමත් ඔක දෑකල තියෙනව

    මගේ තාත්ත මගෙ ගාවට අවිත් සිය සෑරයක් හරි ගේ කුරුල්ල කව්ද කියල අහනවනම්...............

    මීට වසර 10 කලින් වුනු එ අඩුව
    ඒක ලොකු හිස් තෑනක්
    පිරවිය නොහෑකි.......

    ReplyDelete
  6. මේ කතාවත් එක්ක කියන්න ඕන වුනු දේනම් හොදටම තේරුනා.
    දන්නව දෙයක් නැතිවුනහම දැනෙන වේදනාව.
    කරන්න පුලුවන් එකම දේ දුක බෙදාගන්න එක විතරයි .......

    ReplyDelete
  7. කණගාටුයි වත් !!!!! අපි ඔයාගෙ තාත්තාට නිවන් සුව පතමු !

    ReplyDelete
  8. මම ඔය වීඩියෝ එක ටික කාලෙකට කලින් දැක්ක. හදවතටම වදිනවා ඒක. ලඟදි දවසක මූනු පොතේ මෙන්න මේක දැක්ක. සමහර විට දැකලත් ඇති. බලන්නකො....

    http://www.youtube.com/watch?v=4IMIJffDQVU

    ReplyDelete
  9. අක්කෙ මාත් අපේ අම්මට තාත්තටයි ආච්චිටයි සීයටයි හරියට රිදවනව....ඒත් කොච්චර එහෙම නොකර ඉන්න හිතුවත් එහෙම වෙනවනෙ.........අනේ මන් කොච්චර නරක ලමයෙක්ද.....................අයියෝ ඉක්මනටම වෙනස් වෙන්න ඕන :(:(

    ReplyDelete
  10. මේක ඉස්සෙල්ලම බලපු දවසෙ මගේ පපුව හිර උනා . . . ! ස්තුතියි වත් නගා . . .!

    ReplyDelete
  11. @ වත්,
    මගේ ඇස් බොඳ වෙල අක්කෙ...


    @ චමිල,
    ස්තූතියි සහෝ... සබැඳිය බෙදා හදාගත්තට...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...