..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 10, 2010

෴ ආදරය මුසු තේකත් බොමුද ෴


ඔන්න මම අද බොන්න ආස අයට බීමක් ගෙනාවා.සමහර උදවියට උදෑසනම මේ බීම නැති වුනොත් දවසම ඉවරයි තමයි... 

ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දවසට තේ තුනක් වත් බොනව... මම නම් ගෙදර ඉන්න කොට තේ හතරක් පහක්වත් බොනව.අනික මම නම් කැමති ප්ලේන් ටී වලට.තේ වල අඩංගු වන කැපේන් වලට ඇති ඇබ්බැහිතාවය අපි තේ වලට ප්‍රියකරවනව කියල මම අහල තියෙනව....

ග්‍රීන් ටී, බැලැක් ටී, වයිට් ටී කියන මේ හැම ආකාරයකම යම් යම් පුමාණවලින් තියනව ප්‍රතිඔත්සිකාරකයන්‍‍.... මේවායේ ක්‍රියාකාරීත්වය නිසා සෛල හානිවීම අවම කරනව. ඒ කියන්නේ සරලව කියනව නම් වයසට යැම අඩු කරනව වගේ දෙයක් තමයි......

කොහොම වුනත් උණුසුම් තේ කෝප්පයකින් ගත සිත ප්‍රබෝධමත් වෙනව කියන කාරණේ නම් බොරුවක් නෙමෙයි... 

wikipedia එකේ තිබුන විදිහට නම් රසවත් තේකක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.....

රසවත් තේ කෝප්පයක් සාදා ගන්නා අයුරු
                 
අවශ්‍ය ද්‍රව්‍ය:-
තේ කුඩු තේ හැඳි 2යි.
සීනි තේ හැඳි 2යි.
කිරි පිටි තේ හැඳි 2 2/1යි.
නටන තුරු රත් කරගත් වතුර.

පිළියෙල කරගන්නා අයුරු:-
  • බඳුනක් ගෙන කිරිපිටි සහ සීනි මිශ්‍ර කරගන්න.
  •  තේ ගොටුවකට තේ කුඩු දමාගන්න.
  • තේ ගොටුවේ ආධාරයෙන් නටන තුරු රත් කරගත් වතුර කිරිපිටි හා සීනි මිශ්‍ර බඳුනට එක් කරන්න.
  • සුදුසු බඳුනකට (පීරිසි කෝප්පයකට) දමා නිවෙන්නට පෙර පිළිගන්වන්න.
 මෙතන ලියල තියෙන අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එකේ, අවශ්‍යම ද්‍රව්‍යයක් නැහැ කියල මට හිතෙනව....

ඒ තමයි ආදරේ..... 

වසම මහන්සි වෙලා ගෙදර ගියහම තමන් ගොඩක් ආදරේ කරන තමන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් ආදරේ චුට්ටකුත් දාලා හදල ලගට ගෙනත් දෙන තේකක තියන රස වෙන කිසිම තේකක නැහැ කියලයි මට නම් හිතෙන්නේ....

" Love is the best sweeteners of tea. " 

෴ එහෙනම් අපි තේකක් බොමුද ෴

අද තේ හැදුව 
මම
෴ වත් ෴

    43 ප්‍රතිචාර:

    චමිදේවා said...

    අර පිළිවලට තේ එකක් හදලා බලන්න ඕනා...

    wath said...

    @ චමී
    මොනාද මල්ලි. තාම බැරිද පිලිවලකට තේකක් හදන්න... තමන්ගේ රසේ හැටියට මිසක් ඔය කොහෙවත් තියෙන විදිහට හදා ගත්තට වැඩක් නැහැ මලේ....

    රසම තේක තමයි ආදරේ කරන කෙනෙක් ( අම්ම, නංගි, අක්කා, බිරිඳ ) හදල ලගට ගෙනත් දෙන තේක...

    ෴ ම් ම් ම් රසයියියියි.... ෴

    priyantha.ඒබී said...

    වතුර ප්‍රමාණය දක්වල නෑනේ. ඔය තේ කීයකටද?
    අද නම් තේ එකක් වත් නැතුව ඉන්නේ. ඔය විධයට වඩා මම දන්න විධියට හදා ගන්න තේ එක හොඳයිද කොහේද. කොකටත් මේ විධියට හදල බලල හෙට කියන්නම්. ඒ මොනව උනත් මට තම් තාම රසම හැමදාම හවස ගෙදර ගියාම අම්ම හදල දෙන තේ එක තමයි.
    කිව්වම මතක් උනේ ඒ කාලෙ අපි ඉස්කොලෙදි තේ හදන්න ඉගෙන ගත්තනේ. එත් මේ විධියටමනේ.
    දැන් කටට කෙළත් නෑ තේ නැතුව.

    තේ එකක් බොමුද?

    Ansh Lucky Sri Jay said...

    අපෝ මම තේ බොන්නේ නැහැ නේ. සීනි නැති බ්ලැක් කොෆී එකක් නම් ඔන්න නියමයි. :)

    Shadow/හේමලයා said...

    "තේ පැන් දින දින වැඩි වැඩියේ...බීමෙන් දිය වැඩියා සෑදේ"....සීනි නම් ඕනෑම නෑ....:).

    ජීවිතේමල් said...

    අක්කෙ ඇත්තම ඇත්ත.... ආදරේ මුසු වෙලා හදන තේක... අම රසයැ..:-)

    පුතා said...

    මමත් කැමති සීනි නැතුව තේ බොන්ට තමා...
    අක්කගෙ තේ recipe එක දැක්කම මතක් වුනා ජීවන කුසලතා වලට හතෙ පන්තීයේදි කරපු "ප්‍රණීත රසැති තේ කෝප්පයක් සාදමු" කියන පාඩම... මට නම් මතක විදිහට අපි හදපු තේ එකේ ප්‍රණීත රස තනිකරම විම් රහයි.....
    මේ එක නෙවෙයි... ඔය තේ වල දිය වෙන ජාතියේ ආදර පැකට් කොහෙද ගන්ට තියෙන්නේ ඈ......

    චමිල said...

    තේ එකක් බීපු කාලයක් මතක නැහැ. මේ වගේ ලස්සන හවස් වරුවක තෝසේ එකක් කාලා ප්ලේන්ටි එකක් ගහන්ඩ තියනවනන්.....ඒවා මතක් වෙනකොට ඇඬෙනවා අප්පා...

    Hasitha ජයසූරිය said...

    "අද තේ හැදුව
    මම
    ෴ වත් ෴"

    මේ ටික නම් මාරම සිරා

    Uditha Umesh said...

    මට තාම වත් කියන විදියේ තේ එකක් බොන්න නොලැබුනාට, ආදරේ ටිකක් එකතු කරපු බත් කටවල්නම් ගොඩක් කාල තියෙනව. සිරාවටම, රසේ වෙනසක් තියෙනව. හොඳ පැත්තට. :)

    Chanaka Aruna Munasinghe said...

    තේ වල තියෙන්නෙ මෝෆීන්. කැෆේන් තියෙන්නෙ කෝපි වල.

    හැමෝම තේ හදන විදිහ දැනගෙන ඉන්න එකනම් හොඳයි.දන්නවත් ඇතිනෙ කතන්දර කාරයට වෙච්ච වැඩේ. දන්නෙ නැත්තන් මේක බලන්න

    කතන්දර කාරයාගේ පවුල රැකේ

    ඉලංදාරියා said...

    තේ එකනම් රහයි සිනි පොඩ්ඩක් මදි ආරේ ඊට වැඩියෙන් වැටිලා තියෙන හින්දා ...හොදයි....

    wath said...

    @ priyantha.ඒබීසී

    තේකක් තියා වතුර බිදක් වත් නැතිව
    ඔය හැටි වැඩ කරන්නේ මක්කද සබද
    වලලු දැමූ සහකාරිය ගෙන ලගට
    තේකක් සදා ගන්නට කාලය නොවෙද

    wath said...

    @ Ansh Lucky Sri Jay
    අනේ මන්ද. මේ ගැහැණු ළමයගේ රසඥතාවය නම් මට තේරෙන්නෙම නැහැ නේ...

    wath said...

    @Shadow/හේමලයා

    යස් යස්...

    සීනි දා අඩුවෙන්
    ආදරය දා වැඩියෙන්
    බොන්න තේ රසයෙන්
    රසයි ගුණයයි දැනෙයි විගහින්

    wath said...

    @ ජීවිතේමල්
    ජීවිතේ මල්ම තමයි එතකොට...එහෙනම් තේකක් බොනවැයි....

    wath said...

    @ පුතා
    ඔන්න ඇහුව ඉතින් ප්‍රශ්ණයක්. ආදර පැකට් එකක් ඔයාටත් හම්බවෙයි. ( දැනටම හමුවෙලත් ඇති)

    සීනි නැතිව තේ බොන එක කෝකටත් හොදයි...

    wath said...

    @චමිල
    ඇයි මලේ.. එහේ නේද හොදම තේ වර්ගයක් තියෙන්නේ "ග්‍රීන් ටී " ද මක්කද කියල..

    wath said...

    @ Hasitha ජයසූරිය
    හා හා එහෙමද... මට බටර් ගාලා මටම කියල තේ හදා ගන්න වගේ හසී හදන්නේ ආහ්...

    wath said...

    @ Uditha Umesh

    හෝ හෝ...........
    අනේ වාසනාවන් මල්ලියෝ....
    වැඩිය මුකුත් තියන්නේ නැහැ. මොකද ඇස් වහ නැතත් කට වහ හරි වැදෙයි කියල මට බයයි...

    wath said...

    @ Chanaka Aruna Munasinghe
    හා හා. මම කියෙවුව කතන්දරගේ තේ කතාව...
    එයා නේද මකරා. මකරුත් තේ බොනවද හැබෑට.
    කෝපි වල වැඩි අනුපාතයෙනුත් තේ වල සාපේක්ෂව අඩුවෙනුත් කැපේන් තියෙනව කියලයි මම අහල තියෙන්නේ...
    කොහොම වුනත් ඔත්තුවට ස්තූතියි.

    wath said...

    @ ඉලංදාරියා

    ඉලංදාරී වයසට සීනි ටිකක් වැඩියෙන් ඕනි තමයි...

    තේ බොන්න එහෙනම් ආයේ මේ පැත්තේ එන්න කෝ....

    priyantha.ඒබී said...
    This comment has been removed by the author.
    priyantha.ඒබී said...

    @වත්
    වලලු දැමු සහකාරිය මා සොයනා
    කොහෙදෝ කියා දන්නෙද ඔබ ඈ සිටිනා
    හමුවූ දිනට මා සිත සතුටින් පිරෙනා
    දිනය එන තෙක් මෙහි තනිවම ලත වෙන්නා

    nish said...

    මමත් ආසම ඔය ආදරේ මුසු කරල හදල දෙන තේ එකට. අදත් ගෙදර ගියාම ලෑබෙයි. ඒත් වලලු දාපු අතට මන් තරම් රසට තේ හදන්න බෑ.

    ඒත් හවසට ලෑබෙන තේ එක තමයි රහම තේ එක මට නම්..............



    නිශ්

    wath said...

    @ priyantha.ඒබීසී

    වලලු දැමූ කෙල්ලන් හැමතැනම ඇති
    ‍නියම වලලු අත නම් මම දන්නෙ නැතී
    මාතර අවට කෙනෙකුට නම් නුඹ කැමති
    සොලා දෙන්නමි සුදු හැඩ කෙල්ලෙක් කපටී

    ( කොමිස් මුදලක් ඕනි හරිද?)

    කතන්දරකාරයා said...

    ෂහ්, දැන් නේ තේරුනේ, මට කතන්දර හාමිනේ හවසට හදල දෙන තේ එක මෙච්චර රහ එහෙනං ඒකයි, ඈ?

    http://kathandara.blogspot.com/2010/06/blog-post_262.html

    ඔය අමුද්‍රව්‍යය ගන්නේ කොහෙන්ද? සීනි ගන්න කඩෙන්මද?

    wath said...

    @ nish
    හා හා.. මම අහන්නද වලලු දාපු අතින් ටොක්කක් හම්බෙයි හරිද........

    wath said...

    @ කතන්දරකාරයා

    මම දැක්ක කතන්දර තේ හදපු කතාවයි. මූණ පුරෝල හාදු ගත්ත කතාවයි...

    ආදර අමු දුව්‍ය කඩෙන් ගන්න ගියොත් කතන්දරට ගුටි කන්න වෙයි.

    ගෙදර එක්කෙනාගෙන්ම ගන්න බලන්න.

    Chanaka Aruna Munasinghe said...

    කතන්දරගෙ ඒ කතන්දරේ කියෙවුවට කතන්දරගෙ කතන්දරේ ඇත්ත කතන්දරේ ගැන ගැන මම ලියපු කයි කතන්දරේ කියෙවුවෙ නෑ නේද. එක අතකට නොකියවපු එකත් හොඳයි ඒක මන්චි අයට හොඳ නෑ

    Chanaka Aruna Munasinghe said...
    This comment has been removed by the author.
    Chanaka Aruna Munasinghe said...

    @ priyantha.ඒබීසී

    වලලු දැමූ අතක් ඔබට නැතිදෝ තවමත්
    අල්ල ගන්න ඔය සුදු හැඩ කපටි කෙල්ල ෴ වත් ෴

    කතන්දරකාරයා said...

    මේ මකරාට වෙන වැඩ නැද්ද මට කාඩ් ගහනවා ඇරෙන්න? ඕං නමහ් පෝහ් - Expecto Patronum.

    wath said...

    @ Chanaka Aruna Munasinghe

    ආහ්.......

    අල්ල ගන්න ඔය සුදු හැඩ කපටි කෙල්ල ෴ වත් ෴

    කවුද ඒ...

    ඔන්න මම නම් කළු මහත ඩෝසරයක් හොදද?

    wath said...

    @ කතන්දරකාරයා

    ඕව හරියන්නේ නැහැ මම දෙන්නම් නියම මාතර මන්තරයක්. වරු දෙකක් යන්නේ නැහැ. විනාඩි දෙකෙන් මකර විශ්වයෙත් නැහැ...

    දුම්මල ටික ගිලල තමයි මේ මකර විටින් විට ගිනි පිට කරන්නේ .. බය වෙන්න එපා කතන්දර.

    Chanaka Aruna Munasinghe said...

    අය්යෝ එහෙමද. එහෙනම් ඉතින් පස් කපන්න තමයි ගන්න වෙන්නෙ.

    ඉතුරු කෑලි දෙක වැරදුනත් කපටි කෑල්ල හරිනෙ. 1/3 ක් තියෙනවා යන්තම්

    දවසකට බොන තේ Quota එක අඩු කළොත් කෙට්ටු වෙන්නත් පුළුවන් වෙයි. සුදු වෙන්නනම් Fair & Lovely ගාන්න

    මාරයාගේ හෝරාව said...
    This comment has been removed by the author.
    මාරයාගේ හෝරාව said...

    මම නම් උදේට තේ බොන්නේ හිතුනොත් විතරයි.
    කවුරුහරි හදලා දුන්නොත් ඇර මම තේ බොන්න ඒ තරම් උනන්දුවක් නැහැ.
    හැබැයි කෝපි වලට නම් මාත් කැමතියි. හැබැයි ආන්ශ් බොන විදියටම නෙවෙයි සීනි ටිකකුත් දාලා.
    කෝපිවල තියෙන රසය මටනම් කවදාවත් තේ වලින් ලැඛෙන්නේ නැහැ.
    කිරිතේ නම් අකමැතිම දෙයක් තමා.බිව්වත් ඉතින් කහට උපරිම තියෙන්න ඔන.නැත්තං අප්පිරියාවෙ බැහැ.ඒ විතරක් නෙවෙයි අර කඩවල විදියට යාරෙ අදින්නත් ඔන එතකොට හරි රසයි.
    හවසට නම් ඉතින් මට තේත් එපා කෝපිත් එපා.

    මෙ එකක් අහන්න ඔන ..
    ඔය තේ එක කිරිපිටි සීනි කහට කලවම් කලාට පස්සේ පෙරලා නෙවෙයිද කෝප්පෙට දාන්නේ..ඈක්කා...

    priyantha.ඒබී said...

    @මාරයාගේ හෝරාව
    ඇයි හවසට තේ අගුණද? හික්ස්..
    ඒකට 4ට විතර වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න.

    Jeewani said...

    තේ එක එහෙමද හදන්නේ, ඇයි අවශ්‍ය තරමට ලුණුයි, දෙහියි එක් කරන්නැද්ද........

    මාරයාගේ හෝරාව said...

    @ප්‍රියන්ත...

    හතරෙන් පස්සේ මොන තේද..මස්සිනා..සුමිහිරි පානේ හැරුනු කොට..

    priyantha.ඒබී said...

    @වත්
    කොමිස් එක කොහොමද ගෙවන්නේ. චැක්කුවකින්ද?
    ගාන කිව්වොත් ගෙනත්ම දෙන්න පුළුවන්.
    ළඟදිම දිනක මා මාතර එනවා...
    එදිනට ඔබේ කොමිස් මුදලදත් ගෙනඑනවා..

    Chanaka Aruna Munasinghe said...

    මෙන්න මේ ප්‍රියන්ත වැඩේ සීරියස් අරගෙන. බොහොම බලාපොරොත්තු තියාගෙන වගේ. ඔන්න පොලු තියන්න එහෙම එපා

    Post a Comment

    සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

    Blogroll

    Related Posts Plugin for WordPress, Blogger...